Thursday, December 13, 2012

හොරෙන් බලමුද...(කම්පියුටර් ජිල්මාට් ඇතුළු Tips & Tricks...)



මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලාවට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.

Sunday, December 9, 2012

අස්වාභාවික ලිංගික ආසාවක්ද...මානසික රෝගයක්ද...සාමාන්‍ය තත්වයක්ද...!!


කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන‍්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට පාර ඇරුනේ කොහොමද කියලා. මගේ බ්ලොග් එක කියෝපු අයට මතක ඇති මම කාලෙකට කලින් ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.. කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකේ මම කතා කලේ Facebook එහෙම නැත්නම් සමාජ ජාල වෙබ් අඩවි වලින් සිදුවුණ එක්තරා ආකාරයක ලිංගික සූරාකෑමක් එහෙමත් නැත්නම් සයිබර් අපරාධයක් වගේ දෙයක් ගැන. ඉතින් ඔය ගැන කරුණු හොයපු කාලේ මාව තවත් නොහිතපුම පැත්තකට ඇදිලා ගියා. කලින් පෝස්ට් එක දැම්මට පස්සේ මට ඕනි උනේ මම දැන් කිව්ව තවත් වෙනස්ම පැත්ත ගැන අධ්‍යයනය කරන්න. ඉස්සෙල්ලට වඩා සෑහෙන කාලයක් ගියා මට මේ ගැන තොරතුරු හොයන්න. ඒකට විශේෂම හේතුව උනේ මට හම්බ උණු අය විශේෂ වීම සහ එයාලගෙන් තොරතුරු ගන්න කලින් එයාලා ගැන වෙනම තොරතුරු ටිකක් හොයන්න කාලය ගත වීම. කලින් කතාව විශේෂයෙන් කෙල්ලන්ට එහෙම නැත්නම් කාන්තාවන් වැඩිපුර ඉලක්ක කරලා කතා කලාට මේ කතාව නම් වැඩිපුරම ඉලක්ක වෙන්නේ කොල්ලන්ට හැබැයි මේකේ අවදානම කෙල්ලන්ටත් නැත්තෙම නෑ. හරි වැඩිය අරවා මේවා කතා ඕනි නෑ හොයාගත්ත එව්වා ටික ඉක්මනටම මෙව්වා කරලා කියන්නම්.

Saturday, November 10, 2012

නංගි නලලෙද...(පරණ කතා..)...!


හප්පටසිලි සිලි කිව්වලු.....සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තිබුනා වගේ ලාවට මතකයක් තිබ්බ හින්දා මේ පැත්තට ආවාම....හයියූ...මේකෙ ඇතුලේ වේයෙක් තුඹහක් බැඳලා නයෙක් ඒකට ඇවිත් නයි අරිනවා....සිලාවට...ඉස්සර මේකේ මකුළුවෙක් හිටියා..මම අද එනකොට ඌ උගේ පරණ මකුලිව ඩිවෝස් කරලා කොහෙන්දෝ මන්දා හොයාගත්ත සුකුරුත්තං මකුලියක් එක්ක ඇවිල්ලා හැමතැනම මකුළු දැල් බැඳලා දෙන්නා එක්ක ගන්ගම් ස්ටයිල් නටනවා...බලන්නකෝ නේද....උයාට කියන්න මෙයා...මේ දවස්වල් මගේ ඇඟටත් නිකන් හරි නෑ වගේ...නිකන් මොකද්දෝ අමුත්තක් වේගෙන වේගෙන එනවා... එනවා වගේ...අම්මපා මං මේ බැලුවේ මං වැඩිවියටවත් පත් උනාද කියලා...ඒත් ඒ කාලේ 9වසර සෞඛ්‍ය පොතේ තිබ්බ විදිහට එහෙම හතර පස් පාරක් එහෙම වෙන්නේ නෑලු නේද.....එක්කෝ මේ වෙන මොකක් හරි වෙන්ඩ ඇති...හඳ මෝරන කාලෙත්ලුනේ....අපි ජුගුප්සාජනක මිනිස්සු විදිහට මේ වගේ පෘතග්ජන හැඟීම් ඇති වෙන එකත් පුදුමයක්ද නේද ඈ.........

Saturday, October 20, 2012

ජීවත් වීමද........කරවීමද........??


උඹ මොකටද ජීවත් වෙන්නේ...?
කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය.
එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ  මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත් නැත්නම් වෙන කරන්න දෙයක් නැති කමටය.

Tuesday, October 16, 2012

තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ....යාළුවෝ බය කරමුදෝ...


හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින් වඳුරො මැරෙන එකේ අපිට මෙහෙමෙ එව්වා උනාට මොකෝ නේද. පහුගිය ටිකේ වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් කෙනෙක් විදහට සහභාගි වෙලා වෙච්ච එව්වා මෙව්වා ටිකක් ලියනවා කියලා හිතන් වාඩි උනාට වචන නිකන් එන්නෙ නෑ නෑ වගේ..ඒ ඔක්කොම පැත්තකින් තියලා අයි ටී පැත්තේ දේවල් ටිකක් කියන්න කියලා හිතුනා..

Saturday, October 6, 2012

ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය...


ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූර්යාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය.

Thursday, September 27, 2012

මොලේ කුරුවල් එවුන්ට....-2 (පිස්සු පීකුදු කරගන්න ඕනිනම්...)




ජීවිතේ කියන්නේ විඳින දෙයක් මිසක්

විඳෝන දෙයක් 
නෙවෙයි කියන උන්
නැගිට්ට වෙලේ 
ඉදන් දොයියනකන්
වැලහින්න වගේ අඩාගත්තු 
ගමන්මලු
වැඩක් කර ගන්න ලගට එන
උන්
ඊට පස්සේ උන්නද මලාද වත්  බලන්නැති
මේකාලේ
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින්
මොකද්ද එකක් කියන අය
ඉඩ ලබා ගත්තට පස්සේ
කාපු බීපු තැන් වල
සතා සර්පයවත් ඉන්නේ 
නෑ
කියලා යන්නේ
කාපු බතේ පහරලලු

Thursday, September 20, 2012

සෘංඝාරයේ....අහවල් එක..... (කාපිය මාව...)



මෙතෙක් වේලා නිසොල්මනේ තිබූ මාගේ හද මස්තකයේ බාඳුරා මලක් පිපී බඹරෙක් ගිලගත්තා සේය..සඳ ගිල ගත් රාත්‍රියේ උල්කාපාතයක් කඩා වැටී ඇරසෝනා ආගාධය නිර්මාණය වූවා සේය.. පපුවේ ලයාන්විත ලබ් ඩබ් ස්වරය එකෙනෙහිම හැරුනේ මිහිරි ලයාන්විත හද පොපියා නලියා බඩ විරේක වන මියුරු ගෝසාවකටය.මෙතුවක් කල් ඔබ නොදුටු දෑස් මක්කටද...? අත් දෙක වෙහෙස වන්නේ එලියට පනින්නට දගලන දෑස් ඇතුලට ගන්නටය..ගොම බිදුවක ඇති නාසය පොපියා යන   පැහැදිලි වෙනස මේ මොහොතේ දැනෙන්නේ මේ හිත තව තවත් සලිත කරවමිනි. ඔය මුදුපහසේ දැවටී මා ගත දැවටෙන ඒ සිහිල් පවන් රොද මට ගෙන ආවේ මව් සෙනෙහසේ සුසිනිදු පහසය..අහෝ දෙවියනේ...මේ නර පණුවාව කෑලි කෑලි වලට සම්බෝල කර මඤ්ඤොක්කා එක්ක වලඳුව මැනවි. ඇයි දෙයියනේ මෙපමණ කාලයකට මේ රුව මා නෙත නොගැටුනේ. ගැටුනානම් මාත් නසී තෝත් නසීය. මාගේ සරීර කූඩ්වේ ඇති හැම නාඩි දන්ඩක්ම සැලෙන්නේ ඒ පාද තබන සොඳුරු කැට් වෝක් එකටය. මටත් නොදැනීම මාගේ පාදද ඒ ලෙස ඇඹරෙන්නට ගොස් තව පොඩ්ඩෙන් මට මොකද්ද එකේ අනිත් එක වනවාය. අවට සිටින සියළුම ජනයා දුවගෙන විත් මට සුභ පතනවා වාගේය. ටික දෙනෙක් කාපිය මාව කියන්නා සේ මා දෙස බලා සිටිනවා වාගේය.

Saturday, September 15, 2012

අනුන්ගේ Password උස්සමුදෝ...... - 2


හප්පා....පස්ට කම්මැලියි...කම්මැලියි කියන්නේ කම්මැලිකම කන්දෙකෙන් බේරෙනවා...ඒක හින්දම ගේනාවා අයිත් මම ඉගන ගන්න පැත්තේ එව්වා ටිකක්. මේව්වා මෙහෙම කියලා දෙන එක හරිද මන්දා. එක්කෝ මොකෝ නේද. මොකෝ මෙව්වා යනකොට ගෙනියනවෑ. කලින් සැරේ මම අනුන්ගේ පාස්වර්ඩ් උස්සන හැටි කියන්න ගිහින් සමහරුන්ගෙන් බැනුනුත් ඇහුවා ඔව්වා කියන්න එපා කියලා.. ඒ උනාට අපි සැලෙනවද සහෝදර සහෝදරියනි. නෑ අපි සැලෙන්නේ නෑ.. අපිව සලන්ඩ බෑ. හැබැයි පුතේ තොපිලා මේව්වා වැරදියට පාවිච්චි කලොත් මටත් හෙනගහනවා. මට හෙන ගහනවට උඹලා කැමතිද...නෑ...බහුතරය අත ඉස්සුවෙ නෑ කියලා..එහෙනම් මෙව්වා මේ පොඩි ආතල් වැඩ වලට විතරක් ගන්න මතක තියාගනිව්. අනික මෙව්වා මෙහෙම කරන්න පුළුවන් කියලා දැනගත්තාමවත් මෙව්වා නොවෙන්ඩ පරෙස්සම් වෙයව්.මම කලිනුත් කිව්වා පිහියකින් අඹ කපන්ඩත් පුළුවන් බෙලි කපන්ඩත් පුළුවන්. එහෙමයි කියලා අපිට පිහි තහනම් කරන්ඩ පුළුවන්ද මාගේ සහෝදර සහෝදරියනි. බෑ..අපිට පිහි නැතුව බෑ. එහෙනම් උඹල අතර ඉන්න එලොවටත් මෙලොවටත් නැති කොන්ද පණ නැති ලැජ්ජා නහර අහවල් එකෙන් කපා ඇති හරි ජාතකයක් නැති එව්වෝ මෙව්වා අරගෙන කවුරුහරි අහිංසකයෙක්ට ගිනි ගෙඩියක් දුන්නොත් ඌට හෙන ගහනවා. එහෙමයි කියලා මම මෙව්වා කියලා නොදී ඉන්නවද නෑ මම එහෙම කරන්නෑ මම කියලා දෙනවා. ඉගන ගන්න උන් ඉගනගත්තාවේ අනිත් උන් ඕමි ගහපුවාවේ.. ඔයිකේ...ඒ උනාට අද දරුණු එව්වනම් නෙවෙයි ඕං....අපිට උදව් වෙන එව්වා එක්ක අරවා මෙව්වා ටිකකුත් ඈ.. එහෙනම් මගේ කතාව මෙතනින් අවසානයි..මෙතනින් එහාට වැඩ විතරයි..මට ජය වේවා...

Wednesday, September 12, 2012

හුලං බසියි ගලවන දා පටියෙ ගැට...(ඔබත් කෙල්ලෙක්ද...එසේනම් අනිවාර්යෙන්ම කිවිය යුතුය {නොකිව්වත් මට පාංයෑ})



දැකලා තියනවද පීදුණු කැකිරි ගෙඩී
එල්ලා වැටෙනවා මල්ලේ කොනක වැඩී
අල්ලා තදට එක්කොට මේ කැකිරි ගෙඩී
පද්දා යසට යනවා නෑ වෙනස දැඩී

Sunday, September 9, 2012

හොරෙක් සමග පජාත වුනෙමි... (සංවේදීතාවයන් දරා ගැනීමට නොහැකි අය කියවීමෙන් වලකින්න...)


පරිසරය අදුරු සාගරයේ ගිලී කිමිදී නොපෙනී ගියේය.. වවුලන්ගේ සුමිහිරි කුංචනාදයෙන් මාගේ සවන් යුග පිබිදී කැලඹි ගියේය.. අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක කියා සිතෙන විට ආදර සීනුව දොර ලග නද දෙන්නට විය.. සිතුවිලි දෝරෙ ගලා මනස කැලඹී වියලී යද්දී මා සූදානම් වෙන්නේ ඒ පට්ට පජාති ,ඇග ලොමු ඩැහැ ගැන්වෙන, අතිශය ශෘංඝාරාත්මක, ජුගුප්සාජනක සුළු සන්ධර්බයක් තුල ප්‍රපංචියක් ඇතිවීමෙන් හටගත්තා වූ ඒ අකාල සන්ධ්‍යාවේ මට සිදුවූ අතිශය හැගුම්බර සිද්ධි දාමයක් ඔබේ දෙපා මුල අතුරා සුණු විසුනු කර දැමීමටය.

Tuesday, September 4, 2012

ඇද්ද තොට...................!!!!!




ගෙනා සව් කඩදාසි
හැඩකලා
නුඹේ ගත
ටිකින් ටික
නිමවුනා
නුඹ තවත්
ලස්සනට

Saturday, September 1, 2012

කෙල්ලෙක් සමග දොයියා ගතිමි.....(ජීවිතේ පලමු අත්දැකීම...) 18++ ද..ම්ම්ම්ම්ම්....


ඊයෙ රෑ..........රෑ තමයි රෑ........
මතක් වෙනකොටත්...මේ.........මවිල් ගස් ටික....
වෙනදටනම් රෑට මහා හයියෙන් වහිනකොට මම ඔළුවෙ ඉඳන් පොරෝගෙන ආතල් එකේ දොයියා ගත්තා....
ඒත් ඊයේ.....හම්මෝ....පිස්සු හැදෙනවා..........

Saturday, August 25, 2012

අවාසනාවට....ඇත්ත කතාවක්...සුවර් එකටම කතාවක්ද මන්දා.....


"හෙලෝ"
"හෙලෝ"
"උඹ කොහෙද ඉන්නෙ"
"හොස්පිට්ල් එක ගාව මචං.මුං මට ඇතුලට යන්න දෙන්නෑ."
"දැන් කීයද වෙලාව..ම්ම්ම් අට හමාරයි. 12 වෙනකන් යන්න දෙන්නැද්ද"
"නෑ බං.මම මේ හැම ගේට් එකකටම ආව එකකින්වත් ඇතුලට යන්න දෙන්නෑ."
"උඹ උදේට කාලද??කීයටද ගෙදරින් ආවේ..?"
"බඩගිනි නෑ බං..මම හතර හමාරට විතර ආවෙ.."
"උඹ ඔය කුරුණෑගල පැත්ත දන්නෙත් නෑනෙ..ෂික් මේ වෙලාවෙ මටවත් එන්න තිබුනනම්.."

Monday, August 20, 2012

මොලේ කුරුවල් එවුන්ට.....!!


වෙන්නලු
අවංක මිනිස්සු හොඳයිලු
එපාලු
ඕනවට වඩා එපාලු
පැවැත්මක් නැති වෙයිලු
ඇත්තද...
අවංක කමට පැවැත්මක් නැද්ද...??
නැත්නම්....

Thursday, August 16, 2012

එකට කෑවත් අහවල් එක වෙනස්......!



මේ කතාව කොතනින් කොහොම පටන් ගන්නවාදැයි මම නොදනිමි. මේ වෙලාවේ පැහැදිලිව මේක කීමටත් හරි මානසිකත්වයක් නොමැත. ඒත් කෙසේ හෝ ලිවිය යුතුය. මම ඔහේ ලියාගෙන යමි. කියවන ඔබ ඔහේ කියවාගෙන යන්න. මුල මැද අග මට හොයාගන්න බැරි වුනත් මම ඔහේ ලියාගෙන යමි. 

Sunday, August 12, 2012

මුහුදෙ නැව් ගියාට පාර හිටින්නෙ නෑ බං...(18+ද.....නෑ නෑ නෑ එහෙම නෑ....)


අපි ඉපදෙන්නෙ තනියමලුනේ. මැරෙන්නෙත් තනියමලු.(මම නෙවෙයි ඕං කිව්වේ) එත් අපිට කරන්න අමාරුම දේ තමයි මට හිතෙන විදිහට තනියම ජීවත් වෙන එක. මහා ලොකුවට මට කවුරුත් ඕනි නෑ..මම තනියම ජීවත් වෙනවා කියන ගොඩක් අය තමන්ගෙ ඇහැට පුංචි වැලි කැටයක් ගියත් තව කෙනෙක් හොයාගෙන දුවනවා ඇහැට පිඹගන්න.

Friday, August 10, 2012

Software සේල්.....මගේ ගානේ ඕනිතරම් බා ගන්නෝ......


මම ඉතින් එක එක දවසට එක එක වගේ මල මගුල් අරගෙන එනවනේ...අද උදේම ලැප දාගෙන ඉන්නකොට හිතුනා මම පාවිච්චි කරන Software ටිකක් ඔයාලට ගෙත් දෙන්න...සමහර අය ගාවනම් මේවා දැනටමත් ඇති...ඒත් එකෙක් දෙන්නෙක්ට හරි ඕනි කරන එකක් ඇති කියලා හිතලයි මේ ටික දාන්නේ...හැබැයි තව එකක් Etisalat අයියගෙන් ඉල්ල ගත්ත 10GB Package එකකින් දෙයියනේ කියලා පණ ගැට ගහගන්න මට ලොකු ලොකු එව්වානම් Upload කරන්න විදිහක් නෑ...නිකන් දෙන අශ්වයගේ අහවල් එක ගනින්නෙ මොකටද කියලා කියනවා වගේ මෙතනින් ඕනි කරන එකක් තියනම් ඕනි කෙනෙක් බාගෙන මගෙ නමට මලක් පහනක් පූජා කරලා පිං අනුමෝදන් කරන එකයි ඇත්තේ...:පී..

Wednesday, August 8, 2012

තේරවිල්ලක්....(කුණුහබ්බයක්ද මන්දා........)

අද අරගෙන ආවේ පොඩි වෙනස් දෙයක්...තේරවිලි ටිකක්...පුළුවන්නම් තෝරපල්ලකෝ....මටත් මේවා මේ අන්තර් ජංජාලෙන්මයි හම්බවුනේ..

ඔන්න මුලින්ම කියන්නේ කැත හිත් වලින් බැලීම සපුරා තහනම්...මම තාම සුට්ටි කොලු පැට්ටා....මම ඔය නරක දේවල් දන්නෑ...

ඉස්සෙල්ලම තේරවිලි ටික දාල ඉන්නම්කෝ....

Monday, August 6, 2012

බැඳි තන පට ගිලිහුන දා...


බැඳි තන පට
විකිණෙන විට...
පෙති ගිලිහුණු 
සුවඳ මලක...
පෙරල පෙරලා 
විඳින...
ලොවට පොදු වූ
සුවඳ...

Wednesday, August 1, 2012

හදිස්සියට XXX හංගන්න ඇතුළු යාළුවො බය කරන්න සහ...........



මේ විදිහට IT පෝස්ට්ම දාන්න ගිහින් මේක IT Site එකක් වෙයිද මන්දා.....
ඔන්න පොරොන්දු උනා වගේම මේ සැරේ අරගෙන ආවෙ Command Prompt  එකෙන් සහ තව දේවලින් අපිට කර ගන්න පුළුවන් පොඩි ආතල් වැඩ කෑලි ටිකක් එක්ක හදිස්සියකට කාටවත් පේන්න බැරි Video එකක් හරි ඕනිම දෙයක් Image එකක් අස්සට ඔබාගෙන කාටවත් නොපෙනෙන්න ගෙනියන හැටි...
මේකෙ පලවෙනි කොටස මෙන්න මෙතනින්.. බලන්න පුළුවන්. 

ඉතින් කොහෙන්ද පටන් ගන්නේ...ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

Monday, July 30, 2012

අනුන්ගේ Password උස්සමුදෝ.....පරෙස්සමෙන් ඈ....

හැමදාම ආදරේ ගැන ජීවිතේ ගැන අනුන්ගේ ඕප දූප ගැන කියෝ කියෝ ඉන්න මට අද නිකමට හිතුනා මම ඉගන ගන්න පැත්තෙන් පොඩි දේවල් ටිකක් අරගෙන එන්න..පොඩි හොර වැඩ ටිකක්. මාත් මේවා ඉගන ගත්තේ මේ නෙට් එකේ එහෙ මෙහෙ රවුම් ගගහා ඉන්නකොට, ඔය යාළුවන්ගෙන් අහගෙන එහෙම. මේවා බොහොම පොඩි දේවල් අනවශ්‍ය දේවල් වලට යොදාගන්නෙ නැත්නම්.. ;)

Wednesday, July 25, 2012

මල්සරා සන්නිය...(ලව් කරපු උන්ට.,ලව් කරන උන්ට.,ලව් කරන්න ඉන්න උන්ට..)

මොකද්ද අයිසේ කරන්නේ..කෝ මේ ආතුරයා..කොහෙන් හරි හොයාගෙන එනවා..

හරි හරි අයියේ..මේ ආතුරයාට මේ දවස්වල පොඩ්ඩක් ලව් සික් එක ගහලනේ ඔය මූඩ් ගහල කොහාට හරි වෙලා මනෝ පාරක් ගහගෙන ඇති...

ඉතින් බං හත්තිලව්වෙ ඔය මගුලටමනේ මේ තොවිලෙ නටන්නෙත්..ගෙහුං හොයං වර ඉක්මනට..

හරි හරි උඹ ගිරිය පුප්පන්නෙ නැතුව හිටුකෝ...මම හොයං එන්නං විගහට...

Friday, July 20, 2012

දැම්ම බඳිනවද...පස්සෙ බඳිනවද..(අතිශයින්ම කෙල්ලන්ට පමණයි)..




16 - 18 :-

අද රෑට හීනෙන් ඔයා මගේ ලගට එනවා නේද රත්තරං... මම මේ කොට්ටෙ තුරුල් කරගෙන නිදා ගන්නවා... ඔයා මේ කොට්ටෙ වගේ මට තුරුල් වෙලාම ඉන්න...අද රෑට මට ඔයාව හීනෙන් පෙනෙයි. එතකොට හෙට උදේට මට ඔයාව දකින්න හම්බවෙයි. අනේ එතකොට මම ලැජ්ජාවෙන් ඇඹරෙනවා...මට ඔයාගෙ මූණ බලන්නත් මොකද්ද වගේ... ඔයා මගේ ලගට ඇවිත් චූටි රෝස මලක් මට දීලා මගෙ නලලට උම්මා එකක් දෙනවාද?.. මම ඇස් දෙක පියාගෙනම ඉන්නවා...ඔයා හැමදාම මාව ආදරෙන් බලා ගන්නවා නේද...මම මුළු දවසම ඔයාගෙ ලගට වෙලා ඉන්නවා. ඔයත් මගෙ ලගටම වෙලා ඉන්න. මම ඔයාගෙ අතේ එල්ලිලා ඔයත් එක්ක හැම තැනම යනවා...එතකොට අනිත් කෙල්ලන්ගේ ඊරිසියාවෙන් රතුවෙන මූණු...අනේ මට ඇත්තටම මැවිලා පේනවා වගේ...මුළු ලෝකෙම විරුද්ද උනත් මම ඔයා ලගට එනවමයි...ඔයා මාත් එක්ක ඉන්නකොට මම මොකාටවත් බය නෑ...අපි අපේම කියලා ලස්සන චූටි ගෙදරක පදිංචි වෙමු...මට ලොකු ගෙවල් ඕනි නෑ..අපි දෙන්නට නිදහසේ ඉන්න තිබුනොත් ඇති...මට ඔයා වගේම හුරතල් කොලු පැටියෙක් ඕනි..අනේ මට ලැජ්ජයි වගේ...මට මැවිලා පේනවා ලොකු බඩකුත් උස්සගෙන ඔයාගේ අතේ එල්ලිලා යන හැටි...හී හී...ඉතින් ඉක්මනටම මගේ මේ හීනෙ හැබෑ කරනවා නේද මහත්තයෝ...

Monday, July 16, 2012

වතුර වැඩි පරිප්පුව...

ලුණු බිංදුවක් නැති
වතුර වැඩි පරිප්පුවේ...
ඔළු තිබුනා බැරි වෙලා
හාල්මැස්සන් හොද්දේ...
තව පැයක් පහු වුනොත්
පිළුණු වෙන සම්බෝලේ...

Friday, July 13, 2012

හොල්මනක් පාට පාටින්..(බය වෙන්න තහනම්..!!)..

                  බ්ලොගයේ පලවෙනි වර්ෂ පූර්ණය නොහොත් පලවෙනි උපන්දිනය දා මුලින්ම සුභ පැතුවේ අපේ අවතාර් මල්ලී හෝ අයියාය. මට එදා නිකමට සිතුනේ මේ පාර නම් මගේ බ්ලොග් බොලොක්කෙට ඉර හද කෙසේ වෙතත් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, අවතාරයන්ගෙන්  මේ බොලොගේ පිරේවි කියාය. මා සිතුවා හරිය. මේ ඇරඹෙන්නේ මාගේ  හොල්මන් ව්‍යාපාරයය.

Wednesday, July 11, 2012

බිංදුවෙන්...එකට....


එක යනු 
එකය
එය දෙක 
නොවේ
එකට ආවා 
යනු
දැන් දෙකට යා
යුතුය

Tuesday, July 10, 2012

ගස්සා පස්ස ඇය යන එන අපූරුව.....


ගස්සා පස්ස ඇය යන එන   අපූරුව
දකිනා දනන් කුල්මත් වන  අපූරුව
සැලෙනා රන තිසර පිනවන දනන්  මුව
මැවිලා පෙනෙයි අජරාමර නිවන්   සුව

Monday, July 9, 2012

XXX මාට්ටු වීම ඇතුළු තවත්....(..+ නම් නෙවෙයි)...

ආයිත් සැරයක් අද කියන්නට ආවේ ඉස්කෝලෙ යන කාලේ සිද්ධ වුණු තවත් පොඩි පොඩි සිද්ධි ටිකක්ය. ටිකක් කිව්වාට එකක් දෙකක්ය. හරිට මම ටිකක් හිනාවෙන්න (හිනායයිද මන්දා) පෝස්ටුවේ දැම්මා වගේ තව ටිකක්ය. ඉතින් ඒක කියවා හිනා ගියාට මේක කියවා අඩන්නට වේදැයි මම දන්නේ නැත.

Friday, July 6, 2012

චූදිතයා....

නොමියෙන මිනිසුන්
අතර
මියෙන මිනිසෙක්
ලෙසට
චූදිතයා වීමි
මම
නොකල වරදට
විදින

Sunday, June 24, 2012

මෙන්න "Fun Page" ෆුල් ෆන්.....

මේ දින වල රාත්‍රිය ඉතා දිගුය. ඊට හේතුව මට නින්ද නොයාමය. හේතුවක් කීමටද නොදනී. හිත මලකඩ කා ඇති සෙයකි. අහෝ ඛේදයකි. ඊයේ රාත්‍රියද එසේමය. නිදි දෙව් දුව මාව ඩිවෝස් කර ඇති සෙයකි. මෙසේ නිදිවර්ජිතව රැය පහන් කල ඊයේ රාත්‍රියේදී මගේ නෙත ගැටුනේ මගේ කාමරයේ තිබූ පරන බෑග් තඩියක්ය. පාසල් කාලයේදී අපේ අම්මාගේ අධි ආරක්ෂිත කලාපයෙන් වහන් කල යුතු බොහෝ දෑ තිබුනේ මෙහිය.

Monday, June 18, 2012

ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.....(..+ ද මන්දා..)


මොනවද කට ඇරගෙන හොයන්නනේ.....
මේක අස්සෙ ගෑනුන්ගේ රෙදි ගලෝනවා කියලා හිතුවද....
ගලෝනවා තමයි බොල...පොඩ්ඩක් හිටපිය...ගලෝනවා විතරක් නෙවෙයි ගැලවෙන්න යන එවා අන්දනවත් එක්ක...
**
***
****

Thursday, June 14, 2012

ටිකක් හිනාවෙන්න...(හිනා යයිද මන්දා)

අද උදේ ඉදන් මාර කම්මැලිය. තාම ලෙඩ නිසා මට ගෙයින් පිටට යන්න දෙන්නේද නැත. ගේ ඇතුලටම වී කරන්නටද දෙයක් නැත. උදේ ඉදන් බ්ලොග් එකට මොනවා හෝ දාන්නට සිතුවත් ලියන්න දෙයක් හිතට එන්නේද නැත. හිත පොලොවේ ගසා අව්වේ දමා වේලා ගතිමි. එවිට යන්තම් ලියන්නට දෙයක් කල්පනා විය. ඒ මට වුනු (මට කිව්වට මටම නෙවෙයි හරිය මාත් එක්ක හිටපු අනිත් උන්ට) පොඩි පොඩි සිද්ධි ටිකක්ය. හිනා වෙන්න බලාගෙන ආපු අයට හිනා ගියෙ නැත්නම් මට කරන්නට දෙයක් නැතිය. මොකද මෙතන හිනා වෙන්ට කිසිම දෙයක් නැත. එවුන් කිති කවාගෙන හෝ හිනා වෙත්වා. බැරිනම් බුදිය ගනිත්වා....

Tuesday, June 12, 2012

දැනුණි නම් මොහොතකට.....


ලෝකෙටම එපාවී

විසිකලත් පාරටම
කුණු ගොඩටවත්
වටින්නේ නැති පමණ

නහරවල් බිද වැටුනු
අතර මග බිම වැටුනු
ලොවට නොපෙනී තිබුණු
දෑතටම පොඩි වුණු

Friday, June 8, 2012

තරුවාට තරු පෙනී....

බ්ලොග් එක පැත්තේ ආවේ සති ගණනකිනි. පසුගිය සතියේ තරුවාට එකෙක් ගේම ඇද්දේය. මාත් නිකන් හිටියේ නැත. ගේමනම් ගේමය. ආයි කාමරයක් අවශ්‍ය නැත. මට ගේම ඇද්දේ ඩෙංගු මදුරුවෙක්ය. අපේ බෝඩිම අවට ඇති සුන්දරත්වය නිසාම අපි ඩෙංගු මදුරුවන්වද හුරතලයට ඇති කරන්නෙමු. හුරතලේ වැඩිකමටම එකෙක් මට විද්දේය. ප්‍රථිපලය දවස් 6ක් ජ'පුර රෝහලේ නවතින්නට සිදුවිය. කොල්ලා වැඩ්ඩා නිසා දවස් 6න් ගේම ක්ලෝස් විය. නැතිනම් අනිවා මේක කියනව අයට තවත් දවස් 7ක් බූරු ගැසීමට හොදටම ඉඩකඩ තිබුණි.

Thursday, May 24, 2012

ආදරෙයිද...වරෙන්කො තොට දෙන්න......!!

ඒ කාලේ පට්ටය. පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම එකය. මම ඒ කාලය කීවේ ඒ කාලයට නොහොත් අතීත කාලයටය. එහෙමත් නැත්නම් මගේ පුංචි කාලේය. ඒ කාලේ මම හලි හුලතල්ය. කවුරුත් මට ආදරේය. බලන බලන තැන ආදරේ වැහි වැහැලාය.

ඒ කාලේ මම එපා කියද්දී හැමෝම මට ආදරේ කලෝය. තනියම කොහෙවත් යන්න දෙන්නේ නැත. තනියම මොනවත් කරන්න දෙන්නේද නැත. ඒ ආදරේ නිසාය. මේ ආදරේ මට මල වදයක් වූයේ ඒ හින්දාය. මම කොහේ ගියත් කවුරුන් හෝ පස්සෙන් එයි. මම උන්ට ආදරේ නැතත් උන් මට ආදරේය. උදේ නැගිට්ට ගමන් "පුතා නැගිට්ටද" අහගෙන කට්ටිය පෝලිමේ එයි. ටික වෙලාවකින් මාව උස්සගෙන මූන හෝදවන්න එක්කගෙන යයි. මම බෙරිහන්දෙද්දී බත් ගුලි කටේ ඔබයි.

Monday, May 21, 2012

කාලය මැව් වෙනසක අරුමේ....


පන්හිදක් ගෙන
තල් පතක් උඩ
තබන විට දුක් සටහනක්...

තල්පතත්
පන්හිදත් එක්වී
කිව්ව මට පොඩි කතාවක්...

Saturday, May 19, 2012

කැඩුනොත්.....කැඩුනමයි.....

දැන් හරිද...
ම්ම්ම්...තාම නෑ වගේ....
අනේ කොහොම හරි හදාගම්මු...
හ්ම්...
'හ්ම්' නෙවෙයි..මොකද්ද අනේ...
බලන්න දැන් හරිද කියලා....

Thursday, May 10, 2012

නැන්දාට වෙඩිමක්......!!!

අල්ලපු ගෙදර ඉන්නවා අපෙ
නැන්ද කෙනෙක්
හතලිහ පැනලා තිබ්බත් නෑ
ඒකෙ වගක්
තවමත් බැදල නෑ පලදී
කරපු පවක්
එනමුත් ඇයට නෑ ඒකේ
වගේ වගක්

Monday, April 30, 2012

තමන්ගෙ ගෑනිගෙ 'හෙළුව'....


ලගදි දවසක හදිස්සියෙම මම A/C බස් එකකට ගොඩ උනේ යන්න ගිහින් සෑහෙන්න පරක්කු වෙච්ච ගමනක් ඉක්මනට යන්න හිතාගෙනය. ශ්‍රී ලංකාවෙ බස් වල තියන ආශ්චර්යට නැගපු ගමන් බස් එකේ පස්සටම යන්න සිද්ද උනේ නීතිය අකුරටම පිලිපදින මෙම බස් රථයේ සීට් ගනනටම සෙනග වාඩිවී සිටි නිසාත් සීට් අතර තිබිය යුතු චූට්ටං සීට් මෙහි නොතිබූ නිසාත්ය.


ඉදගන්න සීට් නැතුව මල අසූහරදාහට පැන සිටි මාගේ හතර වටේට බ්‍රමණය වූ හිස එක් ක්ෂණයකින් නතරවූයේ මා අසලම තිබූ බසයේ පිටුපස අසුනේ විකාශණය වෙමින් තිබූ අතිශයින් වැඩිහිටියන්ට පමණයි වූ චිත්තරපටිය නිසාවෙනි. මාගේ ගත තිබූ වෙහෙස කොහෙන් ගියාදැයි මම අද වන තුරු දන්නේ නැත. අපේ අම්මාගේ වදන් මට සිහි වූයේ

Saturday, April 21, 2012

ජීවිතේ කියන System එක......

ජීවිතේ කියන System එකට
Run වෙන්න ඕනි Program එක හදන්න
ඔයත් එක්ක එකතු වුනේ
පුංචි කාලෙ ඉදන් එකතු කරපු
ආදරය,කරුණාව,දයාව
වගේ මගේ වටිනාම
Data ටික
බලාපොරොත්තු එක්ක එකතු කරලා
මගෙ
Heart එකේ ඔක්කොම
Partitions වලට Copy කරගෙන  ...

Saturday, April 14, 2012

අවුරුද්දට අළුතෙන්......

බොහොම කාලෙකින් බ්ලොග් පොස්ටුවක් දාන්න මේ පැත්තට ආවේ..අනිත් අයගෙ බ්ලොග් කියව කියව හිටිය මිසක් මේ ටිකේම මොනවත් ලිව්වෙ නෑ..ජීවිතේ වෙච්ච හැලහැප්පීම් , කාර්යබහුල වීම් එක්ක ලියන්න , හිතන්න කිසිම නිදහසක් තිබුනෙත් නෑ..
මාස දෙකකට පස්සෙ ගෙදර ආවා..බෝඩිමේදි හැමදාම වගේ පරිප්පුයි , බතුයි කකා ඉදල මේ ටිකේ නම් අම්ම හදල දෙන කෑම වේලක රස බලනවා..කාලෙකින් ගෙදර ආව හින්දම මේ දවස් වල ඉල්ලන පරක්කුවෙන් කන්න බොන්න ලගටම ලැබෙනවා..හැබැයි කරමලේ සුදු වෙන්න කලින් ආයිත් බෝඩිම පැත්තට මාරු වෙන්න ඕනි..;)

Monday, March 19, 2012

කාට කියන්නද....

බොහෝ දිනක සිට
කුමක්දෝ මහා ලොකු බරක්
හිත පතුලේ තිබෙනු දැනුනි..
සෑම තැනක සෙව්වත්
එය පවසා සිත නිදහස්
කරගැනීමට කිසිවකු

Monday, March 12, 2012

තවත් දවසක් ඉතින්....



තවත් දවසක් ඉතින්

ගෙවෙන්නට ලගයි දැන්...
සිත මගේ පවසනවා
හෙමින් රහසක් හොරෙන්...
ඇහෙන්නෑ කිසිදෙයක්
කියන දේ ඒ රහසේ...

Monday, March 5, 2012

දවසින් දවස......!


උදේ පහට අවදිව ඔහු සැරසෙන්    නේ
මගුල් ගෙදරකට වාගෙයි හැඩවෙන්   නේ      
නමුත් අනෙක් අය තවමත්  නිදියන්  නේ
පාන්දරම ඔහු මේ කොයිබද යන්    නේ

ලෙක්චර් පටන් ගන්නවා හැමදා අට    ට
මොහුගේ යහළුවන් පැමිනෙයි වෙලාව  ට
දවසක් දෙකක් ආවත් ඔහු ඉක්මන ට
බොහෝ දිනට එන්නේ නැහැ වෙලාව‍  ට

Monday, February 20, 2012

මේ සා දුකක්....


දවසක් නෙතට 

කදුලක් ලං වූ විටදී...
සිතුවෙමි කුමක්දෝ
සිදුවූ මේ අරුමේ...
නැත මතකයක්
මාගෙන් සිදුවූ වරදේ...
මොනවා සිදුවුනිද 
වන්නට මේ විලසේ...

Friday, February 17, 2012

එහෙත් සුහදිනි.....



                     ජීවිතේදි අපි ආදරය කරන කෙනෙක් අපව තේරුම්ගැනීම, පෙරලා අපිට ආදරය කිරීම, අප වෙනුවෙන් ජීවත් වීම..අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් සමහර අවස්ථා වලදි  ඒ දෙය ඒ අකාරයෙන්ම ඉටු නොවන අවස්තා ඕනි තරම් තියනවා..

                    ජීවිතේ බොහෝ කාලයක් අප ලගින්ම ඇසුරු කරලත්, දුකට සැපට ලගින්ම ඉදලත්  කෙනෙක්ට අපිව තේරුම් ගන්න බැරිනම්...ඇත්තටම ඒක ඒ කෙනාට දරාගන්න බැරි තරමේ දුකක් වෙන්න පුළුවන්..

Wednesday, February 15, 2012

ඇහෙන දේ..අහනවද..

                ගෙබි ලෝකෙ තියන ලොකුම උත්සවේ ගෙම්බන්ගෙ අවුරුදු උත්සවේලු. ඉතින් ලෝකෙ ඉන්න හැම ගෙම්බෙක්ම වගේ මේ උත්සවේට සහභාගී වෙන්න එනවලු. ඇවිත් ඒගොල්ලන්ගෙ තියන දක්ෂතා පෙන්නලා තෑගි බෝග එහෙම ගොඩක් අරගෙන යනවලු. තෑගි බෝග ගන්නම විතරක් නෙවෙයි සමහර තරුණ ගෙම්බෝ තමන්ගෙ අනාගත ගෙම්බිව හොයාගන්නෙත් මේ උත්සවේ අතරෙදිලු.

Saturday, February 11, 2012

කොහේ ගිහින්ද මංදා...

කොහේ ගිහින්ද මංදා...
මම මේ පන දාගෙන හොයනවා 
කියලා ගානක්වත් නැති හැටි..
දැන් දවස් ගානක ඉදන්ම 
ආගිය අතක් නෑ..
මම බලන්න ඕනි හැම තැනම බැලුවා...
අහන්න ඕනි හැමෝගෙන්ම ඇහුවා...

Wednesday, February 1, 2012

සැබෑ සෙනෙහස.....!!

මේ කතාව බ්ලොග් එකේ දාන්න කියලා අපේ හිතූ නංගි කිව්වට,ඒ වෙලාවෙ මාත් පැනල හා කිව්වට මම මේ දහඅතේ කල්පනා කලේ කොහොමද පටන් ගන්නෙ කියලා...කමක් නෑ කැටයම් හංස පූට්ටු නැතුව කෙලින්ම ලියල දාන්නම්කෝ...

 එකදාස් නමසිය අසූ නමයෙ දවසක මම ඉපදෙනකොට මගේ අම්මගෙයි තාත්තගෙයි සතුටුම දවස එදා උනාට හිත යටින් ගොඩාක්ම දුක් උන දවස උනෙත් එදාමයි..ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි උපතින්ම මගෙ කකුලේ තිබුනු අබාධයක් නිසා.....

Tuesday, January 24, 2012

මගේ සිත....

සිතුවෙ නෑ කරන්නට...
මගෙන් වරදක් නුඹට...
දුන්නෙ නෑ රිදවුමක්...
වැරදිලාවත් නුඔට...
නුඹ ලගින් මා සිටියා...
නුඹ නැතත් මා ගාව...

Thursday, January 12, 2012

අවසානය.......මෙහෙමමද.....???

උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට දැනෙන්නෙ පුදුම අසහනයක්.හිත ගොඩාක් බර වෙලා වගේ..උදේ ඉදන් ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් හිටියට තාමත් ඔයාගෙ phone එක off.උදේ යවපු message එක තාම delivery  උනේ නෑ.
මට මතකයි මීට ටික දවසකට කලින් ඔයා මාත් එක්ක කතා කරනකොට මම ඇහුවා කවද්ද,කොහෙද ඔයාගෙ  wedding එක තියෙන්නෙ කියලා.ඒක තියන දවස මට කිව්වට ඒක කොහෙද තියෙන්නෙ කියල මට නොකියන්නෙ එහෙම කිව්වොත් මම ඇවිත් පැත්තකට වෙලා ඔහේ බලා ඉදල යන්න යයිලු.ඇත්ත ඒක දැන ගත්තොත් මම එනවා.ඇවිත් අන්තිම වතාවට ඔය මූන බලලා යනවා.ආයිත් මම කවද දකින්නද ඔය කතාකරන ඇස් දෙක.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...