නොමියෙන මිනිසුන්
අතර
මියෙන මිනිසෙක්
ලෙසට
චූදිතයා වීමි
මම
නොකල වරදට
විදින
ලොවක් එරෙහිව
ඇවිත්
ශාප ලද අද
දිනය
ලොවම හඩගා
කියයි
වරදකරු බව
මමම
වියරු වූ සිනා
කැන්
මතුවෙමින් හැම
දෙසින්
අවි අමෝරා
නැගෙයි
නසන්නට හැම
දෙනම
උසාවිය නිහඩ
ඇයි
නොමැති සේ ලය
මඩල
තීන්දුව දෙන්න
ඔබ
ඔබට වැටහෙන
ලෙසට
යන්තමින් නැගිට
ගමි
නෙත් හෙලා ඔබ
වෙතම
සිනහවකි මුව
ඇත්තෙ
පුරුදු විලසින්
අදද
ඔබට හැකිවේවි
අද
නසන්නට මගේ
ගත
නමුත් හැකිදෝ
ඔබට
නසන්නට මිනිස්
කම
හරිම ලස්සනයි තරුවා....ඇත්තටම මාතෘකාව අනුව පද ගැලපීමනම් නියමයි...
ReplyDeleteබොහොම ස්තූතියි....
Deletelassana wadak tharu ohoma yan
ReplyDeleteඑළ එළ තැන්කූ ඈ..
Deleteචුදිතයාගේ ෆොටෝ එක නම් චුන් එකේ ඉන්නවා වගේ වැරදිකාරයා වුනත් නැතත්..හෙහේ..
ReplyDeleteලස්සනයි තරු පද ටික නම්..
හිකිස් අපි ඉතින් නැව ගිළුනත් බෑන් චූන් නේ...
Deleteමේ ඒක නෙවෙයි කෝ හිතුවක්කාර සිත...මම ආවේ මේ සතියකින් විතර මොකො උනේ ඒකට...ඒක නෑනේ...අවුලක්ද මොකක් හරි..
ඇත්ත ඇත්ත... චූදිතයා නම් එල්ලන්නෝන තමයි. මමත් එකඟයි! ඵල ඈ...
ReplyDeleteඔව් ඉතින් ඒත් චූදිතයා නිවැරදිකරුනම්...උසාවිය නිහඩනම්...ඒත් එල්ලන්න ඕනිද...
Deletekoheda taru ayye mechchara dawas gihin hitiye....... ayya pada tika lassanata liyala tiyenawa.ayeth ennamko me patte hode........
ReplyDeleteපොඩි කරදර වගයක් උනා නංගි...ඒ හින්දමයි මෙහෙම දේකුත් ලිව්වේ...බොහොම ස්තූතියි ආවට...ආයිත් එන්නකෝ...
Deleteඑල කිරි. මට එක පාරටම මතක්වුනේ මේක
ReplyDeleteසදගේ ඔය ලින්ක් එකේ සින්දුව අහලා මගේ ඇස් 2ට කදුළු ආවා...
Deleteහුගක් ස්තුතියි සද ආපහු ඒ සින්දුව මතක කලාට...:)
සෑහෙන්න දුක හිතෙන ගීතයක්...
Delete@ සද... නියම සින්දුව...
Delete@ හිරු... ඔව් අක්කෝ මගේත්..
Deleteකියන්න ෙදයක් නෑ කවිය ලස්සනට මනාව ලියල තිෙයනවා
ReplyDeleteබොහොම ස්තූතියි....
Delete///උසාවිය නිහඩ ඇයි..? ///
ReplyDeleteමටත් තියන ලොකුම ප්‍රශ්නේ එකයි මල්ලියෝ..උසාවිය ඇස් බැදන් හිටියත් ඇත්ත තමන්ගේ හදවතට දැනෙන්න ඕනේ..
නිවැරදිකාරයෙක් උසාවියේ චුදිතයෙක් කරන එක සාධාරණද කියන එක තමන් ගත්තු තීන්දුවේ ඇත්ත නැත්ත තේරුණා දවසට තේරුම යාවි..ඒත් එදාට හුගක් පරක්කු ඇති...
නිවරදිකරුවෙක් උනු චුදිතයෙක්ට දැනෙන හැගීම ගැන හොද අත්දැකීමක් තියන නිසා ඒ ගැන කතා කරන්න වචන නැ මට..
හුගක් ලස්සන කවි ටික මල්ලියෝ...:)
වැරදි අදහසක් මගේ කොමෙන්ට් එකේ තියනවා නම් සමා වෙන්න හොදේ...
ඔයා වැරදි නෑ අක්කෝ..හරියටම හරි..ඔයත් දන්නවනෙ මෙහෙම ලියන්න හේතුව...වගේම ඒ වෙලාවට දැනෙන හැගෙන දේ...
Deleteමම දකින විදියට මරණ දඬුවම ලබා නොදෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න ඇත්තේ ඒ සමයේ නිවැරදිකරුවන් මේ විදියට දඬුවමට ලක්වීම වෙන්න පුළුවන්.... අදහසක් විතරයි හැබැයි.දැන් දකින දේවල් හැටියට අර පොඩි ලමයිව විනාස කරන එවුන්ව නම් එල්ලන්නම ඕනේ
ReplyDeleteහ්ම් ඒක නම් ඇත්ත ගැමියෝ....
Deleteනියමයි අයීයේ!!!
ReplyDeleteඑළ ඈ නංගියේ...
Deleteලස්සනයි තරුවෝ එල එල
ReplyDeleteඑළ එළ...
Deleteඅන්තිම ටික නම් පට්ටයි තරුවා අය්යේ
ReplyDeleteනියමයි!!!
ම්ම්ම්ම් තැන්කිව් ඈ...
Deleteසිරකරුවෝ මනුෂ්යෝය
ReplyDeleteඕක තේරෙන්නෙ කීයෙන් කී දෙනාටද...
Deleteඅයියෝ අයියෝ
ReplyDeleteදෙයියෝ දෙයියෝ.
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteකමක් නැද්ද....එහෙනම් අවුලක් නෑ...:පී
Deleteකවුද දැන් චූදිතයා :)
ReplyDeleteමාත් මේ කල්පනා කරනවා අක්කේ..මමද කොහෙද...
Deleteනියමයි මලයා.. කවිය උපරිමයි.. පුදුමයි උඹට මෙහෙම දෙයක් හිතුනා.. :)
ReplyDeleteඑළ ඈ...ඇයි අෆ්ෆා අපිට මෙව්වා හිතෙන්න තහනම්ද... ;)
Deleteනියමයි මචං.... :)
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteමට වැලිකඩමතක්උනා.
ReplyDeleteහ්ම්..... :(
Deleteහරිම අර්ථවත් කවියක් මල්ලී....
ReplyDeleteනොකළ වරදකට විදවන එක තරම් අමාරු දෙයක් මේ ලෝකෙ තවත් නැතුව ඇති.....
හ්ම්ම්ම්ම්ම්....
ඒක නම් ඇත්ත අක්කෝ...
Deleteලස්සනටම ලියල තරුවෝ.. පළවෙනි පාරම බට ලයිට් වෙලා ගියා මොකද්ද මේ ලියල තියෙන්නේ කියලා.. පස්සෙ තමයි තේරුනේ වරදක් නැති වරද කරුවෙක් කියලා... මොනව කරන්නද බං නීතියෙ ඇස් බැඳලනේ තියෙන්නේ
ReplyDeleteකමක් නෑ පලවෙනි පාර බට ලයිට් උනාට අන්තිමේදි තේරුනානේ...
Deleteකතාව සහතික ඇත්ත.
ReplyDeleteමිනිස්කම නසන්නට බෑ !!
අනිවා අයියේ ඇත්ත කවදහරි එලියට එනවා..
Deleteහරිම ලස්සන කවිය ..
ReplyDeleteවෙනසක් තියෙන කවියල්. ගොඩක් ලස්සනයි.
ReplyDeleteම්ම්ම්ම්ම්...තැන්කූ තැන්කූ..
Deleteඅර්ථය/කවිය දෙකම හොදයි... ජය!
ReplyDeleteම්ම් බොහොම ස්තූතියි..
Deleteඅපුරු අදහස අපුරු කවි ටික.. චුදිතයෝ නිවැරදි කරුවෝ වී නිවැරදි කරුවෝ චුදිතයෝ වෙන කාලයක..
ReplyDeleteබොහොම ස්තූතියි..
Delete