ජීවිතේදි අපි ආදරය කරන කෙනෙක් අපව තේරුම්ගැනීම, පෙරලා අපිට ආදරය කිරීම, අප වෙනුවෙන් ජීවත් වීම..අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් සමහර අවස්ථා වලදි ඒ දෙය ඒ අකාරයෙන්ම ඉටු නොවන අවස්තා ඕනි තරම් තියනවා..
ජීවිතේ බොහෝ කාලයක් අප ලගින්ම ඇසුරු කරලත්, දුකට සැපට ලගින්ම ඉදලත් කෙනෙක්ට අපිව තේරුම් ගන්න බැරිනම්...ඇත්තටම ඒක ඒ කෙනාට දරාගන්න බැරි තරමේ දුකක් වෙන්න පුළුවන්..
අද උදේම මට මෙහෙම කියන්න හිතුනේ මම වඩාත් ප්‍රිය කරන සුනිල් එදිරිසිංහයන්ගේ මෙන්න මේ ගීතය මතක් වෙලා..ගොඩක් අය මේක අහල ඇති..ඒත නැති අය අහල බලන්න අර මම කලින් කිව්ව දේවල් මේ ගීතයෙන් මොන තරම් අපූරුවට විඝ්‍රහ කරනවද කියලා....
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වෙයැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැගව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැදි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වෙයැයි
ලස්සන සිංදුවක්.. මම මීට කලිං අහලා තිබුනේ නෑ.. තැංකිවු වේවා...!!
ReplyDeleteවෙල්කම් කිව්වා...
Deleteනැත නැත කලින් අසා නැත... දැන් අසමි... ස්තුතියි කිව්වා!!!
ReplyDeleteහලි හලි දැන් අසන්න..
Deleteඔව් ඔව් මමත් අහලා නෑනේ! ලස්සන සින්දුවක්!
ReplyDeleteඒකනේ දැන් අහන්නකෝ...
Deleteඅපි ආදරේ කරන තරමටම අපිටත් ආදරේ ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.. ඒක තමයි ආදරේ හැටි.. සිංදුවනම් ලස්සනයි.. වැඩිය නැතත් මම මේ සිංදුව අහලා තියෙනවා..
ReplyDeleteඒත් ඔය බලාපොරොත්තුව කීයෙන් කී දෙනාටද ඉටුවෙන්නේ...
Deleteඅනේ ලස්සන සින්දුවක්...දුක හිතෙනවා අහද්දී..
ReplyDeleteමටත්...ඕක මම ආසම සිංදුවක්...
Deleteඅදමයි ඇහුවේ.......
ReplyDeleteම්ම්ම් හොදයිද...
Deleteසිංදුව අහලා බලන්නම් !!!
ReplyDeleteහ්ම් හ්ම් අහල බලන්නකෝ...
Deleteලස්සන සිංදුවක්.. ඔක්කොමටම වඩා මම අඅස තේරුමට..
ReplyDeleteමාත් ආස ඒකට..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක මටම ලියපු කතාවක් වගේ
ReplyDeleteමටත් අදාලයි...
Deleteමමත් ආසම සිංදුවක්.එහෙත් සුහදිනි මගේ සෙනේහස කොතෙක් වේ දැයි....
ReplyDeleteම්ම්ම්ම්ම්.....මගෙත්..
Deleteඑහෙත් සුහදිනි..
ReplyDeleteසමහරවිට ඒ සුහදිනිටත් කියන්න කොටසක් ඇති නේද..
ලස්සන සිංදුවක්.. ස්තූතියි සහෝ. නැවත මතක් කලාට.. :)
හ්ම්....සමහරවිට ඇති..
Deleteඅඩේ මමත් අදමයි ඇහුවේ මාරයි මම ආසම කරන ගායකයෙක්ගේ මේ ගීය ඇහුනේ නැත්තේ කොහොමද අප්පා
ReplyDeleteහී හී..දැන් කොහොම හරි ඇහුවනේ...
DeleteHarima harima lassanai tharu... wadagath adahasak hithata wadina widihata liyala...
ReplyDeletemath e athdakema wedanawa widala thiyenna nisa mata hodatama danuna.. song eka niyameta match wenawa...
බොහොම ස්තූතියි.......මාත් ඔය අත්දැකීම විදලා තියනවා...සමහරවිට තාමත්...
Delete