කොහේ ගිහින්ද මංදා...
මම මේ පන දාගෙන හොයනවා
කියලා ගානක්වත් නැති හැටි..
දැන් දවස් ගානක ඉදන්ම
ආගිය අතක් නෑ..
මම බලන්න ඕනි හැම තැනම බැලුවා...
ඔයා නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ...
මට ඔයා නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ...
ඇයි ඔයාට ඒක තේරෙන්නෙ නැත්තේ...
කොහොමද ඔයා ඔහොම මගෙන් පළිගන්නේ..
මගෙන් වැරැද්දක් උනානම් සමාවෙන්න...
අනේ කාට හරි හම්බ උනොත් කියනවද...
මගෙ සතුට මාව දාල ගිහින්...
කාටද පුළුවන් ජීවිතේ සතුටක් නැතුව ඉන්න...
යන්න දෙන්න එපා එයාට... පරිස්සම් කරල තියාගන්න... හිතේ සතුට හුඟක් වටිනවා... [ හම්බුනොත් පණිවිඩේ දෙන්නම්... :)]
ReplyDeleteහී හී...ඔයිකේ ඔයකේ...හම්බුනොත් කියන්නකෝ....
Deleteලග තියනකොට වටිනාකම දැනුනේ නැත්ද පරිස්සම් කරගන්න
Deleteඇයි නැතිවුනාම හොයන්නේ...........?
ලග තියෙනකොට පරිස්සම් කරගන්න තිබුනනේ
ආදරයෙන් බලාගන්න තිබුනනේ...........
මමත් හොයන දෙයක්
ReplyDeleteඑහෙමද එහෙනම් මාත් එක්කම හොයමු...
Deleteහිටින් මාත් හොයන්න උදව් වෙන්නම් !
ReplyDeleteපරක්කු නොවී හොයමු එහෙනම්...
Deleteදැක්කොත් මමත් කියන්නම්. මගේ එක නම් අද උදේ හම්බවුණා, ඊයේ රෑ නැතිවෙලා...
ReplyDeleteඅහ්:මරුනේ....මාත් මේ හොයනවා...
Deleteහම්බුනොත් මටත් පොඩ්ඩක් එවනවාද අයියේ???
ReplyDeleteඑකෙන්ම නංගි..ඔයාට නොදී කොහොමද...
Deleteසතුට නැතිව නම් ඉන්න පුළුවන් ඉතින්. මේ අපි ඉන්නේ.:) හැබැයි ඉතින් තියනවා නම් හොඳයි. මොකක් හරි කරලා හොයාගන්න.
ReplyDeleteඔව් ඒ කතාවත් ඇත්ත...මේ මාත් ඉන්නේ...
Deleteමේ මාත් ඉන්නේ
Deleteමමත් ට්රයි කරනවා මල්ලියෝ... අනිවා හම්බුනොත් මේ පැත්තටත් එන පාර කියලා එවන්න හොදද?
ReplyDeleteඑකෙන්ම අයියා..මම කියන්නම්...
Deleteතාම ජීවිතේ පටන් ගත්තා විතරයි අයියේ මොනා කරන්නද කියලා තේරෙන්නේ නෑ ඒත් ඕක හම්බුනොත් ඒක මොනවගේද කියලා අනිවාර්යෙන් කියන්න හොඳේ එතකොට මාත් මට හොයාගන්නත් ලේසියිනේ...
ReplyDeleteකෙනෙක් සතුටු වන දෙයකට
තව කෙනෙක් දුක්වනු ඇතැයි සිතු විට
තනිවම සතුටු වී කුමකට
කියයි මගෙ හිත සැරින් සැරයට
අනිවා කියනවා...
Deleteඅන්තිමට කියලා තියන ටික නම් පට්ට..සහතික ඇත්ත...
මගේත් නැති වෙලා. මගේ නම් හොරු අරන් ගිහින් වගේ කොහොම හරි හොයාගන්නයි මගෙත් උත්සාහය. හම්බවුනොතින් දන්වන්නම්කො....
ReplyDeleteහොදයි හොදයි කියන්නකෝ....
Deleteඑයාටනම් කොහොමත්ම යන්න දෙන්න එපා යාළුවා.. එහෙම උනොත් ජීවිතෙන් වැඩක් නෑ...
ReplyDeleteඒකනේ අෆ්ෆා...මේ යකා මාව දාල ගිහින්නේ...
Deleteයනවා එනවා...ඉවරයක් නැහැ..
ReplyDeleteඒකනේ කියන්නනේ..හැබැයි මගෙ ගියා ගියාමයි..
Deleteමොකක්ද?
Deleteබලන්න බලන්න ඔය ළඟම ඇති හැංගිලා.. :D
ReplyDeleteනෑනේ අනේ...කොහෙවත් නෑ......
Deleteමං යනවා
ReplyDeleteමාව හොයන්න එපා
කියල නෙවෙයි
එයා යන්නේ
හොයනබව දන්නවානම්
පෙනෙන්නවත් එන්නේ නැහැ
නොසොයා ඉන්නකොට
හොරෙන් ඇවිත් බලයි
අල්ලාගන්න එතකොට..
ම්ම්ම්ම්...හොද උපායක් කරල බලමු...
Deleteඅනිච්චං දුක්කේ සංසාරේ...
ReplyDeleteහ්ම්...කාට කියන්නද මේ දුක...
Delete