Monday, June 18, 2012

ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.....(..+ ද මන්දා..)


මොනවද කට ඇරගෙන හොයන්නනේ.....
මේක අස්සෙ ගෑනුන්ගේ රෙදි ගලෝනවා කියලා හිතුවද....
ගලෝනවා තමයි බොල...පොඩ්ඩක් හිටපිය...ගලෝනවා විතරක් නෙවෙයි ගැලවෙන්න යන එවා අන්දනවත් එක්ක...
**
***
****


දවසක් හවස් වරුවෙ මම නාල එහෙම එනකොට මගෙ ෆෝන් එකට ආපු msg එකක් තමයි අද මේ කියන්න යන කතාවට මුලිකම හේතුව උනේ.......ඕං බලන්ඩකෝ ඒකෙත් හැටි...

"Aiyo mata una wadak"
මේ මගේ හොදම යෙහෙලියකගෙන් මට ආපු පණිවිඩයක්.
"Ai mkada une. mam dan nagena awe"
මම කිව්වා
"Kellek fb req1 dala thibuna.ude mam gya wele kellek nsa accpt kala.eki online. hi kiyala eka eka ewa ewwa.math ithin hi kiyala yawwa. mekth wisthara ahuwa.92lu.akke kiyala katha kaleth.passe meki ahuwa sex walata kamathida kiyala..mam ahuwa ai kyala. mage thiyenne sexy lk ekaklu..mam ithin mkth kwe na. passe meki fb eken cl krnwa. khmahari katakrana ba. mge mkadda awlk nisa. cnct une na. passe meki kyanawa sel walata kamthi nadda kyala. mam oka dannathi nisa mokadda theruma ahuwa. passe eki wstharathmakawa theruma kiyala dunna. mta tharu penuna. mam cht karana eka nathara kala. eki ewanawaw eka eka ewa. eki ewata kamthilu. vdo cl ekak aran pennannada ahanawa..mala magulai..thawa godak ewa kiwwa..kyanna ba oyata.passe mama rmv karala blck karalath damma. apoi mata una de.. fake ekak wenna athi. kollek wenna athi. kawuru unath puduma amaru karayek."

ඔන්න ඕක තමයි මට ආව msg එක. මටත් ඉතින් මල පැන්න බොරු කියන්න ඕනි නැනේ. එයා කිව්ව නම තියන ඒ Profl එක මාත් ගිහින් බැලුවා. ලංකාවෙ ප්‍රසිද්ද නිලියකගෙ ෆොටෝ එකක් තමයි දාලා තිබුනේ..
දන්න කොම්පීතර වැඩකෑලි දාල බැලුවාම මේක මේ ලගපාතක එකෙක්ගෙ වැඩක්. ඒත් කවුද කියලා දන්නේ නෑ.

ඉතින් මේ වෙලාවෙ තරුවට මොනවද දන්නවද හිතුනේ.. fb එකේ ඉන්න මෙන්න මේ වගේ කට්ටිය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේ දවස්වල ගෙදරම නිසා පොඩි විවේකෙකුත් තියනවා. ඉතින් තරුවා මොකද කලේ..හැදුවා fb fake account එකක්. දැම්මේ කෙල්ලෙක්ගෙ නමක්. ඊට පස්සෙ මම කරපු දේවලුයි..මට වෙච්ච දේවලුයි..මෙච්චර කාලෙකට දැනගෙන හිටියෙ නැති ඇත්තම කියනවනම් ලිංගික අල්ලස් , බ්ලැක්මේල් වෙන හැටි ,  අහිංසක කෙල්ලො ගණිකාවො වෙන හැටි , නීතිය මේකට ක්‍රියාත්මක වෙන හැටි වගේ ගොඩක් දේවල් මේකෙන් හොයාගත්තා. මෙච්චර ලොකු දෙයක් කරන්න නම් හිතුනෙ නෑ. ඒත් වැඩේ කරගෙන යනකොට මාත් ගියේ හීනෙකින්වත් නොහිතපු පැත්තකට.
හපූයි කිසිදෙයක් නොදන්න තොත්ත බබා වගේ ඉන්න අහිංසක කොල්ලා මම.මාත් නරක්වෙනවා මේ කෙල්ලො හින්දා තව පොඩ්ඩෙන්.

කවුද මේ
Lesbiansලා...(ඒකනම් ඉතින් කවුරුත් දන්නවනේ..ආයි මම ඕක කියන්න දෙයක්යෑ...)
 හැබැයි ඉතින් මේකෙදිනම් මම වැඩිපුර හොයන්න ගියෙ මේ කට්ටිය ගැන. මොකද කතාව පටන් ගත්තෙත් මෙහෙම සීන් එකකට කරපු ආරාධනයකින්නේ. 
මගේ Profile එකේ ගොඩක් කොල්ලො හිටියා. (දන්නවනේ ඉතින් කෙල්ලෙක්ගේ Request එකක් දැක්කාම අපේ කොල්ලෝ බිම දණගහගෙන ඕක Accept කරනවනේ.) (ඔව් ඔව් දන්න කියන කට්ටියත් හිටියා)
ඒත මට වැදගත්ම කාරනේ මේ කොල්ලන්ට වඩා අර Lesbian කෙල්ලන්ව අධ්‍යයනය කිරීම. ඉතින් මම එහෙම අය කියල හිතෙන අයවත් Add කර ගත්තා. 
ඉතින් මට මේ වගේ ඇත්තටම Lesbian කෙල්ලන් සෑහෙන සංඛ්‍යාවක් එක්ක කතා කරන්නත් හම්බවුනා (ඔන්න ඉතින් වැරදියට එහෙම හිතනවා නෙවෙයි මම මේ ලිපියට අවශ්‍ය තොරතුරු ගත්තා විතරයි. හරිය.) මාත් ඉන්නෙ කෙල්ලෙක් විදිහට නිසා මට මේ තොරතුරු එකතු කර ගන්න එකට පහසුවක් උනා වගේම ඇත්තටම කෙල්ලෙක් නොවන කිසා කෙලෝ ගත්ත අවස්ථාද නැතුවාම නොවේ..වැඩේ පටන්ගත්ත දවස්වලනම්
"ඔයා කොල්ලෙක්..මට සුවර්..මම ඔයාට මොකුත් කියන්නෙ නෑ"
ඔහොම නෝන්ඩි වෙච්ච අවස්ථාද එමට තිබුනා.
හත්තිලව්වෙ මම කෙල්ලෙක්යෑ...මේ කෙල්ලො අහන සමහර දේවල් වලට දෙන්න උත්තර මම දන්නෙ නෑ..ගූගල් දෙයියන්ගෙ පිහිටෙන් සමහර ඒවට උත්තරහොයාගත්තත් මම පිළිතුරු දීපු විදිහෙන් මාව මාට්ටු උන අවස්ථා සෑහෙන තොගයක් තිබුනා. අනිත් කාරනේ මගෙ ෆොටෝස් නැති එක. කෙල්ලන්ට මේකත් සෑහෙන ප්‍රශ්ණයක්. කොහොම හරි ටික දවසක් යනකොට මේවට සාධාරණ පිළිතුරු දෙන්නත් මෙයාලගේ හිතේ සැකයක් ඇති නොවෙන විදිහට කතාකරන්නත් මට පුළුවන් උනා. 
මේදවස්වල් තිබ්බ සෑහෙන ලොකු අවුලක් තමයි මේ කොල්ලන්ගෙන් බේරීම. ටැබ් සූහෙන තොගයක් ඕපන් වෙනවා හායි හූයි ගාගෙන. හපූයි තිබිච්ච කරදරයක්..(ඔව් ඔව් දන්න කියන ඈයොත් හිටියා...)

ඉතින් මේ හොයාගත්ත දේවලින් අතිශයින්ම වැදගත් කියලා හිතිච්ච එක්කෙනෙක් ගැනයි මම මේ කියන්න යන්නේ. මම හිතනවා මම මේ කෙනා ගැන කිවයුතුමයි කියලා.

ඉතින් මේ කෙල්ලව මට මුනගැහුනෙ මීට ටික දවසකට කලින්. කෙලින් කතාකරන චරිතයක්. මගේ Profile එකට Add වුණු දාම මට එයත් එක්ක චැට් කරන්න අවස්ථාව ලැබුනා. එයාගේ Profile එකෙත් මේ  Lesbians ලගේ පින්තූර එහෙමත් තිබුනා.. (ඕං මම ඒවනම් බැලුවේ ඇහැක් වහල හොදේ..ඇස් දෙකෙන්ම බැලුවේ නෑ...)
 ඉතින් මුලින්ම හායි හූයි ගාලා පොඩ්ඩක් විස්තර අහල කතාවට එන්ටර් උනා. මම දීපු උත්තර වලිනුත් මෙයා මාව අවිශ්වාස කලේ නෑ. එකසැරේම මෙයා ඇහුවා..
ඔයා Lesbian Sex  වලට කැමතිද කියලා. මීට කලින් කතාවෙදි එයා මට වඩා අවුරුදු 8ක් විතර වැඩිමහල් කියල දැනගෙන හිටියේ. මම තාම A/L කරපු පොඩි කෙල්ලෙක් වගේ හිටියේ. (පොඩි..කොහෙද දන්නෑ පොඩි...)
මම මීට කලින් කවදාවත්ම ඕවා නොකල ඒත් හිතේ පොඩි ආසාවක් තියන විදිහටම තමයි කතා කලේ. 
මෙයාගෙ මුල්ම Trick එක කොල්ලො ගැන කතා කිරීම. එයාල නිසා කෙල්ලන්ට වෙන නරක දෙවල් ගැන මට පැහැදිලි කිරීම. මාත් ඉතින් හැමදෙයක්ම දන්නෑ වගේ අහගෙන හිටියා. 
ඊට පස්සෙ මෙයා අහනවා මම තාම Virgin ද කියලා. මම ඒකටත් ඔව් කිව්වා. (මේ මම.....හපූයි විලිලැජ්ජාවෙ තන්තොසේ  බෑ...) ඒ කෙල්ලට මාර හැපි. එයා හොයන්නෙත් මම වගේ අයවලු. 

වචන කියන්නෙ මිනිස්සුන්ගේ හැගීම් තේරුම්ගන්න , වෙනස් කරන්න යොදාගන්න පුළුවන් සෑහෙන්න ලොකු අවියක්. (මේ මොකද්ද මේ කියන්න යන කුණුහබ්බේ...) හිටුකො පොඩ්ඩක් ඉතින් කියනකන්. මාත් මේ වචන කියන අවිය යොදාගෙන මේ කෙල්ලගෙ හදවතට කතා කලා. පුංචි මනෝ මෙහෙයුමක් දියත් කලා. වැඩේ ගොඩ ගියා. මේ කෙල්ලත් මං ගැන සෑහෙන්න විශ්වාස කලා. (මේ මම ගැන කිව්වෙ තරුවා ගැන එහෙම නෙවයි හරිය)
ඊට පස්සෙ තමයි කතාවෙ හොදම හරිය. මෙතනින් එහාට එයා කිව්ව දේවල් එයා කිව්ව විදිහටම බලන්නකෝ..

"මට සමාවෙන්න නංගියෝ..මම කවදාවත් මට උනා වගේ දෙයක් ඔයාට වෙන්න දෙන්නෙ නෑ. ඇත්ත මම ගණිකාවක්. මම මේක කරන හැටි, ඔයා වගේ අහිංසක කෙල්ලන්ව ම මේකට ඇදල ගන්න හැටි, මම ඔයාට කියන්නම්. ඔයා දන්නවනේ මට මෙහෙම උනේ ඇයි කියලා"

එයාට එහෙම උනේ මේ සමාජෙන්ම උන වරදකින්. ඒවා මේ රටේ මිනිස්සුන්ට බොහොම සාමාන්‍ය දේවල් නිසා මම ඒ ගැන මෙතන කියන්න යන්නෙ නෑ. අනික මට කාගෙ උනත් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න සිද්ද වෙනවා. සොලි හොදේ මැද්දෙන් ඇඩ් එකක් දැම්මට. දැන් ආයෙත් කතාව.

"ඉතින් අන්තිමේදි මට තෝරගන්න ඉතුරු උනේ මේ රස්සාව විතරයි. මම කියන්නම් Facebook එකෙන් කොහොමද මම ඔයාල වගේ අහිංසක කෙල්ලන්ව මේ නරා වලට ඇදල දාන්නෙ කියලා. ඔයා වගේ කෙල්ලෙක්ව දැක්ක ගමන් මම මුලින්ම කරන්නෙ එයාගෙ විශ්වාසය දිනාගන්න එක. අක්ක කෙනෙක් වගේ එයාගෙ ජීවිතේට ලං වෙන එක. හෙමින්සැරේ එයා ගැන හොයල බලන එක. මට ගැලපෙනවා වගේනම් මම ටක් ගාලා එයාව මේ ට්‍රැක් එකට ඇදල ගන්නවා. මේක කරන ක්‍රම ගොඩක් තියනවා. සමහරුන්ට හරි ලේසියි. කියන පරක්කුවෙන් ඕනි දෙයක් කරන්න එනවා. එයාල එක්ක වැඩ හරි ලේසියි. එහෙම බැරි අයගෙන් හෙමින් සැරේ ඉවසීමෙන් වැඩේ ගන්න ඕනි. Sex ගැන කිසිම ආසාවක් නැත්නම් ඒවා කරල නැත්නම් මම ඉස්සෙල්ලම ඒ ආසාව ඇති කරවනවා. මේ දේ කවදාවත් නොකල කෙනෙක්ට මේ දේ ගැන තියන කුහුල වැඩි වෙනවා. අනික මාත් කෙල්ලෙක් නිසා එයාලට බය වෙන්න දේකුත් නෑ. ටික ටික ෆිට් වෙනකොට මම Video chat කරනවා. මගේ දේවල් එයාට පෙන්නනවා. ඉතින් එයත් මට එයාගෙ දේවල් පෙන්නනවා. ඊට පස්සෙ මට ඕනි වෙනවා එයාව හැම වෙලේම දකින්න.ඉතින් එයා මට පොරොන්දු වෙනවා එයාගේ පිංතූර ටිකක් මට එවන්න. ඊට පස්සෙ ඒ කෙල්ල ඒවා එවනවා. අන්න  Point එක. ඒවා එවපු දවසෙ ඉදල මම වෙනස්. ඊටපස්සෙ කෙල්ලව Blackmail කරනවා. අන්තිමේදි කෙල්ලට මම කියන දෙයක් කරන්නම වෙනවා. එහෙම නොකලොත් මම මේවා හැමෝටම පෙන්නනවා කියලා තර්ජනය කරනවා. 
තව සමහරුන්ව මම ලගටම ගෙන්න ගන්නවා. ඉස්සෙල්ලාම ඉන්නේ මාත් එක්ක. ඊට පස්සෙ මම දන්න තව කෙල්ලො එක්ක ඉන්න ඉඩ දෙනවා. එතනින් එහාට ඔයාට කියන්න ඕනි නෑනේ. මට සමාවෙන්න නංගි. මම දන්නවා මේ දේවල් ගොඩක් වැරදියි කියලා. ඔයා මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒවට ගොඩක් පිං. ඒත් මම දැන් වෙන මොනවා කරන්නද. ඔයා වෙනුවෙන් මට පුළුවන් දේ තවත් ඔයා වගේ අහිංසක කෙල්ලන්ව මේ නරා වලට ඇදල දාන්නෙ නැතුව ඉන්නම්. ඒත් එතකොට මම ජීවත් වෙන්නෙ කොහොමද.......????  "

ඔන්න ඕකයි කතාව. මේ කොච්චර දේවල් කිව්වත් එයා කවුද , ඉන්නෙ කොහෙද , කොයි වගේද , නම මොකද්ද මේ මොනවත් මම දන්නෙ නෑ. මම ඒවා ඇහුවෙත් නෑ. ඊයෙ වෙනකොට එයාගෙ Profile එකත්  Deactivate කරලා.
හ්ම්... ඔන්න ඕකයි උනේ.........!

*********************************************************************************  

මිනිසුන්ගේ හැගීම් කියන දේත් එක්ක සෙල්ලම් කිරීම ඉතාමත් වැරදි දෙයකි. මිනිසුන්ගේ ආශාවන්ද විවිධය. ලිංගිකත්වය පිළිබදවද මේ සම්මතය එසේමය. එයද විවිධාකාරය. මම මෙතනදී සමලින්ගිකත්වයට පහර ගැසීමට කිසිසේත්ම උත්සහ නොකලෙමි. මිනිසුන් විවිධාකාරය. අපේ අම්මා එය සසදන්නේ අතේ ඇගිලි වලටය. ඇත්තය මිනිසුන් අතේ ඇගිලි වගේමය. නමුත් බත්කටක් හරියට අනා කෑමට මේ ඇගිලි පහම නිසියාකාරව උවමනා වේ. එකක් හෝ අඩුව එය හරියට කල නොහැක. නමුත් සමහර මිනිසුන්ට තේරුමක් නැතිව අමතර ඇගිලිද පිහිහිටයි. එයින් වැඩක් ගනු බැරිය. 

මම මෙය පටන්ගත්තේ මෙවැනි අමතර ඇගිලි මෙන් වූ අසාමාන්‍ය (එහෙම කියන්නත් බෑ වගේ) අශාවන් ගැන දැන ගැනීමටය. නමුත් මා නතර වූයේ මම නොසිතූ පැත්තකිනි. මෙය තවත් ආකාරයක සයිබර් අපරාධයකි. මෙම ලිපිය මම පලකිරීමේ මූලික කරුණ මෙම කෙල්ලන්ගේ පෞද්ගලිකත්වය සමාජයට හුවා දැක්වීමට නොවේ. මෙයින් සිදුවන් සමාජ ව්‍යවසනයෙන් එක් අයෙකු හෝ මුදාගැනීමය. මා සමග කතා කල ඒ අක්කා මම කොල්ලෙකු කියාවත් මම මෙහෙම ලිපියක් ලියන බව වත් දන්නේ නැත. එම නිසා ඇය මෙය නොදකිනවානම් හොදය. දැක්කත් මට කමක් නැත.

ආදරණිය අක්කේ , නංගියේ , අම්මේ.. මේ පෝස්ටුව ලිවීමේ ප්‍රධාන අරමුණ ඔයාලව ආරක්ෂා කර ගැනීමයි. කිසිදිනක මෙවැනි කාන්තාවන්ගේ මෙවැනි ඉල්ලීම් වලට එකග නොවන්න. ඇත්තටම ඔබ මෙවැනි සමලිංගික ක්‍රියාවකට කැමතිනම් එය පෞද්ගලිකව කරගන්න. අන්තර්ජාලය වැනි දේ එයට යොදාගැනීමෙන් තම ජීවිතය පවා නැතිවිය හැකිය. 

මම මේ සිදුකල ක්‍රියාවෙන් කාගේ හෝ හිතකට චරිතයකට හානියක් වූවා නම් මම දහස්වර සමාව ඉල්ලමි. නමුත් මට අවශ්‍ය වූයේ සමාජයට යම් වැඩක්-යහපත් වැඩක් කරදීම පමණකි. 

********************************************************************************
හපුච්චියේ ටිකක් සංකීර්ණ උනාද මන්දා...මට ඉතින් ඕවා මේ පුරුදු එකක්යෑ. දැන් ඉතින් මගෙ අර Profile  එකත් Deactivate කරන්න කාලෙ හරි වගේ. හපූයි එකෙ ඉන්න කෙල්ලො ටික. අපරාදෙ අෆ්ෆා....

117 comments:

  1. පිස්සු හැදෙනවා මචං...ලොවෙත් නෑ.

    ReplyDelete
  2. හ්ම්ම් මේ කතාව නම් ඇත්ත. මමත් ඔහොම එකක් හදාගෙන හිටියා කාලෙකට කලින්. අන්තිමට ඒක නවත්තලා දාපු හේතුව මම බ්ලොග් එකේ කිව්වා නේ. මාව මාට්ටු වෙච්ච වගේම අපි දන්නා කියන අයත් ඇදපු අවස්ථා ඕන තරම්. ඔය තරමට රිසර්ච් කරන්න ගියේ නැති උනාට ඔය බොහොමයක් අය මටත් එතැනදී මුණ ගැහුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම කියෙව්වා ඒක..මටත් සෑහෙන ගොඩක් හම්බවුනා...

      Delete
  3. හපේ අප්පෝ...නම දැක්කම මන් බැලුවා තරුට මොකෝ වෙලා තියෙනේ කියලා එක පාරටම..පින්තුරේ දැක්කම කියවන්න බය හිතෙන්වනේ..:)
    මොනවා උනත් හැමෝටම දෙන්න ඕන හුගක් වැදගත් පණිවිඩයක් දීලා තියනවා..
    අපේ බුකියේ ඉන්න අක්කලා,නංගිලා හැමෝම වගේ අනිවාර්යෙන් දැන ගන්න ඕන හුගක් වැදගත් වටිනා පණිවිඩයක්.
    කවදාවත් කෙල්ලෙක් නමින් රික්වෙස්ට් එව්වත් අදුරන්නේ නැත්නම් හුගක් පරිසමින් ඕන ඇඩ් කර ගන්න්. මේ සමාජේ හුගක් අපි හිතනවට වඩා හුගක් වෙනස්...
    හුගක් ස්තුතියි තරු...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරු අක්කේ..මේ නමට බයවෙන්නෙපා හරිය...ගොඩක් අයගේ පිටින් තියන ලේබල් එකේ තියන දේ නෙවෙයි ඇතුලේ තියෙන්නේ...

      Delete
  4. Replies
    1. උයාට මොකෝ උනේ අග්නියෝ....

      Delete
  5. තරුවෝ සී අයි ඩී ගේමක්නේ දීල තියෙන්නේ.....

    අනේ මන්දා බන්.. අපිත් මේ මගුලට ඇබ්බැහි වෙලා.. හැබැයි ඔන් මම නම් කෙල්ලෙක් එක්ක වත් කොල්ලෙක් එක්කවත් ඔනෙ නැති චැට් වලත යන්නේ නෑ.. මනුස්ස කමට හායි හූයි ගානව ඉතරයි.. ඒත් බ්ලොගර් ලත් එක්ක...

    ගෑල්ලමයි ඉතින් ටිකක් කල්පනාවෙන් මෙව්ව පාවිච්ච් කොරන්න ඕනෙ නේද

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මාත් ගෙදර ඉන්නවනම් ඔය බුකියෙම තමයි ගොඩක් වෙලාවට ඉන්නේ..
      ගෑනු ළමයි ගොඩක් පරෙස්සමෙන් ඉන්න ඕනි මේවයින්නම්..

      Delete
    2. ඒ කිව්වේ මී ගොඩයවද?

      Delete
  6. mamath fake ekak haduwa kellekge namin kellek gana search ekak karanna.
    Ammapa aga hiri watila giya ara pinthure dakkahama.

    ReplyDelete
    Replies
    1. නෑ....ඉතින් ඒ සර්ච් එක කලාද...??
      මේ උඹේ ඇග හිරි වැටුනා විතරයි නේද...මෙව්වා වෙලා අරහෙම උනේ නෑනේ...:පී

      Delete
  7. ඕවා ඇත්ත බන්. කෙල්ලෙක්ගෙන් ප්‍රොෆයිල් එකකින් ලොග් වෙච්ච ගමන් අහන්නෙ ඇඳන් ඉන්නෙ මොනාද කියලා. ඊට පස්සෙ පොඩ්ඩක් ෆෝර්ම් කරන එක. කාමරේකට ඇදන් යන්න හැදීම. පින්තූර එවන්න කීම. ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනයට බියේ නිදාගන්න සිදුවීම.

    ReplyDelete
    Replies
    1. එහෙම උන් දුන්නු නම්බර්ස් තියෙනවා දාන්නද?

      Delete
    2. ඔව් බන් උඹ ඔය කියන ටික මාත් ෆේක් එකෙන් ඉන්නකොට උනා..මම කොල්ලන්ගෙන් වෙච්ච දේවල් මෙතන වැඩිපුර කියන්න ගියේ නෑ..
      හපූයි ඔය නම්බර්ස් ඕනි නෑ..([රහසින්-] ඕවා මේ එළිපිට දානවද බං..ශේප් එකේ දුන්නත්)

      Delete
  8. කාලින වැදගත් කමක් ඇති ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. හ්ම්...බොහොම ස්තූතියි....

      Delete
  9. හිතන්න දේවල් ගොඩයි මල්ලි.. ගොඩක් වැදගත් ලිපියක් දාලා මෙහෙම දැනුවත් කමක් කරන එක ගොඩක් හොදයි..

    ReplyDelete
    Replies
    1. :O මෙයා මල්ලි නෙවෙයි නංගෝ.. අයියෙක්..::p මටත් වඩා බර ගානක් වයසයි.. ;)

      Delete
    2. මෙ තරුවා කරපු වැඩේන් කෙල්ලො අපිත් එක්ක චැට් කොරන එකත් නවත්තයිද දන්නෙ නෑ

      Delete
    3. හි හි....ඔව් ඔව අනිවා දැන් ඉතින් සොලිම තමා........:)

      Delete
    4. ආපුස් එක තමා මෙයැයි මගේ පැලේ සමාව භාජනය කරලා තිබ්බේ...ආපුස්..

      Delete
    5. @නිමේෂා... ඒකනම් ඇත්ත නංගි බොහොම ස්තූතියි.... ආ...දැන ගත්ත එකත් හොදයි මෙයා මේ නංගි කෙනෙක් කියලා..ආපූස් මාත් කිව්වනේ අක්ක අක්කා කියලා...ආපුස්...

      Delete
    6. @හිතූ..මේ හිතූ නංගියේ ඇයි බං හත්තිලව්වේ ඔහොම කියන්නේ...මම ඕනිනම් ඔයාට වඩා දවස් දෙක තුනක් වැඩිමාල් ඇති..

      Delete
    7. @Mee Godaya..අලේ මී ගොඩයො හිත රිදුනද මචං..සොලි ඈ...

      Delete
    8. @හිරූ..හිරු අක්කටනම් හරි සතුටුයි වගේ ඒකට..හ්ම් හ්ම්...අපේ මී ගොඩයට තමා කෙල වෙන්නේ..

      Delete
  10. නියමයි
    ඔබේ උත්සාහය අගය කරනවා..,
    සමාජ පැතිකඩක් විවරනයට දායකත්වය සැපයුවාට............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තට ආවාට...

      Delete
  11. ගොඩක් වටින ලිපියක් මචෝ... මේක බලල එක්කෙනෙක් වත් බේරුනොත් ඒ පින උබටයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං...

      Delete
  12. මහන්සියෙන් ලිව්ව වැදගත් ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් මහන්සි උනා..බොහොම ස්තූතියි...

      Delete
  13. එල ලිපිය
    මෝල් අමාරුව තියෙන කෙල්ලන්ටත් හොද වැඩේ ඕවට

    ReplyDelete
    Replies
    1. මෝල් අමාරුව නැති උනුත් මේවට අහු වෙනවා බං..

      Delete
  14. බුදු අම්මියෝ..... :O බයේ බෑ....

    මෙහෙම දේවලුත් වෙනවා කියලා දැනගන්න ලිව්ව එකනම් හොදයි..

    ReplyDelete
    Replies
    1. බයවෙන්නෙපා නංගියො...පරෙස්සම් වෙන එක හොදයි...

      Delete
  15. Replies
    1. එළස්...කෝ තන්හා රඟා ආවේ නැද්ද....??

      Delete
  16. කාලයේ තලයට වටිනා ලිපියක් මීට වඩා ප්‍රතිචාර දැක්වීමෙන් වැලකෙමී :D

    ReplyDelete
  17. දකින දකින අයව ඇඩ් කරගන්නවාට හොඳ පාඩම

    ReplyDelete
  18. මෙවන් ගවේෂණයක් කිරීමත් ඒ ගවේෂණය මෙසේ පෙලගස්වීමත් ගැන ඔබට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තට ඇවිත් හයියක් වෙනවට...

      Delete
  19. ෆේස්බුක් එකේ ඔය වගේ අසහනකාරයෝ ඕන තරම් !!!

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් සෑහෙන්න ඉන්නවා...

      Delete
  20. ගෑනු වගේම පිරිමිත් මූණු පොතේ මේ ජරා වැඩේ කරනවා.ඒත් උන්ව අල්ල ගන්න බෑ.හැම තැනින්ම උදව් තියනවා.මේ වගේ දැනුවත් කරන එක තමයි කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ගෑනු වගේ ඉදල කෙල්ලන්ව රවට්ටන පිරිමිත් ඔනි තරම් ඉන්නවා..එහෙම දෙන්නෙකුත් මට හම්බවුනා...මම ඒ ගැන මේ කතාවෙදි කියන්න ගියෙ නෑ..බොහොම ස්තූතියි..

      Delete
  21. ගොඩාක් වැදගත් එක එක චරිත මුණ පොතේ ඉන්නවා. කොල්ලෙක් ඒ වගේ කරන්නේ වල් කමට. කෙල්ලෙක් තව කෙල්ලෙක්ට එහෙම කරන්නේ. අසහනෙට වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අසහනේට වගේම..තමන්ට දෙයක් නැති උනොත් අනිත් හැමෝටම ඒ දේ නැති වෙන්න ඔනි කියන මානසික තත්වෙකයි සමහරු ඉන්නේ..ඉතින් එහෙම කෙනෙක්ගෙ චරිතෙකය්‍ට හානියක් උනොත් අනිත් අයගෙත් චරිතවලට හානි කරන්න හදනවා වැඩියි.

      Delete
  22. අපොයි තරුවෙ....එහෙම රැල්ලකුත් යනවාද????

    ReplyDelete
    Replies
    1. ඔවනේ අක්කෝ..සුනාමි රුල්ල වගේ...

      Delete
  23. ලෝකේ හැටි මෙහෙම තමා

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා නිකරුනේ ජීවිතේ නාස්තිකර ගන්න එක අපරාදයක් නේද....

      Delete
  24. බුකියේ ඉන්න මෝඩ චූන් කාරයින්ව ඇඩ් කර ගන්න කෙල්ලන්ට ගහන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් සැමා අයියේ අතින් පයින් ගහන්න ඕනි....

      Delete
  25. කියන්න දෙයක් හිතාගන්න බෑ අයියේ උපරිමයි අන්තිම ටික යද්දි ඔළුවේ අතගහගෙන කියෙව්වේ... ඇ‍ඬෙනවා...

    මේක මාර වටින ලිපියක් අයියේ මම මේක බුකියේ හැකි තරම් ෂෙයාර් කරන්ඩෝන...

    මුලින් අර කෙල්ලට බුකියේ මැසේජ් කරපු එකී/එකාගේ නම අහලා උගේ වෝල් එක වනසන්න හිතුනා ආපු තරහට... මේ වගේ ග‍වේෂණ නිතරම කරන්න කියන්න බෑ ඉතින්.හැබැයි අපේම නංගිලාව බේරගන්න පුළුවන් සහෝ හැබැයි අමතක කරන්න එපා කොල්ලොන්ටත් මේ වගේම තර්ජනයක් තියෙනවා කියලා...

    ජයවේවා අයියේ ඔයාගේ උත්සහයට මගේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මල්ලි..මාත් මේකේ මෙච්චර දෙයක් වෙනකන් මේ දේවල් මෙහෙම සංවිධානාත්මකව වෙනවා කියල දැනගෙන හිටියේ නෑ..මටත් පුදුම හිතුනා සමහර තැන් වලදි. ඇත්තටම ඒවා මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්නත් අමාරුයි..ඒත් ඒ දේවල් ඇත්තටම වෙනවා.. මේක කියෝල එක්කෙනෙක් හරි ඒ වලට නොවැටි බේරෙනවනම් මට ඒ හොදටම ඇති.
      බොහොම ස්තූතියි මල්ලියෝ..

      Delete
  26. බුකියේ අපිට සමහර වෙලාවට හමුවෙන චරිත වෙනස්.. මේ වගේ අය ඉන්නවා..

    ReplyDelete
  27. ඔයා කරපු දේ නම් හොඳයි..නොදන්න අඳුන ගන්න බැරි අයව ෆේස් බුක් එකට ඇඩ් කර ගන්නෙ නැතුව උන්නාම කතාව ඉවරයි....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නොදන්න කෙනෙක් ඇඩ් කරගන්නවනම් ගොඩක් පරෙස්සමෙන් හොයල බලන්න ඕනි..

      Delete
  28. ඕනම හොද දෙයක් නරකට යොදා ගන්න එක අපේ උන්ගේ ජන්ම ගතියක්.ජය...!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒ කතාවන්ම් 100%ක් ඇත්ත...

      Delete
  29. Replies
    1. අයියෝ අක්කෝ බය වෙන්න එපා..පරෙස්සම් වෙන්න..

      Delete
  30. බුදු අම්බෝ ෆේස් බුක් එකේ කොල්ලෝ එක්ක සෙට් වෙලා අමාරුවේ වැටෙන කෙල්ලෝ ගෑන අහලා තිබ්බට කෙල්ලෝ එක්ක සෙට් වෙලා අමාරුවේ වැටෙන කෙල්ලෝ ගැන ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඇත්තටම එහෙම දේවලුත් වෙනවා.....

      Delete
  31. අනේ පච කියන්න එපා බන්

    ReplyDelete
    Replies
    1. හුරේයා...මෙන්න මේ පෝස්ට් එකේ පලවෙනි ඇනෝනිමස් ආතල් එක...මාත් පාළුවෙ හිටියේ...

      Delete
  32. අපි ඕවට නෑ. බුකියෙන් ඈත් වෙලා ඉන්නඑක ඇඟට ගුනයි මම නම් කියන්නේ.

    තරෑගේ වැඩේනම් සුපිරි ඈ....

    ReplyDelete
    Replies
    1. බුකියෙන් ඈත් වෙන එක නෙවෙයි මල්ලි කරන්න ඔනි කරන දේ වැදගත් විදිහට පරෙස්සමෙන් කරන එක...එතකොට අනිත් අයට කරදරේකුත් නෑ...අපිට කරදරේකුත් නෑ...

      Delete
  33. අනෙ අම්මෝ මුලු ඇගම හිරි වැටුනා මේක කියවලා.

    ReplyDelete
  34. මගේ අප්පේ කොලුවා දීල තියෙන ගේම් එකක්......හරවත් විග්‍රහයක් තරුවා ....හැමෝටම වැදගත් වෙයි.ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හිකිස්...බොහොම ස්තූතියි ඈ...

      Delete
  35. වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි මේ වගේ අධ්‍යයනයක් කලාට...

    ReplyDelete
  36. මටත් ඔයාගේ යහළු නංගිට උනා වගේම වැඩක් උනා අයියේ.. හස්බන්ඩ් ගොඩක් කාලෙකින් ගෙදර එන්නේ කියලා මෙයා මගෙන් අනම් මනං අහන්න ගත්තා.. මම ඒකිව බ්ලොක් කරලා දැම්මා... කොල්ලෙක්ද කෙල්ලෙක්ද මොකෙක්ද කියලා දන්නේ නෑ... දැන් නම් චැට් කරද්දී හරි පරිස්සම්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නංගි ඔය වගේ අයගෙන් තමයි පරෙස්සම් වෙන්නම ඕනි....

      Delete
  37. නියම පොස්ට් එක තරුවෝ. අපේ පොලෝසියේ බුද්ධි අංශයට වඩා දාහකින් හොදා උඹේ වැඩ. මේක නම් නීති මගින් නවත්වන්න පුළුවන් සෙල්ලමක් එහෙම නෙමේ. ප්‍රවේශම් වෙන එක තමා කෝකටත් හොද.

    ReplyDelete
    Replies
    1. හිකිස්.....අනිවාර්යෙන්ම තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්නවනම් කිසි අවුලක් නෑ...එළ ඈ...

      Delete
  38. ඊ.......................................................................................................යා............................................................................

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකෝ රජෝ..බොට ලැජ්ජා හිතුනැයි...

      Delete
  39. සෙල්ලංද කොල්ලෝ කිව්වලු.... ෂර්ලොක් ගේමක් නෙ මලයා දිලා තියෙන්නෙ එල එල....

    ReplyDelete
    Replies
    1. හොල්මංද පොල්කොල කිව්වලු ඒක නොවෙන්නං..බලාපල්ලකො ඒකෙත් හැටි..

      Delete
  40. adow meeyage wada kida.. scl yana kale uba ochchara naraka nahene bn.. kev

    ReplyDelete
    Replies
    1. තාම ඉතින් ඒ කාලේ වගේම හලි හුලතල් කොලු පැටියා තමයි....

      Delete
  41. දැන් ලෝකෙ ඉස්සරට වඩා ගොඩක් වෙනස්. මමත් ඔය සීන් එක ගැන ගැඹුරටම හොයලා තියෙනවා. ඔය වගේ ඒවා මටත් අහුවුණා. අනේ මන්දා මිනිස්සු හැඟීම් එක්ක විකෘති වෙලා නේදෝ???????????

    ReplyDelete
  42. අනංතවත් මටත් ඔහොම වෙලා තියෙනවා. .ගොඩක් ලස්සන ලිපියක් තරැ

    ReplyDelete
    Replies
    1. බේරිලා ඉන්න එක ගැන සතුටුයි...බොහොම ස්තූතියි ඈ...

      Delete
  43. අනේ අම්මෝ... බය හිතෙනවා.. අඳුරන්නේ නැති අය ඇඩ් නොකර ඉන්න එක තමා හොඳම වැඩේ..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත ප්‍රාර්ථනා....ස්තූතියි ඈ....

      Delete
  44. පට්ට CID පාර බං!බලං හියාම උබත් හොද සමාජ සේවකයෙක්නේ!

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකනම් අනේ මංදා...

      Delete
  45. තරුවා වැඩකරු!!! :)) සුපිරි මෙහෙයුම!!!

    ReplyDelete
  46. මම නම් කොහොමත් වැඩිය කා එක්ක වත් ෆේස්බුක් එකේ චැට් නොකරන නිසා ගොඩාක් දේවල් වලින් බේරී සිටිමි. ඒත් ඉතින් අසහනකාරයෝ මැසෙජ් එකකින් හරි ඔවා එවනවා.. සමාජයේ හැටි..අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්....ඔව්වා ඔහොම තමයි......

      Delete
  47. තරුට කරදරයක් උනේ නෑනෙ.....හික් හික්

    ReplyDelete
    Replies
    1. අලේ නෑ...කරදරයක් උනාද කියලා මම දන්නෙත්නෑ....මට ඉතින් ඔව්වා තේරෙන එකක්යෑ...තාම පොඩි එකානේ... ;)

      Delete
  48. matath oya wage mage fb ekatath enawa lankawe ganu lamane kiya add karagannawa eyalage samanaya photo thiyenne eth chat ekata awama kathakaranne eyata mawa onalu, lesbian wenna kamathida kiya . ithin mama inna rate mata muna gahila inna lesbiansla kawadawath eyala share karaganne naha eyage partner hariyata loku sambandayak thiyenawa keewoth hariyata kollekui kellekui love wage ithin hithaganna baha me ganu lamai gana. aththatama lankawe oya wage sambandakam wadi welada?

    ReplyDelete
    Replies
    1. හ්ම් සමලිංගිකයෝ උනත් මාත් අහලා තියන විදිහට තමන්ගේ අනිත් කැමති කෙනා දිහාවෙන කෙනෙක් බලනවටවත් කැමති නෑ. මෙතන වෙන්නේ සමලිංගිකත්වයට එහා ගිය දෙයක්..

      Delete
  49. එක එක මනෂික මට්ටම් වල මිනිසුන්ගේ වැඩ.කෙල්ලන්ගේ පින්තුර දලා චැට් කරන්නේ පිරිමි අය.තවත් අය ඉන්නවා තමන්ගේ කමුකත්වය පාලනය කර ගන්න බැරිව එක එක මැසෙජ් එවනවා කුණු හරුප.මමත් ලිපියක් ලිව්වා.මේ සම්බන්ධයෙන් තවම පෝස්ට් එකට දැම්මේ නැහැ.අහිංසක ජිවිත විනාශත් වෙනවා.මනෂික රෝගින්.කරන්න තියෙන්නේ තමන් පරිස්සම් වෙන එක.මේකත් හොඳ පෝස්ටුවක්.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඒක ඇත්ත. එක එකාගේ මානසික මට්ටම වෙනස්නේ..

      Delete
  50. හපෝයි, ඒ වගේ කෙල්ලොත් ඉන්නවද. කාලයක් මගෙත් ෆේක් ප්‍රොෆයිල් එකක් තිබ්බ. ඒත් ඒකෙ ඉදියේ කොල්ලෝ විතරයි. කොල්ලෝ විතරයි කීවම දන්නවනේ ඉතින්, සබ්ජෙක්ට් එකේ උන් විතරයි. මාත් කාලයක් මුන් එක්ක චැට් කලා. දැන් දැන් ලංකාවෙත් මේ සමලිංගිකයෝ වැහි වැහැලා ඉන්නවා. අනේ මන්දා වැඩි වෙන ජනගහනය පාලනයට ස්වභාවධර්මයෙන්ම කරන දෙයක්ද මන්දා මේ දේ.

    ReplyDelete
    Replies
    1. අහ් සමලිංගිකයෝ කිව්වාම මතක් උනේ මෙන්න මේකෙන් ගිහින් බැලුවනම් මාත් ඔය කට්ටිය ගැන එකක් ගිව්වා. සමහර විට අර ඔයාගේ ෆේක් එකේ යාළුවොත් මේකේ හිටියද දන්නෑ...

      http://tharugelokaya.blogspot.com/2012/12/blog-post.html

      Delete
  51. [im]http://www.esperanzagomezvideo.com/wp-content/uploads/2012/11/esperanza-gomez-brazilian-girls-naked-7.jpg[/im]

    ReplyDelete
  52. තරුව උඹ මගුලක් කතා කරනව මම ඉන්න ගමන් පිශින් පාරක්දාල කෙල්ලෙක්ගෙ ඒකවුන්ට් ඒකක් හැක් කරගත්ත (ශුවර් ශුවර් ෆෝන් නම්බරේ ඒකවුන්ට් ඒකේ තිබුණ මම කෝල් ඒකකුත් ගත්ත) ඒ්කෙ තිබ්බ මැසේජ් ටික කියවල කොල්ලෙක් වෙච්ච මාවත් තව පොඩ්ඩෙන් බඩ දරු වෙනව

    ReplyDelete
  53. පට්ට වැඩේ ඈ ඒකත්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...