Friday, November 8, 2013

අඩේ මෙන්න මැජික්...විත් මන්තර.... පාර්ට්2


හෙනගහපං කැල් එකකින් ගණං හදාපන් කිව්වා වගේ මට උදේ පාන්දර මතක් අනේ මං ඒ කාලේ මැජික් ඉගැන්නුවයි කියලා. සැක් එක පෝස්ටුවයි දැම්මමේ ඒ ගැන. මුලින්ම කියන්ඩ ඕනි මුලින් එක කියෝපු නැති එකෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එනවා හොඳා.මොකද ඔය මැජික් යෂ්ඨිය එහෙම හදා ගන්න හැටි තියෙන්නේ මුල් කොටසේනොවැ ඈ. අඩේ අපේ අර වඳ පුංචි අම්මගෙ පුතා වෙච්ච මහානුභාව සම්පන්න මන්තර සීයනේ මට හීනෙන් පෙනිලා ඒ පොත වලකින් ගොඩගන්න හැටි නියා දුන්නේ. මාස ගානකට පස්සේ පොත් ගොඩක් අවුස්සලා මම අද ඒ පොත ආයි එළියට ගත්තා. ගිය පාර පොඩි මැජික් ටිකකුයි මන්තරේකුයි දුන්නනොවැ. මේ පාරත් එසේමයි. මැජික් විත් මන්තර අරං ආවා. අදෝමැයි කියන්නේ ගිය පාර මැජික් ටිකනම් කරපු උන් හම්බ උනාට මන්තරේ හරිගිය එකෙක්වත් සෙට් උනේ නෑනෙ. මේ සැරේ නම් මම කෝම හරි ප්‍රාර්ථනා කරන්නේ මේ මන්තරෙත් එකෙක්ටවත් හරි නොයාවා කියලා :D අපි ඒමයි. ඒනම් ඉතින් නමෝ විත්තියෙන් රාහු කාලෙම බලලා වැරදි කකුල පෙරට තියලා මරු සිටින දිසාව බලාගෙන වැඩ පට්ට්ටාන් ගම්මු ඒනම් ඈ.....එදා වගේම කියනවනම් බොලාලට එන පුරස්න ඕනි එකක් මගෙනව් ඇහුවෑකි හැබැයි මේ පොතේ නැති මම නොදන්න එව්වා අහලා මාව රේප් කරන්න ඔට්ටු නෑ හරිය. ඔයිකේ එහෙනම් දෙවනි පාරටත් පට්ට්ටාන් ගම්මු ඈ.

Thursday, October 31, 2013

Google අල්ලේ නටවමු...



උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය. :D ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ. ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ලියන්ඩ ඕනියි කියලා හිතුනේ. පස්සේ ආයි හිතුනා එක්කෝ ඕනි නෑ ලියන්නෑ කියලා. ඒ මොකද අද මේ දාන එව්වා ගොඩක් අය දන්නවා. සමහරු ඔක්කොම වගේ දන්නවා. සමහරු ටිකක් විතර දන්නා. සමහරු දන්නෙම නෑ. හැබැයි ඔක්කොම දන්න උන්නම් ඉන්නේ බොහොම පොඩ්ඩයි ඒක සුවර්. දැන් ඒ දන්න එවුන් කටවහන් හිටු. අනිත් උන් උඩ බලන් හිටු.

Monday, October 28, 2013

මම පජාත උනෙමි....(කුජීත වීම් දරා ගත හැකි අයට පමණි...)



අජූත වීම සහ පජාත වීම යනු එක්තරා අකාරක කලාවක්ය. එය කලාවක් වන්නේ එය සිදුවන ආකාරය අනුවය. නමුත් අජූත වීම ක්‍රීඩාවක් වන්නේ හදිස්සියේ රෑට කස්ටිය සෙට් වෙච්ච වෙලාවට අජූත ගැසීමේදීය. නමුත් කුජීත වීම නම් අතිසයින්ම කුජීතය. එතනින් එහාට දෙයක් එය තුල නැතිය. මෙලොව ඉපදී මිය යන හෝ මිය යන්නැති ඕනි එකෙකුට මා ඉහත සදහන් කල අජූත වීම , පජාත වීම සහ කුජීත වීම යන්න සිදු විය හැක. නමුත් මම පජාත උනෙමි යන්න කටක් ඇර පැවසිය හැක්කේ මම වැනි පුරුස දහිර්යයෙන් හෙබි උත්තුංග පුරුස රත්නයකට පමණක්මය. මා මේ සූදානම් වන්නේ එවැන්නක් කිරීමටය. මෙවැනි දේ කිරීමට පෙර ධෛර්‍යය උපදවා ගැනීමට කිරි එකක් පාණය කිරීම මාගේ ඒ කාලේ සිට පැවතෙන මෙව්වා එකක්ය. මා දැනුත් ඉන්නේ කිරි බොමින්ය. මේ කිරි හරි රසය,උකුය, ගණය,ලාබය,හරි සුවිට්ය.  (ඒ දැම්මේ මුදල් ගෙවා ප්‍රචාරය කල එව්වා එකක්ය)

Friday, October 25, 2013

හිතට මෙව්වා එකක් වෙලා වගේ...




මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න
සඳ නැතත් අමාවක බැරිද තරු පායන්න
වැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්න
නුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්න

Friday, August 30, 2013

කන්දක් උඩ හොම්මං වී..(සත්‍ය සිදුවීමකි...)



මේ දවස් වල බ්ලොග් එකක් එහෙම තියනවද කියලවත් හිතෙන්නේ නැති තරම්. විභාගෙන් පස්සේ පරන විදිහට ලියනවා කියල හිතන් හිටියත් නිවාඩු ලැබිලා තියන මේ කාලේ කලින්ටත් වඩා අපි බිසී පීපල්ලා වෙලා.  මේ කාලේ ඉතින් අපේ ට්‍රිප් කාලේ. දෙවනි අවුරුද්දේ දෙවනි සෙමස්ටර් විභාගෙන් පස්සේ මාසයක් විතර නිවාඩු. හා හා පුරා කියලා අපි පෙරේදා අපේ දෙවනි ට්‍රිප් එක ගියා. ට්‍රිප් එකක් කිව්වේ යාළුවෙක්ගේ ගෙවල් ගාව තියන කන්දක් නැගලා රෑ කන්දේ නැවතිලා පිෂ්ෂුවක් කෙලලා අනිත් දවසේ එන්න තමා කස්ටිය කතා උනේ. මේ ගමන් ජීවිත කාලෙටම අමතක නොවෙන මෙච්චර දේවල් වෙන ගමනක් කියලනම් නිකමටවත් ගමන ප්ලෑන් කරද්දි හිතුනේ නෑ හැබැයි. වටේ පිටේ රවුම් ගහන්නැතුව කෙලින්ම වෙච්ච සිද්ධි ටික කියලා දාන්නම්කෝ...

Sunday, July 14, 2013

කට්ට කන්නෝ කවදා හෝ මදයට ලං වන්නෝය.....!!




උපන් දා සිට අප අනේක විදි කටු කන්නෝ ය
කටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ ය
දොස් කිය කියා තව තවත් කටු කන්නෝ ය
කටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ ය
බහිස්‍රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ ය

Tuesday, June 25, 2013

අරවා හංගන්න සහ යාළුවො බය කරන්න...




අඩේ කාලෙකින් හොරෙන් බලන්න බැරි උනා. කාගෙවත් Password එකක්වත් උස්සන්න බැරි උනානේ. එව්වටත් හරියන්න අද දෙන්නම් කන් දෙකෙන් කඳුළු එන්න. ඔය කිව්වට මම සුවර් එකටම දන්නවා ඒක එහෙම වෙන්නෑ කියලා. ඒ හින්දා කිසිම අවුලක් නෑ. හරි කොහෙන්ද පටන් ගන්නේ....ම්ම්ම්

Friday, June 14, 2013

ටෝච් එක ගහලා බලපන් මචං මගේ පු^& තියද කියලා....



ඊයේ පොඩි වැඩකට කියලා දුර බෑරකට මං තරුවාට යන්න සිදු විය. ගියේ තනියම නොවේය. පරණ යාළුවෙක්ද වැඩේට එන්ටර් විය. බස් එකේ පැය දෙක තුනක් යන්නට උනු නිසාම කරන්නට දේකුත් නැති කමට ඉස්කෝලේ කාලේ කල කී දෑ කතා කරමින් අපි ගියෙමු. ඔය අතරේ මටත් අමතක වෙමින් තිබුණු මම කලිනුත් කියපු පරණ කතා ගොඩට දැමිය හැකි කතා කීපයක්ම මතුවිය. දවස් කීපයකට පසු නා කියාගෙන සැදී පැහැදී මම මේ බ්ලෝගේට ගොඩ වැදුනේ එවැනි සාඩම්බර ලොල් සහගත අතීතයකට උරුම කම් කියන අපේ පරණ මෙව්වා ටිකක් සැදැහැ සිතින් හිතේ වටවල කහට නැතුව මෙහි ගොඩ වැදුනු ඔබ තමුන්නාන්සේලාගේ සපත්තු සහ හයි හීල්ස් අසල පිදීමටය. එහෙනම් වැල සහ වටාරම් වලින් පසුව ඊයේ නැවත මතකය අළුත් ඒ මෙව්වා ටික ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්. 

Wednesday, June 5, 2013

ඇණයක්ද මන්දා.....!!!


මේ ලගදි දැක්කා පොටෝවක්. එක රූස්ස ගහක එතිච්ච කම්බියක්. කාලෙකට කලින් මනුස්සයෙක් ඒ ගහේ ඔතපු එකක්. කාලයත් එක්ක ගහ වැඩුනත් ඒ කම්බිය එදා විදිහටම ගහේ තිබුනා. හැබැයි එක දෙයක් වෙනස් වෙලා. එදානම් ඒ කටු කම්බිය ගහේ එතෙද්දි ඒක ගහට අපහසුවක් වේදනාවක් නොගැලපෙන දෙයක් වෙන්න ඇති. ඒත් අද බලද්දි කටු කම්බියත් ගහේම කොටසක් වෙලා. කඳ ඇතුලට කම්බිය ගිලා බැහැලා. ටිකක් විතර ඒක ආවරණය වෙන්න ගහේ කඳත් වැඩිලා. කොටිම්ම කම්බියත් ගහේම කොටසක් වගේ වෙලා. එදා ගහේ ඔතන කොටම කම්බිය අයින් කලානම් වෙනසක් නොපෙනෙන්න තිබුනත් අද කම්බිය අයින් කලොත් ඒ හිඩස හැමෝටම පේනවා. හරියට නිකන් කම්බිය නැත්නම් ගහ සම්පූර්ණ නෑ වගේ. 

Monday, April 8, 2013

මොලේ කුරුවල් එවුන්ට...-4




ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කියලා
කවුදෝ මන්දා කිව්වට
ඇත්තටම ගී ලියන්න පුළුවන් උනේ
ඔය නෙත් අහිමි වූ දාද කියලා
නිකමට හිතෙනවා

Friday, April 5, 2013

කැසිල්ල....



ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම වූත් කැසීම් දාමයකි. ඉස්සර වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට දැන් කියන්නේ කැසිල්ලෙන් කැසිල්ල නොසන්සිදේ කියාය. ඒ..එදා මෙදා තුර කැසිල්ලේ පරිණාමයය.

Friday, March 29, 2013

අඩේ මෙන්න මැජික්...විත් මන්තර....!



අඩේ මේ දවස්වල ලඟ ලඟ පෝස්ට් වැටෙනවනේ ඈ... එක්කෝ ඒකට මොකෝ නේද...
මේ...කියන්න ආපු දේ කියන්න බැරි උනානේ..මේ ලගඳි මාර සීන්කෝන් එකක් උනාලුමට. මං රෑ දොයියං ඉන්නකොට අපේ මැරිච්ච කිරි අත්තගේ මහප්පගේ පුතාගේ හිටපු එකම වඳ පුංචි අම්මගේ පුතා වෙච්ච මහානුබාව සම්පන්න මන්තර සීය කෙනෙක් මට හීනෙන් පෙනුනලු. පෙනිලා මට කිව්වලු පුතේ තෝ වෙනුවෙන්ම මහා පොත් රාජයෙක් අල්ලපු ගෙදර කක්කුස්සිය ගාව තියන වැටකේ පඳුරට එහා පැත්තෙන් ඉර මුදුන් උනාම මෙහා පැත්තේ මාර ගහේ යටම අත්තේ  හෙවනැල්ල වැටෙන තැනට ගිහින් උතුරට අඩි පහලොවයි ආපස්සට අඩි පහලවයි. එතනින් දකුණට අඩි විස්සයි ආපහු ආපු පැත්තටම අඩි විස්සක් ආපු තැන තියන පූසෙක් ජරා කරලා වහපු පස් ගොඩක් ගාවින් අමාවක දවසක හඳ පෑව්වාම කෝට්ටකින් අඩි පහක් හෑරුවාම බොට හම්බ වෙයි. ඒකෙන් තෝ කැමති දෙයක් කරපිය කිව්වලු.

Sunday, March 24, 2013

උඹ......සුදු පාට පූසි.......(මෝඩ පූසි)...!




අපේ ගෙදර පූසි සුදු පාට හින්දා
ඒකි හරි ආඩම්බරෙන් හිටියේ
ඒකිගේ ඇස් නිල් පාට හින්දා
මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම 
ඒකි පැනලා හා කිව්වා

Friday, March 22, 2013

ඒ කාලේ එව්වා....සහ මෙව්වා.......!!!




උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ  කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ කුණු කන්දල් අවුස්සන්නට බැරි විය. ඇරියස් කවර් කරන්නටත් එක්ක අද අවුස්සමි.

Saturday, March 16, 2013

ෆේස් බුක් "වල්" පේජ් සහ ලංකාවේ කෙල්ලො..... (ගර්ල්ස් ඉස්පෙසල්)



කා...ලෙකින්... :) කාලෙකින් කිව්වට ඇත්තටම සෑහෙන කාලෙකින්. එන්ඩ ඕනි එන්ඩ ඕනි කියලා හිතන් හිටියට ඇත්තටම තිබිච්ච වැඩත් එක්ක ලියන්නවත් කියවන්නවත් අඩුගානේ මගේ අන්තිමට දාපු මොලේ කුරුවල් වෙච්ච පෝස්ට් එකට රිප්ලයි කරන්නවත් එන්න බැරි උනා. මොනවා කරන්නද ඉතින් වැඩිවියට පත්වෙලා තාම අවුරුද්දක් දෙකක්වත් ගියේ නැති උනාට මං පොඩි එකා ලොකු වෙද්දි වැඩ වැඩි වෙනවා අෆ්ෆා. අහෝ දුකකි ඉරකි තිතකි කියන එක වෙනස් වෙලා තිත් කොමාවකි කියන්න වෙන තරමට වැඩත් එක්ක අනිත් එව්වා සීමා වෙනවා. 

Wednesday, February 13, 2013

මොලේ කුරුවල් එවුන්ට...-3



සාමාන්‍යයෙන්
අසාමාන්‍ය වෙනකොට
'අනේ අපොයි'
කියන උන්
හදන්නෙම අසාමාන්‍ය
වෙන්නලු...
ඒත්
අපේ බැඳීමට නමක්
නෑ කියන උන්
ඕනි උනාම බැඳීම
නැති කරන්නේ
නමකුත් නැති හින්දා
අවුලකුත් නෑ කියලලු...

Wednesday, February 6, 2013

කාලයේ ආදරය......



සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ ආදරණිය 7 ට මම මහ ගොඩක් ආදරේ කලා. 

එදා..ඒ කියන්නේ මීට අවුරුදු දහයකට කලින්. එදා තමයි මම විනාඩි කට්ටක් විදිහට ජීවිතේ ලබපු දවස. මම මගේ අම්මා තාත්තා කවුද කියන්න දන්නේ නැති උනාට මාව මේ ඔරලෝසුවට හයි කරපු ,මේ ඔරලෝසුව හදපු මනුස්සයට මම දෙවියෙක්ට වගේ ගරු කලා. එදා ඒ ඔරලෝසුවේ හයි කරන්න ගෙනත් අහම්බෙන් වගේ මගේ ඇගේ හැප්පිලා අමුතු හිනාවක් දාගෙන ගිය එයාව මම ඉස්ඉස්සෙල්ලම දැක්කේ එදා. හැමෝම ඉස්සරහා මහ උජාරුවට හිටියට එයාට තිබුනේ බොහොම අහිංසක හදවතක්. 

Wednesday, January 16, 2013

හදිස්සියට ඕනි වෙන එව්වා..(හොර වැඩට සහ බය කරන්ඩ ඇතුළුව....)



මේ මාසෙටම ලිව්වේ එක පෝස්ටුවයි. කොහෙද මේ මගුල් විබායක් තියනවනේ මේ මාසෙම. අපි පව් කියලවත් හිතන්නැතුව මෙහෙම අවුරුද්දෙ මුලම විබාග දාන එකනම් හරිම කුජීතයි ඈ...පව්නේ අප්පා අපි උනත්. ඒකෙන් කමක් නෑ මොනවා හරි මේකෙ දාන්න කියලා ආවත් හිතාගෙන ආපු එක පසුවට කල් දාලා අද කියන්න යන්නේ අපි අන්තර්ජංජාලයේ ඉන්නකොට එක එක වෙලාවට වැඩ කරගන්න ඕනි වෙන වෙබ් සයිට් ටිකක් ගැන. වැඩිය කතා නැතුව එහෙනම් පට්ට්ටාන් ගම්මු. 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...