Wednesday, July 11, 2012

බිංදුවෙන්...එකට....


එක යනු 
එකය
එය දෙක 
නොවේ
එකට ආවා 
යනු
දැන් දෙකට යා
යුතුය
එකට එන 
විට
අමුවූ අය
බොහෝය
මුලින්ම බිංදුවේ
සිට
දශම නමය
දක්වා
හමුවූ සියළු
අය
දැන ගත් සියළු
දෑ
මට ඉතා 
වැදගත්ය
මෙයින් බිංදුව ඉතා
අගනේය
දශම එකේ
අවශ්‍යතවය
මට දැනුනේ බිංදුව
නිසාය
දශම එක
මට
දශම දෙකට
යාමට
අවැසි ශක්තිය
දුන්නේය
එනිසා දශම
එක
ඊලගට මට වැදගත්ම
එකයි
දශමෙන් දශමය එකතු
වී
අද එක සම්පූර්ණ
විය
දැන් ඇත්තේ එකයි දශම
එකය.
හෙට එයට යා
යුතුය
දැන් ලෑස්ති වෙන්නෙ
එයටය
යා හැකි උපරිම 
දුර
යා යුතුය අද
පටන්....
*
**
***
****
*****
******
*******
********
ප.ලි:- 
අද මගේ බ්ලොග් බොලොක්කෙට අවුරුද්දක් කියන්නේ.. (ඉතින් මට පාංද නේද..) නෑ ඉතින් මම වැරැද්දකට කිව්වා නෙවෙයි. අද එහෙම දවසක්ලු. ඉතින් මම මොකද  කරන්නේ..පාර්ටියක් දෙන්නද..ඕනි නෑ නේද..මේ දවස් වල පර්ස් එකත් හිස්..එහෙනම් මොකද කරන්නේ.....ම්ම්ම්ම්...මොකුත් කරන්න ඕනි නෑ..මේ කරපුවා මදෑ...එහෙම හොදයි නේද... :ඩී මොනවා නැතත් මගේ වැරදි අඩුපාඩු කියලා..කමෙන්ට් වලින් ෆලෝ පාරක් දාලා මට හයිය හත්තිය දීපු හැමෝවම නම්වලින් නොකිව්වත් ආදරයෙන් මතක් කරණවා.. 

61 comments:

  1. ජයවේ ජයවේ අවුරුද්දට අවතාර්ගෙන්

    ReplyDelete
    Replies
    1. එළ එළ පලවෙනි සුභ පැතුම අවතාර්ගෙන්..මේ වසර පුරාම යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ අවතාර හමුවෙයිද දන්නෑ නේද...

      Delete
    2. මගේ අම්මියෝ.........:O

      Delete
    3. ඇයි බය වුයනාද...

      Delete
  2. උබ හොඳාආආයි............

    ඔන්න සුභ පැතුම මගෙන්

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව්....

      Delete
  3. මගෙනුත් සුභ පැතුම් තව දිගු කලක් වැජඹෙන්න බ්ලොග් අවකාශයේ....

    ReplyDelete
    Replies
    1. හරිනම් අද 1 2 3 ට මොනව හරි දෙන්න ඕනි..ඊටත් වැඩිය විශේෂ දවසක්නෙ අද හා නැද්ද අවතාර්... මී ගොඩයා අයියා...

      Delete
    2. තැන්කිව් ඈ...
      විශේෂ දවසක්...ඒ කිව්වේ...

      Delete
    3. A කිව්වේ ඉංගිරිසි හෝඩියේ මුල් අකුර තරු...:P
      එහෙම අසාදාරණයි බ්ලොග් එකට එන හැමෝටම අද තෑගි ඕනේ..

      Delete
    4. ආ...ඔව් නේද..මම හිතුවේ B ගේ අයියා කියලා...එයා නෙවෙයිද...පාටි ඕනි කට්ටිය අපේ බෝඩිමට එන්න පාටි දෙන්නම්...

      Delete
  4. සුබපැතුම් දිගටම ලියපං ජය

    ReplyDelete
  5. යකඩෝ.........අද උපන්දින ගොඩා...........යි :-)

    ඕං එහෙනං බොක්කෙන්ම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. සුබ පැතුම් මගෙනුත් වසන්තයක්ම උද වේවා !!!!!!!!!!!!

    ReplyDelete
  7. සුභ පැතුම් සහෝ!!!..:)

    ReplyDelete
  8. onna magenuth suba pathum taru ayya......be..be..apita patiyak onemai......

    ReplyDelete
    Replies
    1. තැන්කිව් නංගි...පාටි නේද...වාංපාටියක්වත් දෙන්නම්කෝ....

      Delete
  9. එකේ සිට දෙකට යන්න තරියාගෙං උණුහුං සුභ පැතුං!!!!!
    ජය වේවා!!!!!!

    ReplyDelete
  10. මගේ උණුසුම් සුභ පැතුම් අයියේ!!!! තව තවත් ඉදිරියටම යන්න ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගියෝ..

      Delete
  11. අවුරුද්දක් ගත වෙන්න කලියෙන් මේක ලියන උන්දැව දැකගන්න ලැබීම මා ලැබු සතුටකි !!!
    ජය වේවා මල්ලි !
    ඊලඟ අවුරුද්දෙත් ගෙට්ටුවේදි ඔබතුමාව දැකගන්නට ලැබේවා !

    ReplyDelete
    Replies
    1. එළ ඈ....අයියේ...අනිවා සෙට් වෙමු.......

      Delete
  12. මොකද මේ අද විශේසත්වය?
    කකාගේ තුන්වන බ්ලොගිවසරිය.
    වෙනියා අයියගේ පළමු වෙනි බ්ලොගිවසරිය
    දැන් තරුවගේත්
    අනේ මන්දා

    එල එල හැපී බ්ලොගිවසරියක් සහෝ ජය වේවා
    පාටියක් නම් ඕනෙමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඈ...කොහොමද අද සුභ දවසක් නේද...

      Delete
  13. අපෙනුත් සුභ පැතුම්!!! තව තවත් ඉදිරියට යන්න හැකි වේවා!!!

    ReplyDelete
  14. ෂාහ් අවුරුද්දකුත් වෙලාද..... මගෙන් උණුසුම් සුභ පැතුම් තරු අයියේ... තව අවුරුදු ගනනාවක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඕං මමත් ප්‍රාර්ථනා කරනවා...

    නිසඳැස හරිම අපූරුයි අළුත්ම විදියකට හිතලා ලියලා තියෙනවා.ජය වේවා අයියේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මලයෝ...

      Delete
  15. මරුනේ. සුබ පැතුම් මගෙනුත්! දැන් ඉතින් වයසයි නේද, ඉස්සරවගේ නෙවෙයි ඔන්න!

    ReplyDelete
    Replies
    1. වයසයි...පිස්සුද තාම දන ගාන්නවත් බෑ...

      Delete
  16. දෙක වසරට පා තබන , තරුවාගේ බ්ලොගයට මගෙන් සුබ පැතුම්!!! :)) දිගටම ලියන්ඩ ශක්තිය ලැබේවා!!! ජය!!!

    ReplyDelete
  17. සුභ පැතුම් සුභ පැතුම්.. දිගටම ලියමු මලයා..

    අද බ්ලොග් උපන්දින ගොඩයිනේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද...සුබ දවසක්නේ ඒකයි...
      තැන්කිව් ඈ...

      Delete
  18. සුබ පැතුම් මිත්‍රයා :)

    ReplyDelete
  19. හික් හික් තරැවාට 1යි.... සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් ඔව්....මට එකයි...බොහොම ස්තූතියි...

      Delete
  20. සුභ පැතුම් අවුරුද්දට............

    ReplyDelete
  21. මල් හතයි.....නැ නැ සොලී තරු එකයි...:)
    ඔන්න මගෙනුත් සුබපැතුම්....
    සුබම සුබ උපන්දිනයක් තරු.. අවුරුදු බර ගානක් බ්ලොග් අවකාශයෙන් වැජබේවා....
    ඒවා හරි යන්නේ නැ තරු මල්ලියෝ...අපිට පාටි ඕනේ..:)

    ReplyDelete
    Replies
    1. හිකිස් තැන්කිව් ඈ...පාටි නේද....ම්ම්ම්ම් වාංපාටියක්වත් දෙන්නම්කෝ ඈ...

      Delete
  22. තරු මල්ලිට සුබ පැතුම් මේ කුසලතාවයන් තව තවත් දියුණු වේවා..තවත් වසර ගනනාවක් සිතිවිලි වලින් බ්ලොග් අඩවිය සැරසේවා..

    ReplyDelete
  23. ඔං එහෙනම් මං 132ලු ඈ...කදිමයි ඕං බිංදුව..

    ReplyDelete
    Replies
    1. 132 ම්ම්ම්..
      බොහොම ස්තූතියි...

      Delete
  24. මට හරිම සතුටුයි තරුවෙ.....සුභ පැතුම් මල්ලී....
    ගොඩාක්ක්ක්ක්.....
    ඔක්කොටම වඩා තරුවාගේ හොද හිත අගනේ.....

    ReplyDelete
  25. අම්මට හුඩු ඒමද?

    ජය හෝ හෝ කිව්වා..

    සුභම වේවා. නිදහසේ ගලමු. ගල් බොරළු බාධක ඇතැර.. ජය !

    ReplyDelete
    Replies
    1. එහෙමදත් අහනවා එළ ඈ...තැන්කිව් වේවා..

      Delete
  26. උණුසුම් සුභපැතුම්..........ඔබගේ නිර්මාණශීලි හැකියවට ජය වේවා.ඔයා ගොඩක් දක්ෂයි............... Multi talented Mr.Tharu Good luck for you

    ReplyDelete
  27. බොහොම ස්තූතියි..මේ හැම වචනයක්ම මට ගොඩක් ලොකු ශක්තියක්...

    ReplyDelete
  28. මිතුරු තරූ,

    මම ඔයාගෙ පළමුවෙනි බ්ලොග් සංවත්සරේට සුභ පතනවා මගේ best Wishes වලින්. මම මේ බ්ලොග් එකේ Posts කීපයක්ම බලලා තියෙනවා. ඒවායින් මම දැක්කා (කවදාවත් දැකලා නැති වුණත්) තරූ කියන්නේ ගොඩාක් දක්ෂ ඒ වගේම නිර්මාණශීලී කොල්ලෙක් කියලා. මේ විදියට (මීටත් වඩා හොඳට) දිග ගමනක් යන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මම මුළු හිතින්ම සුභ පතනවා. සුභ අනාගතයක්.........

    තරහා වෙන්න එපා මචං මේ වැරද්දක් හොයනවා නෙමෙයි. සමහර විට උඹ දන්නෙ නැතුව ඇති. මම උඹේ බ්ලොග් එකේ කියවපු හැම post එකකම දැක්කා ඳ අකුර වෙනුවට තියෙන්නෙ ද අකුර. මම හිතන්නෙ උඹ ඳ අකුර ලියන විදිය දන්නෙ නැතුව වෙන්න පුළුවන්. ඒක ලියන්නෙ Key board එකේ දකුණු පැත්තෙ Alt key එකත් එක්ක o අකුර Press කරලා. (Alt+o)ආයෙත් කියන්න ඕන මචං මේක අඩුපාඩු හෙවිල්ලක් නං නෙමෙයි. Friendship එක හින්දා බොක්කෙන්මයි කිව්වෙ. අවුලක් නං සමාවෙයං!!!

    ReplyDelete
    Replies
    1. මේ කිව්ව හැම වචනයක්ම මට ගොඩක් වැදගත් මිත්‍රයා. ඔයා ගොඩක් හොදින් අවධානෙන් මගේ පෝස්ට් කියවල කියලා තේරෙනවා..බොහොම ස්තූතියි.
      මගේ වැරුද්දක් අඩුපාඩුවක් කියන කිසි කෙනෙක් එකක් මම තරහා වෙන්නේ නෑ.
      ඇත්තටම් මගේ කී බෝඩ් එකේ මම "ඳ" ලියන්න දැනගෙන හිටියේ නෑ..මම ඒක හෙව්වත් හම්බවුනේ නෑ. ඉතින් බොහොම ස්තූතියි මට ඒක කියලා දුන්නට. මීට පස්සේ මගෙ පෝස්ට් වල ඳ යන්න වරදින්නෑ.
      කිසිම අවුලක් නෑ. අයි දකින ඕනි වැරුද්දක් මූණටම කියන්න. කවදාවත් තරහා වෙන්නෙ නෑ

      Delete
  29. මට ගොඩක් සතුටුයි මට වඩා උඩින් ඉන්න (හැම අතින්ම) ‍කෙනෙක් මම පෙන්වලා දීපු අඩුපාඩුවක් (ඇත්තටම අඩුපාඩුවක් නෙමෙයි) බොහොම නිහතමානී විදියට පිළිඅරගෙන ඒක හදා ගත්තු එකට. ඒ වගේ අය අපේ සමාජයේ හරිම අඩුයි. වෙන කෙනෙක් නං කියයි, මම කොහොම ලිව්වත් උඹට මොකද කියලා. ඒක තමයි ඇත්ත. ඉතින් එහෙම ලෝකෙක මෙහෙම අයත් ඉන්නවා කියලා අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. බොහොම ස්තූතියි මචං Reply එකට. උඹට කවදාවත් වරදින්නේ නෑ.......... ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මගේ අඩුපාඩුවක් පෙන්නල දුන්නට උඹටත් බොහොම ස්තූතියි..ආයි ඕනි දෙයක් බයනැතුව මූණටම කියන්න...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...