අපි ඉපදෙන්නෙ තනියමලුනේ. මැරෙන්නෙත් තනියමලු.(මම නෙවෙයි ඕං කිව්වේ) එත් අපිට කරන්න අමාරුම දේ තමයි මට හිතෙන විදිහට තනියම ජීවත් වෙන එක. මහා ලොකුවට මට කවුරුත් ඕනි නෑ..මම තනියම ජීවත් වෙනවා කියන ගොඩක් අය තමන්ගෙ ඇහැට පුංචි වැලි කැටයක් ගියත් තව කෙනෙක් හොයාගෙන දුවනවා ඇහැට පිඹගන්න.
අපි කවුරුත් ආසා ජීවිතේ විඳින්න. ආසා දේවල් ලං කර ගන්න. අකමැති දේවල් වලින් ඈත් වෙන්න. හිත සතුටින් තියාගන්න. ඒක කරගන්න අපි නොකරන දෙයක් නෑ. හැම මඟුලම කරන්නෙ ඕකට.
අපි හැමෝම කැමති අනුන්ගෙ ඇත්ත දැන ගන්න. "අරයා ඇත්තටම කොයි වගේද, එයා ඇත්තටම මම ගැන මොනවා හිතනවා ඇත්ද, මේ වෙලාවෙ එයා කොහේ ඇත්ද, ඇයි මටම මෙහෙම කරන්නෙ......"
ඔන්න ඔය වගේ. ඒත් අපි වැඩියෙම්ම අකමැති අපේ ඇත්ත අනිත් අය දැනගන්නවට. "මං ගැන කාටවත් මොකටද..ඒක මම දැනගත්තාම ඇති.."එහෙමයි හිතන්නේ..
මෙහෙම බලාගෙන ගිහාම මේ ලොකේ බොරු දේවල්මයි. අපිත් හලි චෝයි ඇත්ත කියලා බාර ගන්නෙ අනුන්ගෙ බොරු දේවල්.
ඒකෙන් කමක් නෑ..අපි ගොඩක් කැමතියි සම්බන්ධතා ගොඩනගා ගන්න. අවස්ථාවක් ලැබෙන හැම වෙලේම අපි අනිත් අය එක්ක සම්බන්ධතා හදා ගන්නවා. එත් ගොඩක් අයට මේ සම්බන්ධතා පවත්වාගෙන යන්න උවමනාවක් නෑ. ඒක කරන්නෙ කොහොමද කියලා දන්නෙත් නෑ. මේ කතාකරන්නෙ අපි ගොඩක් දෙනෙක් ලග තියාගෙන ඉන්න ආදර සම්බන්ධතා ගැන. අපිට අනෙක් කෙනාට දෙන්න පුළුවන් ලොකුම දෙයක් තමයි අනෙක් කෙනාගේ සිතේ අපි ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට වැඩ කරන එක..ඒත් ගොඩ දෙනෙක්ට කරන්න අමාරුම දේත් ඕක. විශේෂයෙන් ගොඩක් පිරිමින්ට ඕක ගොඩනගාගන්න අමාරුයි. මොකද ඕනි අවලමක ගිහිල්ලා නාලා ගෙදරට ආවාම ඌ හොඳ එකා පිරිසිදු එකා වගේනෙ පේන්නේ..
පිරිමි විතරක් නෙවෙයි ගනුන්ටත් මේකෙ වෙනසක් නෑ. කෙල්ලෙක් තමන්ගෙ පිරිසිදු කම කියලා හිතාගෙන ඉන්නෙ කන්‍යා පටලය බේරගෙන ඉන්න එක. මේක කැඩිච්ච දවසෙ ඉදන් මුහුදෙ නැව් ගියාට පාර හිටින්නෑ කියලා ඕනි අලුගුත්තේරු වැඩක් කරනවා. හැබැයි පාර හිටිනවා. ඒ හිතේ. තමන්ගෙ හෘද සාක්ෂියද මොකද්ද එක දන්නවා හැම දෙයක්ම. ඕක කන්ඩද නේද. මොකද ඕක වෙන එකෙක්ට පේන එකක්යෑ. අපි විතරනෙ දන්නේ.ඒත්.. ඒ හොඳටම ඇති. තමන්ගෙ වැරදි තමන් දැන ගත්තාම හොඳටම ඇති.
ජීවිතේ කවදාවත්ම අපිට 100%ක්ම අපිව තේරුම් ගත්තු 100%ක්ම අපිට ගැලපෙන කෙනෙක් හමුනොවෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්නේ ලැබුණු කෙනාව හැකි තරම් තේරුම් ගන්න එක. හැකි තරම් ඒ කෙනාට විශ්වාසවන්ත වෙන එක. දැන් මෙහෙම දෙයක්.
අපි එක්කෙනෙක්ට ආදරේ කරනවා. එයත් එක්ක ඉන්නවා. ඔය අතරේ තව කෙනෙක් හම්බවෙනවා. එයා අරයට වඩා හොඳයි වගේ දැනෙනවා. එයාටත් ආදරේ කරනවා. හැබැයි ඉස්සෙල්ලා හම්බවුන හින්ද අර මුල් කෙනා එක්ක ජීවත් වෙනවා.
අර නළුවෙක් ඉන්නෙ ජොනී ඩෙප් කියලා.ඔව් ඔව් අර පයිරේට් ඔෆ් ද කැරබියන් එකේ ජැක් ස්පැරෝ තමයි.
ඔන්න ඔය මනුස්සයා කියලා තියනලු
"ඔබ එකවර පුද්ගලයන් දෙදෙනෙකුට ආදරය කරනවානම් දෙවැන්නා තෝරා ගන්න, මන්ද ඔබ පලමුවැන්නාට සැබෑ ලෙස ආදරේ කරනවානම් දෙවැන්නා සමග ආදරයෙන් නොබැඳේ.." මම නම් නෙවෙයි කිව්වෙ...මම අර කලින් කිව්ව මනුස්සයා තමයි කියලා තියෙන්නේ.
දැන් ඔහොම කරන්න ගිහාම තව ලොකු අවුලක් තියනවනේ ලංකාව වගේ රටවල් වල. අම්මලා,තාත්තලා සමාජය, මේ හැම දේම එනවා. මම මේ වෙලාවෙ ඔයදේ ගැන නම් කියන්න යන්නෑ මොකද මේ ලිපිය මාගලක් කරන්න කිසිම වුවමනාවක් නෑ. අතකුත් වෙලාගෙන අමාරුවෙන් ටයිප් කරන්නෙ..ඒ හින්ද ඒක ගැන ඕනි නෑ. මේක කියවන අය පුළුවන්නම් ඒ ගැන හිතෙන දෙයක් දාන්න..මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
කරන්න. තමන්ගෙ හිතට එන ඕනි දෙයක්. හැබැයි ඊට කලින් හිතන්න ඒ කරන දෙයින් අනිත් කෙනාට දැනෙන , හිතෙන දේ.
තේරුම් ගන්න. අනිත් කෙනාට කලින් තමන් කවුද කියන එක.
විඳින්න. තමන්ගෙ සිතට දැනෙන සතුටට කලින් තමන් කල දේකින් තව කෙනෙක් ලබන සතුට.
පෙන්නන්න. තමන්ට පෙන්නන්න ඕනි දේ නොව මේ ලෝකෙට බලන්න වටින දේ.
බිඳින්න. මේ සමාජ සම්මතය. මේ සම්ප්‍රදාය. හැබැයි පදනමක් අරමුණක් හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව.
පාට කණ්නාඩි ගලෝලා නිරුවත් දෑසින් ලෝකය දිහා බලපු වෙනස්ව හිතපු වෙනස් මිනිස්සු මේ ලෝකෙට ගොඩක් වෙනස් දේවල් ගෙනාවා.
එහෙනම් වෙන්න. වෙනස් මිනිහෙක්. හැබැයි මේ ලෝකෙට නපුරක් කරන්න නෙවෙයි. මේ ලෝකෙට නපුරක් කරන්න ඉන්න උන්ගෙන් බේරා ගන්න. අළුත් දෙයක් ලෝකෙට දෙන්න.
හැදෙන්න. අනුන්ව හදන්න කලින් තමන්..හැබැයි වැරුද්ද පෙන්නන්න අම්ම තාත්තගෙත්.

මිනිස්සු හිතන්නෙ පතන්නෙ හැසිරෙන්නෙ තමන් ලබන අත්දැකීම් වල විදිහටලු. මාත් මේ ලිව්ව හැම වචනයක්ම මම ලබපු අත්දැකීම් වලින් ගොඩනැගුනු දේවල්. වැරදි අදහස් ඕනි තරම් ඇති. මගෙන් කියවුනු වැරදි දේවල් දැනගන්න එක මට ගොඩක් වටිනවා. හිතෙන ඕනි දෙයක් කියන්න. හැමෝටම අවසර තියනවා.
*
**
***
****
*****
*****
ජැක්ගේ කතාව 500% ක් ඇත්ත
ReplyDeleteදැක්ක පලියට දවසක් කතා කරපු පලියට හොලිවුඩ් චිත්‍රපටි වල වගේ ඌත් එක්ක එදා රෑ අහවල් වැඩේ කරන බටහිර සම්ප්‍රදාය තව නොබෝ දවසකින් සිරි ලංකාවෙත් බලා ගන්න පුළුවන්.කැඩෙන දේ ඕකනේ .සල්ලි දීලා නවලෝකෙන් අලුත එකක් දානවා.
අනිවාර්යෙන්ම....
Deleteහොඳම හොඳ කතාවක් තරුවෝ.. මිනිස්සු තමන්ගේ හැඟීම වලට වහල් වෙලා වැඩ කරනවා..ඒවා හරි කියන්නේ නැති වුනත් නවත්තන්න බැ..අපි ඔක්කෝම මිනිස්සුනේ.. ඒත් එක වැරද්දක් වුනා කියලා ජීවිතේ එතන නවත්තගන්න ඕනේ නැ.. ගෑනු ලමයෙක්ගේ කන්‍යභාවය බිඳුනා කියලා එයා අර ඔයා කියපු විදිහට ඕනේ අලුකුත්තේරු වැඩ කරනවා නම් ඒකෙන් වෙන්නෙ තව තවත් ජීවිතේ අඳුරටම දාගන්න එක.. අනිත් එක තමා කන්‍යාභාවය නැති වුනාට පස්සේ මනුස්සයා දාලා ගියොත් මැරෙන එකත් විසඳුමක් නෙවෙයි...කරන්න තියෙන්නේ ආයේ ජීවත් වෙන එක..එහෙම නැතුව මන් ඉවරයි කියලා හිතාගෙන මැරෙන එකවත්..එහෙම නැත්නම් මුදේ නැව් ගියා පාර හිටින්නේ නැ කියලා නටන එක වත් නෙවෙයි..
ReplyDeleteජය වේවා..
බොහොම ස්තූතියි...
Deleteනියමයි අයියේ, දැන් කාලෙට ගැලපෙන ආදර්ශ
ReplyDeleteයා යා බොහොම ස්තූතියි නංගි..
Deleteෂැහ්... මේ පාර සීරියස් වෙලානේ! කතාව නම් ඇත්ත තමයි, ඒත් සමාජය දැන් යන්නෙ හොඳ අතට නෙවෙයි, ඒ නිසා අනුන් හැදෙනකල් බලාගෙන ඉන්නෙ නැතුව තමන් හරියට ඉන්නෙක තමයි කරන්නෝන!
ReplyDeleteඉදල හිටල හරි එහෙම වෙන්නත් එපැයි ඉතින්..
Deleteඅතක් වෙලා ගත්තේ මොකෑ බං..
ReplyDeleteදෙදෙනෙක්ට ආදරේ කරනව නම් දෙවෙනියා තෝරා ගැනීම සාධාරනයි කියන්න බැහැ හැම වෙලේම.
අත වෙලාගෙනනෙ අයියෙ හිටියේ. ප්‍රැක්ටිස් කොරන්න ගිහින් කෙටුන නොවැ
Deletehmm.......ada samajayata galapena kathawak ayya.ekanemei ayya aththatama athata mokada une...........kath ekka hari handfit ekakatawat giyada...? :)
ReplyDeleteහිකිස් අනේ නෑ නංගි..කා එක්ක ඔව්ව කරන්න යන්නද..මේ ප්‍රැක්ටිස් කොරන්න ගිහින් කෙටුන නොවැ
Deleteම්ම්ම්ම්ම්... අයියා සීරියස් වෙලා හොද ලිපියක් ලියලා තියෙන්නෙ.. ඇත්තටම වටිනවා...
ReplyDeleteඅර ජැක් ස්පෙරෝගෙ කතාවටනම් මාත් එකඟයි!!! ඇත්තටම ඒක හරි... ඒත් අනේමංදා...ජීවිතේ එකසැරයක්හරි තමන්ට කොතනදි හරි වැරදුනා කියලා දැනුනාම, ඊලඟට ජීවිතේ හුඟාක් දේවල් ළඟදි පරිස්සමට වැඩ කරන එකයි වටින්නෙ මම හිතන්නෙ. වැරදි වුනකියලා පසු තැවිලාවත්, අමතක කරලා දාලවත් හරි යන්නෙ නෑ.. මංදා මට හිතෙන්නෙ නම් එහෙමයි.. එතකොට ආයෙත් වතාවක් ජීවිතේ පසුතැවෙන්න ඔනෙ නෑ.. හිතින් විදව විදව..
හොද ලිපියක්! ජය වේවා!
හ්ම් ඔව් නංගි ඒක ඇත්ත...
Deleteමෙයා දන්න දේවල්..හොඳ අදහස් ගොඩක්...
ReplyDeleteඒකනේ..........නේද......
Deleteසම්පුර්ණ ඇත්ත කථාව බං
ReplyDeleteඔව් නේද....:)
Deleteතරු අයියා දියුණු වෙලා..:)
ReplyDeleteThis comment has been removed by the author.
Deleteකවුද කිව්වේ එහෙම.....
Deleteහනේ අප්පේ මෙයාට මෙහෙම දෙවලුත් ලියන්න පුලුව්න එහෙනම් ඈ...... නියම කතාව අර ජැක්ගේ කතාවනම් හරිම සාදාරණයි.
ReplyDeleteආ...එහෙමත් පුළුවන්ද...
Deleteඅනේ මන්දා ඉතින් මේවා :)
ReplyDeleteඅලේ වල්ලල්ලෑ නේද..
Deleteසහතික ඇත්ත කතාව මල්ලි.
ReplyDeleteමුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ කියලා කිව්වට තමන්ගේ හර්ද සාක්ෂිය දන්නවා තමන් වැරැද්දක් කලා කියලා. ඒකට බොරු කරන්ඩ බෑ..
හ්ම්...ඕක හැම දෙයක්ම දන්නවනේ...
Deleteකතාව නම් ටක්කෙටම හරි. මගේ අත්දැකීමෙන් කියන්නේ..
ReplyDeleteඇහ්..ඒකත් එහෙමද...
Deleteදාර්ශනිකයෙක් වෙන්න වගේ යන්නේ :)
ReplyDeleteකෝ....කවුද...
Deleteළඟ හිටිය නම් 5 ක් දානෝ... සමාජ යථාර්තයන්.. ඒත් සම+හරක්ට තිත්තයි
ReplyDeleteආ...ඔන්න 5ක්....යා යා ඒක ඇත්ත...
Deleteනියමයි!
ReplyDeleteහොඳ ඔවදන් සහ මෙව්ව කිහිපයක්
මේව්ව කිව්වේ...කොව්වද...
Deleteඅතක් වෙලාගෙන කීවේ...
ReplyDeleteමක් වෙලාද වෙලා ගත්තේ??????
ප්‍රැක්ටිස් කොරන්න ගිහින් කෙටුන නොවැ....
Deleteමේ පොඩි එකාටත් හිතිලා තියෙන දේවල්.. කෝම උනත් උබට හිතුන දේවල් නම් ඇත්ත..
ReplyDeleteබොලේ මගේ ෆේවරිට්ම නළුවා අරහෙම කතාවක් කිවුවා කියලා මම දන්නේ අදනේ..
කවුද අයියේ පොඩි එකා...මේ මමද...අනෝ...අහන්නත් සන්තෝසයි...
Deleteමොනා උනත් අවසානයේ සියලු දේ තමන්ගේ හිත දන්න නිසා ඔය දේවල් නෙවෙයි කොයි දේ කලත් හිතල බලල කරන්න ඕන,එකඟයි ඔබට.
ReplyDeleteහ්ම්.....ඒක ඇත්ත..
Delete100%ක් ඇත්තන් බන් කතාව
ReplyDeleteඑළ ඈ...
Deleteමමත් මේ ඔයවගේ එකක් ලියලා අත ගත්තා විතරනේ.. අපි හැමදාම පිරිසිදු වෙනවා ඇඳුම් පිරිසිදු කරගන්නවා එත් හිත අපිරිසිදු වීම නවතින්නේ නැහැ.. වඩා වැදගත් සිදුවෙන හැම දෙකින්ම සිත නිදහස්ව තියාගන්න පුරුදු කිරීමයි අමාරුයි තමයි ඔය ඉලවු කන්‍යා භාවේ නම් විහිළුවක්නේ..
ReplyDeleteනෑ....එහෙමද....එහෙනං ඒකත් බලන්න ඕනි...
Deleteඇත්ත වගේ නේ බං :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුවර්ද...
Deleteපට්ට කතාවක් මචන් සිරාවටම ඇත්ත තමයි
ReplyDeleteහ්ම්.....:) :)
Deleteමලයා සෑහෙනන දියුනුවෙලා. ෂා නියමයි. මෙහෙම අදහස් වටිනවා.
ReplyDeleteතැන්කිව් ඈ.....
Deleteඅර දුවන පින්තුරේ මටනම් තේරුනේ නෑ
ReplyDeleteඅපි හැමෝම ඉතින් දුවනවනේ අක්කේ...
Deletesahathika aththa
ReplyDeleteසුවර් නේද....
Deleteඅර කතාව ජොනී ඩෙප් කිව්වද නම් මන්ද හැබැයි අහල තියෙනවා... කොහෙන්ද මන්ද.... තරු අයියත් දැන් වැඩිපුර මේ දේවල් ගැනමද මන්ද ලියන්නේ?
ReplyDeleteඅනේ මන්ද නේද නංගි..
Deleteමාර ටොපික් නේ දන මෙයා දාන්නේ එල එළ
ReplyDeleteකවුද...මමද....
Delete