මේ සිද්ධිය වෙන විට අපොස සාපෙට මුහුණ දීමට ටික කාලයක් තිබිණ. ටික කාලයක් කියන්නේ මාස හයක් හතක් පමණය. මාස හයක් හතක් කියන්නේ අපට නම් බොහෝ කාලයකි. දැන්ම පොතක් අල්ලන්නටවත් හොද නැත. ඔන්න දවස් හයක් හතක් නම් පාඩම් කරන්නට පටන් ගත්තාට කම් නැත. ඉතින් මේ කාලයේ අපි පුළුවන් තරම් පිස්සු කෙලියෙමු. හැකි තරම් ආතල් එකේ සිටියෙමු.
ඉතින් මේ සිද්ධිය වෙන කාලෙත් අපි අපේ පාඩුවෙ කාටවත් කරදරයක් නැතුව ඔය කෙල්ලෙක් දෙන්නෙක් වටේ කැරකෙමින් කාලය ගතකලෙමු. ඔය කාලේ සමහර දිනවල හිටපු ගමන් රහස් පොලීසියෙන් අපේ පන්ති වලට පනී. ඒ කියන්නේ අපේ පිනාගේ පූර්ණ අනුග්‍රහය යටතේ අප අංශයේ සියළුම සිසුන් පන්ති වලින් එළියට දමා ගුරුවරුන් විසින් අපේ බෑග් ඇතුළු තවත් දෑ පරික්ෂාවට ලක් කිරීමය. කොච්චර රහසිගතව කරන්න හැදුවත් මේ ක්‍රියාදාමය සමහර දාට අපට අපගේ රහස් ඔත්තු සේවයන් මගින් දැන ගන්නට ලැබේ. එහෙම දවසටනම් ගුරුවරුන්ගේ මහන්සිය අපරාදේය. මේ සිද්ධිය වූ දවසේ අපේ රහස් ඔත්තු සේවයත් අඩාල වී තිබුණි. කිසිම පෙර සූදානමකින් තොරව අපට පන්ති වලින් එළියට යාමට අණ ලැබිණි. අඩුගානේ මේසේ උඩ තියන පොතක් වත් බැග් එකට දැමීමට නොහැක. සියල්ලෝම එළියට යා යුතුය. වැරදි තිබුනත් නැතත් මේ වෙලාවනම් අප සැමගේම බොක්ක කූල් වී කකුල් දෙක මැඩ්ලින් ගහන වෙලාවය. හදුම්පොත එළියට පනින්න තරම් වේගෙන් ගැහේ. කරන්නට දෙයක් නැති නිසා සමහරු උඩ සිටින දෙවියන් යදියි.
මේ වෙලාවට ඔය ලව් කරන කෙල්ලො කොල්ලන්ටද දෙයියො බුදුන් සිහිවන වෙලාවකි. අනේ අහිංසක පෙම්පත් , ප්‍රේම සමරු තව සුළු මොහොතකින් ගුරුවරුන්ගේ දෑතේ ලෙළ දෙන බව දන්නෝ දනිති. සමහර කෙල්ලන්ගේ ඇස් වල් ලොකූ..කදුළු බිංදුය. කොයි වෙලේ හෝ එළියට පනිනවා සුවර්ය. මේ වෙලොවේ තමන් කැමති කෙල්ලෙක් අවුලෙන් සිටිනවානම් ඇයව සැනසීමට කොල්ලෝ සැදී පැහැදී සිටියි. බෑග් වලට අමතරව අපේ සාක්කූ පර්ස් ආදියද පරික්ෂා කෙරේ. හැබැයි රහසිගත තැන් පරික්ෂා කෙරුවේනම් බඩු මාට්ටු සුවර්ය. මේ කාලයේ ඔය එක එක නරක ජාතියේ පත්තර, CD එහෙමද මාට්ටු වෙන අවස්තා ඇත. අපි වාගේ අහිංසක කොල්ලන්නම් ඒ කාලේ ඕවා මොනවාදැයි දන්නේ නැත..(ඒ කාලේ අපි හරි හොදයි අයියෝ.. පස්සෙ පස්සෙ තමයි ඔය එව්වා මෙව්වා උනේ..)
ඔන්න අද කියන්න යන ප්‍රධාන කතාව. මෙහි කතා නායකයා අපේ පන්තියට අල්ලපු පන්තියේ අපේ යාළුවෙක්ය.නමින් ඔහු බොනී ය. ඇත්ත නම කියන එක හොද මදි නිසා අන්වර්ත නමකින්ම ඔහුව හදුන්වමි. බොනී කියන්නේ කියන්නේ අපි ආදරයට ඔහුව අමතන නමය. මේ වෙලාවේ ඔහුගේද ඇස් දෙකේ කදුළු පිරිලාය. අඩන්නට ඔන්න මෙන්න වී බයෙන් ගැහි ගහී සිටියි. අපි හේතුව විමසුවෙමු. ඒ කාලේ ඔහුට කෙල්ලෙක්වත් නැත. එහෙනම් මොන බම්බුවකට මේ යකා අඩනවාදැයි අපට ප්‍රශ්ණයකි. අපි හේතුව ඇසුවෙමු.
"මාර කේස් එකනේ බං. අරූ මට CD එකක් දුන්නනේ අපේ ගෙවල් ගාව එකෙක්ට ගිහින් දෙන්න කියලා."
"ඉතින් දැන් මොකද්ද අවුල."
"ඇයි බොල %$^& ඒක තාම මගේ බෑග් එකේ. අර බලපං බං මිස්ලා සර්ලා මගේ බෑග් එක ලග වට වෙලා.."
"මල ^&$%^. දැන් මොකද කරන්නේ. උඹ කියපන් ඕක උඹේ නෙවෙයි අන්න අරූ තමයි උඹට මේක ගෙනියන්න දුන්නෙ කියලා. උඹ මේකෙ මොනවා තියනවද දන්නෙත් නෑ කියලා."
"අනේ මට බයයි මචං. ගෙදරිනුත් ගෙන්නයිද දන්නෙ නෑ."
"හරි හරි බය නැතුව ඉදපන්නෝ.. අපි බලමුකෝ.."
ඒත් වැඩක් නැත මූ
අපිටත් කරන්නට දෙයක් නැත. ටික වෙලාවකින් ෆිල්ම් එක පටන් ගැනුණි. නෑ නෑ CD එකේ තිබුණු එක නෙවෙයි. ඒ ෆිල්ම් නම් හැම එකම එක වගේනේ.. දැන් පටන් ගත්තේ මේ CD වල අයිතිකාරයා සොයා ගැනීමය. වැඩි වෙලාවක් යන්නට පෙර අපේ කථානායකයා සිටියේ පිනාගේ ඔෆීසියේය. අපිත් විටින් විට ගොස් අපේ රබර් ඇහෙන් යම් යම් දේ ග්‍රහණය කර ගත්තෙමු. ගුරුවරු මුලින් සිතා ඇත්තේ මෙය සාමාන්‍ය CD එකක් කියාය. අවසානයේ මෙය පරික්ෂා කිරීමට යොමු වූයේ අපේ විද්‍යාලයේ පරඝණක අංශය බාරව සිටි ලංකාවේ හිටපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නමක් හිමි ගුරු බවතෙකුටය. ඔහුද බොහෝ ආසාවෙන් මෙය රැගෙන ගොස් ගුරුවරුන්,පිනා ඇතුළු සිටියවුන් ඉදිරියේ එය ක්‍රියාත්මක කලේලු. මලකෙලියක්ය චිත්තරපටියේ නළු නිලියන් වැල ගස් වැල වැල බාති. බලා සිටියවුන්ට වැලේ වැල් නැත. හපූයි සල්ලිය.
එදා අපට ඉගැන්වීමකුත් නැත. අපටද ඉගනගන්නවාට වඩා කතා කිරීමට මාතෘකාවක් තිබුණි. ඊටත් වඩා මේ පිළිබදව හරිහැටි වැටහීමක් නැති කෙල්ලන්ව දැනුවත් කිරීමේ කාර්යය පැවරුනේද අපටමය.
අවසානයේ සියල්ල සිදු විය. අපේ යාළුවාගේ දෙමව්පින්ද එවලේම පාසලට ගෙන්වා ගනුණි. CD එක් මොහුට දුන් කෙනාට කිසිදු අවුලක් නැත. සියළුම වැරදි මොහුගේ කර මතය. සාපෙ ඉවරවෙනතුරුම මොහුට පන්ති තහනම් විය. පව් අහිංසක කොල්ලාය. ඔහුට එක සැරයක්වත් අර චිත්තරපටිය බලන්නටද නොහැකි විය. ඒක ඊටත් වඩා දුකය. ඉන්පසුව ඔහුව හමුවූයේ අපොස ඌපෙ කරන්නට ඔහු අපගේ පන්තියටම පැමිණීම නිසාය. ඒ වනවිට බොනී කියන නමට ඉස්සරහින් තුනේ ඉලක්කමට සමාන නමක්ද එක්වී තිබුණි. (ඒක මොකද්ද නම් අහන්න එපා. ඒක දන්නෝ දනිති.)
මේක කියවලා මේ යකා මාත් එක්ක තරහ වෙයිද මන්දා..අපි ඉතින් යාළුවොනේ..ඉදල හිටල මෙහෙම මඩක් ගහන්නෙ යාළු ෆිට් එකටනේ.......
########################################################################
මේකත් මේ අපොස සාපෙ කරන කාලෙම වෙච්ච වින්නැහියක්. ඒකාලේ ඔය ඉස්කොලේ ඇරුණු ගමන්ම ගෙදර දුවන පුරුද්දක් තිබුනෙ නෑ නොවැ. අපි ඉතින් ඔය චුට්ටක් වෙලා ඉස්කෝලෙ එහෙම ඉදලා තමයි යන්නේ. ඉතින් දවසකුත් අපි හතර පස් දෙනෙක් ඔහොම හිටියා.. ටිකක් හවස් වෙනකොට අපි කස්ටියට පොඩි බඩගින්නක් වගේ එකකුත් ආවා. කැන්ටිමෙත් කන්න මොකුත් නෑ. නොකා ඉන්නත් බෑ. ඉතින් ඔහොම ඉන්න කොට එකෙක්ට ගණ දෙවි නුවණ පහල උනා.
ඔය කාලේ අපේ ඉස්කෝලේ ගාව තිබුනා පලතුරු කඩ දෙක තුනක්. මේවයේ ෆෘට් සැලඩ් එහෙම දෙනවා. ඒ කාලේ ඕකෙ ගාන රුපියල් 25යි. දැන් නම් ඊට වැඩියි මං හිතන්නේ. අපි වෙනදටත් ඔය කඩ වලට ගිහින් ෆෘට් සැලඩ් කාල එනවා. ඔය කඩ වලින් එක කඩයක් තියනවා අපි වැඩිය යන්නෙ නෑ..ඒ කඩේ අයිතිකාරයව අපිට දිරවන්නෙ නෑ. හරියට අපි උගෙන් නිකන් කන්න එනවා වගේ තමයි බලන්නේ. කන ඒවයින් බාගෙකට විතර සල්ලි ගෙවල එන එක වෙනම කතාවක්. එත් එහෙම බලන එක හරි නෑනෙ. අපිට උනත් දුක හිතෙනවනේ. එහෙම උනාම තමයි අපිටත් බාගයක්වත් නොදී එන්න හිතෙන්නේ..
ඉතින් අපේ එකා අදහස දැම්මා...
"මචං අපි අර කඩේට ගිහින් හොද ෆෘට් සැලඩ් එකක් කාලා එමු."
"උඹ ගාව සල්ලි තියනවද??"
"නෑ බං බස් එකෙ යන්න විතරයි තියෙන්නෙ.. මොකද අපි මෙච්චර කල් කෑවෙ සල්ලි තිබිලම නෙවෙයිනේ.."
"ඔව් ඉතින් ඒකත් ඇත්ත. කොයිකටත් ටිකක් සෙනග වැඩි වෙලාවක් බලලා යමු."
ඔහොම කතා වෙලා ටිකක් සෙනග ඉන්න වෙලාවක් බලලා අපිත් ශේප් එකේ කඩේට ගියා. මෙතනින් මාත් ඇතුළුව තුන් දෙනෙක් ගාව සල්ලි තිබුනෙ නෑ. දෙන්නෙක් ලග ඕනිම උනොත් කියල සල්ලි ටිකක් තිබුනා. කොහොම හරි අපි පස් දෙනත් එක්ක ෆෘට් සැලඩ් ඇති වෙන්න කෑවා. අපි ඉතින් කඩේට කට්ටිය ටිකක් වැඩිවෙන වෙලාවක් බල බල හිටියේ.
ඉස්සෙල්ලාම නැගිට්ටෙ අර සල්ලි තිබුනු දෙන්නා. මෙයාලා නැගිටලා හෙමින් හෙමින් කඩේ දොර ගාවට ගියා. අපි තුන් දෙනත් ටිකක් ඈතින් නැගිටින්න හැදුව විතරයි....
"මහත්තයා මහත්තයා සල්ලි දීලා යන්න..."
මුදලලි එහෙම කිව්වෙ අර ඉස්සරහින් ගිය දෙන්නට. ඒක් ඇහුනා විතරයි මුන් දෙන්නා ජෙට් පැට්‍රල් ගහල වගේ දුවන්න ගත්තා. අපිට කරගන්න දෙයක් නෑ. අපි ඉස්සරහා සෙනගත් ඉන්නවා. දුවන්නත් ඉඩ නෑ. කරන්න දෙයක් නැති කමට එහෙම්මම ආයිත් ඉදගත්තා. දැන් නම් පපුවත් ගැහෙනවා. කවද කාපු ටකරංද.. දැන් අරුන් දෙන්නගෙ පරම්පරාව මතක් කර කර අපිත් ඉන්නවා. ඇයි යකෝ දැන් බිල ගෙවන්න සල්ලි තියන එකක්යෑ..
ඔය වෙලාවෙ තමයි පොඩ්ඩක් තැනට සුදුසු නුවණ ආවේ. වෙන කරන්න දෙයක් නෑනෙ. අපි බෙරෙන්නත් එපැයි. අරුං දෙන්නනම් දැන් බේරිලා දුවලනේ. ඉතින් අපි බොහොම අහිංසක මූණක් මවා ගෙන කඩේ අංකල්ට කිව්වා..
"බලන්නකො අංකල් අපිට උන වැඩේ. අරුං දෙන්නා අපිටත් එක්ක කන්න අරං දෙන්නම් කියලා එක්ක ඇවිත් අපිව දාල පැනලා දිව්වනේ. බලන්නකො අපේ අතෙත් සතයක්වත් නෑ."
කියලා. අපි මේක කොච්චර තාත්වික විදිහට කලාද කියනවනම් අංකල් අපි කියපු හැමදේම විස්වාස කලා. අංකලුත් අරුං දෙන්නට බනිනවා..අංකල් එක්ක එකතු වෙලා අපිත් අරුන් දෙන්නට බනිනවා.
කොහොම හරි දැන් අපිට එළියට එන්න විදිහකුත් නෑ. ගෙවන්න විදිහකුත් නෑ. හයියූ අපේ මූණවල් දැක්කනම් ඔය වෙලාවේ..
කොහොම හරි ටික වෙලාවකින් අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට එලියට යන්න අවසර දුන්නා. ඒ වෙන මොකකටවත්නෙවෙයි කොහෙන් හරි සල්ලි හොයාගෙන එන්න කියලා. මායි තව එකෙකුයි තව දුරටත්
"තාම යාළුවා නෑ නේද පුතා..."
කියලා කින්ඩි හිනාවක් දාලා අහනවා. අපිට තවත් මල. කොහොම හරි පැයකට විතර පස්සේ අර ගිය එකා අවා. ඌ ගිහින් අර දුවපු උන් දෙන්නා හොයාගෙන. උන් දෙන්නත් මග ඉදලා අපි එනකන්. කොහොම හරි මෙයා ඇවිත් සල්ලි ගෙව්වට පස්සෙ අපිට යන්න දුන්නා. හැබැයි ඒ යන්න දුන්නෙත් තවත් පැය බාගෙකට විතර පස්සේ..මොකද අපිට යාළුවො ගැන පැය බාගෙකම දේශනයක් දුන්නා.
කොහොම හරි වැඩේ ඉස්කොලෙටත් මාට්ටු කර ගන්නෙ නැතුව යන්තම් ගෙදර ගියා. මේවා ඉතින් ඒ කාලේ කොලු කමට කල වැඩනේ. මේ ලගදිත් ඔය කඩේට ගියා මම. තාම ඒ අංකල්නම් ඉන්නවා. මාව මීටර් නෑ වගේ..මාත් ඉතින් පරණ කුණු අවුස්සන්න ගියෙ නෑ..
ඔය වගේම වැඩක් මටත් වෙලා තියෙනවා අයියේ....
ReplyDeleteඑකෙක්ගේ උපන්දිනේකට අපි හතරදෙනෙක්ව එක්කරං ගියා කන්න බොන්න අරගෙන දෙන්න.... ඌ පට පට ගාලා කාලා කිව්වා "ඉස්සෙල්ලම අපායට යන එකාට තමා වාසි" කියලා අපි ඇහුවා ඒ ඇයි කියලා.... මූ ඊටපස්සේ කියාපි "තියෙන දේවල් හිමීට කාලා වරෙල්ලා ඕං මං ගියා" කියලා....
අපි නැගිටින්නත් කලින් මූ ශේප් එකේ ගියා... දැන් මාර සීන් එක අපේ එව්වො ගාව තියෙන්නේ ටියුට් ක්ලාස් වලට අරගෙන ගිය රුපියල් 50 ඒවා විතරයි.ඊට පස්සේ අපේ තව යාළුවෙක් කිව්වා හිටහං මං අරූව අල්ලගෙන එන්නං කියලා.....
අරුං එනකං බොහෝම අමාරුවෙන් අපි තියෙන දේවල් ලෙව කකා හිටියා දැන් දෙන්නම මිසිං... අපි තුන්දෙනා දැන් මූණට මූන බලලා දුවමු කියලා කතා කරගෙන හිමීට නැගිටිනකොට කඩේ හිටිය අයියලා දෙතුන් දෙනෙක් හිනා වෙවී දොර ගාවට ගිහින් හිටගත්තා.... දැන් හොඳටම රත් වෙලා ඉන්නේ කාපුවා අල්ලන්නෙත් නෑ.මුකුත් නොදන්න ගානට අත හෝදගෙන ආයෙම වාඩිවුනා බිල ගේනකන්.
බිල හයසිය ගානක් මගෙ අම්මේ සයිවර් කඩේකින් කෑවනං පස්දෙනාටම 200ක් යයි....අපි තුන්දෙනා ගාව තියෙන්නේ 150ක් විතරයි.පස්සේ අයිඩින්ටි තියලා කඩෙන් එලියට ආවා... අරූව අල්ලං හම ගහන්න කේන්තියි.ගෙදරට හරි ගිහින් අල්ලගන්නවා කියලා හිතාගෙන යද්දි කෑම අරන්දීපු එකායි දෙවෙනියට කඩෙන් එලියට පැන්න එකයි පිළියන්දල බස්ස්ටෑන්ඩ් එක වටේ අල්ලන සෙල්ලං කරනවා... අපි ගිහින් ඌව අල්ලං නෙලන්න ගත්තා ගුටිකන ගමන් ඌ කෑගැහුවා...
"මම සල්ලි කලින් දීලා බං තිබුනේ පොඩ්ඩක් උඹලව බයකරන්න හැදුවේ" කියලා.අපිට ඊටත් වඩා තද වුනා.කොහොම හරි ඌට නෙලලා ඌත් එක්කම ගිහින් අයිඩින්ටියි ගෙවපු සල්ලියි ගත්තා කඩේ එවුන් වස නෝන්ඩියක් දැම්මේ...
හි හි හී ඒකත් මරු කථාව....
Deleteඅඩේ මේකත් මරුනේ
Delete:)
Deleteඌ සිරා වැඩක්නෙ කරලා තියෙන්නෙ..
Deleteෆුල් ආතල් කතාවක් නේ ගැමියා.
Deleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්
Deleteයකෝ..!!! මම එහෙමනම් කඩේ එකාලට ගහන්නේ...
Deleteවහනේ ඕයි... හිකිස්.. :-)
Deleteඅඩේ පිස්සු හැදෙනවා නේද මෙවා මතක් වෙද්දි..පට්ට ආතල්..
Deleteඑල කතාව බන්
ReplyDeleteහිකිස්...එළ එළ..
Deleteපාසල් කාලෙනම් ඇත්තටම හරි ලස්සනයි තරුවා...එහෙම නේද? ඒකාලෙ මේ වැඩ නොකලනම් කොයින්ද මේ තරම් රස කථා...සමහරු ගියා ඉගනගත්තා විතරයි අපි ඒ වගේද? ජීවිත කාලෙම රස විදින්න කථා කෝටියක් තියෙනවා....
ReplyDeleteඑක් නම් ඇත්ත සිත්තමී ජීවිත කාලෙටම ඇතිවෙන්න කතා කෝටියක්ම තියනවා...
Deleteහපූ මෙයාල කරල තියන වැඩ.. අපිනම් ඔහොම නාක වැඩ කලේම නෑ. තරුව පල්ල.. තෝසෙකඩේ වැඩකරන කොල්ලගෙන් තෝසෙ කාල.. කඩේ කැෂියර් එකේ ඉන්න බුවාගේන් ටොෆි අරගෙන හොඳ ළමයි වගේ පාඩුවෙ එනවා...
ReplyDeleteඅපි අඩුගානේ ටොෆි වලට හරි සල්ලි දුන්නනෙ
හිකිස්....ඔව් නේද අඩුගානෙ එහෙම කල එකවත් මදැයි...
Deleteපව් බොනීට...
ReplyDeleteකඩේ අඩස්සියේ ඉන්න කොටස කියවද්දි මම උන්නෙ ඉවරයි තමා කියලා...
හපොයි කරගන්න දේවල්...
ඉතාම රසවත් අතීතයක්!
හිකිස් බොනියට තාම මේක මතක් වෙද්දි මල පනිනවා..
Deleteමම හිතුව තුන්වෙනියත් ශේප් වුනා කියලා.. අන්තිමේ සල්ලි දෙන්න වුනෑයින් කතාවම චකබ්ලාස්ට් වුනානෙ..
ReplyDeleteඒකනේ සල්ලි නොදීම පැන ගන්න තිබුනනම් තමයි පට්ට....;)
Deleteහැමදාම හොරෙන් ෆෘට් සැලඩ් කලා එනකොට අයිතිකාරයට වැඩේ නෝන්ඩි නැද්ද බන්?
ReplyDeleteහැමදාම නෙවෙයිනෙ බං..අනික හැමදාම එකම කඩේට යනවෑ...
Deleteaow meeyo paw bn boniya... cl ekak dla kiyanna one boniyata ube blog 1 kiyawanna kiyala... ape boniyai Ponna sanath sir yi...hihihihihihihih..kev
ReplyDeleteඅඩේ මේ ඌ අවුලක් ගන්නෙ නෑ බං...
Deleteඋඹලාට වුනොත් වෙන්නේ ඔහොම වැඩනේ.
ReplyDeleteමතකද සඳරුවටත් දවසක් ඉස්කෝලේ සිඩි එකක් මාට්ටු වෙලා වෙච්ච දේ.ඒත් බෝනියා නම් අන්ලකි
හිකිස් එකනේ අපිට අහුවෙන්නෙම මෙහෙම ටකරං තමයි..
Deleteකිරිබත්ගොඩ සෝයා අයිස්ක්‍රීම් කඩෙන් අයිස්ක්‍රීම් "ණයට" කාපු හැටි මතක් වුණා :D
ReplyDeleteඅම්ම්පා...මං හිතන්නෙ බොල් ණය වෙන්ටෑ...
Deleteඅපිත් කෑවා පෙර සුදානමකින් ඒත් අතේ සල්ලි නැත්නම් හොරෙන් කන්නේ නැහැ.
ReplyDeleteහිකිස් බොරු කියන්නෙ මොකටද අපි නම් කාලා තියනවා...කාලා දුවලත් තියනවා..
Deletehaiyo.......haiyo.....tharu ayyath karana weda.aparade kapu ewa dirawannath ekka kade tibba walan tika hodanna denna tibbe..... :))
ReplyDeleteහිකිස් තව පොඩ්ඩෙන් වලං කරේ තමයි නංගි..
Deleteශෆ්ෆා.. දැනුත් රු 25ට ෆෘට් සැලඩ් තියෙනවානම් ......... :( :(
ReplyDeleteමරු වැඩනෙ බොලේ අයියාලත් කරලා තියෙන්නෙ.. :D
තියෙනවා තියෙනවා, කැම්පස් එක ළඟ පළතුරු කඩේ අයිස්ක්‍රීම් එහෙමත් දාලා ෆෘට් සැලඩ් වීදුරුවක් ම 25යි. මරු ඈ.. තරුවෝ... ඇත්තටම නරක පත්තර කියන්නෙ මොනවද?
Delete@හිතූ..ඒකනේ නංගි ඔයගොල්ලන්ට කොහෙන්ද මෙහෙම අත්දැකීම්..
Delete@ලහිරු..අඩේ එහෙමද..මරුනේ..ඔච්චර ඔතන ඉන්නවා අදනෙ දැනගත්තේ...එළ ඈ...
Deletehapoi api nam oya thiyena mobile araka meka denne chek koranna ena ape fit walata.un ewa sakkuwe dagena innawa.api oya kiyana jathi nam genichche na api hoda lamaine e dawas wala.
ReplyDeleteඅපේ එහෙම නෑනෙ බං..අපේ කෙලින්ම ගුරුවරු තමයි චෙක් කරන්න එන්නේ...
Deleteඅපිත් ඉතින් මීට වෙනස් වන්නේ පුද්ගලයින්ගෙන් පමණි.. :-)
ReplyDeleteහිකිස්...එළ ඈ...
DeleteAdoooo tharinduwoo adenawa oiii,, paw ban ape kolla.. ugee nama kaala neda uba.. :D :D
ReplyDeletemuu mehema kolu kamata kiwwata, e kalee meka patta horaaa.. ara maara gaha yata kada walin ehema ussapu, patta horek.. adeanwa ooii.. :D :D
හික්..අවුලක් නෑ බං අපේ බොනියනේ...
Deleteඅනික ඔය පස්සෙ කියලා තියන ඒවා මෙහෙම මේ වැදගත් තැන් වල එලිපිට කියන එව්වද බොලව්...
බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,
ReplyDeleteබ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)
එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.
තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...
ස්තූතියි
මෙයට සංවිධායක කමිටුව
අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.
--
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk
දැම්මෝ............
Deleteහරි හරි අපේ බෝට්ටුවෙම සෙට් එකක්... හිකිස්.. :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනිවා ඉතින්..අපිත් රජ වංසෙ තමයි..හරිය..
Deleteඅපට ඉතින් ඒ කාලේ වීඩියෝ ප්ලේයර් තිබ්බේ නෑ නෙව.
ReplyDeleteමට මතකයි අපි දවසක් මුලු පන්තිය පිටින්ම යාළුවෙක්ගේ ගෙදරට සෙර් උනා ඕකක් බලන්ඩ කියලා. කොච්චර කට්ටියක් ආවද කියලා කියනවනම් අපි බැලුවේ තාප්පේ උඩ ඉදන් !
හික් ඉතින් තාප්පෙ හිල් උනේ නැතැයි..
Deleteමෙයාලත් නියම වැඩනේ කරලා තියෙන්නේ. අර සී ඩි එකේ කේස් එකට අච්චර කාලයක් පන්ති තහනම් කරපු එකනම් හරි නෑ නේද
ReplyDeleteඒකනේ අක්කේ...
Deleteඔව් අක්කේ එච්චර දඩුවමක් සැර වැඩියි වගේ තමයි...
හැක්,, හැක,,,
ReplyDeleteහිකි හිකි..
Deleteසිරා සිරා.. අපි කරපුවා ගැනත් පස්සේ වෙලාවක ලියන්නම්..
ReplyDeleteඑළ එළ..ලියන්නකො එහෙනම්...
Deleteබොරැල්ල උපවංසෙට අපි කරපු පාඩු මතක් උනා අප්පා...
ReplyDeleteජයවේවා!!!!!!!
අම්මපා.....ජයවේවා..ජයවේවා...
Deletehihi අපොයි මට මැවිලා පේනවා තාරු ඉන්න විදිය හැක හැක හැක
ReplyDeleteඅනේ ඉතින් ඔව්වා මවලා බලන්න කිව්වේ කවුද...
Deleteහි හි ඔයාලත් මරු වැඩනෙ කරල තියෙන්නෙ..මම මේ ලඟදි ඔයි වගේ සල්ලි නොදී චොක්ලට් කාලා යන සීන් එකක් ෆිල්ම් එකක්ත් දැක්ක..:))
ReplyDeleteනෑ...පස්සෙ වෙලාවක ඔයත් ට්‍රයි කරලා බලන්න...
Deleteබස්රේඩියෝ බ්ලෝග සතියේ දායකත්වයට ඔබට ස්තූතියි!!
ReplyDeleteඅනිවා ඉතින්...එළ ඈ...
Deleteස්කොලේ හදිසි වැටලීම් ගැනනම් කතා කර වැඩක් නැත. අයියෝ..... ඒ කාලේ මම දත කාගෙන එකතු කරපු ස්ටිකර් මිටිය, වගේ තව ගොඩක් දේවල් මට නැති වුනා හිච්චා කාලේ නම්. ඔය කඩා පනින හමුදාවේ සීන් ඒක දන්නා හින්දම නීති විරෝධී වැඩ අහුවෙන්න කලේ නෑ. ප්ලැන් කරලා තමයි හීන් නුලෙන් ගේම දෙන්නේ
ReplyDeleteඅමූලික ඇත්ත අෆ්ෆා...එපා තිත්ත වෙනවා....
Deletemaru..
ReplyDeleteIf some one neеdѕ eхpегt viеw concеrning bloggіng then i adviѕe him/her tο visit
ReplyDeletethis wеbpage, Keep up thе nice job.
Lοok at my ωеbpаge :: ccsspku.org
I lіke it when folks get together and ѕhare views.
ReplyDeleteGrеаt ѕite, continue the good woгk!
my homeрage gambling