ගස්සා පස්ස ඇය යන එන අපූරුව
දකිනා දනන් කුල්මත් වන අපූරුව
නාභිය වටේ සැලෙනා පොඩි ගෙජ්ජියකී
තොල් වල රතට නා දළු පරදිනු නිසැකී
සැමටම පෙනෙන්නට අත රුදි ෆෝනයකී
අංකය ලබා දෙනවා නම් සැනසුමකී
හමුවුනෙ මැයව මට පසුගිය කාලයක
යොමුවී සිටින විට බුකියේ මෙහෙයුමක
ලංවී සිතට මා ඇගෙ මිතුරිය ලෙසක
දුටුවෙමි සොදුරු බව ඇය වන් යුවතියක
අම්පාරටත් තව ඈතලු ඈ උන්නේ
යුද්ධය නිසා කදවුරකලු පසුවන්නේ
දුටුවන් මන බදින රූ සපුවක් ලැබුනේ
හමුදා අයියා කෙනෙකුයි ඇගෙ සිත ගන්නේ
නව දිවියකට සැම ආසිරි ලැබගන්නේ
සිතගත් කුමරු සමගින් දිවි අරඹන්නේ
දිවියේ අළුත් පිටුවකි මේ පෙරලෙන්නේ
සිනහව සතුට සැම පැත්තෙම වෑහෙන්නේ
දින සති මාස ගෙවෙමින් කාලය යන්නේ
අවාසනාවකි පසු පස පැමිණෙන්නේ
යුද්ධය නිසා ඔහු අද ඔත්පල වන්නේ
දරුවන් දෙදෙන හා ඇය අසරණ වෙන්නේ
දරුවන් දෙදෙන පාසල් යා යුතු හින්දා
සැමියා රැක බලා ගත යුතු වන හින්දා
මිතුරිය ඇගේ රැකියාවක් දුන් හින්දා
කොළඔට ඇය එනවා කරනට වෙන නැති හින්දා
කොළඹට පැමිණ දුක් විදිනට සිදුවන්නේ
යන එන තැනක් නොමැතිව ඇය පසුවන්නේ
ඇයගේ රූ සපුව ගැන තතු පැතිරෙන්නේ
ගණිකා මඩම ඇගෙ නව නිවහන වෙන්නේ
සොයනා සතයක්ම ඇගෙ නිවසට යනවා
දරුවන් හොදින් නිති පාසැල් පැමිණෙනවා
සැමියා සුවෙන් හා සතුටින් පසුවෙනවා
උන් සිහි කරන් ඇය තම කය විකුණනවා
ගෙදර යද්දි බුරියේ මැද ගෙජ්ජි නැතී
ජීන්ස් ගලෝලා සාරිට දවට ගතී
හිතේ දුකක් තිබුනත් එය ගණන් නැතී
මුවේ සිනා මල් වරුසා ගණන් ඇතී
ප.ලි :- මෙය ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.....(..+ ද මන්දා..) පොස්ටුව ලියද්දී හමුවූ තවත් කාන්තාවකගේ සත්‍ය කතාවකි.....
ප.ලි :- මෙය ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.....(..+ ද මන්දා..) පොස්ටුව ලියද්දී හමුවූ තවත් කාන්තාවකගේ සත්‍ය කතාවකි.....
දිරිය කාන්තාවක්.... පව් අසරණී
ReplyDeleteඔව් අයියේ..
Delete:( අවාසනාවක හැටි.. :(
ReplyDeleteහ්ම්...ඒකනේ..
Deleteහ්ම් හ්ම්
ReplyDeleteබොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට
එළස්..
Deleteගොඩක් ඔය වගේ සීන් අස්සෙ තියෙන්නෙ ඔය වගේ කතාවක්ලු..
ReplyDeleteලස්සනයි කවි ටික..
ජයවේවා!!!!!
ඔව් ඒක නම් ඇත්ත..
Deleteබොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට
ReplyDeleteඑළ එළ..
Deleteada minissu ganikawo ganikawo kiyala ka gahuwata unge jeewitheta ebila baluwoth thiyenne oya wage seen thama.
ReplyDeleteඔව් අවතාරයෝ ඒ අයගේ ඇතුලාත්තය දන්නෙ එයාලා විතරයි..
Deleteමොනා උනත් කට්ටිය සතුටුන්නේ...........!!!
ReplyDeleteඔව් ඒකත් ඇත්ත
Deleteජීවිතේ වෙන කරන්නම දෙයක් නැති තැන...එහෙමයි කියල අවසර දෙනව නෙමෙයි නමුත් ඒ ජීවිත ඇතුලෙ තියෙන දුක...ඒක නොදකින සමාජය...
ReplyDeleteකථාව කවියට හදන්න ලස්සනට පද ගලපලා නියමයි තරුවා...
හ්ම් අපි නොදකින යතාර්තය...
Deleteබොහොම ස්තූතියි...
paw neda taru ayya eyala. :(
ReplyDeleteඔව් නංගි..බට් දැන් වට් ටු ඩූ..
Deleteමේක ලස්සන කවි පේලියක් විතරක්ම වුනා නම් හොදයි..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්...එහෙම්මම උනා නම්......
Deleteජය තරු.. නොපෙනෙන පැත්තක්..
ReplyDeleteඑළස්..ස්තූතියි ඈ..
Deleteහ්ම්ම්ම්ම්ම්ම්.....පවු!!! අනේ මංදා... මෙහෙම දේවල් ඉතින් වෙනවානෙ..
ReplyDeleteහ්ම්ම්ම් පව් තමයි...
Deleteජීවිත වල තවත් එක යථාර්ථයක් ...........
ReplyDeleteඅනිවාර්යෙන්ම...
Deleteඅයියෝ මොනා කියන්නද මන්දා
ReplyDeleteමොනා කියන්නද නේද.....
Deleteඒ කාන්තාවට හිමිවිය යුත්තේ ගැරහුම්ද නැත්තම් පැසසුම්ද ? උත්තරේ දෙන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. අපි නොදන්න තව කොච්චර දේවල් මේ රටේ ලෝකේ හැංගිලා ඇත්ද.
ReplyDeleteතරුවා ඒ කතාව නියමට කවියක් කරලා. සුපිරියි.
හ්ම්...සෑහෙන වතුර බොන්න ඕනි ප්‍රශ්ණයක් නේද....
Deleteතැන්කිව් ඈ....
ඔය වගේ අයට කියන නමක් තියනවා... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකක්ද බං ඒ නම...
Deleteගණිකා/කැරෝකේ කියන රස්සාවල ඉන්න අයගේ ඇතුලත කතාව ඔයවගේ තමා ....
ReplyDeleteම්ම්ම් ගොඩක් දුරට....
Deleteඅවාසනාවට ඇත්ත කතාවක්....
ReplyDeleteඔව් නේද...
Deleteඇයි බං එහෙම රස්සාවකට එන්නේ හමුදාවෙන් දෙනවා නේ දීමනාවක්. බිරිඳ ඒ හැටි අසරණ වෙන්නේ නැහැ.
ReplyDeleteම්ම්...ඒක ඇත්ත අයියේ..ඒත් මෙතන ඊට වඩා ප්‍රශ්ණ තියනවා මම හිතන්නේ..පුද්ගලික දේවල්...
Deleteඔය හැම දේම කරන්නේ බඩවියත රැකගන්න නෙව. දිරිය කාන්තාවක් !
ReplyDeleteහැබැයි මේ රස්සාවෙන් ඉක්මනටම සමු ගන්න තියෙනවා නම් ඒක ගොඩක් හොදයි !
දැන් එයාල ඉන්නෙ වලේ වැටුණු මිනිහා වල කටින්ම ගොඩ එන්න ඕනි වගේ තැනක...
Deleteකවි තමා කවි :P
ReplyDeleteඒක තමා නේද..
Deleteකනගාටුයි :/ :/
ReplyDeleteමටත්...
Deleteකියන්න දෙයක් හිතා ගන්න බෑ තරුවෝ...
ReplyDeleteම්ම්ම් ඒක තමා අයියේ...
Deleteඅවාසනාවට සත්‍ය කතාවක්...
ReplyDeleteහ්ම්.......
Deleteහරිම පව් තරූ...ඔයා ලස්සනට කවි ලියනවා මල්ලී....අගෙයි
ReplyDeleteතැන්කිව් අක්කෝ...
Delete