Showing posts with label හිත රැදුනු තැන්..... Show all posts
Showing posts with label හිත රැදුනු තැන්..... Show all posts

Sunday, June 24, 2012

මෙන්න "Fun Page" ෆුල් ෆන්.....

මේ දින වල රාත්‍රිය ඉතා දිගුය. ඊට හේතුව මට නින්ද නොයාමය. හේතුවක් කීමටද නොදනී. හිත මලකඩ කා ඇති සෙයකි. අහෝ ඛේදයකි. ඊයේ රාත්‍රියද එසේමය. නිදි දෙව් දුව මාව ඩිවෝස් කර ඇති සෙයකි. මෙසේ නිදිවර්ජිතව රැය පහන් කල ඊයේ රාත්‍රියේදී මගේ නෙත ගැටුනේ මගේ කාමරයේ තිබූ පරන බෑග් තඩියක්ය. පාසල් කාලයේදී අපේ අම්මාගේ අධි ආරක්ෂිත කලාපයෙන් වහන් කල යුතු බොහෝ දෑ තිබුනේ මෙහිය.

Thursday, June 14, 2012

ටිකක් හිනාවෙන්න...(හිනා යයිද මන්දා)

අද උදේ ඉදන් මාර කම්මැලිය. තාම ලෙඩ නිසා මට ගෙයින් පිටට යන්න දෙන්නේද නැත. ගේ ඇතුලටම වී කරන්නටද දෙයක් නැත. උදේ ඉදන් බ්ලොග් එකට මොනවා හෝ දාන්නට සිතුවත් ලියන්න දෙයක් හිතට එන්නේද නැත. හිත පොලොවේ ගසා අව්වේ දමා වේලා ගතිමි. එවිට යන්තම් ලියන්නට දෙයක් කල්පනා විය. ඒ මට වුනු (මට කිව්වට මටම නෙවෙයි හරිය මාත් එක්ක හිටපු අනිත් උන්ට) පොඩි පොඩි සිද්ධි ටිකක්ය. හිනා වෙන්න බලාගෙන ආපු අයට හිනා ගියෙ නැත්නම් මට කරන්නට දෙයක් නැතිය. මොකද මෙතන හිනා වෙන්ට කිසිම දෙයක් නැත. එවුන් කිති කවාගෙන හෝ හිනා වෙත්වා. බැරිනම් බුදිය ගනිත්වා....

Friday, February 17, 2012

එහෙත් සුහදිනි.....



                     ජීවිතේදි අපි ආදරය කරන කෙනෙක් අපව තේරුම්ගැනීම, පෙරලා අපිට ආදරය කිරීම, අප වෙනුවෙන් ජීවත් වීම..අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් සමහර අවස්ථා වලදි  ඒ දෙය ඒ අකාරයෙන්ම ඉටු නොවන අවස්තා ඕනි තරම් තියනවා..

                    ජීවිතේ බොහෝ කාලයක් අප ලගින්ම ඇසුරු කරලත්, දුකට සැපට ලගින්ම ඉදලත්  කෙනෙක්ට අපිව තේරුම් ගන්න බැරිනම්...ඇත්තටම ඒක ඒ කෙනාට දරාගන්න බැරි තරමේ දුකක් වෙන්න පුළුවන්..

Wednesday, December 7, 2011

Romantic.......

සල්ලිත් නෑ සනිපත් නෑ..සහලෝල උන අරං තියන වෙලාවෙ Rest කරන්න කියල වෛද්‍ය උපදෙස් ලැබුනට කාටද පුළුවන් අෆ්ෆා උදේ ඉදන් රෙද්දක් පොරෝගෙන ඇදටම වෙලා ඉන්න..ලබන සතියෙ Exam එකකුත් තියනවා..ඒකට පාඩම් කරන්න විදිහකුත් නෑනෙ..මොකද පාඩම් කරන්න හිතෙන වෙලාවටම  Doctor කියපු එක මතක් වෙලා Rest කරන්නමයි හිතෙන්නෙ.. ;)

ඉතින් කරන්න දේකුත් නැති හින්දම
Film එකක්වත් බලන්න ඕනි කියල හිතල මොකද්ද බලන්නෙ කියල කල්පනා කරන කොට හිත නැවතුනේ Hard Disk එකේ Romantic ගොඩේ තිබුනු Film වගේකට.ගොඩක් ඉස්සර බලපු  Film උනත් ආයෙ ආයෙ බලන්න ආස හිතෙන තරමට ලස්සන Film ටිකක්.ඉතින් මගෙ හිත ගොඩක්ම ඇදිල ගිය Film ටික තමයි;

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...