Showing posts with label ආදරණීය (නො)වුනු ආදරය. Show all posts
Showing posts with label ආදරණීය (නො)වුනු ආදරය. Show all posts

Sunday, March 24, 2013

උඹ......සුදු පාට පූසි.......(මෝඩ පූසි)...!




අපේ ගෙදර පූසි සුදු පාට හින්දා
ඒකි හරි ආඩම්බරෙන් හිටියේ
ඒකිගේ ඇස් නිල් පාට හින්දා
මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම 
ඒකි පැනලා හා කිව්වා

Saturday, August 25, 2012

අවාසනාවට....ඇත්ත කතාවක්...සුවර් එකටම කතාවක්ද මන්දා.....


"හෙලෝ"
"හෙලෝ"
"උඹ කොහෙද ඉන්නෙ"
"හොස්පිට්ල් එක ගාව මචං.මුං මට ඇතුලට යන්න දෙන්නෑ."
"දැන් කීයද වෙලාව..ම්ම්ම් අට හමාරයි. 12 වෙනකන් යන්න දෙන්නැද්ද"
"නෑ බං.මම මේ හැම ගේට් එකකටම ආව එකකින්වත් ඇතුලට යන්න දෙන්නෑ."
"උඹ උදේට කාලද??කීයටද ගෙදරින් ආවේ..?"
"බඩගිනි නෑ බං..මම හතර හමාරට විතර ආවෙ.."
"උඹ ඔය කුරුණෑගල පැත්ත දන්නෙත් නෑනෙ..ෂික් මේ වෙලාවෙ මටවත් එන්න තිබුනනම්.."

Wednesday, July 25, 2012

මල්සරා සන්නිය...(ලව් කරපු උන්ට.,ලව් කරන උන්ට.,ලව් කරන්න ඉන්න උන්ට..)

මොකද්ද අයිසේ කරන්නේ..කෝ මේ ආතුරයා..කොහෙන් හරි හොයාගෙන එනවා..

හරි හරි අයියේ..මේ ආතුරයාට මේ දවස්වල පොඩ්ඩක් ලව් සික් එක ගහලනේ ඔය මූඩ් ගහල කොහාට හරි වෙලා මනෝ පාරක් ගහගෙන ඇති...

ඉතින් බං හත්තිලව්වෙ ඔය මගුලටමනේ මේ තොවිලෙ නටන්නෙත්..ගෙහුං හොයං වර ඉක්මනට..

හරි හරි උඹ ගිරිය පුප්පන්නෙ නැතුව හිටුකෝ...මම හොයං එන්නං විගහට...

Tuesday, June 12, 2012

දැනුණි නම් මොහොතකට.....


ලෝකෙටම එපාවී

විසිකලත් පාරටම
කුණු ගොඩටවත්
වටින්නේ නැති පමණ

නහරවල් බිද වැටුනු
අතර මග බිම වැටුනු
ලොවට නොපෙනී තිබුණු
දෑතටම පොඩි වුණු

Monday, May 21, 2012

කාලය මැව් වෙනසක අරුමේ....


පන්හිදක් ගෙන
තල් පතක් උඩ
තබන විට දුක් සටහනක්...

තල්පතත්
පන්හිදත් එක්වී
කිව්ව මට පොඩි කතාවක්...

Saturday, April 21, 2012

ජීවිතේ කියන System එක......

ජීවිතේ කියන System එකට
Run වෙන්න ඕනි Program එක හදන්න
ඔයත් එක්ක එකතු වුනේ
පුංචි කාලෙ ඉදන් එකතු කරපු
ආදරය,කරුණාව,දයාව
වගේ මගේ වටිනාම
Data ටික
බලාපොරොත්තු එක්ක එකතු කරලා
මගෙ
Heart එකේ ඔක්කොම
Partitions වලට Copy කරගෙන  ...

Monday, March 19, 2012

කාට කියන්නද....

බොහෝ දිනක සිට
කුමක්දෝ මහා ලොකු බරක්
හිත පතුලේ තිබෙනු දැනුනි..
සෑම තැනක සෙව්වත්
එය පවසා සිත නිදහස්
කරගැනීමට කිසිවකු

Monday, March 12, 2012

තවත් දවසක් ඉතින්....



තවත් දවසක් ඉතින්

ගෙවෙන්නට ලගයි දැන්...
සිත මගේ පවසනවා
හෙමින් රහසක් හොරෙන්...
ඇහෙන්නෑ කිසිදෙයක්
කියන දේ ඒ රහසේ...

Monday, February 20, 2012

මේ සා දුකක්....


දවසක් නෙතට 

කදුලක් ලං වූ විටදී...
සිතුවෙමි කුමක්දෝ
සිදුවූ මේ අරුමේ...
නැත මතකයක්
මාගෙන් සිදුවූ වරදේ...
මොනවා සිදුවුනිද 
වන්නට මේ විලසේ...

Thursday, January 12, 2012

අවසානය.......මෙහෙමමද.....???

උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට දැනෙන්නෙ පුදුම අසහනයක්.හිත ගොඩාක් බර වෙලා වගේ..උදේ ඉදන් ඔයාගේ කටහඩ අහන්න ආසාවෙන් හිටියට තාමත් ඔයාගෙ phone එක off.උදේ යවපු message එක තාම delivery  උනේ නෑ.
මට මතකයි මීට ටික දවසකට කලින් ඔයා මාත් එක්ක කතා කරනකොට මම ඇහුවා කවද්ද,කොහෙද ඔයාගෙ  wedding එක තියෙන්නෙ කියලා.ඒක තියන දවස මට කිව්වට ඒක කොහෙද තියෙන්නෙ කියල මට නොකියන්නෙ එහෙම කිව්වොත් මම ඇවිත් පැත්තකට වෙලා ඔහේ බලා ඉදල යන්න යයිලු.ඇත්ත ඒක දැන ගත්තොත් මම එනවා.ඇවිත් අන්තිම වතාවට ඔය මූන බලලා යනවා.ආයිත් මම කවද දකින්නද ඔය කතාකරන ඇස් දෙක.

Thursday, January 5, 2012

සිහිනය....!!

දුටුවා...
           රැදුනා...
බැදුනා...
           පැතුවා...
දුටුවෙ සිහිනයක් බව....
           රැදුනෙ සිහිනයක බව...

Tuesday, December 20, 2011

කාලය....

කාලය....
ගොඩක් දේවල් වෙනස් කරනවලු....
අද ලැබුනු දේ හෙට නොලැබෙන්න පුළුවන්ලු...
අද නොලැබුනු දේ හෙට ලැබෙන්න පුළුවන්ලු...
කොච්චර හංගන්න හැදුවත් සමහර ඇත්ත කවදහරි එළියට එනවලු...
කාට හරි බොරුවක් කරල අද සතුටින් ඉන්න අය එදාට මූණ හංගගන්න කොට...

Saturday, November 19, 2011

හෆෝයි....

"මාර පොරක්නෙ ඕයි"

"පිස්සෙක්"

"තමුසෙනම් මහ නිවටයෙක්"

"පිරිමියෙක් වගේ හිටපංකෝ"

"වෙන කෙල්ලො නැද්ද බං"

"මෝඩයෙක්"

"වරෙං බං දුකටත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න"

"අපි දෙමුද හොද ගේමක් තරු විසිවෙන්න "

Friday, November 18, 2011

අහෝ ඛේදයකි....!

උදේ සිටන් හවස් වෙනකම්...
හිතට දැනුනු දහසකුත්..
හැගුමන්...
පවසන්නට සිතාගෙන...

Thursday, November 17, 2011

"....නමුත්, මම ඔයාට ආදරෙයි"

දන්නවද..ලෝකෙ තියන ලස්සනම වාක්‍ය...;
"....නමුත්, මම ඔයාට ආදරෙයි" ලු.
ඒ වගේම..ලෝකෙ තියන වේදනාත්මකම වාක්‍ය....;
"මම ඔයාට ආදරෙයි, නමුත්...." ලු.

Monday, November 7, 2011

නුඹ..එදා/අද...හෙට..??

අහඹු ලෙස ලංවෙලා...
මිමිණුවා
නුඹ එදා...
නෙත රුදුනු කදුළු බිදු...
පිසළුවා
නුඹ එදා...
සිහිනයක දැවටෙමින්...
සැනසුවා
නුඹ එදා...
සෙවනැල්ල ලෙස ලගින්...
පැමිණියා
නුඹ එදා...

Wednesday, November 2, 2011

දන්නවද..!!

දන්නවද..
ඔයාගෙ පුංචිම පුංචි හිනාවකට...
මේ හිත සතුටු වෙන තරමක්....
දන්නවද..
කියන්න දාහක් දේ තිබුනත්...
කියාගන්න බැරුව ලත වෙන තරමක්....
දන්නවද..
ඈතට පියාඹන්න හදන ඔයා දැකල...
ඔයා නැති ලෝකයක් ගැන බය වෙන තරමක්...
දන්නවද..

Sunday, October 23, 2011

තොන්ඩුව.....!

කවදාවත් නොසිතුවාට...
සිහිනෙන්වත් නොපැතුවාට...

Wednesday, October 12, 2011

හිත......!!!!


අනේ අම්මපා මූට එක තැනක ඉන්න බැරි හැටි...
මම කොච්චර කිව්වත් කනකට ගන්න එකක්යෑ..
ඔහේ හිතුනු හිතුනු තැන්වල යනවා..
එපා කියන දේමයි කරන්නෙ..
අදත් මම මේ උදේ ඉදන්ම හෙව්වා...
තාම හම්බ උනේ නෑ....

Tuesday, October 11, 2011

තවත් දවසක්....

ඉතින් තව දවසක්...
ගෙවෙන්නට ලගයි දැන්...
ඔබ මගෙන් තව තවත් ...
ඈත් වන බව දැනෙයි...
කිසි දිනක තනි නොකල...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...