Wednesday, August 1, 2012

හදිස්සියට XXX හංගන්න ඇතුළු යාළුවො බය කරන්න සහ...........



මේ විදිහට IT පෝස්ට්ම දාන්න ගිහින් මේක IT Site එකක් වෙයිද මන්දා.....
ඔන්න පොරොන්දු උනා වගේම මේ සැරේ අරගෙන ආවෙ Command Prompt  එකෙන් සහ තව දේවලින් අපිට කර ගන්න පුළුවන් පොඩි ආතල් වැඩ කෑලි ටිකක් එක්ක හදිස්සියකට කාටවත් පේන්න බැරි Video එකක් හරි ඕනිම දෙයක් Image එකක් අස්සට ඔබාගෙන කාටවත් නොපෙනෙන්න ගෙනියන හැටි...
මේකෙ පලවෙනි කොටස මෙන්න මෙතනින්.. බලන්න පුළුවන්. 

ඉතින් කොහෙන්ද පටන් ගන්නේ...ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

1.) යාළුවන්ට පොඩි Virus එකක්......

මේක මේ යාළුවන්ව පොඩ්ඩක් මල පන්නන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම කියලා දෙන විදිහට හදන File එකක් කවුරු හරි Run කලොත් එයාගේ Computer එකේ තියන් සියළුම CD/DVD Drive එක ඉබේම Open වෙනවා. ඉතින් ඕක මහලොකු වැඩක්ද නේද...:පී වැඩේ කියන්නේ මේක නවත්තන්න බෑ. කොච්චර ඇතුලට දැම්මත් ආයෙත් අර CD දාන එක අන්න ඒක එලියට එනවා.. ;) ඉතින් අර යාළුවට මල පනිනකම්ම මේක වෙනවා...මේක නවත්තන්න නම් Com එක Restart කරන්නම ඕනි...බය වෙන්න එපා  මේකෙන් හානියක් වෙන්නේ නෑ.....

මේක කරන්නෙ මෙහෙමයි..ඉස්සෙල්ලාම Notepad එකක් අරගෙන මේ පහල තියන Code එක ලියාගන්න..

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

ඊට පස්සේ  Save As ගිහින් ඒකෙන් All Files තෝරන්න. තෝරලා කැමති නමක් දීලා Extension එක .vbs දෙන්න. ඒ කිව්වෙ කැමති නමක් දීලා එකට ඉස්සරහින් .vbs කියලා Type කරලා Save කරන්න. එච්චරයි. දැන්  Save වෙන File එක එයාලත් Double Click කරලා බලන්නකෝ... ;) නැත්නම් කාට හරි දෙන්න කරලා බලන්න කියලා....

2.) Office එකේදි වැඩ කරලා එපාම වෙන වෙලාවට කරන්න...

මේක කරන්න පුළුවන් ඔයාලා ඉන්න තැන Computer Network කරලා තියනවානම් විතරයි..කොහොමද වැඩ කරලා එපාම වෙන වෙලාවක නිකම්ම Computer Off වෙනවනම්...
එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි...
Command Prompt එක Open කර ගන්න ඊට පස්සෙ ඔය පල්ලෙහා තියන ටික  Type කරන්නකෝ....



shutdown -s -t 100 -c "Adooooww mama ubawa hack kalooo..Dan ithn nala waroooo..."

ඔය මම ලියලා තියන තැන ඔයාට කැමති දෙයක් ලියා ගන්න පුළුවන්. දැන් Enter කල ගමන්ම අපි Type කල Message එක Display වෙනවා Network එකේ හැම Computer එකේම. ඒක Ok කල ගමන්ම බඩු බනිස්... :පී...ඒ කිව්වෙ ඔක්කොම Computer Turn off වෙනවා..

මේක Cancel කරන්නනම් මෙන්න මේක ටා...ර් ගාලා Type කරන්න...

shutdown -a

ඔච්චරයි...මේක Type කලාම අපි කල වැඩේ  Cancel  වෙනවා...ඔයිකේ...එහෙනම් කරලා බලන්නකෝ..

3.) Image File එකක් අස්සේ අපිට කැමති දෙයක් හංගගෙන යෑම...

අඩේ ඒ කාලේ ඉස්කොලේ යන කොට එහෙම මේක දැනගෙන හිටියනම් කොච්චර දේවල් බය නැතුව ගෙනියන්ඩ පුළුවන්ද අෆ්ෆා.... :(
මේකෙදි වෙන්නේ ඔන්න Image File එකක් තියනවා ඒක අපි Image Viewer හරි Paint හරි Photoshop හරි ඕනි මගුලකින් Open කලත් Image එක විතරයි පෙන්නන්නේ.වෙන මොකුත් නෑ..හැබැයි මේක අස්සේ තව Photos හරි Video හරි Audio හරි ඔනි දෙයක් හන්ගන්න පුළුවන්..පට්ට නේද...මේ හංගපු ඒවා බලන්න නම් මේ Photo එක WinRAR හරි 7Zip හරි එකකින් Open කරන්න ඕනි. එහෙම Open කලාම අර Image එක අස්සෙ හංගපු එව්වා ඔක්කොම පේනවා. හැබැයි මේකෙදි Image එක් Size එකත් අපි හංගලා තියන File වල බරට වෙනස් වෙනවා..ඕක ඉතින් වැඩිය පේන්නෙ නෑනේ..ඉතින් මෙන්න මෙහෙමයි ඔය වැඩේ කරන්නේ....

ඉස්සෙල්ලාම Folder එකකට අපිට පේන්න තියෙන්න ඕනි Image එක Copy කරගන්න. ඊට පස්සෙ ඒකටම අපිට හංගන්න ඕනි File ටිකත් Copy කර ගන්න. ඔයිකේ.....ඉන් පසුව.......අර හංගන්න ඔනි File ටික Select කරලා ඒටික Zip කර ගන්න..ඔයාලා WinRAR  දාලා තියනම් Right Click කරලා  Add to Archive  දීලා Ok කරන්න. දැන් මුල් වැඩ ටික හරි.
ඊට පස්සේ Command Prompt එක Open කර ගන්න. මේක Open කරගන්න Windows Key + R Click කලාම Run එක එනවා. ඒකේ cmd කියලා Type කරලා Enter කරන්න. නැත්නම් All Programs -Accessories-Command Prompt මේ කැමති එකකින් පුළුවන්. Search එකේ cmd  කියලා Type කරලා Enter කලත් හරි.
හරි දැන් මෙහෙම Open කර ගත්ත Command Promt එකෙන් අර අපේ Image File එක තියන තැනට යන්න ඕනි. අපි  උදාහරනෙකට හිතමුකෝ අපේ අර Image එක තියෙන්නේ E:\ එකේ New Folder එකේ කියලා.

Command Prompt එක Open කර ගමන් අපි ඉන්නේ C:\ එකේ User\අපේ User Account Name එක... ඔන්න ඔතන ඉන්නේ. 
ඉතින් අපි  දැන් යන්න ඕනි E:\ එකටනෙ. එහෙනම් e: Type කරලා Enter කරන්න. දැන් අපි ඉන්නේ 
E:\  එකේ. දැන් යන්න ඕනි  New Folder එකටනේ. එහෙනම් cd New Folder කියලා  Type කරලා Enter කරන්න. දැන් එතකොට අපි ඉන්නේ Hard එකේ E කියන Partition එකේ  New Folder එක ඇතුලේ. ඒ කියන්නෙ අපිට වැඩේ කරන්න ඕනි Image එකයි Zip File එකයි තියන තැන. 

එහෙමනම් දැන් මෙන්න මේ කියන ටික Type කරන්න.

copy/b image name.jpg + zip file name.rar new image name.jpg

දැන් මෙතන  copy/b එකට පස්සේ  image name.jpg කියන්නේ අපිට පේන්න තියෙන්න ඕනි Image එකේ නම. ඒකේ File Extension එකත් එක්කම ඕනි. ඒ කිව්වේ .jpg එකත් එක්කම. 
ඊට පස්සේ  + එකට පස්සෙ තියෙන්නෙ අපි අර හංගන්න ඕනි File ටික Zip කරලා හදාගත්ත Zip File එකේ නම  File Extension එකත් එක්කම.
new image name.jpg කියන්නෙ අපි මේ Files ටික හැංගලා හදන අළුත් Image එකේ නම. මේකට ඔයාලා කැමති එකක් දෙන්න..ඒකෙත්  File Extension එක  .jpg චිදිහටම දෙන්න. දැන් හරි. දැන් Enter කරලා අපේ  New Folder එක ඇතුලට ගිහින් බැලුවොත් අපි අර අන්තිමට දීපු නමින් තවත් Image File එකක් හැදිලා ඇති. ඒකත් අර අනිත් Image File එක වගේමයි. Open කලොත් Open වෙන්නෙ Image එක විතරයි. කිසිම වෙනසක් නෑ. හැබැයි Size එක වැඩි වෙලා ඇති. ඉතින් ඔයාලට මේ Image File  එක WinRAR හරි 7Zip හරි එකකින් Open කලොත් අපි අර හංගපු Files ටිකත් ලස්සනට බලාගන්න පුළුවන්. එහෙනම් කරලම බලන්නකෝ......

4.) Cmd එක ලස්සන Metrix Falling එකක් කරගන්න.....

ඔන්න අද අන්තිම එක...මම මේ පහල දෙන Code එක Notepad එකක Type කරලා Save As ගිහින් Save Type එක All Files තෝරලා කැමති නමක් දීලා අන්තිමට .bat විදිහට  File Extension  එක දීලා Save කරලා. ඒ File එක Double Click කරලා බලන්නකෝ මොකද වෙන්නෙ කියලා....

@echo off
color 02
:tricks
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto tricks 

එහෙනම් අදට ඔය මදෑ...ආයෙ නම් ටික දවසකට මේ වගේ ඒවා ගේන්නෙ නෑ...නැත්නම් මේක IT Page එකක් වෙනවා. ඉස්සර වගේ ආතල් එකේ කුණුහබ්බයක් ලියාගෙන ඉන්න ඕනි....:දිව දොට්ට


63 comments:

  1. taru ayyat danna dewal.......... :)

    ReplyDelete
    Replies
    1. mama tama ada 1.hip hip hure...........

      Delete
    2. හිකිස්...යා යා අද ඔයා 1 තමයි....දැන් ඉතින් මට පාර්ටියක්වත් දෙන එකයි ඇත්තේ...

      Delete
    3. a mokatada mama taru ayyata party denne......ayya epai mata party denna one.mata party ona ne itin.....ayya pawne.habai mata chuti lassana gift ekak one hode taru ayya.

      Delete
    4. ඔයානේ 1වෙනියා වුනේ ඉතින් ඔයා ඒ ප්‍රීතිය නිමිත්තෙන් මට මොනව හරි අරන් දෙන්න..ඔය පුංචි ගිෆ්ට් එකක් උනාට අවුලක්..:ඩී ඔන්න එහෙනම් මම බලා ඉන්නවා ඈ....:පී..

      Delete
    5. ai punchi gift ekak.....loku ekak epada?......:D ehenam onna ewwa kiyala hitha gannako........ :)

      Delete
  2. අම්මෝ දිග වැඩිද මන්ද කරන විදිය ?

    ReplyDelete
  3. හෆ්ෆා.. ඔය උඩම තියෙන එක මට එක්කෙනෙක් එව්වනෙ නිකන්ම ෆිලෙ එකක් open කරන්න කිව්වා එවලා.. චැක්.. මම ඉතින් මෝඩි වගේ කලා.. මෙන්න බොලේ..නවත්තගන්න බැරි විදියට CD Rom drive එක open close වුනා.. :@ :@

    මට යකා නැග්ගා.. දන්නවානෙ ඉතින් මට තරහා ගියාම හැටි..;)

    හික්ස්ස්.. මරු මරු පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. හිකිස්...පව් අෆ්ෆා අපේ හිතූ නංගි...එක්කො කමක් නෑ ඉදලා හිටලා ඔහොම මල පැන්නාවේ...:පී

      Delete
  4. මගේ CD drive එක open කරට ඇරෙන්නේ නෑ. ඕක දීල බැලුවොත් open වේවිද දන්නේ නෑනේ.. එල පොස්ට් එක

    ReplyDelete
  5. මෙයත් කියල දෙන දේවල් !

    ReplyDelete
  6. 1 ට්‍රික් එක
    නොදන්න කෝඩ් කෑල්ලක් ඉගෙන ගත්තා...

    2 ට්‍රික් එක
    නෙට්වර්ක් කරලා තිබ්බට එකම නෙට්වර්ක් රේන්ජ් එකේ අයට විතරක් ඔහොම වෙයි නේද ?
    උදා.. 10.128.1.0 සහ 10.128.51.0 නෙට්වර්ක් දෙකක් තියෙනවා නම්, අපි ඉන්නේ පලවෙනි නෙට්වර්ක් එකේ නම්, දෙවෙනි නෙට්වර්ක් එකේ එවුන්ට හානියක් වෙන්නේ නැද්ද...

    (නැත්නම් ගුටි කාලා ඉවරයක් නැතුව යනවා)

    3 ට්‍රික් එක
    මේ ට්‍රික් එක නම් දන්නෙම නෑ.. ස්තුතියි :)

    ReplyDelete
    Replies
    1. අයියේඔයා දෙවෙනි එකේ අහපු දේනම් මාත් හරියටම දන්නෙ නෑ..මොකද මම මෙවා check අපේ බෝඩිමේ Lap Network කරලානේ..හැබැයි ඔයා අහපු දේත් හරි.ඒක බලන්න ඕනි. තැන්කිව් ඈ..

      Delete
  7. මම නම් ඉතින් හංගන්නේ නෑනේ.. :)

    ReplyDelete
  8. හික්ස්..මගෙ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කොමෙන්ට් කරන අසහන කාරය ගැන ටිකක් බලන්න...

    ReplyDelete
    Replies
    1. හිකිස් එච්චරම ලොකු දේවල්නම් අනේ මන්දා..මාත් තාම ඉගන ගන්නවනේ..පුළුවන් හැමදේම කරමු ඔය අසහන කාරයන්ට..

      Delete
  9. මෙන්නෝ ත්‍රස්තවාදියෙක් .. කඩාකප්පල් කාරයෙක්.. ..

    ReplyDelete
    Replies
    1. කෝ යකෝ ඕකා අල්ලපිය...පැනලා යන්න දෙනන් එපා....

      Delete
  10. ෂඃ! නියමා..................යි සහෝ...

    ReplyDelete
  11. මරු පෝස්ටුව.. 1 වෙනි වී බී ස්ක්‍රිප්ට් එක රන් කලාම අපේ ‍ටාස්ක් මැනේජර් එකේ ප්‍රොසෙස් එකේ ඒ නමින් රන් වෙන ඇප් එක පෙන්නනවා.. එතනින් ඒක නවත්තන්න පුළුවං.. තරූ ඕකටම තව බැට් එකක් අමුනපං ස්ටාර්ට් අප් එකට යන විදිහට.. එතකොට මැෂින් එක ස්ටාර්ට් වෙද්දිම ඕක run වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වට පස්සෙ මාත් බැලුවා අයියේ..මාත් තාම ඉගන ගන්නවනේ..ගොඩාක් දුරට මේවා ගැන දන්නවා අඩුයි..ඔයා කිව්වා වගේ ඒක එහෙම නවත්තන්න පුළුවන්..
      ඔයා අන්තිමට කිව්ව එකත් කරන්න උත්සහ කරන්නම්කෝ..තැන්කිව් ඈ..

      Delete
  12. පළවෙනි එක vbscript එකක් නේ. ඒක නවත්තන්න පුලුවන් tast manager එකට ගිහින් process වල wscript.exe හරි cscript.exe කියන දෙකින් එකක් end process කලාම. නැත්නම් වෙනම vbscript එකක් ලියන්න පුලුවන් කලින් එකේ process එක kill කරන්න.

    2 වෙනි එකත් 7 වලදි block කරන්න පුළුවන් ගැහුවට මොකුත් නොවෙන්න. ඒ නැතත් shutdown -a එකෙන් ඕක නතර කරන්න පුළුවන්

    3 වෙනි එකනම් හොඳ උත්සාහයක් නමුත් මේ ක්‍රමෙන් වයිරස් එකක් වගේ දෙයක් දාලා යවන්න බෑ. ඒකට image වලට virus embedded කරන වෙනම ක්‍රම තියෙනවා. මේ පරිගණකයේ අපි නිතරම භාවිතා නොකරත් ඉතාම අවශ්‍ය කරන batch script commands කිහිපයක් මේවා හොඳින් හසුරුවන්න දන්නවනම් ඕනෑම පරිගණකයක් අපේ අතේ :)

    4 වෙනි එක නම් ඉතාම සරලයි කියන්න පුලුවන්.
    කොහොම උනත් මේවා ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තුති වෙනවා ඒ වගේම සතුටු වෙනවා

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක එහෙම නවත්තන්න පුළුවන් කියලා මාත් දැනගත්තෙ රස්තියාදුකාරයා අයියගේ කමෙන්ටුවෙන්..මාත් තාම ඉගන ගන්නවනේ මේ ගැන

      දෙවෙනි එක shutdown -a එකෙන් නවත්තන්න නම් දන්නවා..ඒත් 7 වලදි block කරන හැටි දන්නෑ..පුළුවන් නම් ඒ ගැන දාන්න.

      3වෙනි එකට virus දාන්න නම් මාත් ට්‍රයි කලේ නෑ අයියේ. ඒක කරලා බලන්න ඕනි. ඔයා කිව්ව virus embedded ගැන නම් මම ගොඩාක්ම දන්නෙ නෑ..තාම ඔවා ගැන හොයමින්නෙ ඉන්නේ..හැබැයි ඒකටත් ආසා හිතුනා.

      4වෙනි එකනම් ඇත්තටම ගොඩාක් සරල එකක්. මාත් ඒක නිකමට දැම්මේ ටිකක් ලස්සන හින්දා..

      බොහොම ස්තූතියි අයියේ කොමෙන්ටුවට..නොදන්න දේවල් ඉගන න්න මාත් ගොඩක් ආසයි..මේ වගේ දේවල් ලෙක්චර්ස් වලදි වත් කියලා දෙන්නෙ නෑනෙ..නෙට් එකෙන් ඉගන ගන්න ඒවා තමයි..

      Delete
    2. නියමයි මල්ලි කර ගෙන යන්න.

      Delete
    3. එලස්...තැන්කූ වේවෝ...

      Delete
  13. පලවෙනි එක නම් ටාස්ක් කිලර් එකකින් කිල් කරගන්න පුළුවන් රී බුට් කරන්න ඕනේ නෑ.

    දෙවැනි එක වින්ඩෝස් XP වලදී කරද්දී - වෙනුවට / ගහන්න වෙනවා නේද?

    තුන්වෙනි එක පල නොකලා නම් හොඳයි කියලත් මට හිතෙනවා. මොකද ආයතනයක වැදගත් දත්ත මේ ක්‍රමේට පිටමන් කරන එකත් දෙයක් නෙවෙයි. මට ඔය කතාව කියද්දී මතක්වුනේ අපි කම්පියුටර් ෆොර්න්සිස් කරද්දී උගන්නපුව.

    කොහොම වුනත් වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. යා යා පලවෙනි එකට රීබූට් කරන්න ඕනි නෑ තමයි..

      දෙවෙනි එක මම xp වලදි කරල නම් නැ..දැන ගත්ත එක හොදයි..

      3වෙනි එක අනේ මන්දා නේද.....මිනිස්සු මේවා කාගෙත් යහපතට යොදා ගන්නවනම් හොදයි..මොකද මෙක නරක දෙයක් නෙවෙයිනේ..භාවිතා කරන්නා හොදයිනම් අවුලක් නෑ..

      බොහොම ස්තූතියි අයියේ..

      Delete
  14. බරපතලයි..... වැඩ අඩු වෙලාවක කරලා බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔයිකේ ඔයිකේ එහෙනම් නිවාඩු පාඩුවේ කරලා බල්නනකෝ...

      Delete
  15. මාත් කොරලම බලලා ප්‍රගතිය කියන්නම්කො :D

    ReplyDelete
    Replies
    1. එළස් එළස් එහෙනම් කරලම කියන්නකෝ...

      Delete
  16. තරුවා මල්ලි වැඩකාරයා..

    ReplyDelete
    Replies
    1. සුවර්ද අයියේ..කා ගැනද ඔය කිව්වේ...

      Delete
  17. අයි.ටී. පාඩම මරේ මරු!!!

    ReplyDelete
    Replies
    1. අහ් එළ ඈ...කාලෙකින් දැක්කේ...

      Delete
  18. ඕවා කියලා දෙන්න එපා මනුස්සයෝ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං හත්තිලව්වෙ මක් වෙනවද...

      Delete
  19. නොදන්න දේවල් ගොඩායි.....

    ReplyDelete
    Replies
    1. දැන් දන්න ඒවා ගොඩා..යිනේ..

      Delete
  20. මරු ඈ!!! හැබැයි හංගන සීන් එකනං ඕනිම නෑ!!!!!!!! මයි ලැප් , මයි රූම් , මයි ෆ්‍රීඩම්!!!! ;)))

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඔහොම තියනම් ඉතින් මොකට හංගන්නද...

      Delete
  21. පට්ට වැඩ කෑලි ටික බං

    ReplyDelete
  22. සමහර දේවල් නම් වැදගත්. ඒත් අනික් අයව බය කරන වැඩ ටික කරන්න ගිහින් හොඳ කෑමක් සෙට් වෙන්න පුලුවන් :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එහෙම වෙයිද ඇත්තටම...

      Delete
  23. හි හි..ඔන්න අපිනම් ඕවා කොරන්නේ නෑ!!!හික්ස්....

    ReplyDelete
  24. මාරු උඩ තියෙන දෙකනම් වොනොදයට හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඇයි අනිත්වා නරකද...ඈ..

      Delete
  25. batch ෆයිල් එකක් ඩබල් ක්ලික් කලාම නවතින්නැතිව එක එක ඇප්ලිකේෂන් රන් වෙන්න එකක් හදාගෙන යාළුවන්ට දීලා උන් බය වෙන හැටි බලාගෙන ඉඳලා තියෙනවා මමත් ඇතිවෙනකන්.සමහර එවුන් නම් කෙලින්ම බෙල්ල මිරිකගෙන හිටියා බයට...

    echo@.
    echo.
    start adooo_baya_weyan
    start mama_yakek
    start adooo_baya_weyan
    start mama_yakek
    start adooo_baya_weyan
    start mama_yakek
    start adooo_baya_weyan
    start mama_yakek
    start adooo_baya_weyan
    start mama_yakek
    start adooo_baya_weyan
    start mama_yakek
    start adooo_baya_weyan
    start mama_yakek
    end

    මෙන්න මේක name.bat වගේ .bat extension එකෙන් සේව් කලාම මේ කියපු විදියෙ ප්‍රොග්‍රැම් නැති නිසා එරර් මැසේජ් එනවා අම්බානකට.ලූප් මුකුත් ඕන්නැ... ඕක මම අත්හදා බැලුවේ අයිකන් එකකුත් දාලා.බඩු වැඩ.

    තව කේස් එකක් තියෙනවා.ෆයිල් එක හංගන්න පුළුවන් .bat එකෙන්ම.ඒක හරිම ලේසියි hidden කර කර ඉන්න ඕනේ නෑ. attrib name +h +r +s ගහලා අදාල ෆෝල්ඩරේ නම name වෙනුවට දීලා .bat එකක් විදියට රන් කරන්න.බඩු හැංගෙනවා නිකන්ම.

    තව ක්‍රම එමට තියෙනවා.අයියා කියපු මේවා නම් මම දැනන් හිටියෙ නෑ.තැන්කු වේවා

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඒකත් මරු ඈ.....

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...