Showing posts with label තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය. Show all posts
Showing posts with label තවමත් තේරැම ගනිමින් ඉන්න ජීවිතය. Show all posts

Friday, April 5, 2013

කැසිල්ල....



ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම වූත් කැසීම් දාමයකි. ඉස්සර වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට දැන් කියන්නේ කැසිල්ලෙන් කැසිල්ල නොසන්සිදේ කියාය. ඒ..එදා මෙදා තුර කැසිල්ලේ පරිණාමයය.

Saturday, August 25, 2012

අවාසනාවට....ඇත්ත කතාවක්...සුවර් එකටම කතාවක්ද මන්දා.....


"හෙලෝ"
"හෙලෝ"
"උඹ කොහෙද ඉන්නෙ"
"හොස්පිට්ල් එක ගාව මචං.මුං මට ඇතුලට යන්න දෙන්නෑ."
"දැන් කීයද වෙලාව..ම්ම්ම් අට හමාරයි. 12 වෙනකන් යන්න දෙන්නැද්ද"
"නෑ බං.මම මේ හැම ගේට් එකකටම ආව එකකින්වත් ඇතුලට යන්න දෙන්නෑ."
"උඹ උදේට කාලද??කීයටද ගෙදරින් ආවේ..?"
"බඩගිනි නෑ බං..මම හතර හමාරට විතර ආවෙ.."
"උඹ ඔය කුරුණෑගල පැත්ත දන්නෙත් නෑනෙ..ෂික් මේ වෙලාවෙ මටවත් එන්න තිබුනනම්.."

Thursday, August 16, 2012

එකට කෑවත් අහවල් එක වෙනස්......!



මේ කතාව කොතනින් කොහොම පටන් ගන්නවාදැයි මම නොදනිමි. මේ වෙලාවේ පැහැදිලිව මේක කීමටත් හරි මානසිකත්වයක් නොමැත. ඒත් කෙසේ හෝ ලිවිය යුතුය. මම ඔහේ ලියාගෙන යමි. කියවන ඔබ ඔහේ කියවාගෙන යන්න. මුල මැද අග මට හොයාගන්න බැරි වුනත් මම ඔහේ ලියාගෙන යමි. 

Monday, August 6, 2012

බැඳි තන පට ගිලිහුන දා...


බැඳි තන පට
විකිණෙන විට...
පෙති ගිලිහුණු 
සුවඳ මලක...
පෙරල පෙරලා 
විඳින...
ලොවට පොදු වූ
සුවඳ...

Saturday, April 14, 2012

අවුරුද්දට අළුතෙන්......

බොහොම කාලෙකින් බ්ලොග් පොස්ටුවක් දාන්න මේ පැත්තට ආවේ..අනිත් අයගෙ බ්ලොග් කියව කියව හිටිය මිසක් මේ ටිකේම මොනවත් ලිව්වෙ නෑ..ජීවිතේ වෙච්ච හැලහැප්පීම් , කාර්යබහුල වීම් එක්ක ලියන්න , හිතන්න කිසිම නිදහසක් තිබුනෙත් නෑ..
මාස දෙකකට පස්සෙ ගෙදර ආවා..බෝඩිමේදි හැමදාම වගේ පරිප්පුයි , බතුයි කකා ඉදල මේ ටිකේ නම් අම්ම හදල දෙන කෑම වේලක රස බලනවා..කාලෙකින් ගෙදර ආව හින්දම මේ දවස් වල ඉල්ලන පරක්කුවෙන් කන්න බොන්න ලගටම ලැබෙනවා..හැබැයි කරමලේ සුදු වෙන්න කලින් ආයිත් බෝඩිම පැත්තට මාරු වෙන්න ඕනි..;)

Wednesday, February 15, 2012

ඇහෙන දේ..අහනවද..

                ගෙබි ලෝකෙ තියන ලොකුම උත්සවේ ගෙම්බන්ගෙ අවුරුදු උත්සවේලු. ඉතින් ලෝකෙ ඉන්න හැම ගෙම්බෙක්ම වගේ මේ උත්සවේට සහභාගී වෙන්න එනවලු. ඇවිත් ඒගොල්ලන්ගෙ තියන දක්ෂතා පෙන්නලා තෑගි බෝග එහෙම ගොඩක් අරගෙන යනවලු. තෑගි බෝග ගන්නම විතරක් නෙවෙයි සමහර තරුණ ගෙම්බෝ තමන්ගෙ අනාගත ගෙම්බිව හොයාගන්නෙත් මේ උත්සවේ අතරෙදිලු.

Saturday, February 11, 2012

කොහේ ගිහින්ද මංදා...

කොහේ ගිහින්ද මංදා...
මම මේ පන දාගෙන හොයනවා 
කියලා ගානක්වත් නැති හැටි..
දැන් දවස් ගානක ඉදන්ම 
ආගිය අතක් නෑ..
මම බලන්න ඕනි හැම තැනම බැලුවා...
අහන්න ඕනි හැමෝගෙන්ම ඇහුවා...

Sunday, January 1, 2012

පටන්ගන්න අළුතෙන්....!!!

අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු...
අළුත් අවුරුද්දකුත් ආව නේද..දැන්නෙ මතක් උනේ....!!

මම මේ කල්පනා කලේ පහුගිය අවුරුද්ද ගැන. ඊට කලින් ගෙවුනු අවුරුදු එක්ක බැලුවහමනම් 2011 කියන්නෙ මගෙ ජීවිතේට නම් ටිකක් විතර වැඩක් කෙරුනු අවුරුද්දක්. ගෙදරටම වෙලා කාලයක් ඉදල හෙමින් හෙමින් සමාජයට බැහැපු අවුරුද්දක්..මිනිස්සු එක්ක ගැවසෙන්න ,හිටියට වැඩිය ටිකක් විතර මිනිස්සුන්ව තේරුම්ගන්න පුළුවන් වුණු වසරක්. මගේ තිබුනු යම් යම් වැරදි හදාගන්න හැකිවුණු වසරක්.

Wednesday, December 28, 2011

කාට කියන්නද......!!

එහාට ගිහින්...
මෙහාට ගිහින්...
අරහෙට ගිහින්....
උඩ බලලා...
බිම බලනකොටත්....;

Tuesday, December 20, 2011

කාලය....

කාලය....
ගොඩක් දේවල් වෙනස් කරනවලු....
අද ලැබුනු දේ හෙට නොලැබෙන්න පුළුවන්ලු...
අද නොලැබුනු දේ හෙට ලැබෙන්න පුළුවන්ලු...
කොච්චර හංගන්න හැදුවත් සමහර ඇත්ත කවදහරි එළියට එනවලු...
කාට හරි බොරුවක් කරල අද සතුටින් ඉන්න අය එදාට මූණ හංගගන්න කොට...

Sunday, December 18, 2011

"ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."

මේ පාර ලියන්න හිතුවෙ ඔන්න මගේම දෙයක් නෙවෙයි..මීට ටික දවසකට කලින් තරුණයා පුවත්පතේ ගුරුපාර ලිපියේ  සමන් එදිරිමුණි මහතා විසින් පලකල ලිපියක්.ගොඩක් අය මේක කියවල ඇති ඒත් කියවපු ගමන් හිතට වැදුනු නිසා නොකියවපු කීප දෙනෙකුට හරි කියවන්න දෙන්න ඕනි කියල හිතුනා.මේ ලිපිය ගැන මට හිතෙන දේ දානවට වඩා ඒ ලිපිය එහෙම්මම දාන එක හොදයි කියල හිතුනා ඒකෙ තියන රසයට බාදාවක් නොවෙන්න.

මේ ලිපියෙ ශීර්ෂ පාඨයට තිබුනේ "ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."කියලා..එහෙනම් කියවලම බලන්නකෝ..

Sunday, December 11, 2011

එබී බැලුවොත් හදවතට...

රිදෙන කොට;
හැඩෙන කොට;
තැවෙන කොට;
විදෝන කොට;
එබී බැලුවොත් හදවතට...
පසක් වෙයි
ජීවිතය..

Tuesday, November 29, 2011

බලාපොරොත්තුව.....

ජීවිතයේ කවදාම හරි...
හැමෝගෙන්ම...
හැමෝගෙන්ම නැත්නම් අඩුමගානෙ...
මගෙ ලගින්ම ඉන්න අයගෙන් හරි...

Saturday, November 19, 2011

රූකඩය....!

අර මොකෙක්ද..????

නූල එහාට යනකොට..
එහාට යනවා...

නූල මෙහාට එනකොට...
මෙහාට එනවා...

Monday, November 14, 2011

ආදරේ කරන්න හේතුවක් ඕනිමද.....?

දවසක් මෙන්න මෙහෙම දෙයක් උනාලු....

පෙම්වතිය :- ඇයි ඔයා මට කැමති..? ඇයි ඔයා මට ආදරේ කරන්නේ..?
පෙම්වතා :- මට ඒකට හේතුවක් කියන්න බෑ..ඒත් මම ඔයාට ඇත්තටම කැමතියි..
පෙම්වතිය:- ඔයාට ඒකට හේතුවවත් කියන්න බැරිනම්..ඔයා කොහොමද කියන්නෙ ඔයා මට කැමතියි    
                 කියලා..?ඔයා කොහොමද කියන්නෙ ඔයා මට ආදරේ කරනවා කියලා..?                       
පෙම්වතා :-ඇත්තටම..මට ඒකට හේතුවක් කියන්න තෙරෙන්නෙ නෑ..ඒත් මට ඔප්පුකරන්න පුළුවන් මම
                ආදරෙයි  කියලා.

Sunday, October 23, 2011

තොන්ඩුව.....!

කවදාවත් නොසිතුවාට...
සිහිනෙන්වත් නොපැතුවාට...

Wednesday, October 5, 2011

දෛවය...!!



දෛවය...
මහ පුදුමාකාර දෙයක්ලු...
එයාට ඕනි විදිහට...
අපේ ජීවිත වෙනස් කරනවලු...
ඉස්සර කාලෙ කරපු වැරදි වල...
මේ කාලෙ දඩුවම් දෙනවලු...
කරපු වැරැද්දවත් නොදැන...
අපි දඩුවම් විදින්න ඕනිලු...

Sunday, October 2, 2011

හදවතින්ද...,බුද්ධියෙන්ද....!

දයාබර ඔයාට....,

ඔයා මට මුනගැහුනෙ අහම්බෙන් උනාට, ඒ හමුවීමට මහා ලොකු කාලයක් ගතවෙලා නොතිබුනාට ටිකින් ටික, ටිකින් ටික ඔයා මගෙ ජීවිතේ මහා ලොකු වපසරියක් මටත් හොරෙන්ම අරන් ඉවරයි. ඒක මෙච්චරයි කියල කියන්න මම දන්නෙ නැති වුනාට තනිවෙලා පාළුවෙන් හිටිය මට ඔයාගෙ සෙවන, ඔයාව, මහමෙරක් උනා.මහා නියගෙකට අහුවෙලා කාලෙකට පස්සෙ වැටෙන වැස්සට පීදෙන දළු කොළ වගේ මගේ හිතෙත් පුංචි පුංචි බලාපොරොත්තු ඇතිවුනා..කාලෙකට පස්සෙ මම සතුටින් හිටියා..ජීවිතේ ගැන වෙනස්ව හිතුව..අරමුණක් ඇතිවුනා. ඒ ඔයාට පිං සිද්ද වෙන්න.කෙල්ලෙක් සතු කොල්ලෙක් බලාපොරොත්තු වෙන ගොඩක් හොද ගතිගුණ  ඔයාට තිබුනා..ලස්සන හදවතක් තිබුනා..ඒ හදවතට මම ගොඩක් ආදරේ කළා..

Sunday, September 25, 2011

සිනා වෙමි මම අදත්....

තනිවෙලා තව තවත්.....
වෙන්වෙලා මා යලිත්.....
රතුවෙලා මා දෙනෙත්.....
රිදවනවා තව තවත්....

Monday, September 19, 2011

පුරහද......!

දුරින් හිද බලන කළ..
අපූරැවට පෙනෙන පුරහද..
මොනතරම් බලා හිටියත්..
එපා නොවෙන මේ පුරහද...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...