පන්හිදක් ගෙන
තල් පතක් උඩ
තබන විට දුක් සටහනක්...
තල්පතත්
පන්හිදත් එක්වී
කිව්ව මට පොඩි කතාවක්...
සදත් තිබුනා
තරුත් සිටියා
එදා අප ලග හිනැහෙමින්...
පන්හිදින් ඔබ
තල්පතේ හැඩ
රටා ඇන්දා ආදරෙන්...
සදත් එහෙමයි
තරුත් එහෙමයි
ඔබත් පෙර මෙන් අප ලගින්...
කිමද මේ අද
දුක් සුසුම් මැද
විරහවක් ඇද කැටයමින්...
ලගින් සිටි ඔබ
වෙන්ව ගිය දින
අදුරු වූවා හිරු සදුත්...
පන්හිදෙන් මම
දුක් කදුළු මිස
කෙසේ අදිමිද සියපතක්...
තල් පතක් උඩ
තබන විට දුක් සටහනක්...
තල්පතත්
පන්හිදත් එක්වී
කිව්ව මට පොඩි කතාවක්...
සදත් තිබුනා
තරුත් සිටියා
එදා අප ලග හිනැහෙමින්...
පන්හිදින් ඔබ
තල්පතේ හැඩ
රටා ඇන්දා ආදරෙන්...
සදත් එහෙමයි
තරුත් එහෙමයි
ඔබත් පෙර මෙන් අප ලගින්...
කිමද මේ අද
දුක් සුසුම් මැද
විරහවක් ඇද කැටයමින්...
ලගින් සිටි ඔබ
වෙන්ව ගිය දින
අදුරු වූවා හිරු සදුත්...
පන්හිදෙන් මම
දුක් කදුළු මිස
කෙසේ අදිමිද සියපතක්...
ආදරය වේදනාවක්...?.
ReplyDeleteවේදනාවක් වෙන තරමට ඒක ආදරය දලු ලෑමක්..
Deleteමම හිතන්නේ ඒක තීරනය වෙන්නෙ ආදරේ අපිට ලැබෙන විදිහ, අපි ඒක විදින විදිහ, අපි එයින් බලාපොරොත්තු වෙන දේ මත කියලා..
Deleteම්ම්ම්.. පන්හිදෙන් දුක් කඳුලූවත් ඉල්ලන්න එපා.. සියපතක් ඉල්ලන්නත් එපා.. කවි ලියන්න හිතේ හයිය විතරක් ඉල්ලගන්න..
ReplyDeleteම්ම්ම්ම්ම් පන්හිද දෙයි නේද මට හයිය...
Deleteසඳුත් එහෙමයි
ReplyDeleteතරුත් එහෙමයි
කවුරු කිව්වෙද.. එලෙසිනේ
අපට ගෙවෙනා කාලයම නොවැ
ඔවුන්ටත් එහි ගෙවෙන්නේ..
එදා සිටි සඳු
එදා සිටි තරු
නොවෙයි අදදින
විශ්වයේ හිඳ බලන්නේ...
අඩේ බලාගෙන ගියාම ඒකත් ඇත්ත නේද...එයාලත් වයසට එහෙම යනවනේ..
Deleteආදරය ලොකු දුකක් නේද..
ReplyDeleteඅපිට ලැබෙන විදිහෙන් ඒක තීරණය වෙන්නෙ
Deleteසහ ලැබෙන දේ අපි බාරගන්න විදිහෙන්...
අනේ...තරූ මක්කෙයි උනේ.....හ්ම්හ්
ReplyDeleteමොනා කරන්නද අක්කා...
Deleteආදරේ හටි ඔහොම තමා මලයා..
ReplyDeleteඒක තමයි අයියේ...
Deleteඉල්ලම පෑදිලා තියෙන්නෙ......ලියන්න......
ReplyDeleteඉල්ලම............කෝ....කොහෙද...........
Deleteආදරය කියන්නේ හැමදාමත්ම දුකක් තමා...කොච්චර සතුට කියන දේ තිබ්බත් ඒකේ ඇතුලත සැගවුනු දුකක් අනිවාර්යෙන්ම තියනවාමයි..:(
ReplyDeleteඒකෙත් පොඩි ආතල් එකක් තියනවා නේද...
Deleteලං ලංව සිටියට සෙවනැල්ල සේ වෙන් වෙන්න වුනු දට නාදුනන සේ ..............
ReplyDeleteහ්ම් ඒක ඇත්ත..
Deleteඔන්න මමත් ආවා. අද පළමු වතාවට මේ පැත්තේ.
ReplyDeleteකවිය නම් ලස්සනට ලියල තියෙනවා. ඒසඳහා වචන නොබිඳන හොඳ සද්‍ය රීතියකුත් අනුගමනය කරල කියෙනවා.
බොහොම ස්තූතියි මේ පැත්තට ආවට....
Deleteමේ වගේ දේකදි පන්හිඳ තල්පත විතරක් නෙමෙයි අයියේ මුළු ලෝකෙම ගොළු වෙනවා....
ReplyDeleteහ්ම්......
Deleteආදරය,විරහව,සතුට,දුක,සිනහව,කදුල මට හිතෙනවා ඝනකයක්ද කියලා. ජය..!
ReplyDeleteබොහොම ස්තූතියි ආවට....
ReplyDelete