Showing posts with label සිතට දැනුනු දේ.... Show all posts
Showing posts with label සිතට දැනුනු දේ.... Show all posts

Friday, October 25, 2013

හිතට මෙව්වා එකක් වෙලා වගේ...




මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න
සඳ නැතත් අමාවක බැරිද තරු පායන්න
වැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්න
නුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්න

Sunday, July 14, 2013

කට්ට කන්නෝ කවදා හෝ මදයට ලං වන්නෝය.....!!




උපන් දා සිට අප අනේක විදි කටු කන්නෝ ය
කටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ ය
දොස් කිය කියා තව තවත් කටු කන්නෝ ය
කටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ ය
බහිස්‍රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ ය

Wednesday, June 5, 2013

ඇණයක්ද මන්දා.....!!!


මේ ලගදි දැක්කා පොටෝවක්. එක රූස්ස ගහක එතිච්ච කම්බියක්. කාලෙකට කලින් මනුස්සයෙක් ඒ ගහේ ඔතපු එකක්. කාලයත් එක්ක ගහ වැඩුනත් ඒ කම්බිය එදා විදිහටම ගහේ තිබුනා. හැබැයි එක දෙයක් වෙනස් වෙලා. එදානම් ඒ කටු කම්බිය ගහේ එතෙද්දි ඒක ගහට අපහසුවක් වේදනාවක් නොගැලපෙන දෙයක් වෙන්න ඇති. ඒත් අද බලද්දි කටු කම්බියත් ගහේම කොටසක් වෙලා. කඳ ඇතුලට කම්බිය ගිලා බැහැලා. ටිකක් විතර ඒක ආවරණය වෙන්න ගහේ කඳත් වැඩිලා. කොටිම්ම කම්බියත් ගහේම කොටසක් වගේ වෙලා. එදා ගහේ ඔතන කොටම කම්බිය අයින් කලානම් වෙනසක් නොපෙනෙන්න තිබුනත් අද කම්බිය අයින් කලොත් ඒ හිඩස හැමෝටම පේනවා. හරියට නිකන් කම්බිය නැත්නම් ගහ සම්පූර්ණ නෑ වගේ. 

Friday, April 5, 2013

කැසිල්ල....



ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම වූත් කැසීම් දාමයකි. ඉස්සර වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට දැන් කියන්නේ කැසිල්ලෙන් කැසිල්ල නොසන්සිදේ කියාය. ඒ..එදා මෙදා තුර කැසිල්ලේ පරිණාමයය.

Saturday, March 16, 2013

ෆේස් බුක් "වල්" පේජ් සහ ලංකාවේ කෙල්ලො..... (ගර්ල්ස් ඉස්පෙසල්)



කා...ලෙකින්... :) කාලෙකින් කිව්වට ඇත්තටම සෑහෙන කාලෙකින්. එන්ඩ ඕනි එන්ඩ ඕනි කියලා හිතන් හිටියට ඇත්තටම තිබිච්ච වැඩත් එක්ක ලියන්නවත් කියවන්නවත් අඩුගානේ මගේ අන්තිමට දාපු මොලේ කුරුවල් වෙච්ච පෝස්ට් එකට රිප්ලයි කරන්නවත් එන්න බැරි උනා. මොනවා කරන්නද ඉතින් වැඩිවියට පත්වෙලා තාම අවුරුද්දක් දෙකක්වත් ගියේ නැති උනාට මං පොඩි එකා ලොකු වෙද්දි වැඩ වැඩි වෙනවා අෆ්ෆා. අහෝ දුකකි ඉරකි තිතකි කියන එක වෙනස් වෙලා තිත් කොමාවකි කියන්න වෙන තරමට වැඩත් එක්ක අනිත් එව්වා සීමා වෙනවා. 

Saturday, October 20, 2012

ජීවත් වීමද........කරවීමද........??


උඹ මොකටද ජීවත් වෙන්නේ...?
කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය.
එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ  මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත් නැත්නම් වෙන කරන්න දෙයක් නැති කමටය.

Saturday, October 6, 2012

ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය...


ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූර්යාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය.

Thursday, August 16, 2012

එකට කෑවත් අහවල් එක වෙනස්......!



මේ කතාව කොතනින් කොහොම පටන් ගන්නවාදැයි මම නොදනිමි. මේ වෙලාවේ පැහැදිලිව මේක කීමටත් හරි මානසිකත්වයක් නොමැත. ඒත් කෙසේ හෝ ලිවිය යුතුය. මම ඔහේ ලියාගෙන යමි. කියවන ඔබ ඔහේ කියවාගෙන යන්න. මුල මැද අග මට හොයාගන්න බැරි වුනත් මම ඔහේ ලියාගෙන යමි. 

Sunday, August 12, 2012

මුහුදෙ නැව් ගියාට පාර හිටින්නෙ නෑ බං...(18+ද.....නෑ නෑ නෑ එහෙම නෑ....)


අපි ඉපදෙන්නෙ තනියමලුනේ. මැරෙන්නෙත් තනියමලු.(මම නෙවෙයි ඕං කිව්වේ) එත් අපිට කරන්න අමාරුම දේ තමයි මට හිතෙන විදිහට තනියම ජීවත් වෙන එක. මහා ලොකුවට මට කවුරුත් ඕනි නෑ..මම තනියම ජීවත් වෙනවා කියන ගොඩක් අය තමන්ගෙ ඇහැට පුංචි වැලි කැටයක් ගියත් තව කෙනෙක් හොයාගෙන දුවනවා ඇහැට පිඹගන්න.

Wednesday, July 25, 2012

මල්සරා සන්නිය...(ලව් කරපු උන්ට.,ලව් කරන උන්ට.,ලව් කරන්න ඉන්න උන්ට..)

මොකද්ද අයිසේ කරන්නේ..කෝ මේ ආතුරයා..කොහෙන් හරි හොයාගෙන එනවා..

හරි හරි අයියේ..මේ ආතුරයාට මේ දවස්වල පොඩ්ඩක් ලව් සික් එක ගහලනේ ඔය මූඩ් ගහල කොහාට හරි වෙලා මනෝ පාරක් ගහගෙන ඇති...

ඉතින් බං හත්තිලව්වෙ ඔය මගුලටමනේ මේ තොවිලෙ නටන්නෙත්..ගෙහුං හොයං වර ඉක්මනට..

හරි හරි උඹ ගිරිය පුප්පන්නෙ නැතුව හිටුකෝ...මම හොයං එන්නං විගහට...

Friday, July 20, 2012

දැම්ම බඳිනවද...පස්සෙ බඳිනවද..(අතිශයින්ම කෙල්ලන්ට පමණයි)..




16 - 18 :-

අද රෑට හීනෙන් ඔයා මගේ ලගට එනවා නේද රත්තරං... මම මේ කොට්ටෙ තුරුල් කරගෙන නිදා ගන්නවා... ඔයා මේ කොට්ටෙ වගේ මට තුරුල් වෙලාම ඉන්න...අද රෑට මට ඔයාව හීනෙන් පෙනෙයි. එතකොට හෙට උදේට මට ඔයාව දකින්න හම්බවෙයි. අනේ එතකොට මම ලැජ්ජාවෙන් ඇඹරෙනවා...මට ඔයාගෙ මූණ බලන්නත් මොකද්ද වගේ... ඔයා මගේ ලගට ඇවිත් චූටි රෝස මලක් මට දීලා මගෙ නලලට උම්මා එකක් දෙනවාද?.. මම ඇස් දෙක පියාගෙනම ඉන්නවා...ඔයා හැමදාම මාව ආදරෙන් බලා ගන්නවා නේද...මම මුළු දවසම ඔයාගෙ ලගට වෙලා ඉන්නවා. ඔයත් මගෙ ලගටම වෙලා ඉන්න. මම ඔයාගෙ අතේ එල්ලිලා ඔයත් එක්ක හැම තැනම යනවා...එතකොට අනිත් කෙල්ලන්ගේ ඊරිසියාවෙන් රතුවෙන මූණු...අනේ මට ඇත්තටම මැවිලා පේනවා වගේ...මුළු ලෝකෙම විරුද්ද උනත් මම ඔයා ලගට එනවමයි...ඔයා මාත් එක්ක ඉන්නකොට මම මොකාටවත් බය නෑ...අපි අපේම කියලා ලස්සන චූටි ගෙදරක පදිංචි වෙමු...මට ලොකු ගෙවල් ඕනි නෑ..අපි දෙන්නට නිදහසේ ඉන්න තිබුනොත් ඇති...මට ඔයා වගේම හුරතල් කොලු පැටියෙක් ඕනි..අනේ මට ලැජ්ජයි වගේ...මට මැවිලා පේනවා ලොකු බඩකුත් උස්සගෙන ඔයාගේ අතේ එල්ලිලා යන හැටි...හී හී...ඉතින් ඉක්මනටම මගේ මේ හීනෙ හැබෑ කරනවා නේද මහත්තයෝ...

Monday, July 16, 2012

වතුර වැඩි පරිප්පුව...

ලුණු බිංදුවක් නැති
වතුර වැඩි පරිප්පුවේ...
ඔළු තිබුනා බැරි වෙලා
හාල්මැස්සන් හොද්දේ...
තව පැයක් පහු වුනොත්
පිළුණු වෙන සම්බෝලේ...

Wednesday, July 11, 2012

බිංදුවෙන්...එකට....


එක යනු 
එකය
එය දෙක 
නොවේ
එකට ආවා 
යනු
දැන් දෙකට යා
යුතුය

Friday, July 6, 2012

චූදිතයා....

නොමියෙන මිනිසුන්
අතර
මියෙන මිනිසෙක්
ලෙසට
චූදිතයා වීමි
මම
නොකල වරදට
විදින

Tuesday, June 12, 2012

දැනුණි නම් මොහොතකට.....


ලෝකෙටම එපාවී

විසිකලත් පාරටම
කුණු ගොඩටවත්
වටින්නේ නැති පමණ

නහරවල් බිද වැටුනු
අතර මග බිම වැටුනු
ලොවට නොපෙනී තිබුණු
දෑතටම පොඩි වුණු

Thursday, May 24, 2012

ආදරෙයිද...වරෙන්කො තොට දෙන්න......!!

ඒ කාලේ පට්ටය. පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම එකය. මම ඒ කාලය කීවේ ඒ කාලයට නොහොත් අතීත කාලයටය. එහෙමත් නැත්නම් මගේ පුංචි කාලේය. ඒ කාලේ මම හලි හුලතල්ය. කවුරුත් මට ආදරේය. බලන බලන තැන ආදරේ වැහි වැහැලාය.

ඒ කාලේ මම එපා කියද්දී හැමෝම මට ආදරේ කලෝය. තනියම කොහෙවත් යන්න දෙන්නේ නැත. තනියම මොනවත් කරන්න දෙන්නේද නැත. ඒ ආදරේ නිසාය. මේ ආදරේ මට මල වදයක් වූයේ ඒ හින්දාය. මම කොහේ ගියත් කවුරුන් හෝ පස්සෙන් එයි. මම උන්ට ආදරේ නැතත් උන් මට ආදරේය. උදේ නැගිට්ට ගමන් "පුතා නැගිට්ටද" අහගෙන කට්ටිය පෝලිමේ එයි. ටික වෙලාවකින් මාව උස්සගෙන මූන හෝදවන්න එක්කගෙන යයි. මම බෙරිහන්දෙද්දී බත් ගුලි කටේ ඔබයි.

Monday, May 21, 2012

කාලය මැව් වෙනසක අරුමේ....


පන්හිදක් ගෙන
තල් පතක් උඩ
තබන විට දුක් සටහනක්...

තල්පතත්
පන්හිදත් එක්වී
කිව්ව මට පොඩි කතාවක්...

Saturday, May 19, 2012

කැඩුනොත්.....කැඩුනමයි.....

දැන් හරිද...
ම්ම්ම්...තාම නෑ වගේ....
අනේ කොහොම හරි හදාගම්මු...
හ්ම්...
'හ්ම්' නෙවෙයි..මොකද්ද අනේ...
බලන්න දැන් හරිද කියලා....

Monday, April 30, 2012

තමන්ගෙ ගෑනිගෙ 'හෙළුව'....


ලගදි දවසක හදිස්සියෙම මම A/C බස් එකකට ගොඩ උනේ යන්න ගිහින් සෑහෙන්න පරක්කු වෙච්ච ගමනක් ඉක්මනට යන්න හිතාගෙනය. ශ්‍රී ලංකාවෙ බස් වල තියන ආශ්චර්යට නැගපු ගමන් බස් එකේ පස්සටම යන්න සිද්ද උනේ නීතිය අකුරටම පිලිපදින මෙම බස් රථයේ සීට් ගනනටම සෙනග වාඩිවී සිටි නිසාත් සීට් අතර තිබිය යුතු චූට්ටං සීට් මෙහි නොතිබූ නිසාත්ය.


ඉදගන්න සීට් නැතුව මල අසූහරදාහට පැන සිටි මාගේ හතර වටේට බ්‍රමණය වූ හිස එක් ක්ෂණයකින් නතරවූයේ මා අසලම තිබූ බසයේ පිටුපස අසුනේ විකාශණය වෙමින් තිබූ අතිශයින් වැඩිහිටියන්ට පමණයි වූ චිත්තරපටිය නිසාවෙනි. මාගේ ගත තිබූ වෙහෙස කොහෙන් ගියාදැයි මම අද වන තුරු දන්නේ නැත. අපේ අම්මාගේ වදන් මට සිහි වූයේ

Saturday, April 21, 2012

ජීවිතේ කියන System එක......

ජීවිතේ කියන System එකට
Run වෙන්න ඕනි Program එක හදන්න
ඔයත් එක්ක එකතු වුනේ
පුංචි කාලෙ ඉදන් එකතු කරපු
ආදරය,කරුණාව,දයාව
වගේ මගේ වටිනාම
Data ටික
බලාපොරොත්තු එක්ක එකතු කරලා
මගෙ
Heart එකේ ඔක්කොම
Partitions වලට Copy කරගෙන  ...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...