බොහොම කාලෙකින් බ්ලොග් පොස්ටුවක් දාන්න මේ පැත්තට ආවේ..අනිත් අයගෙ බ්ලොග් කියව කියව හිටිය මිසක් මේ ටිකේම මොනවත් ලිව්වෙ නෑ..ජීවිතේ වෙච්ච හැලහැප්පීම් , කාර්යබහුල වීම් එක්ක ලියන්න , හිතන්න කිසිම නිදහසක් තිබුනෙත් නෑ..
මාස දෙකකට පස්සෙ ගෙදර ආවා..බෝඩිමේදි හැමදාම වගේ පරිප්පුයි , බතුයි කකා ඉදල මේ ටිකේ නම් අම්ම හදල දෙන කෑම වේලක රස බලනවා..කාලෙකින් ගෙදර ආව හින්දම මේ දවස් වල ඉල්ලන පරක්කුවෙන් කන්න බොන්න ලගටම ලැබෙනවා..හැබැයි කරමලේ සුදු වෙන්න කලින් ආයිත් බෝඩිම පැත්තට මාරු වෙන්න ඕනි..;)
මේ දවස් වල අහන්න , දකින්න , අත්දකින්න ලැබුණු දේවලුත් එක්ක අද මට හිතුනා මේ වගේ දෙයක් ගැන කතා කරන්න. මීට සමාන ලිපියක් මම මේ බ්ලොග් ලෝකෙට ආව මුල්ම කාලෙ පල කලා... මුල්ම කිව්වට මේ.. මීට මාස හය හතකට කලින්.. හැබැයි ඒ ආදරේ ගැන..
කියවපු නැති අය මෙන්න මෙතනින් ගිහින් කියවන්නකෝ..
කියවපු නැති අය මෙන්න මෙතනින් ගිහින් කියවන්නකෝ..
මේ ටිකේම ක්‍රිකට් මැච්..රට වටේම යන්න උනා මැච් හින්දා..මාත් ඉතින් ලෙක්චර්ස් , එක්ස්ඈම් කට් කරගෙන මේ මැච් වලට යනවා..කොච්චර උනත් ලෙක්චර්ස් යනවට වැඩිය මැච් ගහනකොට කොච්චර ආතල්ද..;)
ඉතින් මෙහෙම යන කොට විවිධ තැන් වලදි විවිධාකාර මිනිස්සු අපට මුන ගැසෙනවා..ඒ විවිධ අයත් එක්ක විවිධ විදිහට ඉන්න වෙනවා.. ඉතින් ඒ පෞද්ගලිකව නොවුනත් ලැබුනු විවිධ අත්දැකීම් තුලින් තමයි අද මම මේ ලිපිය ලියන්න හිතුවේ.
ඉතින් මෙහෙම යන කොට විවිධ තැන් වලදි විවිධාකාර මිනිස්සු අපට මුන ගැසෙනවා..ඒ විවිධ අයත් එක්ක විවිධ විදිහට ඉන්න වෙනවා.. ඉතින් ඒ පෞද්ගලිකව නොවුනත් ලැබුනු විවිධ අත්දැකීම් තුලින් තමයි අද මම මේ ලිපිය ලියන්න හිතුවේ.
ක්‍රීඩාව කියන්නේ මනස බොහොම සැහැල්ලුව තියාගෙන කල යුතු දෙයක්..ඕනිම ක්‍රීඩාවක් කරන කොට මේ මානසික සංයමය ගොඩක් වැදගත් වෙනවා. කණ්ඩායම් ක්‍රීඩාවකදි කණ්ඩායම් හැගීම ගොඩක් වැදගත්. මොකද අපි තනි කෙනෙක්ට කල හැක්කෙ යම් කොටසක් පමණයි. අපි හැමෝගෙන්ම තමන්ගෙ කොටස නිසි ආකාරයෙන් ලැබුනොත් පමණයි කණ්ඩායමක් විදිහට ජය ගන්න හැකි වෙන්නේ.
මෙහිදී කණ්ඩායම් නායකයාට පැවරෙන වගකීම ඉතා විශාලයි. ඔහු තමයි මෙහෙයවන්නා. අන් සියල්ලන්ම හැසිරෙන්නෙ ඔහු වටා. සියල්ලන්ම සතු හැකියාවන් උපරිමයෙන් උකහා ගැනීමට නායකායාට හැකි විය යුතුයි.
ඒ වගේම චැදගත් කොටසක් තමයි කණ්ඩායමක ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයින්..තම නායකයගෙන් යම් වැරුද්දක් වෙනවනම් ඒක පෙන්නා දීම..,නවක ක්‍රීඩකයින්ට තම සුපුරුදු හැකියාවන්ට පැමිණීමට උපකාර කිරීම බොහෝ සෙයින් වැදගත්. මෙන්න මේකයි කණ්ඩායම් හැගීම කියන්නෙ. අපි කාලෙක ඉදන් මේ කණ්ඩායමට ක්‍රීඩා කලත් , අපි අළුතෙන් ආවත් දැන් හැමෝම එක කණ්ඩායමක්. ජය , පරාජය දෙකම විදදරා ගත යුත්තේ අපි හැමෝම එක්ව.
මෙහිදී කණ්ඩායම් නායකයාට පැවරෙන වගකීම ඉතා විශාලයි. ඔහු තමයි මෙහෙයවන්නා. අන් සියල්ලන්ම හැසිරෙන්නෙ ඔහු වටා. සියල්ලන්ම සතු හැකියාවන් උපරිමයෙන් උකහා ගැනීමට නායකායාට හැකි විය යුතුයි.
ඒ වගේම චැදගත් කොටසක් තමයි කණ්ඩායමක ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයින්..තම නායකයගෙන් යම් වැරුද්දක් වෙනවනම් ඒක පෙන්නා දීම..,නවක ක්‍රීඩකයින්ට තම සුපුරුදු හැකියාවන්ට පැමිණීමට උපකාර කිරීම බොහෝ සෙයින් වැදගත්. මෙන්න මේකයි කණ්ඩායම් හැගීම කියන්නෙ. අපි කාලෙක ඉදන් මේ කණ්ඩායමට ක්‍රීඩා කලත් , අපි අළුතෙන් ආවත් දැන් හැමෝම එක කණ්ඩායමක්. ජය , පරාජය දෙකම විදදරා ගත යුත්තේ අපි හැමෝම එක්ව.
ඒත් මේ දේවල් ඇත්තටම වෙනවද.?? ඔව් වෙනවා.. නමුත් ඒ අතර මේ මොනවත් නැතුව තමන්ගෙ වාසිය විතරක් බලාගෙන , තමන්ට වඩා දක්ෂතා පෙන්වන කෙනෙක් ඉන්නවනම් ඔහුට ඊරිසියා කිරීම , මානසිකව වැට්ටීම හරිම සුලබ දෙයක්. මේක මේ ක්‍රීඩාවෙදි විතරක් සිදුවෙන දෙයක් නෙවෙයි..සාමාන්‍ය ජීවිතයෙදිත් හැමතැනම දකින්න ලැබෙන දෙයක්. මෙකනදි මම දැක්ක ලොකුම දෙයක් තමයි බොහෝ අය හරිම අකමැති දෙයක් තමයි තමන්ගෙ වැරැද්දක් පිළිගැනීම. පුහුණුකරු හරි වෙන කෙනෙක් හරි ක්‍රීඩකයෙක්ගේ වරුද්දක් පෙන්වන විට බොහෝ අය හැසිරෙන්නේ මේ වැරැද්ද පෙන්වන කෙනා තමන්ගෙ පරම හතුරෙක් වගේ..ඇත්තටම එතන වැරැද්දක් නැති වෙන්න පුළුවන්. නමුත් මනුස්සයෙක් විදිහට කතා බහ කරලා ඒ දේවල් විසද ගැනීම වෙනුවට තමන් නිවැරදි වෙන්න දාහක් දේ කීම අපේ ගොඩදෙනෙක්ගෙ තියන වැරැද්දක්..මෙහෙම දේවල් බලා ඉන්න කොට හිනාත් යනවා..
මිනිස්සුන්ට අමතක වෙලා තියන දෙයක් තමයි අපි හැමෝම මිනිස්සු කියන එක. අපි මේ ලෝකෙට එනකොට පිං පව් ඇරෙන්න වෙන මොනම දෙයක්වත් අරගෙන ආවෙ නෑ කියන එක. අපි බොහොම දුක් මහන්සි වෙලා , කැප වෙලා යමක් ලබා ගත්තහම , යම් කිසි තැනකට ආවාම ඒකෙ වටිනා කමක් තියනවා තමයි ඒක ඇත්ත. නමුත් එහෙම කියලා තව කෙනෙක් ඒ වගේම මහන්සි වෙලා යම් තැනකට එන කොට තමන්ගෙ තැන නැති වෙයි කියන බයට අළුතෙන් එන කෙනාට අකුල් හෙලන එක නෙවෙයි කල යුත්තේ. ක්‍රීඩකයෙක් විදිහට මම නම් ගොඩක් කැමති දෙයක් මම ක්‍රීඩා කරන ආකාරයට , එම ස්ථානයට තවත් අය තරග කරනවනම්. මොකද හොදම දක්ෂයට විතරයි කණ්ඩායමක ස්ථානය රැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගෙ තැනට තව අය තරග කරනවා කියන්නේ මට වෙස් වලා ගත්ත ආශිර්වාදයක් වගේ. මට මගේ හැකියාව තවත් වැඩි කරගන්න හොද අවස්ථාවක්. මේ වගේ වෙලාවට මම නම් උත්සහ කරන්නෙම ඒ තරග කරන හැමෝටම වැඩිය මගේ හැකියාව දක්ෂතාවය වැඩි දියුණු කර ගන්න. හැබැයි ඒ අර අනිත් අයට අකුල් හෙලලා , හොද මූණ පෙන්නං ඉදල යටි කූට්ටු වැඩ කරලා නෙවෙයි. බොහොම සහයෝගයෙන් ඉදලා. සමහරවිට මට වඩා දක්ෂ කෙනෙක් නිසා මාව කණ්ඩායමෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒත් මම උත්සහ කරන්නෙ එදා ඉදන් අර මට වඩා දක්ෂ කෙනාට වල කපන්න නෙවෙයි. එදා ඉදන්ම මගෙන් උනු වැරදි අඩුපාඩු ටික හදාගෙන දක්ෂතාවයෙන් පෙරට එන එක. ඒ ක්‍රමෙන් මට නම් කවදාවත් වැරදිලා නෑ. මට අද මගේ හිතට එකගවා කියන්න පූළුවන් මම අද ක්‍රීඩාවෙන් යම් තැනක ඉන්නවනම් ඒ කාටවත් අකුල් හෙලලා නෙවෙයි කියලා. මම යම් කණ්ඩායමක ඉන්නවනම් ඒ මගේම දක්ෂතා හින්ද මිසක් මට වඩා දක්ෂ කෙනෙක්ට වල කපලා නෙවෙයි කියල. ඇත්තටම එහෙම හිතන කොටත් හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ. මම හැමදාම කියනවා වගේ අපි යන දවසක ගෙනියන්නේ මේ කාලෙ අපි රැස් කර ගන්න පිං පව් දෙක විතරනේ. වෙන මොන මගුලක්වත් අපි අරගෙන යන්නෙ නෑනෙ. මැරෙන දවසට හිතේ සතුටෙන් මැරෙන්න මට නම් පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.
කියන්න ගියොත් කියන්න මේ වගේ සිද්දි ගොඩක් හිතට ආවත් විනාඩි පහෙන් පහට අපේ අම්ම ඇවිත් මතක් කරනවා ලබන සතියේ එක්ස්ඈම් දෙකක්ම තියනව නේද තෝ මොන මගුලක්ද මේ ලැපක් බදාගෙන කරන්නෙ කියලා. ඉතින් ඒකට මමද පලි. මේ එක්ස්ඈම් තියන එවුන් දැන ගන්න ඕනි මේ අළුත් අවුරුදුකාලෙ ඔය වගේ දේවල් නොතිය ඉන්න. කෝ ඉතින් අපේ අම්මලට මෙව්ව තේරෙන එකක්යෑ :පී.. මොනවා කරන්නද ලබන සති දෙකට විභාග තුනක්ම තියනවනේ. එපා වෙනවා අෆ්ෆා. අවුරුදු කන්නවත් නෑ මේ අවුරුද්දෙ.දුක තමයි රංජනී කිව්වලු. L L L
එහෙනම් ලැබුවාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද මේ බ්ලොග් අවකාශයේ හැමෝටම හිතේ සතුට මුලු වසර පුරාම රැදෙන සුබම සුබ අළුත් අවුරැද්දක් වේවා......!!!!
මෙයත් මම වගේමැ තමයි අවුරුදු ගානකින් ලියලා නැහැ..වෙනසකට තියෙන්නේ මට නම් කියවන්න උනෙත් නැහැ... :D
ReplyDeleteතවත් දාන්න පහක් ක්‍රිකට් මැච් නම් ඉතින් වෙන වැඩ මොනාද ;) ;)
දී කිරට බළල්ලුත් සාක්කිලු!!!! :p
Deleteදාන්න ChammA 5ක්......
Deleteමම මේ කල්පනා කලේ කවුද මේ හිතූ කිව්ව බළලා කියලා....
බ්ලොගේ මතක් වෙලා තියෙන්නේ... ඒ දේවල් වගේම එක්සෑමුත් හොඳට කරගන්න!
ReplyDeleteඒකනෙ කියන්නෙ අමතක වෙලා තිබිලා මතක් උනා...
Deleteහුග කාලෙකින්නේ.. හොද පොස්ට් එකක්!
ReplyDeleteම්ම්ම්.....ඔව් ගොඩක් කාලෙකින්.....
Deleteගොඩ කාලෙකින් නේ මේ පැත්තට ගොඩ උනේ..
ReplyDeleteකාලෙකින් හරි ආවනේ......ඒ මදැයි...
Deleteපෝස්ට් එක හොඳයි. ඒ උනාට පාඩම් කරන්ට. දුක තමයි රංජනී ඒත් මොනවා කරන්ටද? :D
ReplyDeleteකාට කියන්නද මේ දුක.....
Deleteඑක්සැම් හොඳට කරන්න...
ReplyDeleteම්ම්ම් ඒකනම් බලන්න ඕනි....
Deleteඅහෝ දුකකි ඉරකි තිතකි...:(
ReplyDeleteවිබාග ගැන නම් කතා කරලා වැඩක් නෑ අප්පා..මොනවා කොලත් ඔච්චරයිනේ ඉතිරි වෙන්නේ...අමාරුවෙන් හරි කොරන්න ඉතින් යාලු..:) ජය..!!!
හෆෝයි මතක් කරන්න එපා ඔව්වා ගැන...මහ ජරා ජාතියක්... :(
Deleteහ හා..ලෙක්චර්ස් කට් කරලා ක්‍රිකට් මැච් ගැහුවා විතරක්නම් මොකද :/ එක්සෑම් ත් කට් කරන එකනෙ වැඩේ :@
ReplyDeleteකොහොම වුනත් අයියේ අනුන්ට වල කපන්නෙ නැතුව තමන් දියුණු වෙන්න උත්සාහ කරන එක හරි හොද ගුණයක්.. දිගටම ඔහොම ඉන්න.අයියට වරදින එකක් නෑ.. ජය වේවා!!!
ඒකනේ නංගි මාර වැඩේනෙ...ලෙක්චර්ස් කට් කලාම එක්සෑමුත් කට් කරන්නම වෙනවනේ...... :දිව දොට්ට....
Deleteතමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල අයියා
ReplyDeleteඅත පොඩ්ඩක් ලොකු උනා නම් හොදයි නේද......
Deleteම්ම්ම්ම් අම්මගේ කෑම රස බල බල ඉන්නවා ඇති නේ තාම.... මොනා උණත් ලෙක්චස් කට් කරන එක නම් නෝටි වැඩේ..... :))
ReplyDeleteහම්මියෝ මේ එක්සෑම් මගුල හින්ද අවුරුද්ද ඉවර උන ගමන්ම අයිත් එන්න උනානෙ නංගියෝ....
Deleteමමත් ඉතිං ඇවිල්ල අලුත් එකයි පරණ එකයි දෙකම කියවල යනවා. දවස ගානක් මගින් හැරිලා ගියා.
ReplyDeleteදැන් කාලේ ළමයි ක්‍රීඩාවට එච්චර සම්බන්ධ වෙන්නේ නැති එක සෞඛ්‍ය වගේම අනෙක් අතර මානසිකවත් බලපානවා. ක්‍රීඩාවක යෙදෙන කෙනාගේ තියෙන නීරෝගීබව වගේම කණ්ඩායම් හැඟීම්, දරාගැනීම වගේ දේවල් අපි හැමෝටම වටින දේවල්
ReplyDeleteමාත් මේ ටිකේම් කලේ අයියාගේ බ්ලොග් එක අග ඉදන් මුලට කියවන එක යන්තම් අද ඉවර කරගන්න පුලුවන් උනා.. :)
ReplyDeleteඅයියගෙ අදහස් හරි ලස්සනයි..
ඔන්න ඔක්කෝම කියෙව්වා.. :)
බොහොම ස්තූතියි......!!!!
ReplyDelete