රෝහල් ජීවිතයද විවිධ අත්දැකීම් රාශියක් ගෙනල්ලා දුන්නේය. මට එතරම් අමාරු වූයේ නැති නිසාම රෝහලට ගෙනගිය ආකාරය නම් එතරම්ම මතක නැත. නමුත් එතනින් එහාටනම් සෑහෙන දේවල් මතකය. වාට්ටු අංක 6ට ආදාලව ලස්සන නර්ස් අක්කලා ගොඩක් සිටී. මට වැඩිපුරම මතක ඔවුන් ගැනය. මා වාට්ටුවට ඇතුල් කල සැනින්ම එක අක්කා කෙනෙක් මා ලගට පැමිණ මගේ අතින් ඇල්ලවාය. මම විලිලැජ්ජාවේ ඇඹරීමි. ඕනිදේකට තව ඕනිතරම් වෙලාව තිබේ. මොකටද ආපුගමන් කලබල වෙන්නේ. අනික ගෙදර කස්ටියත් සිටී. මම හෙමිහිට ඇගේ මූණ බැලීමි. මට වැරදී ඇත. ඇය පැමිණ තිබුනේ මගෙන් ලේ ගන්නටය. මෙවෙලේනම් මට මදුරුවාගේ අම්මා මුත්තා සිහිවිය. කොල්ලෙක් නිසා කෑ ගසන්නටද නොහැක. ඕනි දෙයක් කර ගනින් කියා අත දිගෙන සිටියෙමි. වාට්ටුවට ඇතුල් කරන්න පෙර සිටම සේලයින් සදහා කටුවක් ගසා තිබුණි. ඇදේ හාන්සිකරවූ මට සේලයින් දෙන්නට පටන් ගැණුනි. එදා සිට ගෙදර එන දවස දක්වාම දවසකට දෙවරක් සේලයින්ද, උදේ හවස ලේ ලබාගැනීමද දවසකට වරක් ඊ.සී.ජී ලබාගැනීමද සිදුවිය.
මා රෝහල් ගත වී දින දෙකකට පසු රෝහලට තවත් කට්ටියක් පැමිණියහ. ඒ හෙද විදුහලින් හෙදියන් ලෙස පුහුණුව ලබා පිටවීමට සිටින පිරිසත් ජ'පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ අවසන් වසර ශිෂ්‍ය ශිෂ්‍යාවනුත්ය. දැන් නම් මට ලෙඩක් නැති ගානය. අළුතෙන් ආව නර්ස් අක්කලාත් දොස්තර අක්කලාත් මාව වටකරගෙනය. ඔවුන්ගේ ඉගනීමට අවශ්‍ය දේවල් අපෙන් විමසයි. දිනක් ලස්සන දොස්තර අක්කා නෙනෙක් මා ලගට පැමිණියාය. මම සුටුස් ගා ඇදේ හාන්සි වීමි. ඇය මගෙන් නොයෙක් තොරතුරු විමසීය. නම මොකක්ද , ගෙවල් කොහොද , ලෙඩ වෙන්න කලින් හිටියෙ කොහෙද, මදුරුවා කෑවෙ කොයිවෙලේද...යනාදිය ඇසීය. අක්කාට අන්තිම ප්‍රශ්ණයේදීනම් වැරදිණි. මදුරුවා මාව කෑවා මිසක් මම මදුරුවා කන්නට නොගියෙමි. මම එය ඇයට පැහැදිලි කලෙමි. මොන තරම් ප්‍රශ්ණ ඇසුවත් වටිනාම ප්‍රශ්ණය ඇසුවේ නැත. එනම් මාගේ දුරකතන අංකයය. කොයිවෙලේ හෝ ආසාවි කියා සිතුවත් ඇය ඇසුවේ නැත. ලේඩීස් ෆස්ට් නිසා මම කියන්නටද නොගියෙමි. දැන්නම් හිතෙන්නේ අපරාදේ කියාය. රෝහලේ සිටි අවසන් දවස් හතරම මෙසේ වෙන්ඩ දොස්තර අක්කලා මා සමග සිටියහ. වෙන්ඩ දොස්තර අයියලාද සිටිමුත් මම උන් ගණන් නොගත්තෙමි. ඔවුනුත් එසේමට. අපට වටින්නේ අක්කලාය. විටෙක අක්කලා දෙදෙනෙක් දෙපැත්තෙන් පැමිණ මගේ අත් දෙකෙන් අල්ලා නාඩි බලයි. ඔවුන් දෙදෙනා බැලූ පසු තව දෙදෙනෙක් බලයි. මට ඇත්තේ මාර ඉල්ලුමක්ය. ඇගේ තව කොහෝ හෝ නාඩි බැලීමට තැනක් තිබුනානම්යැයි මට සිතුනි. කුපාඩි කමකට නොවේය. එහෙම උනානම් ඉක්මනට බලන්න තිබුණාය. වෙන්ඩ නර්ස් අක්කලාද එහේමය. වෙනදාට බෙහෙත් ටික නිකම්ම ගෙනත් දෙන සාමාන්‍ය නර්ස්ලා වගේ නොවේය. මොවුන් ලගට පැමිණ බෙහෙත් ටික පොවයි. පොවන ගමන් විස්තර අහයි. කෑවද අසයි. දැන් කොහොමද අහයි. ඔය ආදී වශයෙන් බොහෝම ආදරණීයව සලකයි. අනේ හැමදාම මොවුන්ට විභාග පවතීවැයි මම පැතුවෙමි.
ඉතින් දවස් 6 කට පසු ඊයේ මම ගෙදර ආවෙමි. ඒත් අදත් නැවත් ලේ චෙක් කලෙමි. නැවත හෙට රෝහලට යා යුතුව ඇත. මෙතරම් ඉක්මනින් සනීප කෙරැවාට වෛද්‍ය කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. හැමදාම මාත් සමග සිටි මගේ අම්මා තාත්තටත් රෝහලේ මා ලග නතර වී සිටි මගේ යහළුවන්ටත් මගේ දුක සැප සොයා බැළු අනෙක් සියළුම යාළුවන්ට හා අනෙකුත් සියළුම දෙනාටත් බෙහෙවින් ස්තූති වන්ත වෙමි. තවමත් ඇගට හරිහැටි සනීපයක් නොමැත. දවස් ගානක් නොකා සිටි නිසා කිලෝ හය හතක් බර අඩුවී ඇත. මම හුරුබුහුටි කොලු පැංචා නියා මෙම අඩුවීම මට හොදට දැනේ. දැන් ඉතින් ගෙදරටම වී කමින් බොමින් දැහමෙන් සෙමෙන් කාලය ගත කල යුතුය.
මේ දවස්වල බ්ලොග් කියවීමට නොහැකි වූ නිසා හෙමින් සැරේ මගහැරුණු සියළුම බ්ලොක් කියවමි. ඒ පිළිබදව සමාවුව මැනවි.
තරුවා රෝහලේ සිටි ආකාරය බලන්න පහලට එන්න.....
*
*
*
*
*
*
*
*
*
*
*
*
ඇත්තමයි මල්ලි... මමත් කල්පනා කළා ඔයා කෝ කියලා...
ReplyDeleteමල්ලීට ඔයාට ඉක්මන් සුවය පතනවා........
අර උඩ පොටෝ එක දැක්කාම දුකේ බෑ අප්පා....හයියෝ තරුවෙ..
ඕං මං ආවා.....
Deleteඔව් අෆ්ෆා මටත් දුකේ බෑ....හරි අහිංසකපාටයි නේද....
අපොයි.....
ReplyDeleteඉක්මන් සුව ලැබේවා...
බොහොම ස්තූතියි........!
Deleteවෙච්ච දෙයක්..
ReplyDeleteඉක්මනට සුවය ලැබේවා..
හ්ම්....මොනවා කරන්නද.....
Deleteආරෝග්‍ය පරමා ලාභාලුනේ.... ඩෙංගු හැදිලා සනීප වුනත් අතට පයට අමාරු වෙනවලු. ඉක්මන් සුව ලැබේවා
ReplyDeleteඒකනම් ඇත්ත මේ දවස්වල ඇගට මාර අමාරුයි.....
Deleteඅමතක වෙලා කියලා දැනුනු නිසයි අහන්නේ උඹව කාපු මදුරුවට දැන් කොහොමද.? හික්..
ReplyDelete(ඉක්මනට සනීප වෙලා ආවනේ.සතුටුයි ඒගැන. ජය වේවා...! නිවන්... චැහ්... වැරදුනා ආයෙත්...! නිරෝගී සැප ලැබේවා..!)
මේ..ඌට දැං හරි ජයයිලු..මගේ ලේනේ බිව්වේ...දැං ඕං මදුරියො වට කරගෙන ඉන්නවලු....
Deleteතව ටිකක් රෙස්ට් කලානම් හරි. අපේ නංගි කෙනෙකුටත් ඔහොම ඩෙංගු හැදුනා. කලින්ම බේත් ගත්ත නිසා හොදයි. :)
ReplyDeleteමේ දවස් වල රෙස්ට්ම තමයි...කෑම එකත් අතටම හම්බවෙනවා...
Deleteඑහෙනම් අපරාදේ බං දවස් 6න් ආවේ...
ReplyDeleteඅමතක උනා.. ටිකක් විවේකයෙන් ඉදපන්.. හරියට බෙහෙත් ටික බීපන්..
Deleteඔව් අෆ්ෆා...තව දවසක් දකක් හිටියනම්...අලේ මංදා මොනවා වෙයිද කියලා...
Deleteතව පොඩ්ඩෙන් තරුවා තරුවක් වී අහසේ... තමයි! කමක් නෑ දැන් හොඳයිනේ. බෙඩ් රෙස්ට් තමයි ඕන දැන්!
ReplyDeleteමේ දවස්වල බෙඩ් එකේම තමයි......
Deleteසනීප වෙලා ආවට පස්සෙ ලෙඩ දුක් ගැන අහල වැඩක් නෑනේ,,, සන්තෝසයි ඉක්මනට සනීප වෙච්ච එක ගැන
ReplyDeleteමේ මටත් ඩෙන්ගු මදුරුවෙක් හොයල දීපල්ලකෝ........ සතියක් විතර ආතල් ගන්න තරුවට වගේ
අපේ බෝඩිම පැත්තට එන්න..මම චෝයි එකෙක් හොයලා දෙන්නම්....
Deleteඅපරාදේ මාරිඑකක් කාලා ඔමියක් බලන්න තිබිච්ච චාන්ස් එකක් නොවැ මිස වෙලා තියෙන්නේ ...
ReplyDelete(බොරුවට බන් කිව්වේ ,හොස්පිටල්වල කොච්චර සැලකිලි තිබුනත් ගෙදර ඉන්න එකවගේ නෑනේ )
හිකිස්.....ඒකනේ මම හොදවීගෙන එනකොටම ගෙදරට පැනගත්තේ...
Deleteමදුරුවාට තැන්කුයි කියන්නෙ නැද්ද
ReplyDeleteකිව්වා..කිව්වා....ඌ වෙල්කමුත් කිව්වා...
Deleteමගේ හාමිනේත් වෙන්ඩ හාමිනේ වෙලා ඉද්දි ඔය වගේ කේස් අනන්ත උනා. සමහර ලෙඩ්ඩු ෆෝන් නම්බරේ දෙනවලු. සමහරු ඉල්ලනවලු. කරදරයක්ම වෙච්ච එකෙක් හිටියා ඔය අතරේ. පොඩ්ඩෙන් ඌ ආයේ ඉස්පිරිතාලේ ඉන්න ගියේ මගෙන් කාලා.
ReplyDeleteඅනේ ඉතින් මමනම් එහෙම මොකුත් කොරන්න ගියෙ නෑ..හරි හුරතලේට හිටියා....
Deleteජපුර පැත්තෙ දැන් මදුරුවො නැහැලු. :)
ReplyDeleteපරිස්සමින් ඉඳපන්.
අම්මපා....එහෙනම් මොක්කුද ඉන්නේ....
Deleteayyo.......ape taru ayyatat mara wadane wenne appa.godak satutui ikmanata sanipa una eka gana.
ReplyDeleteම්ම්ම් බොහොම ස්තූතියි නංගි....දැන් ඉතින් සනීපයිනේ....
Deleteදැන් සනීපයිනේ... එහෙනම් එල...
ReplyDeleteදාන්ඩ පහක්...
Deleteතව තව සනීපම වේවා!!!
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හනේ මට එසේම වේවා....රාජ සම්පත් ලැබේවා...රජාගේ අන්තංපුරෙත් ලැබේවා....
Deleteඉකමනින් සුවපත් වේවා. නීරෝගි භාවය පතනවා.
ReplyDeleteබොහොම ස්තූතියි........
Deleteතරුට රජ සැලකිලි ලැබිලානේ...:)
ReplyDeleteඔක්කොම අක්කලා විතරක් නෙවෙයි නන්ගිලත්ඉන්නවා එකේ.....:P ;)
කොහෝම හරි ඉක්මනටම සනීප වෙලා ආපු එක හොදයි.....දැන් හොදට විවේක ගන්න...
ඉක්මනටම හොදටම සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......!!!!
මාර කේස් එක කියන්නේ මට හම්බවුනේම අක්කලනේ.....
Deleteඇෆ්ෆ්ට සිරි..අඩේ දන්නෙත් නෑ නේ
ReplyDeleteඒකනේ මටත් මදුරුවා කලින් කිව්වෙ නෑනේ.....
Deleteඅනේ අපොයි....පින්තුරේ දැක්කම ඇඩෙනවා. විස්තර ටික කියල තියන හැටි තමයි මරු :) වැඩිය දඟලන්න යන්න එපා හරියට සනීප වෙනකන්. ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා....
ReplyDeleteපව් නේද...හරි හුරතල් කොලු පැටියා නේද කොහොම උනත්....
Deleteආනෝ............ඩුක හිටෙනව හලේඉන්න හැටි ඩැක්කම....කමක් නෑ....ඔයාට ඩැන් සනීපයිනේ...:(
ReplyDeleteඔවු හලේ මටත් ඩුකා....යි.......
Deleteඅම්මියෝ.. දෙයියන්ගෙ පිහිටෙන් දැන් හොදයිනෙ අයියාට.. ටිකක් විවේකෙන් එන්න... බලන්න එන්න ඇහුවාමත් හෙන ගනන් නෙ මෙයාගෙ..:/ මේකෙන් තමා හොරේ අහුවුනේ...;) හරි අඅසාවෙන් ඉස්පිරිතාලෙ ඉදලා තියෙන්නෙ, අපිට බොරුව දාලා..:p
ReplyDeleteහී හී...මාර ආසාවෙන් නංගි එහෙ හිටියේ...ආයි යන්න හිතෙනවා.....
Deleteඅපොයි තරූ.. තරැ පෙනිලම තමයි.දැන් මදුරුවා ගේම ඉල්ලුවාම දුන්නෙ මොනාද.මං කියන්නද ඔය එක මදුරැවෙක්ටවත් යහතින් ඉන්න ඉඩ සලස්වන්න එපා.
ReplyDeleteහොඳ වෙලා බෝඩිමට ගියාම උන්ට දීලා තියන ගේම ගන්න බලන්න.නැත්නම් ආයෙ ගේම දෙන්න එයි.ආයෙ ආවොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ඒ හින්දා පරිස්සම කොයිකටත් හොඳයි.
ඉක්මන් සුවය පතනවා මාත්.
යා යා ඒක ඇත්ත....ගේම නෙවෙයි කාමරයක්වත් දෙන්නෙ නෑ උන්ට.....
Delete(ඇදක් ඇති කියයිද දන්නෙ නෑ...)
පින්තූරෙ දැක්කාම...
ReplyDeleteඇඬෙනවා තනි ඇහැට..
ලිවුව හැටි එක දිගට...
ඔය හිතට අමතකද...
පින්තූරෙ දැක්කාම...
Deleteඇඩුනාද තනි ඇහැට...
කමක් නෑ එක දිගට...
ලියමු අපි පෙර සේම....
අවදානමට පෙර සුදානම
ReplyDeleteහ්ම්....එහෙම හොදයි නේද....
Deleteඉක්මන් සුවය පතනවා
ReplyDeleteබොහොම ස්තූතියි........
Deleteහප්පේ මදුරියක් කරලා තියෙන හදියක්.... කොයි සතා උනත් කාන්තා පාර්ශවේ නම් සෑහෙන්න බයානකයි දැක්කනේ.... ඇති ඔයින් ගියා...
ReplyDeleteඔය වෙන්ඩ දොස්තරලා දෙන වදනම් අහන්න දෙයක් නෑ අප්පා මහ රෑත් ඇවිත් අනිනවා හත්පොලේ... පස්සේ අහනවා රිදෙනවද කියලා ඇයි යකෝ එච්චර වෙලා කෑ ගහපුවා එකක්වත් ඇහිලා නෑ... කිතියට කෑ ගැහුවා කියලා හිතන්න ඇති...
ඒ මදිවට එයාලගේ එක්සෑම් වලටත් ලේ ගන්න හිල් කලේ මාව....
හැබැයි ඉතින් අතරින් පතර එන ලස්සන දොස්තර අක්කලට නම් පැනලා ලේ දුන්නේ එයාලා රිද්දව්වෙත් නෑ....
ඉක්මන්ට සුව වෙන්ඩෝ.... වැඩිය මහන්සි වෙන්න එපෝ
හිකිස්...කතාව ඇත්ත කාන්තා පාර්ශවයනම් හලිම භයා....නකයි තමා....
Deleteබොහොම ස්තූතියි........
කට නම් අඩුවෙලා නැ වගේ හෙහේ..
ReplyDeleteඉක්මනට සනීප වෙන්න :)
හිකිස්....කට ලෙඩ උනේ නෑනේ........
Deleteඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මල්ලි ඔයාට...........
ReplyDeleteබොහොම ස්තූතියි අක්කා.....
Deleteදුකේ බෑ නේද....
ReplyDeleteතව ටික කාලයක් රෝහලේ හිටියානම් කොච්චර හොඳද කියා මට ගෙදර ආපසු සිතුනි ,,,
ReplyDeleteඅම්මපා.....
Deleteතව ටික කාලයක් හිටියනම් දොස්තර අක්කා කෙනෙක්ව ගෙදරම අරගෙන එන්න තිබුනනේ..
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ ඔන්න අද ඉදලා දිගටම එනවා හොදේ...ඔන්න මම මෙම්බර් කෙනෙකුත් උනා 100 නි ..
අම්මපා 100 නේද.....බොහොම ස්තූතියි.....
Deleteලෙඩ දැන් හොඳයි නේ . ඒක තැනට වෙලා ඉන්න එතකොට හොඳයි. මොනවා වුනත් ආතල් එකේ ඉඳල තියෙනවා නේ.
ReplyDeleteහී හී නැව ගිලුනත් බෑන් චූන් කියනවනේ.....
Deletehapoi tharu .amaru welath ohoma deyak labanna pin karalane.
ReplyDeleteඅලේ ඒක නම් ඇත්ත....
Deleteමූණ හොඳටම ඇදිල ගිහිං අයියගේ..... දැන් හොඳයි නේද?
ReplyDeleteහී හී තාම බෙඩ් රෙස්ට් තමා නංගි..ඇදෙන් බහින්න දෙන්නෙ නෑ..දැන් මෙහෙම ඉදලම එපා වෙලා....
Deleteඅද තමයිද කොහෙද මේක දැක්කේ නැවත එන්නං
ReplyDeleteබොහොම ස්තූතියි ආයෙත් එන්න.....
Deleteආපෝ ඩෙංගා නේද ??? ඇති ඔයින් ගියා... හොඳට කාපන් සහෝ... ඇඟේ ෆිට් එක නැතිවුනොත් සොරි තමා ආයේ ...
ReplyDeleteඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි...!!!
ඒ ගැනනම් කියල වැඩක් නෑ තාම ඇදේ...බොහොම ස්තූතියි......
Deleteමන් ගැන බ්ලොග් 1 ලියලා උඹ මාව කෑවා යකෝ .හපොයි මීයට නිවන් සුව.. පාසල් මිතුරා කේවින්ද...
ReplyDeleteහිකිස් ගනන් ගන්නෙපා බං අපි අපිනේ.......මම ඉතින් අර වැඩේ කලේ උඹමයි කියලා කාටවත්ම කිව්වෙ නැත්තේ නෑනේ....
Deleteනර්ස් අක්කල වගේද,,, තනියම සේලයින් බෝතලයත් උස්සගෙන ටොයිලට් යන්න උනාම...
ReplyDeleteඉක්මනින් සනීප වේවා..
හිකිස් ඒකනම් තනියම කරන්න උනේ නෑ...ලග හිටපු අය ලගටම වීල් චෙයාර් එක ගේනවනේ....
Deleteබොහොම ස්තූතියි ඈ....