Showing posts with label මතක මංපෙත..... Show all posts
Showing posts with label මතක මංපෙත..... Show all posts

Friday, August 30, 2013

කන්දක් උඩ හොම්මං වී..(සත්‍ය සිදුවීමකි...)



මේ දවස් වල බ්ලොග් එකක් එහෙම තියනවද කියලවත් හිතෙන්නේ නැති තරම්. විභාගෙන් පස්සේ පරන විදිහට ලියනවා කියල හිතන් හිටියත් නිවාඩු ලැබිලා තියන මේ කාලේ කලින්ටත් වඩා අපි බිසී පීපල්ලා වෙලා.  මේ කාලේ ඉතින් අපේ ට්‍රිප් කාලේ. දෙවනි අවුරුද්දේ දෙවනි සෙමස්ටර් විභාගෙන් පස්සේ මාසයක් විතර නිවාඩු. හා හා පුරා කියලා අපි පෙරේදා අපේ දෙවනි ට්‍රිප් එක ගියා. ට්‍රිප් එකක් කිව්වේ යාළුවෙක්ගේ ගෙවල් ගාව තියන කන්දක් නැගලා රෑ කන්දේ නැවතිලා පිෂ්ෂුවක් කෙලලා අනිත් දවසේ එන්න තමා කස්ටිය කතා උනේ. මේ ගමන් ජීවිත කාලෙටම අමතක නොවෙන මෙච්චර දේවල් වෙන ගමනක් කියලනම් නිකමටවත් ගමන ප්ලෑන් කරද්දි හිතුනේ නෑ හැබැයි. වටේ පිටේ රවුම් ගහන්නැතුව කෙලින්ම වෙච්ච සිද්ධි ටික කියලා දාන්නම්කෝ...

Friday, June 14, 2013

ටෝච් එක ගහලා බලපන් මචං මගේ පු^& තියද කියලා....



ඊයේ පොඩි වැඩකට කියලා දුර බෑරකට මං තරුවාට යන්න සිදු විය. ගියේ තනියම නොවේය. පරණ යාළුවෙක්ද වැඩේට එන්ටර් විය. බස් එකේ පැය දෙක තුනක් යන්නට උනු නිසාම කරන්නට දේකුත් නැති කමට ඉස්කෝලේ කාලේ කල කී දෑ කතා කරමින් අපි ගියෙමු. ඔය අතරේ මටත් අමතක වෙමින් තිබුණු මම කලිනුත් කියපු පරණ කතා ගොඩට දැමිය හැකි කතා කීපයක්ම මතුවිය. දවස් කීපයකට පසු නා කියාගෙන සැදී පැහැදී මම මේ බ්ලෝගේට ගොඩ වැදුනේ එවැනි සාඩම්බර ලොල් සහගත අතීතයකට උරුම කම් කියන අපේ පරණ මෙව්වා ටිකක් සැදැහැ සිතින් හිතේ වටවල කහට නැතුව මෙහි ගොඩ වැදුනු ඔබ තමුන්නාන්සේලාගේ සපත්තු සහ හයි හීල්ස් අසල පිදීමටය. එහෙනම් වැල සහ වටාරම් වලින් පසුව ඊයේ නැවත මතකය අළුත් ඒ මෙව්වා ටික ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්. 

Friday, March 22, 2013

ඒ කාලේ එව්වා....සහ මෙව්වා.......!!!




උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ  කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ කුණු කන්දල් අවුස්සන්නට බැරි විය. ඇරියස් කවර් කරන්නටත් එක්ක අද අවුස්සමි.

Saturday, November 10, 2012

නංගි නලලෙද...(පරණ කතා..)...!


හප්පටසිලි සිලි කිව්වලු.....සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තිබුනා වගේ ලාවට මතකයක් තිබ්බ හින්දා මේ පැත්තට ආවාම....හයියූ...මේකෙ ඇතුලේ වේයෙක් තුඹහක් බැඳලා නයෙක් ඒකට ඇවිත් නයි අරිනවා....සිලාවට...ඉස්සර මේකේ මකුළුවෙක් හිටියා..මම අද එනකොට ඌ උගේ පරණ මකුලිව ඩිවෝස් කරලා කොහෙන්දෝ මන්දා හොයාගත්ත සුකුරුත්තං මකුලියක් එක්ක ඇවිල්ලා හැමතැනම මකුළු දැල් බැඳලා දෙන්නා එක්ක ගන්ගම් ස්ටයිල් නටනවා...බලන්නකෝ නේද....උයාට කියන්න මෙයා...මේ දවස්වල් මගේ ඇඟටත් නිකන් හරි නෑ වගේ...නිකන් මොකද්දෝ අමුත්තක් වේගෙන වේගෙන එනවා... එනවා වගේ...අම්මපා මං මේ බැලුවේ මං වැඩිවියටවත් පත් උනාද කියලා...ඒත් ඒ කාලේ 9වසර සෞඛ්‍ය පොතේ තිබ්බ විදිහට එහෙම හතර පස් පාරක් එහෙම වෙන්නේ නෑලු නේද.....එක්කෝ මේ වෙන මොකක් හරි වෙන්ඩ ඇති...හඳ මෝරන කාලෙත්ලුනේ....අපි ජුගුප්සාජනක මිනිස්සු විදිහට මේ වගේ පෘතග්ජන හැඟීම් ඇති වෙන එකත් පුදුමයක්ද නේද ඈ.........

Sunday, September 9, 2012

හොරෙක් සමග පජාත වුනෙමි... (සංවේදීතාවයන් දරා ගැනීමට නොහැකි අය කියවීමෙන් වලකින්න...)


පරිසරය අදුරු සාගරයේ ගිලී කිමිදී නොපෙනී ගියේය.. වවුලන්ගේ සුමිහිරි කුංචනාදයෙන් මාගේ සවන් යුග පිබිදී කැලඹි ගියේය.. අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක කියා සිතෙන විට ආදර සීනුව දොර ලග නද දෙන්නට විය.. සිතුවිලි දෝරෙ ගලා මනස කැලඹී වියලී යද්දී මා සූදානම් වෙන්නේ ඒ පට්ට පජාති ,ඇග ලොමු ඩැහැ ගැන්වෙන, අතිශය ශෘංඝාරාත්මක, ජුගුප්සාජනක සුළු සන්ධර්බයක් තුල ප්‍රපංචියක් ඇතිවීමෙන් හටගත්තා වූ ඒ අකාල සන්ධ්‍යාවේ මට සිදුවූ අතිශය හැගුම්බර සිද්ධි දාමයක් ඔබේ දෙපා මුල අතුරා සුණු විසුනු කර දැමීමටය.

Monday, July 9, 2012

XXX මාට්ටු වීම ඇතුළු තවත්....(..+ නම් නෙවෙයි)...

ආයිත් සැරයක් අද කියන්නට ආවේ ඉස්කෝලෙ යන කාලේ සිද්ධ වුණු තවත් පොඩි පොඩි සිද්ධි ටිකක්ය. ටිකක් කිව්වාට එකක් දෙකක්ය. හරිට මම ටිකක් හිනාවෙන්න (හිනායයිද මන්දා) පෝස්ටුවේ දැම්මා වගේ තව ටිකක්ය. ඉතින් ඒක කියවා හිනා ගියාට මේක කියවා අඩන්නට වේදැයි මම දන්නේ නැත.

Sunday, June 24, 2012

මෙන්න "Fun Page" ෆුල් ෆන්.....

මේ දින වල රාත්‍රිය ඉතා දිගුය. ඊට හේතුව මට නින්ද නොයාමය. හේතුවක් කීමටද නොදනී. හිත මලකඩ කා ඇති සෙයකි. අහෝ ඛේදයකි. ඊයේ රාත්‍රියද එසේමය. නිදි දෙව් දුව මාව ඩිවෝස් කර ඇති සෙයකි. මෙසේ නිදිවර්ජිතව රැය පහන් කල ඊයේ රාත්‍රියේදී මගේ නෙත ගැටුනේ මගේ කාමරයේ තිබූ පරන බෑග් තඩියක්ය. පාසල් කාලයේදී අපේ අම්මාගේ අධි ආරක්ෂිත කලාපයෙන් වහන් කල යුතු බොහෝ දෑ තිබුනේ මෙහිය.

Thursday, June 14, 2012

ටිකක් හිනාවෙන්න...(හිනා යයිද මන්දා)

අද උදේ ඉදන් මාර කම්මැලිය. තාම ලෙඩ නිසා මට ගෙයින් පිටට යන්න දෙන්නේද නැත. ගේ ඇතුලටම වී කරන්නටද දෙයක් නැත. උදේ ඉදන් බ්ලොග් එකට මොනවා හෝ දාන්නට සිතුවත් ලියන්න දෙයක් හිතට එන්නේද නැත. හිත පොලොවේ ගසා අව්වේ දමා වේලා ගතිමි. එවිට යන්තම් ලියන්නට දෙයක් කල්පනා විය. ඒ මට වුනු (මට කිව්වට මටම නෙවෙයි හරිය මාත් එක්ක හිටපු අනිත් උන්ට) පොඩි පොඩි සිද්ධි ටිකක්ය. හිනා වෙන්න බලාගෙන ආපු අයට හිනා ගියෙ නැත්නම් මට කරන්නට දෙයක් නැතිය. මොකද මෙතන හිනා වෙන්ට කිසිම දෙයක් නැත. එවුන් කිති කවාගෙන හෝ හිනා වෙත්වා. බැරිනම් බුදිය ගනිත්වා....

Monday, November 7, 2011

නුඹ..එදා/අද...හෙට..??

අහඹු ලෙස ලංවෙලා...
මිමිණුවා
නුඹ එදා...
නෙත රුදුනු කදුළු බිදු...
පිසළුවා
නුඹ එදා...
සිහිනයක දැවටෙමින්...
සැනසුවා
නුඹ එදා...
සෙවනැල්ල ලෙස ලගින්...
පැමිණියා
නුඹ එදා...

Sunday, September 25, 2011

අමතක නොවෙන නිවාඩුකාලේ......!

ඔන්න ඉතින් කලින් පෝස්ට් වලට වඩා වෙනස් විදිහට මේ සැරේ ආවේ මට වෙච්ච සිද්දි ටිකක් අරගෙන.මේව මට පුංචිකාලෙදි..,ඉස්කොලෙදි...,සිද්ද වුනු ඇත්තම සිදුවීම්..!

ඉස්සෙල්ලම කියන්න යන මේ සිද්දිය මට උනේ මීට අවුරුදු කීපයකට උඩදි.ඒ කියන්නෙ මම ඉස්කෝලෙ අටේ පංතියෙ කාලෙ..ඒ කාලෙ අගෝස්තු නිවාඩුව ගතකරන කාලෙ.

ඉතින් ඔය නිවාඩු කාලෙ අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙකුත් නැවතිලා හිටියෙ අපේ ගෙදර.ඒ දවස් වල උදේ ඉදන්ම කලේ සෙල්ලම් කරපු එකම තමයි ඉතින්.අපේ ගේ පිටිපස්සෙ තියනව ලොකු වෙල් යායක්.මේ සරුංගල් කාලෙත් හින්ද අපි ගොඩක් වෙලාවට කලේ ඔය වෙලට ගිහින් සරුංගල් යවපු එක.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...