Monday, August 6, 2012

බැඳි තන පට ගිලිහුන දා...


බැඳි තන පට
විකිණෙන විට...
පෙති ගිලිහුණු 
සුවඳ මලක...
පෙරල පෙරලා 
විඳින...
ලොවට පොදු වූ
සුවඳ...

පිරුණු ඒ ලැම
මතට...
නුඹ මුහුණ ඔබන
කල...
විසිරුණා කිරි 
සුවඳ...
ලොවට නොපෙනෙන
ලෙසට...

පාපතර නුඹෙ
සිතට...
නොදැණුනා කිරි
සුවඳ...
දැණුනෙ ගෝමර
සැලුණු..
රණ හසුන් වල
පහස...

නුඹ බිව්ව කිරි 
කඳුල...
අයිති නෑ නුඹ
නමට...
අයිති ඒ සිඟිති
මුව...
සොයයි අම්මා 
කොයිද...

පුතුනි නුඹ
නොහඩන්න...
අම්මා නෑ අද
රෑට...
හෙට නුඹට බත්
දෙන්න...
අම්මා ගොස් කිරි
දෙන්න...



61 comments:

  1. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  3. අමුතු අදහසක් හොඳ නිර්මාණයක්... ජයවේවා

    ReplyDelete
  4. මේ කවිය කියවන කොට මට මන් කියවපු පොතක් මතක් වුනා.. ගුණදාස අමරසේකර ලියපු නව කතා පෙළක [ගමනක මුල වගේ තමා මතක නම] මේ වගේම සිද්දියක තිබුනා.. ඒ කතා නායකයා ගණිකාවක් හමු වෙන්න යනවා.. එතැනදි ඇය තනටප ගලවන්නේ නැ..මේක ගැන ඇහුව්වාම ඇයගේ කුඩා බිළිඳා ගැන ඇයට කියවෙනවා.. ඊට පස්සේ කතා නායකයා එතනින් නැගිටිලා යන්න යනවා..
    හරිම අපූරු නිර්මාණයක් සහෝ.. :)

    ReplyDelete
    Replies
    1. අහ් මම ඒ පොතනම් කියවලා නෑ..බොහොම ස්තූතියි ඔයාගෙ කොමෙන්ටුවටයි දැනුවත් කිරීමටයි...

      Delete
  5. රස්සාව මොකක් වුනත් තවත් එක අම්මා කෙනෙක්

    ReplyDelete
  6. මේකනං සිරාය..
    පට්ටය..
    ජයවේවා!!!!!

    ReplyDelete
  7. වෙනස්ම සිතුවිල්ලක්.. මොනා වුනත්, ඒත් අම්මෙක්නෙ... නියමයි!!! වෙනස් වෙනස් දේවල් ලියද්දි අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගියෝ....

      Delete
  8. lassana sithuwillak taru ayya......

    ReplyDelete
  9. ලස්සනට ලියල තියෙනවා

    ReplyDelete
  10. නියම අදහසක්.. කවියේ අවසානය ඉතාමත්ම නිර්මාණාත්මකයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ..

      Delete
  11. Replies
    1. බොහොම ස්තූතියි අයියේ...

      Delete
  12. සුපිරිම අදහසක්... කොමෙන්ට් එකක් දාන්න වාචන ගලපන්නත් අමාරුයි

    ReplyDelete
    Replies
    1. මේ වචන ටික හොදටෝම ඇති අයියේ...බොහොම ස්තූතියි..

      Delete
  13. ඇස් වලට කඳුළු ආවා :(

    ReplyDelete
    Replies
    1. අහ්..එහෙනම් මම සාර්ථකයි..

      Delete
  14. ඔයාගෙ කවියෙන් කියවෙන දේ මම හැබැහින් දැක්කා..අදටත් දකින්න පුලුවන් ගොඩාක් දුක හිතෙන කතා මෙහෙ....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා...දුක හිතෙනවා...

      Delete
  15. අවසානය උපරිමයි තරුවෝ...

    ReplyDelete
  16. තරු සීයක් වටින් අදහස් ඒ වගේම කවිටික..

    ReplyDelete
  17. තිත්ත ඇත්ත!! විශිෂ්ඨයි..

    ReplyDelete
  18. නියමයි... අවසානයට තමා ගොඩක් ආස...

    ReplyDelete
    Replies
    1. පොහොම සතූතියි අක්කේ..

      Delete
  19. //හෙට නුඹට බත්
    දෙන්න...
    අම්මා ගොස් කිරි
    දෙන්න... ///

    මන් දැකපු ලස්සනම කවියක් මේක. කියන්න වචන නෑ.

    ReplyDelete
    Replies
    1. මේ වචන ගොඩක් වටිනවා...බොහොම ස්තූතියි..

      Delete
  20. ඇත්ත නියම අදහසක් අවසාන පද දෙක නියමටම වදිනවා හිතට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ..

      Delete
  21. නියමයි ලොක්කා....

    ReplyDelete
  22. හ්ම්... අපූරු නිර්මාණයක්. නියමයි තරුවෝ.

    ReplyDelete
  23. ලස්සනයි යාළු ඒක.ගොඩා....ක් ලස්සනයි.

    ReplyDelete
  24. ඔබ දක්ෂයෙක්. සාර්ථක නිර්මාණයක්.. අවසන් කවිය බොහෝ අනෙක්වාට වඩා බොහෝ ඉදිරියෙන් ඇත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..මේ හැම වචනයක්ම මට ගොඩක් ලොකු ශක්තියක්..

      Delete
  25. Ma kawiye tiyana teruma mama wage sahithya danumak nati aekekutath bokkata wadinawa obata istuti tawath
    mawani samaja sathkaryenkireemta oyata nuwanama labewa

    ReplyDelete
    Replies
    1. අනේ මාත් එහෙම මහා ලොකු සාහිත්‍ය දැනුමක් තියන කෙනෙක් නෙවෙයි...බොහොම ස්තූතිය....

      Delete
  26. මගේ එකටත් ඇවිත් යන්න

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...