Wednesday, December 28, 2011

කාට කියන්නද......!!

එහාට ගිහින්...
මෙහාට ගිහින්...
අරහෙට ගිහින්....
උඩ බලලා...
බිම බලනකොටත්....;

Tuesday, December 20, 2011

කාලය....

කාලය....
ගොඩක් දේවල් වෙනස් කරනවලු....
අද ලැබුනු දේ හෙට නොලැබෙන්න පුළුවන්ලු...
අද නොලැබුනු දේ හෙට ලැබෙන්න පුළුවන්ලු...
කොච්චර හංගන්න හැදුවත් සමහර ඇත්ත කවදහරි එළියට එනවලු...
කාට හරි බොරුවක් කරල අද සතුටින් ඉන්න අය එදාට මූණ හංගගන්න කොට...

Sunday, December 18, 2011

"ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."

මේ පාර ලියන්න හිතුවෙ ඔන්න මගේම දෙයක් නෙවෙයි..මීට ටික දවසකට කලින් තරුණයා පුවත්පතේ ගුරුපාර ලිපියේ  සමන් එදිරිමුණි මහතා විසින් පලකල ලිපියක්.ගොඩක් අය මේක කියවල ඇති ඒත් කියවපු ගමන් හිතට වැදුනු නිසා නොකියවපු කීප දෙනෙකුට හරි කියවන්න දෙන්න ඕනි කියල හිතුනා.මේ ලිපිය ගැන මට හිතෙන දේ දානවට වඩා ඒ ලිපිය එහෙම්මම දාන එක හොදයි කියල හිතුනා ඒකෙ තියන රසයට බාදාවක් නොවෙන්න.

මේ ලිපියෙ ශීර්ෂ පාඨයට තිබුනේ "ආදරේ බිස්නස් එකක් පාඩු පිට දුවන්න එපා..."කියලා..එහෙනම් කියවලම බලන්නකෝ..

Saturday, December 17, 2011

දෛවය.........!!!!

මේක මට දැන ගන්න හම්බ උනේ නම් ඊයේ..මාත් එක්කම ඉන්න යාළුවෙක්ට උනු තවත් ආදර කතාවක් තමයි මේ..
ඉතින් මගේ යාළුවා ඉගන ගත්තේ කොළඹින් ටිකක් ඈත පාසලක.මේ ඉස්කෝලෙ එයාගෙම පන්තියේ හිටියලු ලස්සන ගෑනු ළමයෙකුත්.හැබැයි මේ මගෙ යාළුවනම් ඒ කාලේ ඔය එයා ගොඩක් ලස්සන හින්දම එයා දිහා බැලුවා, කතා කලා මිසක් වෙන දෙයක් හිතේ තිබුනේ නෑලු. අවුරුදු ගානක් එක පංතියෙ හිටියත් වචන දහයකට පහලොවකට වඩා කතා කරලත් නෑලු. කොහොමින් කොහොම හරි කාලය ගෙවිල ගිහින් O/L Exam ලියල මේ ගෑනු ළමයා ගෙදර කට්ටියමත් එක්ක කොළඔ පදිංචියට ආවලු. ඉතින් මේ මගේ යාළුවටත් කොච්චර නෑ කිව්වත් පොඩි දුකක් හිතිල තියනවා.;)

Sunday, December 11, 2011

එබී බැලුවොත් හදවතට...

රිදෙන කොට;
හැඩෙන කොට;
තැවෙන කොට;
විදෝන කොට;
එබී බැලුවොත් හදවතට...
පසක් වෙයි
ජීවිතය..

Wednesday, December 7, 2011

Romantic.......

සල්ලිත් නෑ සනිපත් නෑ..සහලෝල උන අරං තියන වෙලාවෙ Rest කරන්න කියල වෛද්‍ය උපදෙස් ලැබුනට කාටද පුළුවන් අෆ්ෆා උදේ ඉදන් රෙද්දක් පොරෝගෙන ඇදටම වෙලා ඉන්න..ලබන සතියෙ Exam එකකුත් තියනවා..ඒකට පාඩම් කරන්න විදිහකුත් නෑනෙ..මොකද පාඩම් කරන්න හිතෙන වෙලාවටම  Doctor කියපු එක මතක් වෙලා Rest කරන්නමයි හිතෙන්නෙ.. ;)

ඉතින් කරන්න දේකුත් නැති හින්දම
Film එකක්වත් බලන්න ඕනි කියල හිතල මොකද්ද බලන්නෙ කියල කල්පනා කරන කොට හිත නැවතුනේ Hard Disk එකේ Romantic ගොඩේ තිබුනු Film වගේකට.ගොඩක් ඉස්සර බලපු  Film උනත් ආයෙ ආයෙ බලන්න ආස හිතෙන තරමට ලස්සන Film ටිකක්.ඉතින් මගෙ හිත ගොඩක්ම ඇදිල ගිය Film ටික තමයි;

Tuesday, November 29, 2011

බලාපොරොත්තුව.....

ජීවිතයේ කවදාම හරි...
හැමෝගෙන්ම...
හැමෝගෙන්ම නැත්නම් අඩුමගානෙ...
මගෙ ලගින්ම ඉන්න අයගෙන් හරි...

Saturday, November 19, 2011

හෆෝයි....

"මාර පොරක්නෙ ඕයි"

"පිස්සෙක්"

"තමුසෙනම් මහ නිවටයෙක්"

"පිරිමියෙක් වගේ හිටපංකෝ"

"වෙන කෙල්ලො නැද්ද බං"

"මෝඩයෙක්"

"වරෙං බං දුකටත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න"

"අපි දෙමුද හොද ගේමක් තරු විසිවෙන්න "

රූකඩය....!

අර මොකෙක්ද..????

නූල එහාට යනකොට..
එහාට යනවා...

නූල මෙහාට එනකොට...
මෙහාට එනවා...

Friday, November 18, 2011

අහෝ ඛේදයකි....!

උදේ සිටන් හවස් වෙනකම්...
හිතට දැනුනු දහසකුත්..
හැගුමන්...
පවසන්නට සිතාගෙන...

Thursday, November 17, 2011

"....නමුත්, මම ඔයාට ආදරෙයි"

දන්නවද..ලෝකෙ තියන ලස්සනම වාක්‍ය...;
"....නමුත්, මම ඔයාට ආදරෙයි" ලු.
ඒ වගේම..ලෝකෙ තියන වේදනාත්මකම වාක්‍ය....;
"මම ඔයාට ආදරෙයි, නමුත්...." ලු.

Monday, November 14, 2011

ආදරේ කරන්න හේතුවක් ඕනිමද.....?

දවසක් මෙන්න මෙහෙම දෙයක් උනාලු....

පෙම්වතිය :- ඇයි ඔයා මට කැමති..? ඇයි ඔයා මට ආදරේ කරන්නේ..?
පෙම්වතා :- මට ඒකට හේතුවක් කියන්න බෑ..ඒත් මම ඔයාට ඇත්තටම කැමතියි..
පෙම්වතිය:- ඔයාට ඒකට හේතුවවත් කියන්න බැරිනම්..ඔයා කොහොමද කියන්නෙ ඔයා මට කැමතියි    
                 කියලා..?ඔයා කොහොමද කියන්නෙ ඔයා මට ආදරේ කරනවා කියලා..?                       
පෙම්වතා :-ඇත්තටම..මට ඒකට හේතුවක් කියන්න තෙරෙන්නෙ නෑ..ඒත් මට ඔප්පුකරන්න පුළුවන් මම
                ආදරෙයි  කියලා.

Monday, November 7, 2011

නුඹ..එදා/අද...හෙට..??

අහඹු ලෙස ලංවෙලා...
මිමිණුවා
නුඹ එදා...
නෙත රුදුනු කදුළු බිදු...
පිසළුවා
නුඹ එදා...
සිහිනයක දැවටෙමින්...
සැනසුවා
නුඹ එදා...
සෙවනැල්ල ලෙස ලගින්...
පැමිණියා
නුඹ එදා...

Wednesday, November 2, 2011

දන්නවද..!!

දන්නවද..
ඔයාගෙ පුංචිම පුංචි හිනාවකට...
මේ හිත සතුටු වෙන තරමක්....
දන්නවද..
කියන්න දාහක් දේ තිබුනත්...
කියාගන්න බැරුව ලත වෙන තරමක්....
දන්නවද..
ඈතට පියාඹන්න හදන ඔයා දැකල...
ඔයා නැති ලෝකයක් ගැන බය වෙන තරමක්...
දන්නවද..

Sunday, October 23, 2011

තොන්ඩුව.....!

කවදාවත් නොසිතුවාට...
සිහිනෙන්වත් නොපැතුවාට...

Wednesday, October 12, 2011

හිත......!!!!


අනේ අම්මපා මූට එක තැනක ඉන්න බැරි හැටි...
මම කොච්චර කිව්වත් කනකට ගන්න එකක්යෑ..
ඔහේ හිතුනු හිතුනු තැන්වල යනවා..
එපා කියන දේමයි කරන්නෙ..
අදත් මම මේ උදේ ඉදන්ම හෙව්වා...
තාම හම්බ උනේ නෑ....

Tuesday, October 11, 2011

තවත් දවසක්....

ඉතින් තව දවසක්...
ගෙවෙන්නට ලගයි දැන්...
ඔබ මගෙන් තව තවත් ...
ඈත් වන බව දැනෙයි...
කිසි දිනක තනි නොකල...

Monday, October 10, 2011

හංසියෝ....

දුර ඈත වැව් තලේ....
ඉම දිහා බලාඉන්න හැම මොහෙතෙම...
ලගට එන්න වරම් නැතිව...
ලතවෙන මා හැම මොහොතෙම..
ඔබෙ රුව මා සනසනවා....
මගේ හංසියෝ....

Wednesday, October 5, 2011

දෛවය...!!



දෛවය...
මහ පුදුමාකාර දෙයක්ලු...
එයාට ඕනි විදිහට...
අපේ ජීවිත වෙනස් කරනවලු...
ඉස්සර කාලෙ කරපු වැරදි වල...
මේ කාලෙ දඩුවම් දෙනවලු...
කරපු වැරැද්දවත් නොදැන...
අපි දඩුවම් විදින්න ඕනිලු...

Sunday, October 2, 2011

හදවතින්ද...,බුද්ධියෙන්ද....!

දයාබර ඔයාට....,

ඔයා මට මුනගැහුනෙ අහම්බෙන් උනාට, ඒ හමුවීමට මහා ලොකු කාලයක් ගතවෙලා නොතිබුනාට ටිකින් ටික, ටිකින් ටික ඔයා මගෙ ජීවිතේ මහා ලොකු වපසරියක් මටත් හොරෙන්ම අරන් ඉවරයි. ඒක මෙච්චරයි කියල කියන්න මම දන්නෙ නැති වුනාට තනිවෙලා පාළුවෙන් හිටිය මට ඔයාගෙ සෙවන, ඔයාව, මහමෙරක් උනා.මහා නියගෙකට අහුවෙලා කාලෙකට පස්සෙ වැටෙන වැස්සට පීදෙන දළු කොළ වගේ මගේ හිතෙත් පුංචි පුංචි බලාපොරොත්තු ඇතිවුනා..කාලෙකට පස්සෙ මම සතුටින් හිටියා..ජීවිතේ ගැන වෙනස්ව හිතුව..අරමුණක් ඇතිවුනා. ඒ ඔයාට පිං සිද්ද වෙන්න.කෙල්ලෙක් සතු කොල්ලෙක් බලාපොරොත්තු වෙන ගොඩක් හොද ගතිගුණ  ඔයාට තිබුනා..ලස්සන හදවතක් තිබුනා..ඒ හදවතට මම ගොඩක් ආදරේ කළා..

Sunday, September 25, 2011

අමතක නොවෙන නිවාඩුකාලේ......!

ඔන්න ඉතින් කලින් පෝස්ට් වලට වඩා වෙනස් විදිහට මේ සැරේ ආවේ මට වෙච්ච සිද්දි ටිකක් අරගෙන.මේව මට පුංචිකාලෙදි..,ඉස්කොලෙදි...,සිද්ද වුනු ඇත්තම සිදුවීම්..!

ඉස්සෙල්ලම කියන්න යන මේ සිද්දිය මට උනේ මීට අවුරුදු කීපයකට උඩදි.ඒ කියන්නෙ මම ඉස්කෝලෙ අටේ පංතියෙ කාලෙ..ඒ කාලෙ අගෝස්තු නිවාඩුව ගතකරන කාලෙ.

ඉතින් ඔය නිවාඩු කාලෙ අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙකුත් නැවතිලා හිටියෙ අපේ ගෙදර.ඒ දවස් වල උදේ ඉදන්ම කලේ සෙල්ලම් කරපු එකම තමයි ඉතින්.අපේ ගේ පිටිපස්සෙ තියනව ලොකු වෙල් යායක්.මේ සරුංගල් කාලෙත් හින්ද අපි ගොඩක් වෙලාවට කලේ ඔය වෙලට ගිහින් සරුංගල් යවපු එක.

සිනා වෙමි මම අදත්....

තනිවෙලා තව තවත්.....
වෙන්වෙලා මා යලිත්.....
රතුවෙලා මා දෙනෙත්.....
රිදවනවා තව තවත්....

Friday, September 23, 2011

වෙනස්ව හිතන්න ...!!!!!!

ආසාවල්...,
බලාපොරොත්තු...,
අරමුණු....,
ජීවිතේ ජීවත් කරනකොට..අපිට මුණගැහෙන දේවල්....
ආදරේ කියන්නෙ මේ ආසාවල්..,බලාපොරොත්තු..,අරමුණු...හැමදේකම එකතුවක්.
සමහරු ආසාවල් වලට ආදරේ කරනවා..

Monday, September 19, 2011

පුරහද......!

දුරින් හිද බලන කළ..
අපූරැවට පෙනෙන පුරහද..
මොනතරම් බලා හිටියත්..
එපා නොවෙන මේ පුරහද...

Friday, September 16, 2011

හ්ම්.........


දවසක්ලු...
තව දවසක් කියනව දවස් දෙක තුනක්ලු....
ඊටත් පස්සෙ කියනවා...සතියකින්ලු....
ඕකට කියන්නෙ වෙඩින් එකක් කතා කරනව කියලා....

Sunday, September 11, 2011

සමාවෙන්න........!

ආදරේ කලා..පැලෙන්න ආදරේ කලා...
ඒත් අන්තිමේදි බලන කොට අපි ආදරේ කරල තියෙන්නෙ අපි ආදරේ අයට මිසක්....
අපිට ආදරේ අයට නෙවෙයි...

නුඔ

හදේ රුදි සුසුම් කන්දම නුඹ රුගෙන...
පඹ ගාලක පැටළුනු ජීවිතය ඉන් මුදාගෙන.....දාහක් සිතුවිලි වලින් මා නිරවුල් කර....
ඔය දෑගිලි වලන් මා නෙත කදුළු....

Saturday, September 10, 2011

හැමදාටම...

හැමදාටම...
හැමදාටම පස්සෙත් තව එකම එක දවසක්වත්....
මම ඔයා වෙනුවෙන් බලන් හිටියට...
එදාටත් මේ ආදරේ ඔයාගෙම වුනාට...

Saturday, July 16, 2011

~```@#%$!??

ගියා......
යන්නම ගියා....

Wednesday, July 13, 2011

සියදිවි නසා ගැනීම..

එකදාස් නවසිය බර ගනන් වල හිටපු මනුස්සයෙක්ට සියදිවි නසාගන්න හිතුනලු .හැබැයි මොනම විදිහකින් වත් අසාර්ථක නොවන විදිහට මැරෙන්නත් හිතුවලු.එහෙම හිතල මේ මනුස්සයා මුහුද ලග තිබුණු කන්දකට නැගල ඒ කන්ද උඩ තිබුණු ගහක මුහුදට නැමුනු අත්තක එල්ලෙන්න හිතුවලු.

Tuesday, July 12, 2011

සුදු මැණික....!

පෑල දිග අහස් ගැබ....
කළු කරගෙන වහින....
මේ මුරැගසන් වර්ෂාව....
අදුරු සිහින සමුදායක්....

Monday, July 11, 2011

නොදනිමි....!

වරදක් කළොත්....
නිති දඩුවම් හිමිවේනම්.....
පිළිගන්නම් කළ වරදට....

සිහිනය......!

මුළු ලොවම..
අදුරේ ගිළුණු මොහොතේ...
සීත වැහි බිදු...
මිහිතලය සිපගනිද්දී...
එකම එක මොහොතකට...
ඔබ අසලින් රැදෙන්නට
ඇත්නම්.......;

තනිකම.....!

සොදුරැ සිතට නැගෙන කවි පද...
පවසන්නට සිතෙයි සැම දින...
මේ අහස් තලය පුරා හැමතැනම...
මම ලියනව මම ආදරෙයි තව...

ජීවිතය.....!



ජීවිතය....
විටෙක...
ගලන නදියක් සේ...
ඔහේ ගලා යයි...
තවත් විටෙක... 
මහා දිය ඇල්ලක් සේ...
කඩා වැටෙයි...;

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...