අල්ලපු ගෙදර ඉන්නවා අපෙ
නැන්ද කෙනෙක්
හතලිහ පැනලා තිබ්බත් නෑ
ඒකෙ වගක්
තවමත් බැදල නෑ පලදී
කරපු පවක්
එනමුත් ඇයට නෑ ඒකේ
වගේ වගක්
හැම සතියකම ඇය කරනා
වැඩක් ඇතී
සතියට දවස් තුන හතරක්
සැලුන් යතී
කේ.එෆ්.සී මැක්ඩොනල්ඩ්ස්
වලින් කතී
අඩි තුන හතර ඇවිද්ද තැන
දමයි හතී
නැන්දා වුවත් කියන්න බෑ
නැන්දා කියා
තවමත් පොඩි එකී වාගෙයි
ඉන්නෙ එයා
හුරතල් වදන් මුමුණයි ඇය
තොදොල් වෙලා
හොරෙන් තට්ටු කර දිව යයි
සිනා සලා
නැන්දා නිසා කියන්න බෑ
මට මොනවත්
එනමුත් විටෙක ඇය නම් මට
මහ ඇනයක්
ඇයගේ රුව ගුණට ගැලපෙන
කුමාරයෙක්
සොයලා දෙන්න පවසයි මට
මනාලයෙක්
මමත් ඉතින් හෙව්වා පව්
හින්දා එයා
අනේ කොහෙන්වත් හමු උනෙ
නැහැනෙ මෙයා
සැගවිලා ඉන්නෙ කෙහෙදෝ ඔබ
හැංගි හොරා
අරන් යන්නෙ කවද්ද අපෙ
සිවුරු හොරා
දින තුන්සිය හැට පහම කරනට
වැඩක් නැතී
නිකන් කකා බී සැපසේ
නිදිය හැකී
කිලෝ හාරපන්සීයක්
දැරිය හැකී
සත්ගුණවත් කෙනෙකු සිටි නම්
දහක් වටී
අසනා බලන දකිනා මෙය
සුපෙම්වතුන්
ඇතිවිනි නම් නැන්දා ගැන
පහන් සිතක්
මෙය ලියනා මා ගැන
අනු-කම්පාවක්
වහා එවන්නකො පුරවා
මේල් එකක්
ප.ලි :- සිතුවිල්ලක් පමණයි හරිය.........!!!!
ඉතින් අනේ අයියට ම බැරියෑ ඔය නැන්දාගේ කුමාරයා වෙන්න
ReplyDelete…ආ සත් ගුනවත් බව තමා නේද අයියා අවුල? : P
හිකිස්....අනේ ඇයි ඔහොම මට කියන්නේ....
Deleteහයියූ තරු අයියෝ......
Deleteඔයාටත් දුකයිද අග්නි......... :(
Deleteකිලෝ හාර පන්සීයක් දැරිය හැකී....
ReplyDeleteඋනත් නැන්දේ මාගේ නම් වයස මදී...
අනේ කමක් නෑ අයියේ
Deleteකොහොම හරී
මාව බේරා දීපන් පිං
සිද්ද වෙතී
This comment has been removed by the author.
ReplyDeletenanda galpenne oyata thama.paw aneeee oya kamathi wenna..eyata duka hithei.
ReplyDeleteඇයි අනේ ඔහොම කියන්නෙ..මං පව් නැද්ද අෆ්ෆා.....
Deleteනැන්ද ඊරියෙක් හරකෙක් වගේ එකක්ද කිලො ්පන්සියක් බර තියෙන්නෙ....
ReplyDeleteඅනේ මන්ද අයියෙ..මටත් සුවර් නෑ වගේ...
Deleteඅභිශෙක් බචන් වගේ ඉන්න ඔයාට එයාව හොදටම ගැලපෙනවා........
ReplyDeleteඑයාගේ තවත් හිත රිදන්නෙ නැතුව කැමති වෙන්න........
ඒක කොච්චර සුන්දර ආදර කතාවක් වෙයිද??????
මගෙ මේ සුදු මූණ බලාගෙන කොහොමද අෆ්ෆා මාව අභිශේක්ට සම කලේ....හලේ...මගෙ පපුව පැලෙයි...
Deleteනැන්දා තමා එහෙම කිවුවේ..........එයාට මේවා කියගන්න බැරුව ඉන්නෙ ඔයාට....එයත් ඉතින් කැත්රිනා කයිෆ් වගේ නේ......
Deleteසුවර්ද....නැත්නම් සූර්ද...... :දිවදොට්ට.......
Deleteමාව විශ්වාස කරන්නකෝ ...නැන්දා පල්ලා
Deleteඇයි අනේ මං ගැන හිතන්නැත්තෙ ඔයාලා...මම පව් නැද්ද අෆ්ෆා....මම මේක දැම්මෙ වෙන කෙනෙක් හොයා ගන්න..දැන් ඒක කැරකෙන්නෙ මටමනේ...
Deleteමට පේන විදියට නැන්දට මනමාලයෙක් මේ ආත්මෙදි හොයා ගන්න බැරි වේවි වගේ...පව් අප්පා...දුක තමා රන්ජනී...:(
ReplyDeleteහැබැයි පත්තරේක වගේ ඇඩ් එකක් දල්ල බැලුවොත් නරකද ඔය සුදුසුකම් ටික දාලා...:D
කොහෙද මේ කාලෙ පත්තරයක් බලන එකෙක් ඉන්නවෑ....මම මේකෙන්වත් හොයාගන්න බැලුවෙ ඒකයි...
Deleteසැගවිලා ඉන්නෙ කොහෙදෝ ඔබ හැංගිහොරා
ReplyDeleteඅරං යන්නෙ කවද්ද අපෙ සිව්රු හොරා...
මේ කෑල්ල නං විශිෂ්ටයි!
හී හී....තැන්කූ තැන්කූ......
Deleteඅපිට ඇප්ලයි කොරන්න බැරිද?
ReplyDeleteඅපිත් කෙල්ලො නැති පෘෂ්ඨිමත් කොල්ලෝ හරිය... :-))
අපොයි පුළුවන්....මාව බේරා ගනින්කො බං පුළුවන්නම්...
Deleteපව් අප්පා අපේ අරා එයාගේ අතේ රේඛාත් මැකිලා කියලා දුක් ගීයක් ගයනවා මේ දවස්වල ඔය මොකක් හරි එකක් කොරලා දුන්නොත් ඉතුරු රේඛා ටික බේරගත්තැකි තරු අයියේ
Deleteඑළ එළ මම සෙට් කරන්නම්කෝ...............
Deleteමේ රික්වෙස්ට් එක මීට අවුරුදු විස්සකට වත් කලින් දාලා තිබුනනම්...? එක්කොත් ඕන්නෑ ඔන්න ඔහේ....! ජය..!
ReplyDeleteහී හී ඕකත් වයසක්ද අයියෙ...ඔන්න ඔහේ ට්රයි එකක් දාමු...:පී
Deleteඇයි යකෝ බොට මාන්දමද..? මම කියන්න ගියේ බුරම්පි සීයා ගැන.උන්දැ මලේ මීට අවුරුදු විස්සකට විතර කලින්.ඔය වගේ වැඩකට අත ගහන්න මම තාම හිච්චි වැඩී බං..! ජය...!
Deleteඅනේ අම්මපා....සොලි හොදේ...ඔයාගෙ හිත රිදුනද....සොලී......
Deleteමම උඹත් වැඩිය පොඩි එකා තාම.. ඒනිස මටත් බෑ... :)
ReplyDeleteහිකිස් ඒක තමයි අපි තාම පොඩි දරුවොනේ...නේද අයියේ....
Deleteමාරයි
ReplyDeleteපිස්සු හැදෙනවා නේද......
Deleteහික්ස්... හයියෝ පවු අෆ්ෆා නැන්දා... :P :P
ReplyDeleteහලී.......දුකා.......යි නේද.........
Deleteමරු මරු :) අර සිවුරු කතාව තේරුනේ නෑ නේ..
ReplyDeleteඅලේ ඔක ඇත්ත සීන් කෝන් එකක් නෙවෙයි...මම ඉතින් ඔය සිවුරු කතාව කවියට ගැලපෙන්න දැම්මේ...
Deleteමරු කවි ටික
ReplyDeleteනැන්දට මේක පෙන්නුවනම් උන්දැ බොහොම මනාපවෙයි මයෙ හිතේ
සිවුරු හොරා කිව්වේ....... නැන්දා කලින් සාන්ගික වෙලාවත්ද?
තැන්කූ තැන්කූ...අනේ මට මෙහෙම නැන්ද කෙනෙක් නෑ....සිතුවිල්ලක් පමණි.....
Deleteඑහා ගෙදර අය ඔයා ගැන හිතන හැටිද ;)
ReplyDeleteසිරා හැබැයි.. නියමයි..
සයුරි කිව්ව වගේ සිවුරු කතාව මොකක්ද ?
ජය !
හිකිස්....අලේ ඔය සිවුරු කතාව මට හිතිච්ච දෙයක්..ඇත්ත එකක් නෙවෙයි
Deleteඔය සිද්ධියත් ඇත්ත එකක් නෙවෙයි...
ලස්සන නිර්මාණශීලී කවි සිතිවිලි....හරිම කවි කාරයෙක්නෙ මේ තරූ...විඳින දුකක්....පව් ඈං.....
ReplyDeleteහී හී තැන්කූ තැන්කූ.....
Deleteහයියූ උයා පවු අප්පා......ඩුකේ බෑ......
ReplyDeleteඔයා අඩන්න අපා.......
Deleteපෙනුමට කිලෝ තුන්සීයක් බරට ඇති
ReplyDeleteඑනමුත් තාම තරුණයි හැට පැනල නැති
ඔබී අක්කාගෙන් අවසර අරන් ඇති
ඔබා වගෙ කෙනෙක්නම් නියමෙටම ගති !!
අනේ මන්ද මටත් ඉතින්
Deleteඕනි එකක්
මූණ බලන් කිව්වැහැකිද
මෙහෙම දෙයක්
කාගෙ උනත් දරුවෙක්නොවැ
පව්නෙ එයත්
කවුරුත් නැතිඋනොත් දෙන්නම්
පණිවිඩයක්
හැච පහච් වයචක්ජ ඤංගී කිව්වලු. අච්චර කිචෝ ගානක් උච්චන එක චමයි පච්නෙ.
ReplyDeletehenryblogwalker the Dude
අලේ...ජිම් එකක් පැත්තෙවත් ගොහින් ඇග හදන් එන්න..
Deleteහැක හැක හැක
ReplyDeleteඈ...බං වර්ණො මොකෝ ගෙම්බෙක් එකක්වත් යාළු උනාද... :පී
Deleteඅනේ නැන්දා පව්
ReplyDeleteඔව් අෆ්ෆා දුකේ....බෑ.....
Deleteහික්ස්ස්.. කවුද බොලේ නැන්දා... අනේ දෙයියනේ...:D
ReplyDeleteහී හී....ඇත්ත කෙනෙක් නෙවෙයි නංගි හිතට ආපු අදහසක් විතරයි...
Deleteනියම සිතිවිල්ලක්. පාලි කෑල්ල නැත්නම් මම මේල් එකක් දාන්න හිටියේ.
ReplyDeleteඒක නෑ කියල හිතාගෙන ඔන්න ඔහේ මේල් එකක් දාන්න...
Deleteමගේ නම් නෙට් ඩිස්කනෙක්ට්...
ReplyDeleteමාරයි නේද අයියේ නෙට් ඩිස්කනෙක්ට් වෙලා තියෙද්දි බ්ලොග් එකට ඇවිල්ල කමෙන්ට් දාන්න පුළුවන් එක
Deleteමේකෙ හැටියට නම් නැන්දාට නෙමේ ආච්චිට වෙඩිමක් වගේනේ.... නාකි මනමාලි...:)))
ReplyDeleteආච්චි උනත් බැදලා නැත්නම් එයා කෙල්ල හරිය නංගි.
Deleteආ.... තරෑ දැන් කපුවෙඩෙත් කරනවද!!
ReplyDeleteනැන්දාට කියන්න ජීවිතේ ඔය විදිහටම ගෙවන්න කැමතිනං ඔය අදහස හිතින් අත් ඇරගන්න කියලා...
ඔය ඉදල හිටල කරනවා අනේ...ඔයාටත් කපුකමක් කරන්නද...
Deleteහියැක් හැක් හැක්.... පස්ට සිරා කවි ටික නම්.... :D
ReplyDeleteප.ලි - පුළුවන් නම් ඔය අමතරව තියෙන ඔය එක එක විජට් අයින් කරනව ද.. බ්ලොග් එක ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනවි.. මටත් දැං විනාඩි 5කට වැඩියෙන් ගියා...
ඔන්න අයින් කලා.....දැන් බලන්නකෝ....
Delete