අපේ ගෙදර පූසි
සුදු පාට හින්දා
ඒකි හරි ආඩම්බරෙන් හිටියේ
ඒකිගේ ඇස් නිල් පාට හින්දා
මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම
ඒකි පැනලා හා කිව්වා
පුරු පුරු ගගා මගේ ලඟටම වෙලා හිටියා
වටේ ඉන්න පූසෝ ගැන
උං උඹ ගැන හිතන එව්වා
උං උඹට කියන එව්වා
උඹ මාත් එක්ක කතා කලා
ඔහොම හිටිය උඹ එක සැරේ වෙනස් උනේ
වෙන පූසෙක් හින්දා කියලා
මං හීනෙන්වත් හිතුවේ නෑ
එක එක පූසෝ උඹේ ලගට එද්දි
මං කිව්වාම පරෙස්සමෙන් කියලා
උඹ කිව්වා "මගේ ජීවිතේ විනාස කරන්න එපා" කියලා
හත්තිලව්වයි කියලා මං පැත්තකට උනා
එක පූසෙක්ගෙන් පාඩමක් ඉගන ගත්තාම
උඹ මං ලගට ආවා
"ආයිත් ඉස්සර වගේ ඉම්මු.."
උඹේ ඒ වචන වලට
කියන්න දේවල් කොච්චර හිතට ආවත්
පිටවුනේ “හා ” කියලා
ටික දවසකින් ආයිත් උඹ
ඈත් වෙද්දි මං බලාගෙන හිටියේ;
කොහේ ගියත් වැරදුන දාට එන බව දන්න හින්දා..
මං බලා හිටියේ වරදිනකම් නෙවෙයි උනාට;
එනකම් හැමදාම බලන් හිටියා
වැරදෙන හැම සැරේම මාව හොයන් එන එක
පූසියෙක් වෙච්ච උඹට දැන්
පුරුද්දක් වෙලා
දාලා යන හැම සැරේම වැරදිලා එනකම්
බලන් ඉන්න එක
මටත් නිකම්ම පුරුදු වෙලා
මොන දේ උනත් හොයන් එන්න
මං ඉන්න හින්දමද මන්දා
දැන් ටික දවසකින් උඹ ආගිය අතක් නෑ
මං හිතන්නේ උඹේ ග්‍රහයා මාරු වෙලා ඇති
රාහු කාලේ පැන්නාම උඹ එනකම්
මං බලා ඉන්නවා
**
***
****
එක අතකට උඹ හරි තමා...
මට අපේ ගෙදර කොල්ලා
කිව්වේ මේක...
චුයිංගම් එකක් කියන්නේ
කාලා හපේ විසි කරන එකක් මිසක්
කෑවට පස්සේ කොට්ටේ යට තියන්
නිදාගන්න දෙයක් නෙවෙයි
මීට,
අපේ ගෙදර පූසා..
අනේ මං මෙව්වට මොකූ.............ත් කියන්නෑ......
ReplyDeleteමං මටම බෝම්බයක් දාගෙන මැරෙනව සැපයි ඊට වඩා......!
පූසි නෙමේ මෝඩ........අනේතිං කියන්නෑ මං...
Deleteගර්............
අදේ අම්මපා අග්නියෝ,, ඔය බෝම්බෙ ගහපිය මමත් ඉන්න වෙලවකම :/
Delete@අග්නි...ඈ......බෝම්බෙ දාගන්න වෙලාවට කියන්න ඈ...
Delete@ශම්මි... එක සැරේ මල ගෙවල් දෙකක් වැඩියි බොල..
This comment has been removed by the author.
ReplyDeleteහෑ.හෆොයි...පුසන්ගේ ගෑනු සත්තු ඔහොමමයි...දිඟ බැරි වෙන්න බෑ....
ReplyDeleteහැම ගෑණු සතාම මෙහෙමද බං අයියේ......
Deleteඔයා වගේම පූසෙක් ^_^
ReplyDeleteසුවර්ද ඌ මං වගේමයි කියලා ඈ...
Deleteපව් අප්පා... පූසා.
ReplyDeleteඔව් අප්පා...ඌ පව්...
Deleteපූසියෝ නැතුවත් බෑ බං පූසෝ...
ReplyDeleteඒකනේ මේ පූසට කෙල උනේ....
Deleteහයියෝ පූසෝ!
ReplyDeleteපව් නේද...
Deleteඅපිට කොහෙන්ද බං පූසෝ පුසියෝ.... ;)
ReplyDeleteඑහෙනම් මොක්කුද බං ඉන්නේ ඈ...
Deleteකිරි සුදු එකෙක් !
ReplyDeleteඈ.....පූසද.....?
Deleteඉවසපං පූසෝ..
ReplyDeleteඉවසයිද මන්දා...
Deleteරෑට රෑට අර කියන සිංදුව රැප් කරපන් පූසෝ.. ඒක අහලා මල පැනලයි ඉන්නේ මං.. පූසි ගිය එක පුදුමයක්යැ..
ReplyDeleteඈ...............කොයි සිංදුවද අයියේ...
Deleteජරා පූසී... ඕකිව වැද්දගන්නෙපා හතරමායිමේ...........
ReplyDeleteඈ....ඔය කිව්වට පූසා එහෙම කරයිද ආයිත් ආවාම....
Deleteපුසියෝ ඔහොම්මමයි....අපේ ගෙදර පුසත් ආගිය අතක් නෑ බං ....කොහේ හරි යන පුසියෙක්ට දපනේ වැටිලා ඇති
ReplyDeleteඈ....ඒනම් ඌත් උඹ වගේම පූසෙක් වෙන්ටැ....
Deleteසෙහ්.... පුසෝ හැදුවම ඕහොම්මමයි :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අත්දැකීමෙන්ද කිව්වේ....
Deletehmm hmm..antima tiken okkoma pahadiliyi. :/ pusage oya purudda wahama amaruwen hari athariya nam pusata hodak wenawa wagema pusita thamanta jewithe hoda padamak igana ganiwi antimediwath..meta wada dewal kiwoth mage age le rath wenawa witharai :/ :@
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්....ඔයා දන්නවනේ අක්කේ.....
Deleteඒත් පූසා වෙනස් වෙයි ද ???????????? පූසි කෙසේ වෙතත්.....
pattai mchn...
ReplyDeleteටැන්කිව් ඈ...
Deleteචිප් චිප් පූසා
ReplyDeleteඈ....පව් බොල කාගේ උනත් පූසෙක්නේ...
Deleteපුසංට මම ආසම නැ
ReplyDeleteමාත් නෑ...මං ආසම පූසියන්ට ;)
Deleteදැන් කවුද ඔය පූසි ?
ReplyDeleteඔය ඉන්නේ උඩ.....මෝඩ පූසි...
Deleteපූසන්ට පණ ඇවිත්. ඇත්තට ඌ මේක දන්නවනම් වහකාල මැරේවි
ReplyDeleteමං හිතන්නේ අයියේ පූසි කෙසේ වෙතත් පූසා නම් දන්නවා....ඌ වහ කයිද දන්නෑ.... (කෝමෙත් මෙහෙම යද්දි ;) )
Deleteඋඩින්ම ඉන්න පුසාගේ ෆොටෝ එක ලස්සනයි.
ReplyDeleteඈ.....ඇයි යට ඉන්න එකා...
Deleteමොනවා කියන්නද මන්දා මලේ... ඉවසන්න තමයි තියෙන්නේ.
ReplyDeleteහ්ම්ම්ම්......බබලමු පූසා කොච්චර කල් ඉවසයිද කියලා..... :)
Deleteමචන් පුදුම නිර්මාණයක්..
ReplyDeleteඋබ වගේම මෝඩ පූසෙක් තමයි මාත්..
අපියි මෝඩ ..පූසියෝ නෙවේ බන්..
හ්ම්ම්ම්......උඹත් මේ පූසා වගේමද.....එහෙනම් ඉතින් ආයේ අමුත.ුවෙන් කියන්න දෙයක් නෑනේ... :) ඉවසපන් පූසෝ....
Delete
Deleteඅඩෝ මේ පූසි ගස්සනවා නේද ?
මම පස්සේ දැක්කේ...
ආඩම්බරකාර පූසියෝ කොහොමත් ගස්සනවනේ ෂාන් :) :) ඒකට බලන්නකෝ අන්තිමට ඉන්න පූසා... :)
Deleteයකෝ ඒ ටික දැක්කෙත් දැන්..හැබෑටම මගේ ඇස් දෙකට
Deleteමොනවා වෙලාද ?පින්තූරත් අපිට කොලොප්පන් කරනවා වගේ...
හැබැයි රජෝ මම දෙනවා හිතුණොත් පූසිගේ අම්මටත්
එක්ක උණ හැදෙන්න හොඳ ගඩොල් පාරක්..දැන් දැන්
මගේ ආවේගය වැඩි..මට හිතුණොත් අම්මප කුඩු කරනවා..
හා හා කාම් අප් ඇන්ඩ් ඩවුන්.... :)
Deleteපූසියෝ ඔක්කොම ඔය අන්තිමට ඉන්නවා වගේ ඉන්න පූසොන්ට කොලොප්පම් කරනවා බං :(
ගොඩක් පූසියන්ටයි උන්ගේ අම්මලටයි අර ලගටම ඇවිත් සද්දයක් දැම්මාම එක තැන උඩපැනෙනවා වගේ දේවල් විතරයි බං පුරුදු.... ;)