Thursday, August 16, 2012

එකට කෑවත් අහවල් එක වෙනස්......!



මේ කතාව කොතනින් කොහොම පටන් ගන්නවාදැයි මම නොදනිමි. මේ වෙලාවේ පැහැදිලිව මේක කීමටත් හරි මානසිකත්වයක් නොමැත. ඒත් කෙසේ හෝ ලිවිය යුතුය. මම ඔහේ ලියාගෙන යමි. කියවන ඔබ ඔහේ කියවාගෙන යන්න. මුල මැද අග මට හොයාගන්න බැරි වුනත් මම ඔහේ ලියාගෙන යමි. 

මීට අවුරුදු එක හමාරකට පෙර මම මුලින්ම ගෙදරින් පිට නැවතුනෙමි. ඒ බෝඩිමකය. ජීවිතේ තවත් එක් පරිච්ඡේදයක් ඇරඹෙන්නේ එතැන් සිටය. ඉස්ඉස්සෙල්ලාම ගෙදරින් පිට නැවතී තමන්ගේ වැඩ තනියම කරගෙන, ලැබෙන මුදල් අරපරෙස්සමෙන් වියදම් කරගෙන ජීවත්වීම ලේසි පහසු නැත. අම්මා තාත්තා ඉන්නේ සෑහෙන දුරකය. තමාගේ ආරක්ෂාව සපයා ගත යුත්තේ තමාය. මගේ ඒ තනි නොතනියට මාත් එක්ක මුලින්ම බෝඩිමක නැවතුනේ උඹය. ඔව් ඉමාල් අයියේ උඹය. අද මේ කතාවේ ප්‍රධාන මාතෘකාවත් උඹය.  අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. මෙච්චර කාලෙකට මට හමුවූ හොදම බොක්කකි උඹ. මනුස්සකම හදුනන මනුස්සයෙකි. ඊට වඩා උඹ ගැන ඕනෑ නැත.  

කාලය ගෙවිල යනකොට අපේ බෝඩිමට තව එකා දෙන්නා එන්නට පටන් ගත්තේය. අපි එකා දෙන්නා තුන් හතර දෙනා වී අවසානයේ අටක් දක්වා බොඩිමේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩි විය. අපි අළුත් බෝඩිම් වලට ගියෙමු. නිදහසේ පාඩම් වැඩක් කර ගැනීමට සුදුසු බෝඩිමක් හොයාගෙන අපි පාඩුවේ ජීවත් වූයෙමු. හැම මාසෙකම බොඩිමේ සල්ලි ඇතුළුව කෑමට එකතු කරන මුදලින් අපි මාසයකට සරිලන කෑම ගෙනාවෙමු. අප අට දෙනාගෙන්ම හරියට කෑමක් උයන්නට පුළුවන් උනේ ඉමාල් අයියේ උඹටය. මුල් කාලේ අපි උඹේ පස්සෙන් වැටී කෑම ඉව්වෙමු. පරිප්පුයි බතකුයි හදාගෙන නිදහසේ කාගෙන ආතල් එකේ ජීවත් වුනෙමු. ටික කලකින් අපි හැමෝටම කන්න පුළුවන් තරමට කෑම වේලක් හදා ගැනීමේ හැකියාව ඇතිවිය. සතියේ දවස් හතට හත් දෙනෙක් පත්කරගෙන දවසට එකා ගානේ බත් උයාගෙන කෑවෙමු. නිදහසේ සිටියෙමු. උයන එක අමාරු වුනත් ඒ නිදහස පට්ටය.

මීලගට අද කතාවේ අනේ චරිතයය. උඹේ නම මට මෙතන කියන්නට හිතෙන්නේ නැත. ඒ මට උඹේ නම ටයිප් කරන්නට තියන අකමැත්තය. ඒ නිසා මම මෙතැන් පටන් උඹට උඹ කියාම අමතමි. උඹේ ගෙවල් පන්නිපිටියේය. නමුත් උඹ අපිත් එක්ක බෝඩිමේ එකට නතර විය. ඒ අපේ කරුමෙකටදැයි උඹේ කරුමෙකටදැයි මම නොදනිමි. එත් උඹ අපිත් එක්ක නතර විය. එකට දුක සැප බෙදාගෙන අපි හිටියෙමු. එකට පාඩම් කලෙමු. එකට අවලමේ ගියෙමු. හැම හත්තිලව්වම අපි එකට කලෙමු. අපි අට දෙනා පොඩි පවුලක් වගේම ජීවත් වුනෙමු. 

අපි හිටියේ තට්ටු තුනේ ගොඩනැගිල්ලක ඉහලම තට්ටුවේය. යට තට්ටු දෙකම රෙන්ට් කරන ආරංචිය ආ දවස් වලම උඹ ඉමාල් අයියාට කතා කලේ අපි එකතු වී පල්ලෙහා තට්ටුවේ හෝටලයක් දාමු කියාය. ඉමාල් අයියා යනු මහ ලොකුවට සල්ලි ඇති මිනිහෙකු නොවේ. ඌ උඹත් එක්ක එකතු වුනේ සහයෝගෙන් කීයක් හරි හොයාගන්නය. අපි බෝඩිමේ ඉහලම තට්ටුවෙන් දෙවත තට්ටුවට ආවේ උඹ ඒ තට්ටු දෙකම බදු ගත් නිසාය. අපේ පොරොන්දුව වූයේ අපි වෙනදා කෑමට එකතු කරන මුදල් කඩේට දීමත් කඩෙන් මාසය පුරා අපිට කෑම දීමටත්ය. මේවා බොහොම සුහද පොරොන්දුය. කට වචන පමණි. උඹ ඉමාල් අයියාට පොරොන්දු වුනේ ලාබෙන් 1/3 ක් ලබා දෙන්නය. ඒ උඹේත් උඹේ තාත්තාගේ කොටස නැතිවය. ඉමාල් අයියා පොලියට රැපියල් 100 000ක් ලබා දුන්නේය. අපි සති ගානක් මහන්සි වුනෙමු. දිවා රෑ නොබලා අපි උඹේ කඩේ දාන්න උදව් උනෙමු. ඒවා කලේ බොක්කෙ ෆිට් එකටය. නැතුව පසු ලාබ බලාගෙන නොවේය. ඒ සියල්ල අවසානයේ සුබ නැකතින් කඩේ විවෘත විය. හැමෝම සුබ පැතුවේ ඉමාල් අයියාටය. ඒ කඩේ අයිතිකාරයින්ට වඩා කඩේ තමන්ගේ කියා සිතුවේ ඉමාල් අයියාය. ඒ මේ කඩේ ගෙදර ගෙනයන්නට නොවේ. තමන්ගෙ කමටය. ඒ ඌ හිතුව හැටිය. 

කඩේ කොත්තු දැම්මේ ඉමාල් අයියාය. ආප්ප දැම්මේ ඔහුය. පරාට දැම්මේ ඔහුය. වළං හේදුවේ ඔහුය. බත් කනකොට කොත්තු ඕඩරයක් ආවාම කන බත් එක පැත්තක දමා ඌ කොත්තු දැම්මේය. මේ හැමදේම වෙනකොට කඩේ අයිතිකාර උඹ කීවේ අපිට කන්න දෙන්නෙ නෑ කියාය. අපි දෙන ගාන මදි බව කීවේය. ඒ උඹේ වෙනස් වීමේ පලමු පියවරය. අපි කතා කලෙමු. පොරොන්දු මතක් කලෙමු. අවසානයේ එකඟ විය. ඒ අපේ මාසික ගාස්තුවෙන් රුපියල් 100ක් වැඩි කරන්නටය. හරියට වැඩි කලා වගේ වෙන්නය. කමක් නැත. අපිට කෑම පාර්සල් කර උඩට එව්වේය. ඒ හොද්දක් සමග මාළුවක්ය. මම වතුර වැඩි පරිප්පුව පොස්ටුවේ කීවේ මේ කෑම ගැනය. ඒ හැම දෙයක්ම වැඩක් නැත. ඒ උඹලාගේ ජන්ම ගතියය.

දැන් කියන්නේ වෙන දෙයක් ගැනය. උඹ ඉමාල් අයියාට පොරොන්දු වුනේ කොත්තු දානවාට දවසට රුපියල් 900ක් දෙන්නය. සාමාන්‍යෙයන් කඩේක කොත්තු දාන්න රුපියල් 1000-1200ක් ගනී. මේ ගානට කැමති වුනේ යාළු කමටය. ඒ හැමදේම දැන් වෙලා ඉවරය. ඉමාල් අයියාගේ ඇස් කණ්නාඩි දෙක කැඩුණු වෙලේ ඒක හදාගන්න රුපියල් 5000ක් ඉල්ලූ විට උඹ දෙන්න බෑ කීවේය. ඒත් කමක් නැත. ඉමාල් අයියා බෝඩිම අයිතිකාර ආන්ටිගෙන් ණයට සල්ලි ඉල්ලාගෙන කණ්නාඩිය හදා ගත්තේය. ඒ සියල්ල කමක් නැත. කලින් කීවා වගේ ඒ උඹලගේ ජන්මෙ වැරැද්දය. මුල අමතක කිරීම උඹලට ලෙහෙසිය. තමන්ගේ වාසියට හැමදේම වෙනස් කර ගනී. ඒකෙනුත් කමක් නැත. අවසානයේ ඉමාල් අයියා උඹලගෙන් ඉල්ලා සිටියේ ඌ දහඩිය මහන්සියෙන් වැඩකල දේවලට වැඩ කුලීය. උඹලා කීවෙ මොනවද.....??? ඒවා දෙන්නට බෑ කීවෙය. දවසකට 900ක් දෙන්නෙ නැති බව කීවේය. 500ක් දෙන්නම් කීය. උඹ ඉමාල් අයියාට රුපියල් 67000 ගණනක් ණයය. ඒ උගේ වැටුපය. උඹ දෙන්න බෑ කීවේ ඒ වැටුපය. උඹ වගේම උඹේ තාත්තත් නරුමයෙකි. ඌ ඉමාල් අයියාගෙන් ඇහුවේ කඩේ වැඩ කරන්න කියා කීවේ කවුද කියාය. අප ගණන් බැලූ අන්දමට හෝටලයේ සෑම දිනකම සියළු වියදම් කපා හරිය පසු වැඩ කරන අයටත් කුලී ගෙවා ඉතිරි ශුද්ධ ලාබය රුපියල් 8000-10000ත් අතරය. මේච්චර හම්බ කරන උඹලා ඉමාල් අයියාගේ පඩි සල්ලි ඉල්ලූ විට සල්ලි නෑ කියයි. 

අපි දෙවන වසරේ මුල් ගාස්තුව ලෙස රුපියල් 72000ක් NIBM එකට අප ගෙවීමට සිදුවිය. ඉමාල් අයියා සිතා සිටියේ කඩේ වැඩ කල මුදලින් ඒ මුදල් ගෙවීමටය. නමුත් සියල්ල වෙනස් විය. ඔහු මුදල් ගෙව්වේ අපි එකතු කර දුන් මුදල්ය. ඒත් බාගයකි. මේ සියල්ල අවසානයේත් අපි උඹෙන් ඉල්ලුවේ වැඩ කල මහන්සියට කුලියය. උඹ දුන්නේ නැත.කඩේට වැඩට පැමිණි කිසිවෙකු සතියකට වඩා හිටියේ නැ. ඒ හැමෝම ගියේ උඹලා සමග ඉන්න බෑ කියාය. ඇත්තය උඹලා මිනිස්සු සමග ඉන්න දන්නේ නැ. කඩේට එන මිනිහෙක්ට ගෞරවයෙන් කතා කරන්න දන්නෙ නැත. උන් ඇවිත් කතා කලේ ඉමාල් අයියා සමගය. ඒ ඌ මිනිස්සු සමග ඉන්න දන්නා නිසාය. 

ඊයේ....ඔව් ඊයේ හවස අපි ආවේත් උඹලත් සමග කතා කර ප්‍රශ්ණය විසඳගන්නය. ඒත් උඹ කතා කලේ අපිට ගහන්න වාගේය. මේච්චර කල් අපිත් ඉවසන් සිටියෙමු. හැම ඉවසීමකම සීමාවක් ඇත. අපි ආයෙ ආයෙත් මුදල් ඉල්ලුවත් උඹ ආවේ අපිට ගහන්න වගේය. අපිට ගහන්න පෙර අපි ගැහුවෙමු. ඇත්ත....ඊයේ උඹට රුපියල් 250ක විතර අපි ගැහුවෙමු. හිතට තව මදිය.උඹේ තාත්තා මට පුටුවක් උස්සා ගැහුවේය. පුටුව කැඩී ගියේය. ඒ හිතේ ආවේගයටය. උඹ අපිට විරුද්දව පොලීසියේ පැමිණිල්ලක් දැමීය. මීට කලින් අපිට උඹට විරුද්දව පැමිණිලි කිරීමට තිබුණත් අපි නොකර සිටියේ උඹට අමතක වුනත් පරණ යාළුකම් අපට මතක නිසාය. අවසානයේ උඹ අපිට විරුද්දව පොලීසි ගියේය.......

අද ඉමාල් අයියාව රිමාන්ඩ් කලේය. ඒ යාළුකමට බොක්ක දීපු නිසාය. අපට කේන්ති නැත. දුකකුත් නැත. ඇත්තේ කලකිරීමකි. අපිවත් ගෙනත් ප්‍රශ්ණ කලේය. අවසානයේ ඉමාල් අයියා ඇප මත නිදහස් විය. ඒ වැරැද්දක් නොකරය. ඒකටත් කමක් නැත. දඬුවම් විඳින හැම කෙනාම වැරදිකරුවෝ නොවෙති. දැන් හැමදේම වී අවසානය.

මේ ඇඟිල්ල දික් කරන්නේ උඹටය. උඹේ හෘද සාක්ෂියටය. තට්ටු කරල බලපන් උඹේ හදවතට..මතක් කරලා බලපං ඒ කාලෙ අපි හිටිය හැටි...රෑ නිදිමරාගෙන අපි පාඩම් කලෙමු. උඹට බැරි පාඩම් කොච්චරක් ඉමාල් අයියා උඹට කියා දුන්නේද...උඹට දුකක් කරදරයක් වන විට අපි හැමෝම උඹත් සමග සිටියෙමු..ඒත් උඹ ඒක විභාගයක්වත් පාස් නැත...උඹ හැම ඒකම ෆේල්ය. අද අපි දෙවන වසරේ සිටියත් උඹට දැන් එන්න විදිහක් නැත. සමහරවිට උඹට ඊරිසියා ඇත. අපි ඒක දන්නේ නැත. ඒක දන්නේ උඹය. උඹ ක්‍රිකට් වලට ආසා කිව්ව නිසා මම දන්න තැන් වලට උඹ එක්ක ගියෙමි. උඹට ක්‍රිකට බැරි වුනත් උඹටත් තැනක් හදලා දුන්නෙමි. දැන් උඹ එව්වා දන්නේ නැත. උඹට ඒවා වැඩක් නැත. උඹ හම්බ කලේ සල්ලිය. අපි හම්බ කලේ මිනිස්සුය. කවද හරි උඹටවත් උඹේ තාත්තටවත් මලගමට කරගහන්න හතර දෙනෙක් හොයාගන්න අමාරු වනු ඇත. නමුත් සල්ලි තියන නිසා අවුලක් නැත. සියළු දේ අනිත්‍ය ලෝකේ සියල්ලම අනිත්‍යය. අපිත් හැමදාම ඉන්න ආවේ නැත. කිය කිය ආවේවත් කිය කියා යන්නේ වත් නැත. උඹලාටත් එසේමය. මේ ඉන්න ඩිංගේ මනුස්සකමෙන් මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න ඇත්නම් ඒ ඇතිය. උඹලාට හෙන ගහපං කියා මම කියන්නේ නැත. ඒත් ස්වභාවධර්මයා සහ කාලය උඹලට ජීවිතය කියාදේවි. එතකන්  සාමයෙන් ජීවත් වෙයව්. 



75 comments:

  1. අඩෙ අප්පා...
    ඒ මාර සීන් එකනේ....
    මුංව මරලත් මදිනේ බං..

    ReplyDelete
    Replies
    1. ඔව් බං..කවද හරි තේරෙයි මුන්ට...

      Delete
  2. ohoma ewun innawa bn.ekata idala wala kapanawa.

    ReplyDelete
    Replies
    1. හ්ම්....අපිත් හිතුවෙ නෑ මෙහෙම වෙයි කියලා...

      Delete
  3. Adoooooo machan mokoo seen eka??
    waliyak nam kiyapan, apith me kaduwela ahala pahala inne tharinduwo..
    btw adennna liyala tiyeanwa ban,, uba da yakoo meka liwwe??

    ReplyDelete
    Replies
    1. දන්නවා මචං උඹලා ඉන්නවා කියලා ඕනි දේකට....

      මේවා ඉතින් මමම තමා ලිව්වේ....:)

      Delete
  4. ඔයවගේ අවලම් බල්ලෝ තමා අද වැඩිපුරම ඉන්නේ , රණ්ඩුවට යන්ඩ එපා මල්ලි

    ReplyDelete
    Replies
    1. අපි අපේ පාඩුවේ ඉන්නවා අයියේ....

      Delete
  5. අයියා රණ්ඩුවට යන එකේ තේරුමක් නැහැ අවසානයේ උ එච්චර දේවල් කරලා වැරැද්ද උඹලට වැටෙයි.උඹලා කරපු දේවල්ූ උඹලට තියේවි උන්ගේ දේවල් උන්ට තියේවි.ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකරයි කියන එක අමතක කරන්න එපා
    බුදුහාමුදුරුවොත් කීවේ වෛරයෙන් වෛරය නොසංසිඳේ කියලනේ අයියා .
    ජය !!

    ReplyDelete
    Replies
    1. අඩෝ ෆෝන් එකෙන් කමෙන්ට් කලේ යකා නටලා වගේ නම් සමාවෙන්ඩ හොඳේ :/

      Delete
    2. ඔව් මල්ලි කාලය විසදාවී ගොඩක් දේවල්...
      හෆොයි ෆෝන් එකෙන් දැම්මා කියලා අවුලක් නෑ...

      Delete
  6. අයියෝ මෙහෙමත් මිනිස්සු..මම හවුලේ වැඩ වලට හරිම බය ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. අපිත් හිතුවේ නෑ අක්කේ...එකට හිටිය කට්ටියනේ...

      Delete
  7. ඔහොම මිනිස්සු ඉන්නවා මලයා.. සර්පයෝ මග අරින එක නුවණට හුරුයි...

    ReplyDelete
    Replies
    1. අපේ වැරදි අයියේ...අපියි සර්පයෝ ලං කරගෙන දැන් කනෝ කනෝ කියලා කෑ ගහන්නේ..

      Delete
  8. adress ekai photo ekaki daapan.. ithuru tika balagammu

    ReplyDelete
    Replies
    1. දැන් හැමදේම වෙලානේ මචන්...ටිකක් ඉවසලා බලමු..

      Delete
  9. ඔය වගේ අය ගැන නම් කතා කරලා වැඩක්ම නෑ අය්යා...සමහරු ජීවත් වෙන්නෙ....මම කියන්නේ ඉපදිලා ඉන්නේ අනුන්ට කරදර කරන්නයි.අනුන්ගේ පානෙන් එලිය බලන්නයි විතරමයි.එහෙම අයට සොබාව ධර්මය විසින් දඬුවම් කරනවා කවද හරි.

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒකනම් සහතික ඇත්ත....

      Delete
  10. oya wage ayata kawdawath hariyanne naha tharu.....imal n oyala hamotama waradinne naha kawdawath

    ReplyDelete
    Replies
    1. අපි වැරදි කරලා නෑනේ...බලමුකෝ...

      Delete
  11. කොච්චර එකට හිටියත් එක එකාගේ ## වැඩ නවත්තන්ඩ බෑ මලයා. ඒක තේරුං අරන් ජීවත් වෙයං !

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ...ඒක ඇත්ත..

      Delete
  12. නොදෝමකින් මේ වගේ කුහක නරුමයෝ..උඹේ උඩින් දාලතියෙන එක මුන්ට මදියි කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ........හ්ම්ම්ම්ම්ම්

      Delete
  13. ඔහොම තමයි මල්ලියෝ මේ සමාජේ ජරා මිනිස්සු සැහෙන්න ඉන්නවා... කෙලෙහිගුනයක් තියා මනුස්සකමවත් දන්නේ නැති මේ වගේ මිනිස්සු නිසා තමා මේ සමාජේ මෙච්චර විනාස වෙලා තියෙන්නේ...:/ :@
    //*කොපමණ ගුණ කලත්දුදනෝ නොවෙති යහපත් කිරිදියෙන් දෙව්වත් අඟුරු සුදු වන කලක් නම් නැත්*//
    කියන්නේ එකනේ..:(

    ReplyDelete
    Replies
    1. මේ අක්කේ,කෝ ඔයා ටෙඩීගේ ලෝකය ලියන්නේ නැද්ද?

      Delete
    2. @ප්‍රදී...ඔව් අක්කේ...ඔරලෝසුව විසදාවී...

      Delete
    3. @අනූ...අක්කා මේ දවස් වල මාර බිසීලුනේ නංගී...වත්තේ මල් පිපිලලුනේ...ඉතින් කඩනවලු...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අපොයි මහා ජරම ජරා සතෙක් නේ.. අපරාදේ අර පුටුවෙන් ගහන්න තිබුනේ උඹට බන්...
    දෙන්නගෙම තුනටිය කැඩිලා පස්ස පැත්තේ තියෙන මොලේ උඩහට යන්න.
    ගණන් ගන්න එපා බන්.. තමන් කරපු ඒවා තමන් ගෙනියවී..
    උඹලගේ ඉවසීම තමා බන් නරක.. මුලදීම පෙණේ පිප්පුවා නම් දර මිටි බදින්න ගන්නේ නෑනේ.
    කොහොම හරි අවසානෙදි ඉමාල් අයියා ණයකාරයෙක් නොවුනොත් ඇති. තමන්ගේ සල්ලි කෙසේ වෙතත්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපිත් හදන්නෙ පුළුවන් තරම් ඉක්මනට මේ ණය සල්ලි ඉල්ලා ගන්න....

      Delete
  16. ඔය කෙනාට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න දැන් පරක්කු වැඩිද? එහෙම නැත්නම් දැන්මම මොනවා හරි කරන්න.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් බලලා ඒක කරනවා අක්කේ...

      Delete
  17. කොහොමත් වැඩිකල් යන්න කලින් ඔය වගේ මිනිස්සුන්ට සමාජයෙන් ම ෂොට් එක හම්බ වෙනවා, ඒ නිසා වලි දාගන්න යන්න එපා, මොනා හරි වුණොත් පොලිසියත් සල්ලිකාරයාගෙ පැත්තෙනෙ ඉන්නෙ. අපිට ම තමයි පාඩුව. ඔළුව කල්පනා කරලා කරන දෙයක් මලේ...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අපිත් ඉවසීමෙන් ඉන්නවා...

      Delete
  18. දැන්, මේක බලන්න ඕන කෙනා මේක බලනවද අයියේ....

    ReplyDelete
    Replies
    1. දන්නෑ නංගි....සමහරවිට...

      Delete
  19. ohoma minissu innawa ayya.thamange wade karagaththata passe ekata hitapu kattiyawa amathaka karana aya godak innawa me loke.ohoma karana ayata kawada hari dauwam widinna sidda wenawa ayya.......

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...බලමුකෝ...

      Delete
  20. මුල අමතක කරන මිනිස්සුන්ට හරියන්නේ කලාතුරකිනි.කොච්චර බොක්ක දී සිටියද අවධානයෙන් බොක්ක දිය යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අවධානයෙන් බොක්ක දිය යුතුය...

      Delete
  21. ඔය වගේ මිනිස්සුන්ට හරි යන්නෙ නැහැ..දුක් වෙන්න එපා..ඔයාලට ඊට වඩා වටින මනුස්සකම් ලැබිල තියනව..පුලුවන් නම් ඉමාල්ගෙ සල්ලි ටික ගන්න පියවරක් ගැන හිතන්න නීති මාර්ගයෙන් වත්..

    ReplyDelete
    Replies
    1. ඔව් කිරිල්ලියෙ අපිත් මේ හදන්නේ ඉක්මනටම ඔය සල්ලි ප්‍රශ්ණෙ විසද ගන්න..
      අනිවාර්යෙන්ම මේ හැමදේටම වඩා මනුස්සකම අපිට වටිනවා...

      Delete
  22. කළකම් පල දෙනවාමයි අයියේ. දැන් දිට්ටධම්මවේදනීය කර්ම පඩිසන් දෙන්න වැඩිකල් යන්නේ නෑ......

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි අපිත් බලාගෙන ඉන්නේ...

      Delete
  23. ඔහොම තමයි තරුවා. කොච්චර එකට හිටියත් ජන්ම ගති මතුවෙනවා. තරුවා ගොඩාක් අප්සෙට් එකේ වගේ ඉන්නේ. එක සාධාරණයි මචන්. උඹට අරු නැති වුනාට ඉමාල් අයිය වගේ මනුස්සකම් තියන මිනිස්සු ඉන්නවා මචන්. හිතක් පපුවක් නැති යාළුවො දහයකට වඩා අරවගේ එක මිනිහෙක් ඇති මචන් ජීවිතේටම.



    මගේ හොඳම යාලුවත්, බෝඩිමේ එකට ඉන්න, එකට කන, එකට බොන, යාළුවා දවසක් උදේ පාන්දර නැගිටලා කොහෙද ගිහින්, මම දන්නෙත් නෑ, ගිහින් ආපුහාම මම ඇහුව කොහෙද ගියේ කියලා, ඌ ඉස්සෙල්ලම උගේ කෙල්ල හම්බෙන්න ගිහින්, මම ඇහුව අයි ඉතින් උඹ කිවේ නැත්තේ කියල "ඌ ඇහුව මොන *&^&%*$කටද කියන්නේ කියලා" ඔන්න ඔහොමයි මචන් යාළුවො !!!. එදා ඉඳන් මම මිනිස්සු ගැන විශ්වාසෙ තියන එක අඩු කළා මචං. මිනිස්සුන්ව තේරුම් ගන්න අමාරුයි, එකට ඉඳලා එකට කාල, අන්තිමට පර්ස් එකටත් විදලා යන එවුන් අද ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්...මේ අත්දැකීම් ජීවිතේට මාර වටිනවා...

      Delete
  24. අම්මට හුඩු. කියවනකොට ඇඬුන වගේ බං. කෙලපං ඕකගෙ හතර හන්දි වටරවුං වෙන්න. හාල්පාරු හෝතම්බුවා

    ReplyDelete
    Replies
    1. හිකිස්...බලමුකෝ...

      Delete
  25. ම්ම්ම්ම්ම්ම්.. කතාව ඉතින් මම දන්නවානෙ.. මමනම් කියන්නෙ අයියේ, දැන් ඔය ප්‍රශ්නෙ නීති මාර්ගෙන්ම විසඳගන්න.. ඒක ඔයාලටත් හොදයි.. මොකද ඔය ව්අගේ මිනිස්සු හදන්න බෑ.. එහෙම අයට කවදාහරි දවසක් එනවා කල කල දේවල් ටික පලදෙන.. බුද්ධාගමේ හැටියට දිඨ්ඨ ධම්මවේදනීය කර්ම පඩිසන් දෙන හැටි ඇස්පනාපිටම මම දැකලා තියෙනවා. ඉතින් ඔය වගේ අයටත් ඉස්සරහට වෙන දේවල් බලාගනන් අයියාලටම පුලුවන් වෙයි..

    නීති මාර්ගෙන් ප්‍රශ්න ටික විසදගෙන සල්ලි ටික අරගන්න බලන්න. ඔය වගේ ප්‍රශ්න නිසා අද රටේ වෙන කේදවාචක අනන්තයිනෙ. ඉතින් පරිස්සමින් ප්‍රශ්න විසදගන්න. ඉමල් අයියාට වරදින එකක් නෑ...හිත හොද මිනිස්සුන්ට කවදාහරි හරියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...ඔයා දන්නවනේ ඉතින් මම කිව්ව කෙනා ගැනත්...බලමුකො ඉස්සරහට...

      Delete
  26. කිසිවෙකු කිසිදා විශ්වාස නොකරන්න. තමාට තම අතම පමණක් බව සිතන්න.

    මේ අරාබියේ දී මිනිස්සු සෑහෙන්න වෙනස් වෙනවා. සෑහෙන්න. එකට යාලුවෝ වගේ ඉඳං අනිකාගේ බෙල්ලම කපනව අපේ ලංකාවේ උන්. එහෙම උන් එක්ක ඉඳලා මටනම් දැන් ඕවා පත්තියන් වෙලා..

    ඔය වගේ නරුමයින් ඉහල යනවාත් ඒ එක්කම රොකට් වගේ පහල එනවාත් මම දෑසින් දැකලා තියනවා.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ...හැමදේම සල්ලි ලගින් තියනකන් විතරයි...

      Delete
  27. ගොඩක් තැන්වල ඔය වගේ චරිත දකින්න ලැබෙනවා බං.දුක් වෙන්න එපා කවදාහරි උන්ට ඕවාට විඳවන්න වෙනවා.උඹේ ආවේගශීලි කතාව අස්සේ සංවේදී බාවයකුත් ගොඩ නැගිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්...දුකයි...ඊට වඩා කලකිරෙනවා...

      Delete
  28. අද රටේ තත්වේ ඕකයි. හිත හදාගනින්. මිනිස්සු අඳුන ගනින්.

    ReplyDelete
    Replies
    1. හ්ම්....මේ අත්දැකීම ගොඩක් වටිනවා....

      Delete
  29. tawath minihekuta weradi karapu minihekuta kawadawath hari yanne aiye.......................

    ReplyDelete
    Replies
    1. අනිවා...ඒක ඇත්ත...

      Delete
  30. මේ ලෝකේ චුට්ටක් හරි සාදාරණ නම් උන්ට කරපුවට විඳවන්න වේවි...

    ReplyDelete
    Replies
    1. හ්ම්....බලමු ඉස්සරහට...

      Delete
  31. උඹ ඌට හෙන ගහපන් කියලා නොකිව්වට මම ඌට හෙන හතම ගහපන් කියලා සාප කරනවා... උන් බංකොලොත් වෙලා ගිය දාට උඹලව මතක් වෙයි ආපහු... ඔහොම අමනයෝ හින්දා තමා මටත් කෙල වුනේ... නොදකින් විතරක්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මචං...

      Delete
  32. බය වෙන්න එපා තරුවෝ.. ඉක්මනටම ඔය තාත්තයි පුතයි දෙන්නා ඔතනින් මකබෑවිලාම යයි.. සත්තකින්ම...

    ReplyDelete
    Replies
    1. හිකිස්...හිනාත් ගියා....පව් කියලත් හිතෙනවා අෆ්ෆා...

      Delete
  33. ඕකගේ අම්මට @#$% !!

    ReplyDelete
  34. kawda ban ehema gunayak nathi hiwalaaa!!! Amu p*nna P**ek ne ban mu balagena yaddi

    ReplyDelete
    Replies
    1. එහෙම එවුන් ඉන්නවා බං

      Delete
  35. මම නම් ඕවගේ එකෙක් නිකන්ම අතාරින්නේ නැත. අතාරින්නටද නුසුදුසුය. පොඩ්ඩක් ඉවසලා ඉදල වාරයක් පැමිණි විට ගේමක් දීලාම ගියොත් හොදයි නේද.

    ReplyDelete
  36. තරුවෝ මේ කතාව බලද්දී මැවිලා පේනවා මචෝ...ඕකට නම් හෙනම ගහපිය....

    ReplyDelete
    Replies
    1. අම්මපා පෙනුනද ඈ....

      Delete
  37. ඔය වගේ එවුන්ට කියන්ඩ වචන නැ. මක බෑවිලාම යයි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...