Monday, July 16, 2012

වතුර වැඩි පරිප්පුව...

ලුණු බිංදුවක් නැති
වතුර වැඩි පරිප්පුවේ...
ඔළු තිබුනා බැරි වෙලා
හාල්මැස්සන් හොද්දේ...
තව පැයක් පහු වුනොත්
පිළුණු වෙන සම්බෝලේ...
ඉතියෝපියානු කුකුළෙක්ගේ
කටු වැඩි මස් කෑලි...
බත් සමග මිශ්‍ර වුණු
දත් කඩන ගල් රයිස්.............
නුඹ හදන සම්බොලේ
සමග බත් කට කන්න...
බැරිවේය හෙට ඉදන්
ආයේ තව කාලෙකට...
ආයේ නෑ නිවාඩුව
තවත් මාසෙකට මට...
ගල් රයිස් සමග සිදු
වේය දිවි ගෙවන්නට...
කමක් නෑ තව මසක්
ඉවසලා වදාරමි...
ලබන මස ඉගිල එමි
අම්මේ ඔබෙ බත් කන්න...........




ප.ලි. :-
දවස් දෙකක නිවාඩුවකට ගෙදර ඇවිත් හෙට ආයිත් බෝඩිමට යන්න වෙනවා. ආයිත් අම්ම හදන කෑම කන්න තව මාසයක් බලන් ඉන්න වෙනවා. බෝඩිම මතක් වෙනකොට හිතට ආපු අදහසක්. අදහසක් විතරක්ම නෙවෙයි.....................

54 comments:

  1. හ්ම්.... ගනන් ගන්න එපා මල්ලි.ජීවිතේ හැටි ඔහොම තමා.අර උඩින් කියලා තියෙන මොනවා තිබ්බත් කමක් නෑ වස විස නැත්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ...ඕවානම් මොනාද......

      Delete
  2. තව මාසෙනේ මලයෝ .. ඉවසල ඉඳින්... අපි මේ අවුරුදු ගනං ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියේ මේ මාසේ මොකක්ද..

      Delete
  3. හ්ම්ම්,,ඉවසලා ඉන්න සහෝ..මොනා කරන්නද.. :(

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ඉවසලා ඉන්නවා...

      Delete
  4. විශේෂයෙන් කොල්ලෙක් උනාම ජීවිත කාලයෙන් කොටසක් බෝඩිමක හොස්ටල් එකක ඉන්නම ඕන. නැත්තං වැඩක් නෑ. ඕකෙ ආතල්එක තියෙන්නෙ පස්සෙ කාලෙක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අයියේ..කට්ටක් උන්ත් ජීවිතේට සෑහෙන දේවල් ඉගන ගන්නවා....

      Delete
  5. හෆ්ෆා... බෝඩිම් ජීවිතේ කියන්නෙ මහම මහ කට්ටක් නේද? එක අතකින් ඒකෙ අමුතු ෆන් එහෙකුත් ඇතිනෙ.. ජීවිතේට අත්දැකීමක් කියලා හිත හදාගෙන ඉන්න අයියේ!!!

    ReplyDelete
    Replies
    1. ඔව් නංගියෝ ඒක නම් ඇත්ත...

      Delete
  6. තරූ..හාල්මැස්සෝ අමුවෙන් කන රටක ඔලුවත් එක්ක බැදල දෙනකොට තියෙන සනීපෙ......

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පට්ට නේද...පිස්සු හැදෙනවා...

      Delete
  7. මට තාමත් බෝඩිම් අත්දැකීම් නැහැ. ගෙදර තමා තාම්ත් බෝඩ් වෙලා ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් එහෙම අත්දැකීමකුත් අරන් බලන්නකෝ....

      Delete
  8. tawa masayaine taru ayya.....oya mase ikmanatama gewila yai.ethakan tikak iwasamu taru ayya....

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...මාත් හිතනවා....

      Delete
  9. සිරා ආ
    අම්මා හදන කෑම තරම් රස කෑම කඩෙන් ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං...ඒකනම් ඇත්ත...

      Delete
  10. මමත් එ දුක වින්දා මාසෙකට සැරයක් හදල දෙන කිරිටෝෆි කන්න ගිහින් වහලක් වුද දුක වින්දේ.

    ReplyDelete
  11. හය වසරේ ඉදන් ඔය දුක විඳිනවා.
    දැන් නම් බැරි බැරි ගාතේ සම්බෝලෙකුයි බත් ටිකකුයි හරි උයාගෙන කනවා.
    කඩෙන් කනවට වඩා ඒක සැපයි :)

    ReplyDelete
    Replies
    1. අපිත් කාලයක් උයාගෙන කෑවා...අමාරු උනත් ඒක ආතල්...දැන් බොඩිමේ යට තට්ටුවෙ තියන හෝටලෙන් කන්නේ...

      Delete
  12. හොද වෙලාවට අපි ගෙදර..
    ඒත් අපිට අගයක් නෑ..

    ReplyDelete
    Replies
    1. අකනේ අපිටත් ඒ කාලේ ඔහොමයි...

      Delete
  13. කියවද්දි මේ ටික
    මතක් උනේ කැන්ටිම

    ReplyDelete
  14. තනියම උයාගන්න පහසුකමක් නැද්ද? මගෙ එක විනෝදංශයක් කෑම හදන එක..මෙහෙම දේවල් දකිද්දි දුකයි..හොට්ප්ලේට් එකක් හරි තියාගෙන බතක් හදල එක මාලුවක් හරි හදල සම්බෝලයක් හදාගෙන කන්න ට්‍රයි කරන්න...මෙලෝ රහක් නැති කෑම එකක් කනකොට දැනෙන රසයි කේන්තියයි මම අඳුනනවා.....

    ReplyDelete
    Replies
    1. අපිත් කාලයක් උයාගෙන කෑවා...අමාරුවෙන් හරි බතකුයි මාළුවකුයි හදාගත්තා...ඒත් දැන් බොඩිමේ යට තට්ටුවෙ තියන හොටලෙන් කෑම ලැබෙන්නේ...

      Delete
  15. බෝඩිමේ ජීවිතේ.. ඔහොම තමා මලයා..

    ReplyDelete
  16. අම්මගෙ කෑම එක තරම් දිව්‍යභෝජන වෙන කොයින්ද යාළු...දුක තමයි ජීවිතේ..මොනව කරන්නද තරුවා ඉවසනවා ඇරෙන්න

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...ඉවසපං සිත්තමී කිව්වලු... ;)

      Delete
  17. මටත් ඔය සෙතෙමයි බං.... එපා වෙලා තියෙන්නේ :(

    උඹට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. චික් විතරක්..රජෙක් වෙලත් කියන කැත.......

      Delete
    2. @ රජා...ඇයි බං උඹට රාජ භෝජන ලැබෙන්නෙ නැතැයි...

      Delete
  18. ‍අනේ ඇත්තටම අම්මා උයන බත් එකක් හැමදාම කන්න අපිට පින නෑනේ...මොනා කරන්නද මල්ලියෝ.ගෙදර ඉන්න දවස් ටිකේ හොද‍ට කාලා යද්දි බත්1ක් ඔතාගෙනත් යන්න...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අක්කේ...වෙන මොනවා කරන්නද...

      Delete
  19. කට්ට කන තරමට ජීවිතේ අත්දැකිම් වැඩි වෙනවා.ඒක අනාගතයට වඩාත් හොඳින් දැනේවි. මේවගේ කැම කන්න පුරුදු වුනාම ඕනෙම මොහොතක ඕනෙම කැමක් කන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අත්දැකීමෙන්ම ඒ ගැන දන්නවා හොදට....

      Delete
  20. මාත් බෝඩිම් දොළහක රස බත් අවුරුදු හතරකදී කාපු එකෙක්.. නියමයි.. අම්මෝ මතක් වෙනකොට සිතට දැනෙන සැප !!

    ReplyDelete
    Replies
    1. හම්මෝ...දොලහක....ඒකත් මරු ඈ...මගෙත් මේ හතරවෙනි එක...

      Delete
  21. අම්මා උයන තරමි රසට තව කොහෙන් නම් කන්නද ?

    ReplyDelete
  22. අම්මා උයන කෑම තරම් වෙන කිසිම කෑමක් රහ නැහැ තමයි.

    ReplyDelete
  23. අයියෝ.. ගණන් ගන්නෙපා, තාම ජීවිතෙ පටන්ගත්තා විතරනෙ මලේ!!!

    ReplyDelete
  24. ඇයි අප්පා සම්බෝලේ ඊයේ රෑ හදපු එකක්ද? ඈ..??

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ....සමහරවෙලාවට ඊයෙ දවල් එවත් තියනවා...

      Delete
  25. පව් තරුවෙ...ඔයාලෙ අම්මා නම් රසට කෑම හදනවා ඇති.....
    ඉවසගෙන ඉන්න මල්ලී....මක් කරන්නද?...

    ......අවවාදයයි.....
    ගල් රයිස් හෙමින් හපන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ...
      අවවාදය හිස් මුදුනින් පිළිගනිමි..

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...