පිරිවර.....!

Thursday, May 24, 2012

ආදරෙයිද...වරෙන්කො තොට දෙන්න......!!

ඒ කාලේ පට්ටය. පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම එකය. මම ඒ කාලය කීවේ ඒ කාලයට නොහොත් අතීත කාලයටය. එහෙමත් නැත්නම් මගේ පුංචි කාලේය. ඒ කාලේ මම හලි හුලතල්ය. කවුරුත් මට ආදරේය. බලන බලන තැන ආදරේ වැහි වැහැලාය.

ඒ කාලේ මම එපා කියද්දී හැමෝම මට ආදරේ කලෝය. තනියම කොහෙවත් යන්න දෙන්නේ නැත. තනියම මොනවත් කරන්න දෙන්නේද නැත. ඒ ආදරේ නිසාය. මේ ආදරේ මට මල වදයක් වූයේ ඒ හින්දාය. මම කොහේ ගියත් කවුරුන් හෝ පස්සෙන් එයි. මම උන්ට ආදරේ නැතත් උන් මට ආදරේය. උදේ නැගිට්ට ගමන් "පුතා නැගිට්ටද" අහගෙන කට්ටිය පෝලිමේ එයි. ටික වෙලාවකින් මාව උස්සගෙන මූන හෝදවන්න එක්කගෙන යයි. මම බෙරිහන්දෙද්දී බත් ගුලි කටේ ඔබයි. මම කදුළු පෙර පෙර ඒවා ගිල්ලෙමි. තව විකාර කෝටියකි. අහෝ දුකකි ඉරකි තිතකි කියා මට සිතුනි. මේ ආදරය නම් මලම වදයක්ය. ආසාවට මැටි ටිකක් අල්ලන්නට නැත. උස්සගෙන ගොස් අත් සෝදවයි. මේ කාලේ මෙච්චර මැටි වැඩ කරන්නේ ඒ කාලේ ඒවා නොකල නිසාදැයි විටෙක සිතෙයි. විහිළුවටවත් හචිමක් යවන්න බැරිය. හැරෙන තැපෑලෙන් මා සිටින්නේ ඉස්පිරිතාලයේය. මම බොහෝ විට ඈනුමක් යවන්නටද බිය වීමි. සුවර් නැත, ඊලග මොහොතේ මා සිටින්නේ ඉස්පිරිතාලයේ විය හැකිය. මගේ හුලතල් මොලේට ඒ කාලේ සිතුනේ එසේය. 


මගේ ජීවිතේ සුන්දරම කාලය ඒ කාලයය. අම්මගෙ අතේ එල්ලී එහෙ මෙහෙ ගිය මම අද හැම තැනම යන්නේ තනියමය. පාලු මකාගන්න කෙල්ලෙක්වත් නැත. ඉන්න උන් ඉන්නේ තමන්ගේ වාසියටය. මම ආදරේනම් උනුත් ආදරේය. සමහරක් මම ආදරේ කලත් ආදරේ කරන්නේ නැත. මේ කාලේ වැරදීමකින් පාක් එකකට ගියොත් බීච් එකකට ගියොත් ආදරේ වැහි වැහැලාය. හැම ජෝඩුවක්ම කුඩ ඉහලන් ඉන්නේ ආදර වැස්සට තෙමෙයි කියා බයේ වෙන්නට ඇතිය. දුර ඈතක සිට පැමිණියෙකුට හදිසියේ නවාතැන් ගැනීමට තැනක් නැත. සියලු නවාතැන් පොලවල් ආදරයෙන් පිරී ඉතිරී ගොස්ය. ඔවුන් පවසන්නේ ඔවුන් ආදරේ උපරිම තෘප්තියේ ඵල වැල නෙලන බවය.

අද ආදරේ යනු ආසාවය. තමන්ගේ වැඩේ කෙරෙන තුරු හැමෝම අප ලග සිටී. ඉන්පසු උන්නද මලාද බලන්නටවත් කෙනෙක් නැත. හැම ආදරයකම සීමා මායිම් ඇත. බොහෝ අය අප ලගට එන්නේ ආදරේ බෝඩ් ලෑල්ල පපුවේ ගසාගෙනය. ඒත් බෝඩ් ලෑල්ලට යටින් ඇත්තේ උන්ගේ ආත්මාර්තකාමී අරමුණුය. ඒවා ඉටුකරගත් පසු බෝඩ් ලෑල්ල ගලවා දමා උන් යන්ට යති. අපට සිදුවන්නේ හූල්ලන්ටය. අතරින් පතර සැබෑ ආදර නැතුවාමද නොවේ. එහෙත් ඊට වඩා ලේසියෙන් කලුනික සොයාගත හැක. අයියෝ සල්ලි කියා සිතෙන්නේ මෙවිටය. සල්ලි දෙයියන්ගේ මල්ලි වුවත් ආදරය කාගෙ මල්ලීදැයි නොදනිමි. බැරි වෙලාවත් ඌ මගේ මල්ලී උනානම් මම දනියි කරන දේ.

අද ආදරේ හැම තැනම වෙන්දේසි වේ. අපට අවශ්‍ය වූ විට පාවිච්චි කර විසි කල හැකිය. වරක් පාවිච්චි කල ආදරයක් අවශ්‍යනම් නැවත බාවිතා කල හැකිය. එය එපා වූ විට නැවත විසිකල හැකිය. සමහරු ජීවිත කාලයම එක ආදරයක් ලග තබා ගැනීමට උත්සහ කරයි. උන්ට ආදරේ එපා නොවුනත් ආදරේට උන්ව එපා වුනු දවසට ආදරේ උන්ව දාල යයි. මෙසේ උනු කොල්ලෝ තව කෙනෙකුට ආදරේ කරති. ඒ බෝතලේටය. උන් බෝතලේ බදාගෙන වැලපෙයි. තවත් සමහරක් වස බොයි. වස බී නසී. කෙහෙල්මල් ආදරයකට ජීවිතෙන් වන්දි ගෙවයි. උන් කියන විදිහට උන්ගේ ජීවිතේම ආදරේය. එතනින් එහාට දෙයක් නැත. මෙවැනි අවස්ථා වල ලංකාවේ සමහර වාහිනී වලට රජ මගුල්ය. උන් අරූගේ ආදරයේ මල ගම රටටම ඇහෙන්න කියති.

ආදරෙන් ඈත්වෙන්න අවශ්‍ය වූ සමහර කොල්ලො කෙල්ලෝ පවසන්නේ "අපිට මේ ආත්මෙදි එකතු වෙන්න ලැබෙන්නෙ නෑ සුදූ..අනේ ලබන ආත්මෙදිනම් මම කොහොම හරි ඔයාගෙම වෙනවා..දැන් මට යන්න දෙන්න " කියාය. මගුල...මෙච්චර හොද ජීවිතයක් තියෙද්දී උන් ප්‍රාර්ථනා කරන්නේ නොදුටු , ලැබේවිදැයි නොදන්න වෙන ආත්මයක් ගැනය. බැරි වෙලාවත් මේ ආත්මයේදී එකෙක් නිවන් දැක්කොත් අනෙකාට හුලං ය. ආදරයක් නැති කර ගන්න වූ විට අනෙකා කිබුහුමක් ඇරියත් වැරදිය. ඒවෙලාවට අනෙකාගේ වැරදි සිය දහස් ගණනින් පෙනේ.

ජීවිතේ කියන්නේ මෙයටය. අපි හැමෝම තමන්ගේ ආසාවන් , බලාපොරොත්තු පසුපස දිව යයි. හෙම්බත් වූ විට ආදරය කරයි. එපා වූ විට එය අතහැරදමා නැවතත් අර ආසාවන් හඹා යයි. නැවතීමක් නැත. නවතින්නට වෙලාවක්ද නැත. මට අද වන තුරු මා ලග සිටින්නේ පුංචිකාලේ මට එපා වුණු අම්මගෙ තාත්තගෙ ආදරය පමණය. අනෙක් හැම ආදරයක්ම පැමිණියේ ආදරේ නාමයෙන් තාවකාලික සුවයක් පතා පමණය.එදා අකමැති වූ දෙමාපිය සෙනෙහසට අදනම් එදාට වැඩිය ආදරේය. අප බොහෝ දෙනෙකුට අවසානයේ ඉතිරිවන්නේ එය පමණක්ය.     

ආදරය කරන්න....,
ලැබෙන විට
සතුටුවන්නවත්
නැති කොට
හඩා වැලපෙන්නවත් නොව....,
විද බලා...
දැක බලා...
කල් බලා...
සැනසෙන්නට....

Share/Bookmark

Monday, May 21, 2012

කාලය මැව් වෙනසක අරුමේ....


පන්හිදක් ගෙන
තල් පතක් උඩ
තබන විට දුක් සටහනක්...

තල්පතත්
පන්හිදත් එක්වී
කිව්ව මට පොඩි කතාවක්...

සදත් තිබුනා
තරුත් සිටියා
එදා අප ලග හිනැහෙමින්...

පන්හිදින් ඔබ
තල්පතේ හැඩ
රටා ඇන්දා ආදරෙන්...

සදත් එහෙමයි
තරුත් එහෙමයි
ඔබත් පෙර මෙන් අප ලගින්...

කිමද මේ අද
දුක් සුසුම් මැද
විරහවක් ඇද කැටයමින්...

ලගින් සිටි ඔබ
වෙන්ව ගිය දින
අදුරු වූවා හිරු සදුත්...

පන්හිදෙන් මම
දුක් කදුළු මිස
කෙසේ අදිමිද සියපතක්...


Share/Bookmark

Saturday, May 19, 2012

කැඩුනොත්.....කැඩුනමයි.....

දැන් හරිද...
ම්ම්ම්...තාම නෑ වගේ....
අනේ කොහොම හරි හදාගම්මු...
හ්ම්...
'හ්ම්' නෙවෙයි..මොකද්ද අනේ...
බලන්න දැන් හරිද කියලා....
බෑ බෑ...මට ඉස්සර වගේ ඕනි...
ඉස්සර කිව්වේ...????
ඉස්සර කිව්වෙ..අපි දෙන්න හම්බවෙච්ච මුල් කාලේ...
ඒ කාලෙ අපි දෙන්න කොච්චර ආදරෙන් හිටියද...
ඒ ඉතින් ඒ කාලෙනෙ....
ඒ කියන්නෙ දැන් බැරිද...
හරි හරි කතාව නවත්තල බලන්න දැන්වත් ඕක හරිද කියලා....
නෑ අනේ...චුට්ටක් ඇදයි වගේ...
මගුල...හරියට මම කැඩුව වගේ..කැඩුවෙ ඔයා...හදන්න ඕනි මම....@#%
හරි හරි සුදූ...මම තමයි කැඩුවෙ..ඒත් ඔයා කොහොම හරි ඕක හදාගන්නකෝ...
මම මේක කොච්චර ආදරෙන්ද පරෙස්සම් කලේ...ඒත් ඔයා ඒක කැඩුවා...
දැන් කොච්චර හැදුවත් මුලින් තිබුණු ගානට ගන්න බෑ...

බලන්න...මම කොච්චර මේක බැලන්ස් කරන්න හැදුවත් බැලන්ස් වෙන්නෙ නෑනෙ...
ඉස්සරනම් මෙකට මෙහෙම උනේ නෑ..තිබ්බ විදිහටම හිටියා...මේ වගේ හතරවටේට හැරුනෙ නෑ...
ඉතින් ඒකට මමද පලි...ඔයානෙ මේකට මේවා පුරුදු කලේ..මමයෑ...ඔයා වගේ තමයි මෙයත් හැදුනේ...
දැන් මම කොච්චර එපා කිව්වත්..හැම පැත්තටම හැරෙනවා....

බෑ බෑ...මට එහෙම ඕනි නෑ...මට ඕනි ඉස්සර වගේ මේක මං වෙනුවෙන්ම ඉන්න...
එහෙම නං ඉතින් මැරිල ඉපදෙන්න වෙයි..මොකෝ ඔයාට ඕනි ඕනි විදිහට හැදෙන්න මේක සෙල්ලම් බඩුවක්යෑ...
අනේ ඔච්චර කේනති ගන්න එපා...ඉස්සරනම් ඔයා ඔහොම නෑ...ඔයා ගොඩක් වෙනස් වෙලා...
අනේ අපි ආයිත් මුල ඉදන් පටන්ගම්මු..ඔයා මාත් එක්ක ඉන්නවා නේද...???
හරි මම කොහොමහරි ඔයත් එක්ක හිටිය කියමුකෝ..ඒත් මෙයා ඉදියිද...????
මම එයාවත් කොහොමහරි මගෙ ගාවට ගන්නම්කෝ....
ඔයාට මතකද ඒ කාලේ..මෙයා ඔයා වෙනුවෙන් කොච්චර දෙවල් කලාද...
ඒත් ඔයාට ගානක් තිබුනද..?? ඒ කාලෙ ඔයාට මෙයාල ගොඩක් හිටියා....ඒ හින්දා ඔයාට මේවයෙ කිසි වටිනාකමක් තිබුනෙ නෑ...
මෙයා ඔයා හින්ද ගොඩක් දුක් වින්දා...කිසි තෙතමනයක් නැති ඔයා වගේ කෙනෙක් වෙනුවෙන් මෙයා එයාගෙ හැම අංශුවක්ම වෙන් කලා...ඒත් ඔයා...මුළු ලෝකෙම ඉස්සරහා බොරුකාරයෙක්...පිස්සෙක්...මෝඩයෙක්...සල්ලාලයෙක් ගානට දැම්මෙ..
අද ඔයාට කවුරුත් නැතිවෙනකොට ඉස්සෙල්ලම මතක් උනේ මෙයාව...
දැන් ඔයා මෙයාට කියනවා ඉස්සර වගේ ඉන්නලු....

අනේ මට සමාවෙන්න...ඔයාට ඕනි ඕවා කියලා  වැටිල ඉන්න මාව තවත් වට්ටන්නද...දැන් ඔය කතාව නවත්තන්න...
අනේ ප්ලීස්...කොහොමහරි අපි මේක හදා ගන්න බලමු....
ඔයාට පේනවනේ..මෙයා අදටත් ඔයා වෙනුවෙන් ඉන්නවා....ඒත් මම හිතන්නෙ නෑ..ඉස්සර වගේමනම් පුළුවන් වෙයි කියලා...
මට කියන්න...ඔයා මට සමාව දෙනවා නේද....
මම දෙයි...ඒත් මෙයා...මෙයා දෙයිද....අහල බලන්න මෙයාගෙන්ම....
අනේ....කොහොමහරි....මම වෙනුවෙන්...
මට සමාවෙන්න..ඒත් මම හිතන්නෑ මෙයාට එදා වගේම ඉන්න පුළුවන් වෙයි කියලා...

*
*
*
*
*

සිතක් බිදුණු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවේ ලදුනේ....ඉතින් තවත් කල් රැදී පලක් නෑ ඔබ මගේ සෙවනේ....    


ප.ලි :- හපුච්චියේ ඔන්න මේක මට වෙච්ච දෙයක්නම් නෙවෙයි...
           ඔය උඩ තියන සින්දුව අහනකොට නිකමට වගේ හිතුන දෙයක්... 

         
Share/Bookmark

Thursday, May 10, 2012

නැන්දාට වෙඩිමක්......!!!

අල්ලපු ගෙදර ඉන්නවා අපෙ
නැන්ද කෙනෙක්
හතලිහ පැනලා තිබ්බත් නෑ
ඒකෙ වගක්
තවමත් බැදල නෑ පලදී
කරපු පවක්
එනමුත් ඇයට නෑ ඒකේ
වගේ වගක්

හැම සතියකම ඇය කරනා
වැඩක් ඇතී
සතියට දවස් තුන හතරක්
සැලුන් යතී
කේ.එෆ්.සී මැක්ඩොනල්ඩ්ස්
වලින් කතී
අඩි තුන හතර ඇවිද්ද තැන
දමයි හතී

නැන්දා වුවත් කියන්න බෑ
නැන්දා කියා
තවමත් පොඩි එකී වාගෙයි
ඉන්නෙ එයා
හුරතල් වදන් මුමුණයි ඇය
තොදොල් වෙලා
හොරෙන් තට්ටු කර දිව යයි
සිනා සලා

නැන්දා නිසා කියන්න බෑ
මට මොනවත්
එනමුත් විටෙක ඇය නම් මට
මහ ඇනයක්
ඇයගේ රුව ගුණට ගැලපෙන
කුමාරයෙක්
සොයලා දෙන්න පවසයි මට
මනාලයෙක්

මමත් ඉතින් හෙව්වා පව්
හින්දා එයා
අනේ කොහෙන්වත් හමු උනෙ
නැහැනෙ මෙයා
සැගවිලා ඉන්නෙ කෙහෙදෝ ඔබ
හැංගි හොරා
අරන් යන්නෙ කවද්ද අපෙ
සිවුරු හොරා

දින තුන්සිය හැට පහම කරනට
වැඩක් නැතී
නිකන් කකා බී සැපසේ
නිදිය හැකී
කිලෝ හාරපන්සීයක්
දැරිය හැකී
සත්ගුණවත් කෙනෙකු සිටි නම්
දහක් වටී

අසනා බලන දකිනා මෙය
සුපෙම්වතුන්
ඇතිවිනි නම් නැන්දා ගැන
පහන් සිතක්
මෙය ලියනා මා ගැන
අනු-කම්පාවක්
වහා එවන්නකො පුරවා
මේල් එකක්

ප.ලි :- සිතුවිල්ලක් පමණයි හරිය.........!!!!

Share/Bookmark

Monday, April 30, 2012

තමන්ගෙ ගෑනිගෙ 'හෙළුව'....


ලගදි දවසක හදිස්සියෙම මම A/C බස් එකකට ගොඩ උනේ යන්න ගිහින් සෑහෙන්න පරක්කු වෙච්ච ගමනක් ඉක්මනට යන්න හිතාගෙනය. ශ්‍රී ලංකාවෙ බස් වල තියන ආශ්චර්යට නැගපු ගමන් බස් එකේ පස්සටම යන්න සිද්ද උනේ නීතිය අකුරටම පිලිපදින මෙම බස් රථයේ සීට් ගනනටම සෙනග වාඩිවී සිටි නිසාත් සීට් අතර තිබිය යුතු චූට්ටං සීට් මෙහි නොතිබූ නිසාත්ය.


ඉදගන්න සීට් නැතුව මල අසූහරදාහට පැන සිටි මාගේ හතර වටේට බ්‍රමණය වූ හිස එක් ක්ෂණයකින් නතරවූයේ මා අසලම තිබූ බසයේ පිටුපස අසුනේ විකාශණය වෙමින් තිබූ අතිශයින් වැඩිහිටියන්ට පමණයි වූ චිත්තරපටිය නිසාවෙනි. මාගේ ගත තිබූ වෙහෙස කොහෙන් ගියාදැයි මම අද වන තුරු දන්නේ නැත. අපේ අම්මාගේ වදන් මට සිහි වූයේ මෙවෙලේය. "පුතේ දුර බලන්න කලින් ලග බලපං" මම බසයේ හතර වටේ බලන්නට කලින් ලග බැලුවානම් මීට කලින් මගේ වෙහෙස නිවෙන්නේය. මට මොහොතකට සිතුනේ මම මේ බස් රථයකට රිංගුවේද නැතිනම් හනිමූන් කපල් එකක් සිටින හෝටල් කාමරයකට වැරදිලාවත් රිංගුවාද කියාය. සිද්ධිය ඒ තරම් ජුගුප්සාජනකය. (මේ තේරුම එහෙම අහන්න එපා) මගේ ඇගේ මයිල් ඉස්මයිල් වී ගියේය.


ලැජ්ජ බයට හැදුනු කොල්ල නිසා එක එල්ලේ බලන්නටත් බැරිය. කොච්චර උත්සහ කලත් නොබල සිටින්නටද බැරිය. උන්ට හොදනම් අපිට පාංද. මම බසයේ අනිත් අයට හොරෙන් ඒ දෙස බලන විට බසයේ අනිත් අය මට හොරෙන් ඒ දෙස බලයි. සාකච්චා මාර්ගයකට පැමිණියානම් සියල්ලන්ටම සහයෝගයෙන් මෙය නැරඹිය හැක. උං මේ දර්ශණයට විරැද්දව කසු කුසු ගාන ගමන් හොරෙන් ඒ දෙස බලයි. මගේ ලග සිටි කොල්ලා මට තට්ටු කර ඇසකින් ඉගි මැරීය. උගෙ හිතේ මා ෆිල්ම් එක නොබලනවා කියාය. ඒවා හදේය. මාගේ සියළු ඇන්ටනා ඇතුළුව සියළුම චුම්බකයන් ඒ වෙත ඇදී ගොස් හමාරය. මම ඌට නෝන්ඩි හිනාවක් දැම්මෙමි. මාත් සමග ෆිට් වූ කොල්ලා සමග විවිධ දේ කතා කරමින් සහයෝගයෙන් ෆිල්ම් එක නැරඹුවෙමි. මුදල් මත පදනම් නොවී කිසිදු වෙළද දැන්මීමකින් තොරව විකාශනය වූ මෙම චිත්තරපටිය දැන්නම් එහි උච්චතම ස්ථානයට පැමිණ තිබේ. මෙහි ප්‍රධාන නළුවා අනිවාර්යෙන්ම හොර කරන්නට ඇත. සාමාන්‍ය මනුස්සයෙකුට මෙතරම් වෙලා දරාගන්නට නොහැකිය. මම ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සිටියානම් අනිවාර්යෙන්ම මොහුව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරවමි. මොහු අනිවාර්යෙන්ම තහනම් උත්තේජක ලබා සිටිය යුතුය.


 මේවන විට නම් එක තත්පරයක්වත් අපතේ නොහැරිය යුතුය. අන්තිම චුට්ට හොදම චුට්ටය.මුළු බස් රථයම වාගේ කසු කුසු ගාන්නේ මෙම චිත්තරපටිය ගැනය. වයසක ඇන්ටි කෙනෙක් "අනේ අපොයි" කීවාය. ඇය දුන් මුදලට උපරිම තෘප්තියකට නොපැමිණියා විය හැකිය. කොල්ලන් වශයෙන් අප නම් අපගේ උපරිම තෘප්තියේ අන්තිම ඩින්ගිත්තටද පැමිණ සිටියෙමු. නමුත් නලුනිලියන්ට නම් වගේ වගක් නැත. උන් උන්ගේ පාඩුවේ රංගන කටයුතු වල යෙදෙයි. අපි අපේ පාඩුවේ නැරඹුම් කටයුතු වල යෙදුනෙමු. මද වේලාවකින් මට ඉදගන්නට සීට් එකක් ලැබුණි. මට ඉදගන්නට බැරිය. ඉදගත්තොත් චිත්තරපටිය අපරාදේය. ඉදනොගෙනද බැරිය. අවසානයේ කොන්දොස්තර මාමාගේ බලවත් ඉල්ලීම පරිදි ඉදගන්නට සිදුවිය. ඉදගත්තද මගේ සැටලයිට් සියල්ල ඇත්තේ චිත්තරපටිය දිසාවෙනි. රූප නොපෙනුනත් හඩනම් හොදටම ඇසේ. අත්දැකීම් සම්බාරයක් ඇති නිසා හඩ ඇසීමෙන් රූප මවා ගත හැකිය. නමුත් තාත්වික ගතියක් නැත. ඔළුව හරවන්නටම සිතේ. එහෙත් ලැජ්ජාව එසේ කරන්නට දෙන්නේ නැත. දැන් නම් මම බහින තැනද ලංවෙමින් තිබේ. මගේ සිත දුකින් පිරී ඉතිරී ගියේය. ආයි කවදා මෙහෙම චිත්තරපටියක් බලන්නද. මම නැගිට ඉදිරියට ගියෙමි. චිත්තරපටියට අවසාන බැල්මද හෙලා නරඹන්නට සිතින් සුභාසංසනය කර ඉක්මන් කර බැහැ ගතිමි.


හැමදාම කතාකරන මාතෘකා වලින් ටිකක් වෙනස් වෙන්න හිතුනා. මෙහෙම ලියන්න හේතුව මේ ලගදි ලැබුනු මගේම අත්දැකීමක්. මෙතනදි මට කියන්න ඕනි උනේ..ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ. මොකද්ද මේකට හේතුව.


තමන්ගෙ කෙල්ලත් එක්ක බස් එකක් අන්තිම සීට් එකේ යන එක වැරුද්දක් නෙවෙයි. ඒත් ඒ සීට් එක තමන්ගෙ ගෙදර ඇද කරගන්නෙ මොකටද. එහෙම කරගන්න ඕනි නම් ඒවට වෙනම තැන් තියනවනේ. මෙහෙම හැසිරෙන අය ඇත්තටම ආදරේ කරනවාද. තමන්ගේ ගෑනිගෙ ආත්ම ගරුත්වය බල්ලට දාලා තමන්ගේ ආසාවන් සන්සිදවාගන්නේ මේ මනුස්සය ඒ කෙල්ලට ඇත්තටම ආදරේ නිසාද. මේක මේ තනිකරම මිනිහගෙ විතරක් වැරුද්ද නෙවෙයි. ගෑනි දැනගන්න ඔනි මිනිහව හදාගන්න. තමන්ගේ මනුස්සයා , තමන් පනටත් වඩා ආදරය කරන කෙනා උනත් ලෝකෙම ඉස්සරහ ඒ කෙල්ලගෙ නිරුවත පෙන්නනවනම් ඒ මනුස්සයට ඇති ආදරෙන් පලක් නෑ. තමන්ගෙම සිහින ලෝකෙ තනිවෙලා ඉන්නකොට සමහරවිට වටපිටාව ගැන වැටහීමක් නැතුව ඇති. ඒත් අපි තිරිසන්නු නෙවෙයිනේ. ඔළුවක් කියල එකක් තියනවනේ. ඉතින් මම මේ හැමෝගෙන්ම අහන්නේ. මෙහෙම හැසිරෙන එක හරිද.....  
Share/Bookmark

Saturday, April 21, 2012

ජීවිතේ කියන System එක......

ජීවිතේ කියන System එකට
Run වෙන්න ඕනි Program එක හදන්න
ඔයත් එක්ක එකතු වුනේ
පුංචි කාලෙ ඉදන් එකතු කරපු
ආදරය,කරුණාව,දයාව
වගේ මගේ වටිනාම
Data ටික
බලාපොරොත්තු එක්ක එකතු කරලා
මගෙ
Heart එකේ ඔක්කොම
Partitions වලට Copy කරගෙන  ...
මුල් කාලෙ
C වලින් පොඩි පොඩි
Codes ලියලා...ඒවා Compile කරගෙන
ජීවිතේ පුංචියට පටන් ගත්තේ
ලොකු දුරක් යන්න හිතාගෙන..
කාලයත් එක්ක
C++ වලින්
තව කොටස් එකතු කරගෙන
හවසට ඔයත් එක්ක
කෝපි කෝප්පයක් බොන ගමන්
Java වලින් Program ලිව්වෙ
අනාගතේ තවත් ලස්සන කරගන්න...
මම පස්ස ගහනකොට
ඔයා මාවත් ඇදගෙන
VB කරන්න ගියෙ
Javaවලින් විතරක් ගොඩයන්න බෑ කියලා...
අපේ
System එකේ වසන්ත කාලෙදි
මම
HTML වලින් Web Site එකක්
Design කලේ අපේ Program එක
World Wide කරන්න හිතාගෙන...
හැමදේම සම්පූර්ණ කරගෙන
මම
Program එක Run කරන්න
හදනකොටම....
Blue Screen ඇවිත්
Current Short වෙලා
 Heart එකෙන් දුම් දානකොට මම හිතුවා...
ඔයා ගියෙ මගෙ
Heart එකේ
සම්පූර්ණ
Data Base එකම
Hack කරලා Data ඔක්කොම
හොරකම් කරගෙන විතරක් නෙවෙයි
ආයිත්
Program ලියන්න
බැරි වෙන්න
Password
එකකුත්
දාල කියලා.....................!!!!!!!!



Share/Bookmark

Saturday, April 14, 2012

අවුරුද්දට අළුතෙන්......

බොහොම කාලෙකින් බ්ලොග් පොස්ටුවක් දාන්න මේ පැත්තට ආවේ..අනිත් අයගෙ බ්ලොග් කියව කියව හිටිය මිසක් මේ ටිකේම මොනවත් ලිව්වෙ නෑ..ජීවිතේ වෙච්ච හැලහැප්පීම් , කාර්යබහුල වීම් එක්ක ලියන්න , හිතන්න කිසිම නිදහසක් තිබුනෙත් නෑ..
මාස දෙකකට පස්සෙ ගෙදර ආවා..බෝඩිමේදි හැමදාම වගේ පරිප්පුයි , බතුයි කකා ඉදල මේ ටිකේ නම් අම්ම හදල දෙන කෑම වේලක රස බලනවා..කාලෙකින් ගෙදර ආව හින්දම මේ දවස් වල ඉල්ලන පරක්කුවෙන් කන්න බොන්න ලගටම ලැබෙනවා..හැබැයි කරමලේ සුදු වෙන්න කලින් ආයිත් බෝඩිම පැත්තට මාරු වෙන්න ඕනි..;)
මේ දවස් වල අහන්න , දකින්න , අත්දකින්න ලැබුණු දේවලුත් එක්ක අද මට හිතුනා මේ වගේ දෙයක් ගැන කතා කරන්න. මීට සමාන ලිපියක් මම මේ බ්ලොග් ලෝකෙට ආව මුල්ම කාලෙ පල කලා... මුල්ම කිව්වට මේ.. මීට මාස හය හතකට කලින්.. හැබැයි ඒ ආදරේ ගැන..
කියවපු නැති අය මෙන්න මෙතනින් ගිහින් කියවන්නකෝ..
මේ ටිකේම ක්‍රිකට් මැච්..රට වටේම යන්න උනා මැච් හින්දා..මාත් ඉතින් ලෙක්චර්ස්  , එක්ස්ඈම්  කට් කරගෙන මේ මැච් වලට යනවා..කොච්චර උනත්  ලෙක්චර්ස් යනවට වැඩිය මැච් ගහනකොට කොච්චර ආතල්ද..;)
ඉතින් මෙහෙම යන කොට විවිධ තැන් වලදි විවිධාකාර මිනිස්සු අපට මුන ගැසෙනවා..ඒ විවිධ අයත් එක්ක විවිධ විදිහට ඉන්න වෙනවා.. ඉතින් ඒ පෞද්ගලිකව නොවුනත් ලැබුනු විවිධ අත්දැකීම් තුලින් තමයි අද මම මේ ලිපිය ලියන්න හිතුවේ.
ක්‍රීඩාව කියන්නේ මනස බොහොම සැහැල්ලුව තියාගෙන කල යුතු දෙයක්..ඕනිම ක්‍රීඩාවක් කරන කොට  මේ මානසික සංයමය ගොඩක් වැදගත් වෙනවා. කණ්ඩායම් ක්‍රීඩාවකදි කණ්ඩායම් හැගීම ගොඩක් වැදගත්. මොකද අපි තනි කෙනෙක්ට කල හැක්කෙ යම් කොටසක් පමණයි. අපි හැමෝගෙන්ම තමන්ගෙ කොටස නිසි ආකාරයෙන් ලැබුනොත් පමණයි කණ්ඩායමක් විදිහට ජය ගන්න හැකි වෙන්නේ.
මෙහිදී කණ්ඩායම් නායකයාට පැවරෙන වගකීම ඉතා විශාලයි. ඔහු තමයි මෙහෙයවන්නා. අන් සියල්ලන්ම හැසිරෙන්නෙ ඔහු වටා.  සියල්ලන්ම සතු හැකියාවන් උපරිමයෙන් උකහා ගැනීමට නායකායාට හැකි විය යුතුයි.
ඒ වගේම චැදගත් කොටසක් තමයි  කණ්ඩායමක ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයින්..තම නායකයගෙන් යම් වැරුද්දක් වෙනවනම් ඒක පෙන්නා දීම..,නවක ක්‍රීඩකයින්ට තම සුපුරුදු හැකියාවන්ට පැමිණීමට උපකාර කිරීම බොහෝ සෙයින් වැදගත්. මෙන්න මේකයි කණ්ඩායම් හැගීම කියන්නෙ. අපි කාලෙක ඉදන් මේ කණ්ඩායමට ක්‍රීඩා කලත් , අපි අළුතෙන් ආවත් දැන් හැමෝම එක කණ්ඩායමක්. ජය , පරාජය දෙකම විදදරා ගත යුත්තේ අපි හැමෝම එක්ව.
ඒත් මේ දේවල් ඇත්තටම වෙනවද.?? ඔව් වෙනවා.. නමුත් ඒ  අතර මේ මොනවත් නැතුව තමන්ගෙ වාසිය විතරක් බලාගෙන , තමන්ට වඩා දක්ෂතා පෙන්වන කෙනෙක් ඉන්නවනම් ඔහුට ඊරිසියා කිරීම , මානසිකව වැට්ටීම හරිම සුලබ දෙයක්. මේක මේ  ක්‍රීඩාවෙදි විතරක් සිදුවෙන දෙයක් නෙවෙයි..සාමාන්‍ය ජීවිතයෙදිත් හැමතැනම දකින්න ලැබෙන දෙයක්. මෙකනදි මම දැක්ක ලොකුම දෙයක් තමයි බොහෝ අය හරිම අකමැති දෙයක් තමයි තමන්ගෙ වැරැද්දක් පිළිගැනීම. පුහුණුකරු හරි වෙන කෙනෙක් හරි ක්‍රීඩකයෙක්ගේ වරුද්දක් පෙන්වන විට බොහෝ අය හැසිරෙන්නේ මේ වැරැද්ද පෙන්වන කෙනා තමන්ගෙ පරම හතුරෙක් වගේ..ඇත්තටම එතන වැරැද්දක් නැති වෙන්න පුළුවන්. නමුත් මනුස්සයෙක් විදිහට කතා බහ කරලා ඒ දේවල් විසද ගැනීම වෙනුවට තමන් නිවැරදි වෙන්න දාහක් දේ කීම අපේ ගොඩදෙනෙක්ගෙ තියන වැරැද්දක්..මෙහෙම දේවල් බලා ඉන්න කොට හිනාත් යනවා..
මිනිස්සුන්ට අමතක වෙලා තියන දෙයක් තමයි අපි හැමෝම මිනිස්සු කියන එක.  අපි මේ ලෝකෙට එනකොට පිං පව් ඇරෙන්න වෙන මොනම දෙයක්වත් අරගෙන ආවෙ නෑ කියන එක. අපි බොහොම දුක් මහන්සි වෙලා , කැප වෙලා යමක් ලබා ගත්තහම , යම් කිසි තැනකට ආවාම ඒකෙ වටිනා කමක් තියනවා තමයි ඒක ඇත්ත. නමුත් එහෙම කියලා තව කෙනෙක් ඒ වගේම මහන්සි වෙලා යම් තැනකට එන කොට තමන්ගෙ තැන නැති වෙයි කියන බයට අළුතෙන් එන කෙනාට අකුල් හෙලන එක නෙවෙයි කල යුත්තේ. ක්‍රීඩකයෙක් විදිහට මම නම් ගොඩක් කැමති දෙයක් මම ක්‍රීඩා කරන ආකාරයට , එම ස්ථානයට තවත් අය තරග කරනවනම්. මොකද හොදම දක්ෂයට විතරයි කණ්ඩායමක ස්ථානය රැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගෙ තැනට තව අය තරග කරනවා කියන්නේ මට වෙස් වලා ගත්ත ආශිර්වාදයක් වගේ. මට මගේ හැකියාව තවත් වැඩි කරගන්න හොද අවස්ථාවක්. මේ වගේ වෙලාවට මම නම් උත්සහ කරන්නෙම ඒ තරග කරන හැමෝටම වැඩිය මගේ හැකියාව දක්ෂතාවය වැඩි දියුණු කර ගන්න. හැබැයි ඒ අර අනිත් අයට අකුල් හෙලලා , හොද මූණ පෙන්නං ඉදල යටි කූට්ටු වැඩ කරලා නෙවෙයි. බොහොම සහයෝගයෙන් ඉදලා. සමහරවිට මට වඩා දක්ෂ කෙනෙක් නිසා මාව කණ්ඩායමෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒත් මම උත්සහ කරන්නෙ එදා ඉදන් අර මට වඩා දක්ෂ කෙනාට වල කපන්න නෙවෙයි. එදා ඉදන්ම මගෙන් උනු වැරදි අඩුපාඩු ටික හදාගෙන දක්ෂතාවයෙන් පෙරට එන එක. ඒ ක්‍රමෙන් මට නම් කවදාවත් වැරදිලා නෑ. මට අද මගේ හිතට එකගවා කියන්න පූළුවන් මම අද ක්‍රීඩාවෙන් යම් තැනක ඉන්නවනම් ඒ කාටවත් අකුල් හෙලලා නෙවෙයි කියලා. මම යම් කණ්ඩායමක ඉන්නවනම් ඒ මගේම දක්ෂතා හින්ද මිසක් මට වඩා දක්ෂ කෙනෙක්ට වල කපලා නෙවෙයි කියල. ඇත්තටම එහෙම හිතන කොටත් හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ.  මම හැමදාම කියනවා වගේ අපි යන දවසක ගෙනියන්නේ මේ කාලෙ අපි රැස් කර ගන්න පිං පව් දෙක විතරනේ. වෙන මොන මගුලක්වත් අපි අරගෙන යන්නෙ නෑනෙ. මැරෙන දවසට හිතේ සතුටෙන් මැරෙන්න මට නම් පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.
කියන්න ගියොත් කියන්න මේ වගේ සිද්දි ගොඩක් හිතට ආවත් විනාඩි පහෙන් පහට අපේ අම්ම ඇවිත් මතක් කරනවා ලබන සතියේ එක්ස්ඈම් දෙකක්ම තියනව නේද  තෝ මොන මගුලක්ද මේ ලැපක් බදාගෙන කරන්නෙ කියලා. ඉතින් ඒකට මමද පලි. මේ එක්ස්ඈම් තියන එවුන් දැන ගන්න ඕනි මේ අළුත් අවුරුදුකාලෙ ඔය වගේ දේවල් නොතිය ඉන්න. කෝ ඉතින් අපේ අම්මලට මෙව්ව තේරෙන එකක්යෑ :පී.. මොනවා කරන්නද ලබන සති දෙකට විභාග තුනක්ම තියනවනේ. එපා වෙනවා අෆ්ෆා. අවුරුදු කන්නවත් නෑ මේ අවුරුද්දෙ.දුක තමයි රංජනී කිව්වලු. L L L
එහෙනම් ලැබුවාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද මේ බ්ලොග් අවකාශයේ හැමෝටම හිතේ සතුට මුලු වසර පුරාම රැදෙන සුබම සුබ අළුත් අවුරැද්දක් වේවා......!!!!

Share/Bookmark
Dear Readers:- Receive all updates via Facebook. Just Click the Like Button ►
ලයික් කලාද?
Dear Readers:- Receive all updates via Facebook. Just Click the Like Button ►
ලයික් කලාද?