Friday, July 13, 2012

හොල්මනක් පාට පාටින්..(බය වෙන්න තහනම්..!!)..

                  බ්ලොගයේ පලවෙනි වර්ෂ පූර්ණය නොහොත් පලවෙනි උපන්දිනය දා මුලින්ම සුභ පැතුවේ අපේ අවතාර් මල්ලී හෝ අයියාය. මට එදා නිකමට සිතුනේ මේ පාර නම් මගේ බ්ලොග් බොලොක්කෙට ඉර හද කෙසේ වෙතත් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, අවතාරයන්ගෙන්  මේ බොලොගේ පිරේවි කියාය. මා සිතුවා හරිය. මේ ඇරඹෙන්නේ මාගේ  හොල්මන් ව්‍යාපාරයය.

Wednesday, July 11, 2012

බිංදුවෙන්...එකට....


එක යනු 
එකය
එය දෙක 
නොවේ
එකට ආවා 
යනු
දැන් දෙකට යා
යුතුය

Tuesday, July 10, 2012

ගස්සා පස්ස ඇය යන එන අපූරුව.....


ගස්සා පස්ස ඇය යන එන   අපූරුව
දකිනා දනන් කුල්මත් වන  අපූරුව
සැලෙනා රන තිසර පිනවන දනන්  මුව
මැවිලා පෙනෙයි අජරාමර නිවන්   සුව

Monday, July 9, 2012

XXX මාට්ටු වීම ඇතුළු තවත්....(..+ නම් නෙවෙයි)...

ආයිත් සැරයක් අද කියන්නට ආවේ ඉස්කෝලෙ යන කාලේ සිද්ධ වුණු තවත් පොඩි පොඩි සිද්ධි ටිකක්ය. ටිකක් කිව්වාට එකක් දෙකක්ය. හරිට මම ටිකක් හිනාවෙන්න (හිනායයිද මන්දා) පෝස්ටුවේ දැම්මා වගේ තව ටිකක්ය. ඉතින් ඒක කියවා හිනා ගියාට මේක කියවා අඩන්නට වේදැයි මම දන්නේ නැත.

Friday, July 6, 2012

චූදිතයා....

නොමියෙන මිනිසුන්
අතර
මියෙන මිනිසෙක්
ලෙසට
චූදිතයා වීමි
මම
නොකල වරදට
විදින

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...