Friday, July 13, 2012

හොල්මනක් පාට පාටින්..(බය වෙන්න තහනම්..!!)..

                  බ්ලොගයේ පලවෙනි වර්ෂ පූර්ණය නොහොත් පලවෙනි උපන්දිනය දා මුලින්ම සුභ පැතුවේ අපේ අවතාර් මල්ලී හෝ අයියාය. මට එදා නිකමට සිතුනේ මේ පාර නම් මගේ බ්ලොග් බොලොක්කෙට ඉර හද කෙසේ වෙතත් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, අවතාරයන්ගෙන්  මේ බොලොගේ පිරේවි කියාය. මා සිතුවා හරිය. මේ ඇරඹෙන්නේ මාගේ  හොල්මන් ව්‍යාපාරයය.
අද වන තුරු මම නම් හොල්මනක් දැකලා නැත. ඉදලා හිටලා හෝ බය වෙනවානම් බය වෙන්නේ ඔය වැරදිලා වගේ කණ්නාඩියෙන් මූණ දැක්ක විටය. ඒත් ඒ හොල්මනක් නම් නෙවෙයි කියා මට හොදටම සුවර්ය. ඉතින් අද කියන්නට යන්නේ එසේ මා නොදුටු මා දන්නා අය දුටු (දුටුවායැයි කියන) සත්‍ය හෝ අසත්‍ය හොල්මන් ඉස්ටෝරීය...ඉතින් මේ ඇරඹෙන්නේ ඒ අති භයානක වූද..ඇග කිලිපොලා යන්නාවූද..ඇගේ සියළුම තැන් වල මයිල් කෙලින් වන්නා වූද..කලිසමේ හෝ සායේ හෝ අමුඩයේ ඇදන් ඉන්න මොකේ හෝ සුළු දිය පහවන්නා වූද..අති ජුගුප්සාජනක වූද (මොකෙක්ට හරි මේ වචනේ  තේරුම ඕනි නම් පෞද්ගලිකව මාව හමුවන්න) මේ කියූ කිසිම දෙයක් සිදු නොවන්නා වූද..ලස්සන සුරංගනා කතා කිහිපයක්ය.. මෙය සිදුවූවා යැයි මට කීවේ අපේ බෝඩිමේ අයියා කෙනෙක්ය. මෙය සිදුවී තිබුනේ අයියාගේ තාත්තාටය. අයියාගේ තාත්තා අයියාතාත්තාය මෙතැන් පටන් මා ඔහු හදුන්වන්නේ එසේය.  අයියාතාත්තා රැකියාව කලේ තේ නිෂ්පාදන ආයතනකය. උදේ සවස නිවසේ සිට ආයතනය දක්වා ඔහු ගමන් කලේ තමාගේ තමාගේ මෝටර් බයිසිකලයෙනි. කුප්පමුත්තු (මේ තේ පැක්ටරි වල වැඩිපුර ඉන්නෙ දමිළ මිනිස්සුනේ..) අපේ  අයියාතාත්තාගේ බොහොම හිතවත් සේවකයෙක්ය. අයියාතාත්තාගේ බොහෝ වැඩ රාජකාරී ඉටුකලේ  මේ කුප්පමුත්තුය. අයියාතාත්තාට බොහෝම හිතවත්ව ඔහුට ගරු කරමින් කුප්පමුත්තු තම රාජකාරිය කළේය. දිනක් සවස කුප්පමුත්තු අයියාතාත්තාගේ නිවසට පැමිණ සවස තේ පානය කර ඇදිරි වැටීගෙන එන විට තම නිවසට යාමට පිටත් විය. එදින අධික වර්ෂාව සහිත හයියෙන් හුලන් හමන දවසක් විය. එදින තම නිවසේ නවතින මෙන් අයියාතාත්තා කුප්පමුත්තුට පැවසුවද තම නිවසේ වැඩ ඇති නිසා ඔහු යන්නට විය. අහෝ ඛේදයක ඉරකි තිතකි. එන අතරමගදී අධික හුලග සමග වර්ෂාව නිසා කඩාවැටුනු දැවැන්ත මාර අත්තකට යටවී ඔහු මිය ගියේය.මිනියේ අවසන් කටයුතු හොදින් සිදුවිය. දමිළ චාරිත්‍රානුකූලව එය සිදුවිය.  ඊට මාස දෙකකට විතර පසු  අපේ අයියාතාත්තා වැඩ නිමවී නිවසට එමින් සිටියේය. එය කුප්පමුත්තු මියගිය කොස්ගස ආසන්නයේ ස්ථනයකි. අයියාතාත්තා පවසණ පරිදි ඔහුට එවලේ කුප්පමුත්තු ගැන හාංකවිසියක්වත් මතක තිබුනේ නැතිලු. අඩුගානේ ඔහු මියගිය වගක්වත් මතකයේ තිබුනේ නැතිලු. වැස්සත් සමගම ඉක්මනින් නිවසට ඒමේ අරමුණින් ඔහු බයික් එකේ වේගය තවත් වැඩි කලේය. අර කොස් ගස ආසන්නයේදීම එක්වරම බයික් එක ක්‍රියාවිරහිත විය. ක්‍රියාවිරහිත වූ බයික් එකත් සමගම අපේ අයියාතාත්තා බිමට වැටිණි.  බයික් එකට ඔහුගේ එක කකුලක් යට විය.  බයික් එක අයින් කරන්නට උත්සහ කලත් අමාරු විය. එක්වරම එතනට දිව ආවේ කුප්පමුත්තුය.  "හප්පේ අපේ මහත්තයා වැටිලා නේද"යි කියමින් එතනට දිව ආ කුප්පුත්තු බයි එක අයින් කලේය. අයියාතාත්තාට නැගිටීමටද උදව් කලේය. නැගිටගත් අයියාතාත්තා කුප්පමුත්තුට ස්තූති කර ගෙදර ඒමට පිටත් විය. මීටර් 100 ක් විතර එනවිට හදිසියේම ඔහුට මතක් උනේ "දෙයියනේ කුප්පමුත්තු මරුණා නේද"කියාය. වහාම බයික් එක නවත්වා ආපසු හැරී බැලූමුත් කෙලින් පාරේ කිසිවෙකු නොසිටියේය. සිතට දැණුනු බයත් සමගම අයියාතාත්තා නතරවී තිබුනේ කෙලින්ම නිවසේය. ටික කාලයක් යනතුරු අයියාතාත්තා මේ පිළිබදව කාටවත් පවසා නැත. මේ පිළිබදව කී අයියාතාත්තා පැවසුවේ එවලේ තමාට කුප්පමුත්තු මියගිය බවට හාංකවිසියක්වත් මත්ක් නොවුනු බවත් ඔහුගේ කට හඩ වෙනදාට සුපුරුදු ලෙසම තිබුණු බවත් හොදින් මතක පරිදි ඔහු තමාට නැගිටීමට අත දුන් අවස්තාවේ ඒ අත ඉතාමත් සීතල ඒ වගේම ගල්ගැසුනු අතක්සෙ දැනුණු බවත්ය. නමුත් කිසිම ලෙසකින් මේ හොල්මනක් හෝ වෙනයම් ආත්මයක් බව සිතට නොදැණුනු බවත්ය. ************************************************************************
මේ සිද්ධිය වී තිබුනේද මා දන්නා තවත් අයියා කෙනෙකුටමය. ඒ මීට හරියටම වසර 10කට පෙරය. ඔහුගේ නිවසේ නවාතැන් ගැනීමට ඔහුගේ නෑදෑකෙනෙකුගේ අදුරන අයියා කෙනෙකු පැමිණියේය. ඔහු පැමිණියේ මේ නිවසේ නැවතී රැකියාවක් කිරීමට. ඒ වනවිට මට මේකතාව කිව් අයියා අපොස සාපෙට පාඩම් කරන අවධියයි. ඔහුගේ නිවසේ නවාතැන් ගැනීමට පැමිණි අයියා අනුරාධය. පවසන පරිදි අනුරාධ අයියා යනු ඉතාම කඩවසම් තරුණයෙකි. වයස අවුරුදු 22කි. ඒ වගේම ඉතා ගුණ යහපත් පුද්ගලයෙක්ය.ඔහු මේ පවුලටද ඉතාමත් හිතවත් විය. මට මේ කතාව කිව් අයියා සමගද තමන්ගේම සහෝදරයෙක්  සේ සිටියහ. තවත් විශේෂ දෙයක් ලෙස කිවයුත්තේ ඉතාම දරුණු සතෙක් වුවද ඔහු ඉදිරියේ ඉතාම කීකරු වීමය. දැන ගත් පරිදි ඔහු ලගට එන විට බල්ලන් එළුවන් වැනි සතුන් ඔහුගේ ඇගේ ඇතිල්ලෙමින් ඔහු පසුපස පැමිණීමය. දිනක් අපේ අයියාගේ තාත්තා අයියාට පැවසුවේ. "බලන්න අනුරාධ අයියගේ එක ඇහැක  වෙනසක් තියනවා නේද" කියාය. මෙය ඇසූ අයියාත් අම්මාත් කිහිප විටක්ම අනුරාධ අයියාගේ ඇස් දෙස විපරමෙන් බැලීය. ඔවුන් දුටුවේ හොදට තිබූ අනුරාධ අයියාගේ එක ඇසක් ටිකින් ටික වපර වන අයුරුය. දවසින් දවස මෙය වැඩිවෙත්ම අනරාධ අයියාව වෛද්‍යවරයෙක් වෙත පිටත් කෙරිණි. වෛද්‍යවරයා පවසා ඇත්තේ මොහුට මොලේ පිලිකාවක් වැලදී ඇති බවය. කරන්න පුළුවන් හැම ප්‍රථිකාරයම කලත් ඊට සති කිහිපයකට පසු අනුරාධ අයියා මිය ගියේය. භූමිදාන කටයුතු ඇතුළු පිංකම් හොදින් ඉටුවිය. අනුරාධ අයියාගේ හත් දවසේ දානෙන් දින දෙකකට පසු මට කතාව  කී අයියාට රගර් තරගයකට සහභාගී වීමට නුවර යාමට සිදුවිය. නුවර ගොස් පැමිණෙන විට රාත්‍රී 9ට පමණ වී තිබිණි. අයියාගේ නිවසට යෑමට කිලෝ මීටර් 2ක්  පමණ පයින් යා යුතුය. අතරමග සොහොනක් මෙන්ම පාළු රබර් වත්තක්ද හමුවේ. අයියාද වෙනදා වගේම ගෙදර ඒමට පිටත් විය. සමහර දාට තාත්තා පැමිණියත් හදිසි හේතුවක් නිසා එදින  පැමිණියේ නැත. සුපුරුදු පාර දිගේ අයියා ගෙදර එන්නට විය. ඔහු පවසන පරිදි බියක් ඔහුට දැණී නැත. රබර් වත්තට පැමිණි පසු හැමදාම ඔහු ගිමන් නිවන ගල් තලාවක් තිබී ඇත. එදිනද ඔහු ඒ ගල් තලාවේ මදක් වාඩි වී සිට ඇත. ටිකකින් ඔහුට මතක් වූයේ අනුරාධ අයියාවය. දැන් ඔහුගේ හත් දවසේ දානේ අවසන් වී දින දෙකකි. පව් අයියා. ඉස්සර සමහර දාට මාව එක්ක යන්නත් එනවා. දැන් ඉතින් මාත් එක්ක සෙල්ලම් කරන්නත් කවුරුත් නෑ. ඹහුට සිතුනි. මෙවිටද කිසිම බියක් ඔහුට දැනී නැත. මෙසෙ කල්පනා කරමින් සිටින ඔහු "කමක් නෑ.මොනවා කරන්නද. දැන් ගෙදර යනවා." කියා තමාටම මුමුණාගෙන නැගිටින්න හදනකොටම ඔහුගේ කරට අත තබා.... "යමු මල්ලි.මාත් එනවා " ඒ අනුරාධ අයියාගේ කටහඩය. මෙච්චර කාලයක් එකට සිටි ඔහුගේ කටහඩ අයියාට වරදින්නේ නැත. ක්ෂණයෙන් වට පිට බැලූ නමුත් කිසිවෙකු පෙනෙන්නට නොසිටිනි. දැන් නම් තවත් රැදී සිටිනවා බොරුය. හැකි උපරිම වේගෙන් දිව ගිය අයියා නැවතී තිබුනේ ගෙදරය. ඉහින් කනින් දාඩිය දාගෙන මුහුණ සුදුමැලි වී ඔහු එනවිට ගෙදර අයද හොදටම බය විය. ************************************************************************ මං අහලා තියනවා දඩයමේ යනකොට ඔත්තේ සංඛ්‍යාවක් යන්න හොද නෑලු. මොකද එතකොට හොම හරි එක්කෙනෙක්ව තනි වෙන්න බලනවලු. ඉතින් එහෙම තනි වෙන කෙනාට මහසෝනා එහෙම කියන අවතාරෙ බැල්ම හෙලනවා වැඩියිලු. දවසක් ඔහොම මට මේක කිව්ව අන්කල්ලා තුන් දෙනෙක් දඩයමේ ගියාලු. මෙතනින් එක්කෙනයිලු කලින් දඩයමේ ගිහින් තියෙන්නේ. ඔහොම යනකොට ඈත දිලිසෙන ඇස් දෙකක් දැක්කලු. එහෙම පේන්නේ උගුඩුවවලු. ඉතින්  අර කලින් දඩයමේ ගිහිල්ලා තියන කෙනා ඉලක්කෙ අරන් වෙඩි තිබ්බලු. වෙඩිල්ල හරියටම වැදුනලු. එතනට ගිහින් බැලුවාම ලේ පැල්ලමක් තියනවලු. ඒත් මැරුණු සතෙක් නෑලු. ආයිත් කලින්ට සමාන ඈතකින් අර ඇස් දෙක දිලිසුණි. ආයිත් වෙඩි තැබීය. පිළිතුර පෙර පරිදිමය. ලේ පැල්ලමක් පමණකි. තුන් වෙනි වෙඩිල්ල තියන්න සැරසුනත් අර පලපුරුදු අන්කල් කීවේ මේ දඩයමෙන් වැඩක් නෑ  අපි දැන්  ගෙදර යමු කියාය. ඔවුන් දඩයම නවතා ආපසු පැමිණියහ. දැන ගත් පරිදි එසේ උගුඩුවෙකුගේ වේසයෙන් එන්නේ මහසෝනාලු. එසේ ඔත්තේ ගානක් දඩයමේ ගිය විට එක්කෙනෙක්ව තනිකොට කොට අර උගුඩුවකුගේ වෙසයෙන්පැමිණ ඉලක්කය තිනිවුන කෙනා දෙසට යොමු කරනවාලු. තුන් සැරයක් එකම ඉලක්කයකට වෙඩි තබා වෙඩි වැදුනත් දඩයම අතුරුදහන් වෙනවානම්  ඉන්පසු දඩයමේ යාම අත් හැරීම පලපුරුදු දඩයම්කරුවන්ගේ පුරුද්දලු. ************************************************************************  මේ ලගදි ඉදන් මේ වගේ දේවල් ගැන හොයන්න පොඩි කැසිල්ලක් වගේ එකක් හැදුනා. ඒකයි පොඩ්ඩක්හොයලා බැලුවේ. මේ ඔක්කෝම කට වචන මිසක් මම දැකපු දේවල් නෙවෙයි. ඒ හින්දා මේවයේ වැරදි අඩු පාඩුත් ඕනි තරම් ඇති. මේක කියවන අය මේවයේ වැරදි අඩුපාඩු දැකලා ඒවා නිවැරදි කලොත් මට ඒක ගොඩක් වටිනවා. මේ දවස් වල ආචාර්ය ඒබුහම්ටී කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ පොත බලනවා. කැමති අයට උඩ ලින්කුව ක්ලික් කරලා පොත බාගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ හිටපු මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ  , යක්කු බැදලා වැඩ ගත්තා කියන කොන්ඩදෙනියෙ හාමුදුරුවො ගැනත් පොඩ්ඩක් හොයන්න හිතුනා. මේදවස්වල ඔය ගැන විග්‍රහයක් රිවිර පත්තරේ පලවෙනවා. දන්න කෙනෙක් ඒ ගැනත් විස්තර ටිකක් දුන්නොත් ගොඩක් වටිනවා. 

71 comments:

  1. අර පොත බාගෙනම බලන්න වටිනවා !
    මරු පින්තූරේ... රෑක දැක්කා නම් බය වෙනවා සුවර් !

    ReplyDelete
    Replies
    1. එළ එළ බාගෙන බලන්න...
      හිකිස් ඔය කිව්වට ඉතින් දැනුත් ටිකක් බය වුනානේ...

      Delete
  2. බුදු අම්මියෝ........ :0
    ඔහොමත් හොල්මන් දානවද බං පටන් ගන්නකොටම.. ඇස්දෙක මඤ්ඤං උනා ;-)
    මරු කතා ටික...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මපා..ඇයි බං රජාලා හොල්මං වලට බයයිද....මං හිතුවෙ නෑ කියලා..බලාගෙන උඹඔය රෑට රෑට ගමේ ගෙවල් වලට පනිනකොට..පරෙස්සමෙන්..

      Delete
  3. හරියට හරි....ඔන්න පිසාචයත් ආවා

    ReplyDelete
    Replies
    1. එළ එළ..දැන් සම්පූර්ණයි..

      Delete
  4. ඒ උඹ හදන්නේ ඔය වගේ පොටෝ කෑලි දාලා එන උන්ව බය කරන්නද?
    අවතාර් මල්ලි වෙන්නැති බං කොහොම වෙතත් පොඩි එකා විදිහට ඉද්දි චාන්ස් වැඩියිලුනේ

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ බය වුනාද..අඩේ සොරි ඈ..දැන් කදුළු පිහදා ගනින්කෝ..එහෙමද උඹ මල්ලි කෙනෙක්ද..ඒ කියන්නෙ පොඩි අවතාරයක් නේද..

      Delete
  5. හොල්මංද මන්ද,
    හැබැයි මමත් දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඇයි හොල්මං නෙවෙයි වගේද..
      අඩේ උඹත් දැකලා තියද..කියපංකො විස්තර..

      Delete
  6. අයියෝ යක්කු කිව්වලු...
    ඇත්තට ඔය යක්කුන්ටත් වෙන වැඩක් නැද්ද මේ මිනිස්සුන්වම බය කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව් නේද..යකෝ උන්ට වෙන එකෙක් හිටියෙම නැද්ද බය කරන්න...

      Delete
  7. පොටෝ එක දැකල ක්ලෝස් කලා.

    ආයෙත් ඇස් වහගෙන පහලට ගිහින් කමෙන්ට් කරන්නේ.. :ඩී

    ReplyDelete
    Replies
    1. මොන්නො...සැමා අයියා බයවෙලෝ...මේ ඕක අරඅවුරුදුහතර සමරපු කෙනාට එහෙම දැනගන්න තියන්න එපා..හොද නෑනෙ නේද..

      Delete
  8. කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන නියම ලිපි ටිකක් ඉරිදා ලංකාදීපෙ ගියා මං සුට්ටි සන්දියේ, දැන් රිවිර බලද්දි ඒවා මතක් වෙනවා. මරු මරු!

    ReplyDelete
    Replies
    1. මමත් ඒක බැලුවා ලහිරු 2007දී වගේ මතක.රිවිරෙ තාමයනවද?

      Delete
    2. @ලහිරු..ඔව් මාත් දැන් ඒවා කියවනවා..අයියා ඒ ලංකාදීප ටික බලන්න විදිහක් නැද්ද..මොනවහරි තොරතුරක් හම්බවුනොත් මට කියන්න...

      Delete
    3. @ විමුක්ති..ඔව් රිවිරේ ආයිත් ඒ ගැන ගවේශනයක් යනවා..

      Delete
  9. අම්මටසිරි...
    කෙල්ලො දඩයමේ යනකොටත් ඔත්තේ සංඛ්‍යාවකිං යන්න හොද නැද්ද??????

    ReplyDelete
    Replies
    1. අඩේ මට ඒක අමතක උනානේ...මහසෝනවවත් මීට් වෙච්ච වෙලාවක උඹ ඇහුව කියලා අහන්නම්කො ඈ...

      Delete
  10. ara pinthure hari lassanai ayya.oya wagemai....(mehema kiyewwata ammo...eka dakkala baya unu parata as deka athin wahagena hitiya tika welawak.)i....ya a yaka hari kethai.mewa pandithaya wage dan kiyewwata mewa reta hinen penakota tama taru penne.... :o

    ReplyDelete
    Replies
    1. අනේ මං එච්චර ලස්සනද නංගියෝ...ඔයාට තැන්කිව් ඈ..මට හිතුනා ඔය කණ්නාඩියෙන් අහම්බෙන් දැකලා බය වෙනකොට මම මෙච්චර ලස්සනයි කියලා....

      Delete
  11. අපොයි තරුවෙ....
    ඔයා දැන් යක්කු එක්කද ගනු දෙනු....
    බයෙත් බෑ...
    කුප්පමුත්තු....හීඊඊඊඊඊඊඊඊඊඊඊඊ.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ දවස් වල යක්කු එක්කම තමා...
      හිකිස් තව නම් තියනවලු පොන්නසාමි,කරුපයියා,මායලබු,කාමාච්චි,සෙල්ලම්මා ඔන්න ඔය වගේ අයත් හිටියලු..මේ මම මේ මිනිස්සුන්ට හිනා වුනා එහෙම නෙවෙයි ඈ...

      Delete
  12. මේවා ඇත්තටම සොබා දහමේ තියන දේවල්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...මාත් හිතනවා එහෙම...

      Delete
  13. මන් මේක ඇයි මේ මහා රෑම බැලුවේ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මමත්....
      මේ මොන අපරාධයක්ද මම මටම කර ගත්තේ...??
      හෆොයි....

      Delete
    2. maath..iooooooooooooooooooooooooooo

      Delete
    3. @ සචිත්..ඇයි ඒ ඔයා බය නෑනේ...

      Delete
    4. @ දම්මි..ඇයි අක්කෝ..ඔයා මොකද්ද කර ගත්තේ... ;)

      Delete
    5. @ හිරුහිමාවි..ඇයි අනේ ඔයා බය උනාද....:පී

      Delete
  14. ගොඩාක් තැන වල මේ වගේ සිද්දි වෙලා තියෙනවා. සඟ වුනු සතයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් මේ ඒවා ගැන හොයනවා...

      Delete
  15. බය හිතෙන කතා සැට් එක

    නියමයි සහෝ..

    ReplyDelete
  16. දැන් වෙලාව හරියටම රෑ 12.08.. බලහං ඉතින් අපිට මේ වෙලාවට කියවන්න වෙන උබලගේ ලිපි..

    ReplyDelete
    Replies
    1. හු හු ඔන්න දැනුයි මම හොයාගත්තෙ උදේම බය වේලා හිටිය හේතුව හිකිස්........ තරැවා තමයි වග කියන්න ඔනේ... :ඩී

      Delete
    2. අයියා මොකට ඔච්චර රෑ ඇහැරගෙන ඉන්නවද
      මල් පැලයක්වත් හදනවද... ;)

      Delete
    3. ඈ මධාරා මම මොකටෙයි වග කියන්නේ...මොමො මම අයියට බය වෙන්න කිව්වැයි.. :පී අයියා ඉතින් පොඩි දේටත් බය එක වෙනම කතාවක්..මම ඉතින්ඒක එහෙම ඔයාටවත් කිව්වෙ නෑනේ...

      Delete
  17. අර කතාවටත් කියනවානේ "හොල්මංද පොල්කොළ' කියලා.. ආං ඒවගේ.
    මරු කතා ටික

    ReplyDelete
    Replies
    1. ඔව්නේද දැන්නම් පොල් කොල පේනවා..තැන්කිව් ඈ..

      Delete
  18. මම ලිපිය කියවන්නම් හෙට දිහාවට...උන ලෙඩ්ඩුන්ට ඕක බලන්න හොඳ නැහැ....

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඒවා කියෙව්වාම උණ සනීප වෙනවල්..බය නැතුව කියවන්න..

      Delete
  19. අයියෙ මටත් ගෙනත් දෙන්න අර පොත හොදේ???

    ReplyDelete
    Replies
    1. මගෙ ලගත් PDF එක නංගො තියෙන්නේ..ඔය මම දාපු ලින්කුවෙන් බා ගන්න..

      Delete
  20. හොල්මන් කතා කරලත් එක්කනේ :) කොවූර් මහත්තයාගේ තව පොතක් තියෙනවා " මා කළ ගවේෂණ" කියලා පුලුවන් නම් හොයාගෙන කියවන්න

    ReplyDelete
    Replies
    1. එළ එළ...හොයාගන්න ඕනි...

      Delete
  21. Have you ever considered about including a little bit more
    than just your articles? I mean, what you say is fundamental and all.
    But think about if you added some great photos or videos to give your posts more, "pop"!

    Your content is excellent but with images and videos, this blog could definitely be one of the most beneficial in its niche.
    Amazing blog!
    My web page - seite

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...උත්සහ කරන්නම්..

      Delete
  22. Way cool! Some very valid points! I appreciate you penning this write-up and
    also the rest of the site is very good.
    My web page - casino slot machine tips

    ReplyDelete
  23. I’m not that much of a online reader to be
    honest but your blogs really nice, keep it up! I'll go ahead and bookmark your site to come back in the future. Cheers

    Feel free to visit my web blog Novoline Automaten Tipps

    ReplyDelete
  24. This page truly has all the information I needed about this subject and didn't know who to ask.

    Here is my web page; book of ra android cracked

    ReplyDelete
  25. Hello my family member! I want to say that this article
    is amazing, great written and include approximately all vital
    infos. I would like to look extra posts like this .

    Feel free to visit my web site - book of ra apk free

    ReplyDelete
  26. Hello my family member! I want to say that this article is amazing, great
    written and include approximately all vital infos.
    I would like to look extra posts like this .


    Here is my web site ... book of ra apk free

    ReplyDelete
  27. I used to be suggested this web site through my cousin.
    I'm no longer positive whether or not this publish is written through him as no one else recognise such specific approximately my trouble. You are incredible! Thank you!

    Take a look at my web site :: http://www.bicumle.de

    ReplyDelete
  28. Fantastic website you have here but I was wanting to know if you knew of any discussion boards that cover the same topics talked about here?
    I'd really like to be a part of online community where I can get opinions from other knowledgeable people that share the same interest. If you have any recommendations, please let me know. Appreciate it!

    Feel free to visit my homepage color.astrata.mx

    ReplyDelete
  29. Heya i am for the first time here. I came across this board and I find It truly useful &
    it helped me out a lot. I hope to give something back and help others like you
    helped me.

    Feel free to surf to my weblog; http://polesie24.com/groups/rundenbasierte-strategiespiele

    ReplyDelete
  30. I have read so many posts on the topic of
    the blogger lovers but this paragraph is truly a nice piece of writing, keep it up.


    My webpage: forgotten realms

    ReplyDelete
  31. Hi there very cool blog!! Man .. Excellent .. Amazing .
    . I'll bookmark your website and take the feeds also? I'm happy to seek out a lot of
    useful info here within the publish, we want work out more strategies in
    this regard, thank you for sharing. . . . . .

    Here is my webpage ... Book Of Ra apk Boerse

    ReplyDelete
  32. What's up everyone, it's my first go to see at this web page, and
    article is actually fruitful in favor of me, keep up posting these content.


    Here is my webpage: books of ra kostenlos *ufrgs.br*

    ReplyDelete
  33. අම්මෝ බං බය වෙච්ච තරම.

    ReplyDelete
  34. Hello there, just became alert to your blog through Google,
    and found that it's truly informative. I'm gonna watch out for brussels.
    I will appreciate if you continue this in future.
    A lot of people will be benefited from your writing.
    Cheers!

    Here is my homepage ... kostenlos spiele ohne anmeldung

    ReplyDelete
  35. I've been surfing on-line greater than three hours these days, but I by no means found any fascinating article like yours. It is beautiful worth enough for me. Personally, if all website owners and bloggers made good content as you did, the internet will probably be much more useful than ever before.

    my blog ... casino gratis spielen ohne anmeldung

    ReplyDelete
  36. What's Happening i'm new to this, I stumbled upon this I've discovered It positively helpful and it has helped me out loads. I'm
    hoping to contribute & help different users like its aided me.

    Good job.

    My weblog: online poker kostenlos

    ReplyDelete
  37. Hey! I know this is kinda off topic but I was wondering if you
    knew where I could locate a captcha plugin for my comment form?
    I'm using the same blog platform as yours and I'm having problems finding one?
    Thanks a lot!

    Take a look at my site novoline risiko online spielen ohne anmeldung

    ReplyDelete
  38. Just wish to say your article is as astounding. The clearness in your post
    is just nice and i can assume you are an expert on this subject.
    Fine with your permission let me to grab your feed to keep updated with forthcoming post.
    Thanks a million and please carry on the rewarding work.

    Review my page :: tagesgeldvergleich capital

    ReplyDelete
  39. Why viewers still make use of to read news papers when in this technological globe all is presented
    on net?

    Look into my weblog novoline online free

    ReplyDelete
  40. I seriously love your blog.. Very nice colors & theme.

    Did you develop this site yourself? Please reply back as
    I'm wanting to create my own personal blog and would like to learn where you got this from or just what the theme is called.
    Appreciate it!

    My weblog: kostenlos novoline spielen

    ReplyDelete
  41. I like the valuable info you provide for your articles.

    I will bookmark your blog and check again right here
    regularly. I'm rather sure I will learn many new stuff proper here!

    Good luck for the following!

    Here is my homepage - kostenlose book of ra

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...