සාමාන්‍යයෙන්
අසාමාන්‍ය වෙනකොට
'අනේ අපොයි'
කියන උන්
හදන්නෙම අසාමාන්‍ය
වෙන්නලු...
ඒත්
අපේ බැඳීමට නමක්
නෑ කියන උන්
ඕනි උනාම බැඳීම
නැති කරන්නේ
නමකුත් නැති හින්දා
අවුලකුත් නෑ කියලලු...
කෙල්ලෙක් නැති මට
ලෑල්ල සැපයි කියලා
හූල්ලන එවුන්
වැලාගේ දවසට
සව්දිය පුරන්නෙ
මේ අවුරුද්දෙත්
පොකට් එක
බේරුනා කියලලු...
කන්දක් නැග්ගොත්
පල්ලමක් සුවර් කිව්වට
ගොඩක් වෙලාවට
පල්ලමක් තියෙන්නේ
කන්ද නැගලා ආපහු
හැරුනොත් විතරලු...
ලෝකය රඟමඩලකි
අපි එහි නළුවෝ වෙමු
කියන උන්
සැරින් සැරේ
වෙස් මාරුකරන්නේ
ජීවිතේ කියන්නේ
නාට්ටියක් හින්දලු...
ඔය ඔක්කෝමත් එක්ක
මම මේ දහ අතේ
කල්පනා කලේ
ජීවිතේ කවියක්
ආදරේ එහි
සොඳුරුතම වදනක්
කියන් උන්
අනිත් අයගේ
සොඳුරුතම වදන
මකලා දාන්නේ
කවිය තවත්
අර්ථවත් කරවන්නලු ද
කියලා...
ප.ලි :- වරෙන්කෝ දැන් මේක කියෝලා කලින් ඒවට වගේම මොන #%&^ක්ද කියලා අහගෙන. මටත් ඒකම හිතෙන එකේ බොට එහෙම නොහිතුනොත් පුදුමයිනේ. ඕෆ් රෝඩ් සිරිපා කරුණා කරලා කකුල් දෙක මාව ඩිවෝස් කරලා ඉන්න මේ වගේ දවසක මගේ කුරුවල් වෙච්ච මොලේ තවත් මොකක් හරි වෙලාද කොහෙද...
කියෙව්වේ නැති එවුන්ට...
1.) මොලේ කුරුවල් එවුන්ට.....!!
2.) මොලේ කුරුවල් එවුන්ට....-2 (පිස්සු පීකුදු කරගන්න ඕනිනම්...)
අඩේ, බොලාගේ හොද වෙලාවට මට කතාව තේරුණා...නැතිනම් අර කිව්ව විදියටහ අහනවා මම :D
ReplyDeleteඇහ්...එහෙනම් හොඳ වෙලාවට තේරුනේ....
Deleteමේක අතිවිශ්ඨයි...
Deleteහරිම නිර්මාණශීලීයි..
හොද ගවේෂණශීළී ලිපියක්...
අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න..
මං කෙරුවාව ලියන තරියා
මොන !@$@#%$&^*&^(& ද යකෝ. හයිකුවක් වගේ... නෑ නෑ බං හොදයි මේක.
ReplyDeleteඅම්මපා.....හාකෝ..හොඳයිනම් කමක් නෑ ඉතින්... :)
Deleteකොහෙන්ද බං මේ උඩ තියන පිංතුරේ හොයා ගත්තේ පස්ටයිනේ..
ReplyDeleteඇහ්...ගූග්ල් දෙයියන්නාන්සේ ඇරෙන්න මට වෙන මොකා ඔව්වා හොයලා දෙන්නද අයියේ.
Deleteමගෙත් මොලේ කුරුවල් උනා නේ තරූ ඒක කියවලා. :D
ReplyDeleteහිකිස්....මං හිතුවේ අක්කේ තිබිච්ච එක පොඩ්ඩක් වැඩිවුනා විතරයි කියලා.... ;)
Deleteමගෙ ඉතින් කුරුවල් වෙන්න දෙයක් නෑනේ!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සහතික ඇත්ත කතාව....මොලයක් නැතුව අහවල් එක කුරුවල් වෙන්නයෑ නේද....
Deleteඋඹ ඇත්තක් කිව්වමද කොහෙද...
උඹේ කථාව ඇත්ත කොලුවො...බලන් ඉන්න උන් හිතාගෙන ඉන්නෙ මී අඹයක් කනවා කියලා...කන එකා තමයි දන්නෙ ඇඹුල් අඹයක් කියලා...
ReplyDeleteඈ....හ්ම්ම් මං කිව්ව කතාවේ එක කොටසකදි ඔය කතාව ඇත්ත....
Deleteතුන් වෙනියාගේ තමා බන් මොලේ කුරුවල්.
ReplyDeleteතුන් වෙනියට කිව්වේ බං....තේරුන්නෑනේ..
Deleteහික් හික් වැලාගෙ දවස අලුත් නමක්....
ReplyDeleteහිකිස්...යා යා...
Deleteතවම හිතනවා මචං.
ReplyDeleteපෙරලුන පිට හොඳයි කියනවා කියන්නේ මේකට නේද?..
ම්ම්ම් ඔව් සමහරු එහෙමත් කියලා හිත හදාගන්නවලු...
Deleteශෝයි අලි පු% උඩ තියෙන්නෙ...
ReplyDeleteඈ.....උඹට ආසා හිතුනද අලි පු%^*ට ;)
Deleteපව් බං. ඌට ඉන්න දීපන්.... ;)
කුරුවල්ම වෙලා ගියා බං!
ReplyDeleteආයේ ඉතින් අමුතුවෙන් වෙන්න දෙයක් තියද.....?
Deleteහිකිස්............,,, කාලෙකට පස්සෙ මේ බ්ලොග් එකට ඇවිත් මාව අන්ද මන්ද වුණා වගේ... අලුත් වෙලා... ලස්සන වෙලා.... (බ්ලොග් එක ඈ...)
ReplyDeleteඈ.....සැක් බ්ලොග් එක විතරද.... :( :(
Deleteමේක බැලුවා කියලා අමුතුවෙන් කුරුවල් වෙන්න දෙයක් නෑ අනේ...
ReplyDeleteඅන්න ඒක නම් ඇත්ත කතාව අක්කේ... :)
Deleteඅනේ... මන්දා..... තේරුනේ නැත්තෙමත් නෑලු.....
ReplyDeleteනැත්තෙමත් නැත්නම් කමකුත් නඋලු...
Deleteහොද වෙලාවට මට තේරුණා...
ReplyDeleteනොතේරී කොහොමද මොලේ කුරුවල් එවුන්ට තේරෙන්නම් එපැයි.... ;)
Deleteපවු.. තරුවාට සුදුසු කෙලි පැටියෙක් හම්බවේවා කියල මේ වැල දවසෙවත් පතමු..
ReplyDeleteඈ................හප්පටසිලි අයියේ මම එහෙම එකක් කිව්වෑ.....
Delete
ReplyDeleteරූප ටිකයි කවියයි එල බන් ..
හිනා ගියා මට නම්...
ඇහ් එහෙමද...ටැන්කිව් ඈ
Deleteනියමයි...
ReplyDeleteඑලස්
Deleteඅනේ බන් මේක මටත් තෙරුනනානේ,......
ReplyDeleteඈ.....සුවර් නේද
Deleteඅමුතුවෙන් කුරුවල් වෙන්න දෙයක් නෑ බං ඉතින්.
ReplyDeleteවටපිටාවේ හැමතැනම ඉන්නේ ඔය කියනවා වගේ එවුන් වෙච්චි කොට වෙන මොන කතාද.
ඔෆ්ෆ් රෝඩ් යනකොට මම කිව්වා...
ඇහ්....හික්ස් උඹලවනේ ඉතින් ආස්සරේ කරන්නේ නේද ;)
Deleteඅරම කිවුව නිසාද මන්දා :)
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
අරම කිව්වේ
Deleteගමන සෑහෙන්න දැනිලා වගේ... කොහෙන්ද ගියෙ? මොලේ නම් කුරුවල් කරන්න ලේසි වෙන එකක් නෑ මගේ, ඒක already!
ReplyDeleteඅපි කුරුවිට පැත්තෙන්ලු ගියේ :)
Deleteහික්ස්ස්.. අරම කියලා තියෙන හින්දාම මට තේරුණාලු හොදෙ!!! :D
ReplyDeleteඅඩේ ඔයා මාරයිනේ ඈ
Deleteමොන මගුලක් වෙලාද මූට????
ReplyDeleteඒක තමා මාත් බැලුවේ. පව් නේද පොඩි එකා :)
DeleteI'm extremely impressed with your writing skills and also with the layout on your blog. Is this a paid theme or did you modify it yourself? Either way keep up the excellent quality writing, it's rare to
ReplyDeletesee a nice blog like this one today.
my web blog :: play minecraft for free
My website - play minecraft for free
මොලේ කුරුවල් නැති උන්ට මුකුත් නැද්ද අප්පා........?
ReplyDeleteආ...උංට දාන ඒවා උඹලට තේරෙන්නැති හින්දා දැම්මේ නෑ
Delete
ReplyDeleteසෑහෙන කාලෙකට පස්සෙ ආවෙ ආව ගමන් ඔලුව නිකන් මෙව්වා උනා..කියපු ටික තේරුනත් වගෙ නෑත් වගෙ
ආයේ ඕකේ අමුතුවෙන් මෙව්ව වෙන්න දේකුත් නෑනේ නේද:)
Delete