Friday, June 8, 2012

තරුවාට තරු පෙනී....

බ්ලොග් එක පැත්තේ ආවේ සති ගණනකිනි. පසුගිය සතියේ තරුවාට එකෙක් ගේම ඇද්දේය. මාත් නිකන් හිටියේ නැත. ගේමනම් ගේමය. ආයි කාමරයක් අවශ්‍ය නැත. මට ගේම ඇද්දේ ඩෙංගු මදුරුවෙක්ය. අපේ බෝඩිම අවට ඇති සුන්දරත්වය නිසාම අපි ඩෙංගු මදුරුවන්වද හුරතලයට ඇති කරන්නෙමු. හුරතලේ වැඩිකමටම එකෙක් මට විද්දේය. ප්‍රථිපලය දවස් 6ක් ජ'පුර රෝහලේ නවතින්නට සිදුවිය. කොල්ලා වැඩ්ඩා නිසා දවස් 6න් ගේම ක්ලෝස් විය. නැතිනම් අනිවා මේක කියනව අයට තවත් දවස් 7ක් බූරු ගැසීමට හොදටම ඉඩකඩ තිබුණි.


රෝහල් ජීවිතයද විවිධ අත්දැකීම් රාශියක් ගෙනල්ලා දුන්නේය. මට එතරම් අමාරු වූයේ නැති නිසාම රෝහලට ගෙනගිය ආකාරය නම් එතරම්ම මතක නැත. නමුත් එතනින් එහාටනම් සෑහෙන දේවල් මතකය. වාට්ටු අංක 6ට ආදාලව ලස්සන නර්ස් අක්කලා ගොඩක් සිටී. මට වැඩිපුරම මතක ඔවුන් ගැනය. මා වාට්ටුවට ඇතුල් කල සැනින්ම එක අක්කා කෙනෙක් මා ලගට පැමිණ මගේ අතින් ඇල්ලවාය. මම විලිලැජ්ජාවේ ඇඹරීමි. ඕනිදේකට තව ඕනිතරම් වෙලාව තිබේ. මොකටද ආපුගමන් කලබල වෙන්නේ. අනික ගෙදර කස්ටියත් සිටී. මම හෙමිහිට ඇගේ මූණ බැලීමි. මට වැරදී ඇත. ඇය පැමිණ තිබුනේ මගෙන් ලේ ගන්නටය. මෙවෙලේනම් මට මදුරුවාගේ අම්මා මුත්තා සිහිවිය. කොල්ලෙක් නිසා කෑ ගසන්නටද නොහැක. ඕනි දෙයක් කර ගනින් කියා අත දිගෙන සිටියෙමි. වාට්ටුවට ඇතුල් කරන්න පෙර සිටම සේලයින් සදහා කටුවක් ගසා තිබුණි. ඇදේ හාන්සිකරවූ මට සේලයින් දෙන්නට පටන් ගැණුනි. එදා සිට ගෙදර එන දවස දක්වාම දවසකට දෙවරක් සේලයින්ද, උදේ හවස ලේ ලබාගැනීමද දවසකට වරක් ඊ.සී.ජී ලබාගැනීමද සිදුවිය.

මා රෝහල් ගත වී දින දෙකකට පසු රෝහලට තවත් කට්ටියක් පැමිණියහ. ඒ හෙද විදුහලින් හෙදියන් ලෙස පුහුණුව ලබා පිටවීමට සිටින පිරිසත් ජ'පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ අවසන් වසර ශිෂ්‍ය ශිෂ්‍යාවනුත්ය. දැන් නම් මට ලෙඩක් නැති ගානය. අළුතෙන් ආව නර්ස් අක්කලාත් දොස්තර අක්කලාත් මාව වටකරගෙනය. ඔවුන්ගේ ඉගනීමට අවශ්‍ය දේවල් අපෙන් විමසයි. දිනක් ලස්සන දොස්තර අක්කා නෙනෙක් මා ලගට පැමිණියාය. මම සුටුස් ගා ඇදේ හාන්සි වීමි. ඇය මගෙන් නොයෙක් තොරතුරු විමසීය. නම මොකක්ද , ගෙවල් කොහොද , ලෙඩ වෙන්න කලින් හිටියෙ කොහෙද, මදුරුවා කෑවෙ කොයිවෙලේද...යනාදිය ඇසීය. අක්කාට අන්තිම ප්‍රශ්ණයේදීනම් වැරදිණි. මදුරුවා මාව කෑවා මිසක් මම මදුරුවා කන්නට නොගියෙමි. මම එය ඇයට පැහැදිලි කලෙමි. මොන තරම් ප්‍රශ්ණ ඇසුවත් වටිනාම ප්‍රශ්ණය ඇසුවේ නැත. එනම් මාගේ දුරකතන අංකයය. කොයිවෙලේ හෝ ආසාවි කියා සිතුවත් ඇය ඇසුවේ නැත. ලේඩීස් ෆස්ට් නිසා මම කියන්නටද නොගියෙමි. දැන්නම් හිතෙන්නේ අපරාදේ කියාය. රෝහලේ සිටි අවසන් දවස් හතරම මෙසේ වෙන්ඩ දොස්තර අක්කලා මා සමග සිටියහ. වෙන්ඩ දොස්තර අයියලාද සිටිමුත් මම උන් ගණන් නොගත්තෙමි. ඔවුනුත් එසේමට. අපට වටින්නේ අක්කලාය. විටෙක අක්කලා දෙදෙනෙක් දෙපැත්තෙන් පැමිණ මගේ අත් දෙකෙන් අල්ලා නාඩි බලයි. ඔවුන් දෙදෙනා බැලූ පසු තව දෙදෙනෙක් බලයි. මට ඇත්තේ මාර ඉල්ලුමක්ය. ඇගේ තව කොහෝ හෝ නාඩි බැලීමට තැනක් තිබුනානම්යැයි මට සිතුනි. කුපාඩි කමකට නොවේය. එහෙම උනානම් ඉක්මනට බලන්න තිබුණාය. වෙන්ඩ නර්ස් අක්කලාද එහේමය. වෙනදාට බෙහෙත් ටික නිකම්ම ගෙනත් දෙන සාමාන්‍ය නර්ස්ලා වගේ නොවේය. මොවුන් ලගට පැමිණ බෙහෙත් ටික පොවයි. පොවන ගමන් විස්තර අහයි. කෑවද අසයි. දැන් කොහොමද අහයි. ඔය ආදී වශයෙන් බොහෝම ආදරණීයව සලකයි. අනේ හැමදාම මොවුන්ට විභාග පවතීවැයි මම පැතුවෙමි.

ඉතින් දවස් 6 කට පසු ඊයේ මම ගෙදර ආවෙමි. ඒත් අදත් නැවත් ලේ චෙක් කලෙමි. නැවත හෙට රෝහලට යා යුතුව ඇත. මෙතරම් ඉක්මනින් සනීප කෙරැවාට වෛද්‍ය කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. හැමදාම මාත් සමග සිටි මගේ අම්මා තාත්තටත් රෝහලේ මා ලග නතර වී සිටි මගේ යහළුවන්ටත් මගේ දුක සැප සොයා බැළු අනෙක් සියළුම යාළුවන්ට හා අනෙකුත් සියළුම දෙනාටත් බෙහෙවින් ස්තූති වන්ත වෙමි. තවමත් ඇගට හරිහැටි සනීපයක් නොමැත. දවස් ගානක් නොකා සිටි නිසා කිලෝ හය හතක් බර අඩුවී ඇත. මම හුරුබුහුටි කොලු පැංචා නියා මෙම අඩුවීම මට හොදට දැනේ. දැන් ඉතින් ගෙදරටම වී කමින් බොමින් දැහමෙන් සෙමෙන් කාලය ගත කල යුතුය.

මේ දවස්වල බ්ලොග් කියවීමට නොහැකි වූ නිසා හෙමින් සැරේ මගහැරුණු සියළුම බ්ලොක් කියවමි. ඒ පිළිබදව සමාවුව මැනවි.

තරුවා රෝහලේ සිටි ආකාරය බලන්න පහලට එන්න.....
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
ඕං බලන්ඩකෝ ඒකෙත් හැටි....

78 comments:

  1. ඇත්තමයි මල්ලි... මමත් කල්පනා කළා ඔයා කෝ කියලා...
    මල්ලීට ඔයාට ඉක්මන් සුවය පතනවා........

    අර උඩ පොටෝ එක දැක්කාම දුකේ බෑ අප්පා....හයියෝ තරුවෙ..

    ReplyDelete
    Replies
    1. ඕං මං ආවා.....
      ඔව් අෆ්ෆා මටත් දුකේ බෑ....හරි අහිංසකපාටයි නේද....

      Delete
  2. අපොයි.....
    ඉක්මන් සුව ලැබේවා...

    ReplyDelete
  3. වෙච්ච දෙයක්..

    ඉක්මනට සුවය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්....මොනවා කරන්නද.....

      Delete
  4. ආරෝග්‍ය පරමා ලාභාලුනේ.... ඩෙංගු හැදිලා සනීප වුනත් අතට පයට අමාරු වෙනවලු. ඉක්මන් සුව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මේ දවස්වල ඇගට මාර අමාරුයි.....

      Delete
  5. අමතක වෙලා කියලා දැනුනු නිසයි අහන්නේ උඹව කාපු මදුරුවට දැන් කොහොමද.? හික්..
    (ඉක්මනට සනීප වෙලා ආවනේ.සතු‍ටුයි ඒගැන. ජය වේවා...! නිවන්... චැහ්... වැරදුනා ආයෙත්...! නිරෝගී සැප ලැබේවා..!)

    ReplyDelete
    Replies
    1. මේ..ඌට දැං හරි ජයයිලු..මගේ ලේනේ බිව්වේ...දැං ඕං මදුරියො වට කරගෙන ඉන්නවලු....

      Delete
  6. තව ටිකක් රෙස්ට් කලානම් හරි. අපේ නංගි කෙනෙකුටත් ඔහොම ඩෙංගු හැදුනා. කලින්ම බේත් ගත්ත නිසා හොදයි. :)

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල රෙස්ට්ම තමයි...කෑම එකත් අතටම හම්බවෙනවා...

      Delete
  7. එහෙනම් අපරාදේ බං දවස් 6න් ආවේ...

    ReplyDelete
    Replies
    1. අමතක උනා.. ටිකක් විවේකයෙන් ඉදපන්.. හරියට බෙහෙත් ටික බීපන්..

      Delete
    2. ඔව් අෆ්ෆා...තව දවසක් දකක් හිටියනම්...අලේ මංදා මොනවා වෙයිද කියලා...

      Delete
  8. තව පොඩ්ඩෙන් තරුවා තරුවක් වී අහසේ... තමයි! කමක් නෑ දැන් හොඳයිනේ. බෙඩ් රෙස්ට් තමයි ඕන දැන්!

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල බෙඩ් එකේම තමයි......

      Delete
  9. සනීප වෙලා ආවට පස්සෙ ලෙඩ දුක් ගැන අහල වැඩක් නෑනේ,,, සන්තෝසයි ඉක්මනට සනීප වෙච්ච එක ගැන

    මේ මටත් ඩෙන්ගු මදුරුවෙක් හොයල දීපල්ලකෝ........ සතියක් විතර ආතල් ගන්න තරුවට වගේ

    ReplyDelete
    Replies
    1. අපේ බෝඩිම පැත්තට එන්න..මම චෝයි එකෙක් හොයලා දෙන්නම්....

      Delete
  10. අපරාදේ මාරිඑකක් කාලා ඔමියක් බලන්න තිබිච්ච චාන්ස් එකක් නොවැ මිස වෙලා තියෙන්නේ ...

    (බොරුවට බන් කිව්වේ ,හොස්පිටල්වල කොච්චර සැලකිලි තිබුනත් ගෙදර ඉන්න එකවගේ නෑනේ )

    ReplyDelete
    Replies
    1. හිකිස්.....ඒකනේ මම හොදවීගෙන එනකොටම ගෙදරට පැනගත්තේ...

      Delete
  11. මදුරුවාට තැන්කුයි කියන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. කිව්වා..කිව්වා....ඌ වෙල්කමුත් කිව්වා...

      Delete
  12. මගේ හාමිනේත් වෙන්ඩ හාමිනේ වෙලා ඉද්දි ඔය වගේ කේස් අනන්ත උනා. සමහර ලෙඩ්ඩු ෆෝන් නම්බරේ දෙනවලු. සමහරු ඉල්ලනවලු. කරදරයක්ම වෙච්ච එකෙක් හිටියා ඔය අතරේ. පොඩ්ඩෙන් ඌ ආයේ ඉස්පිරිතාලේ ඉන්න ගියේ මගෙන් කාලා.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මමනම් එහෙම මොකුත් කොරන්න ගියෙ නෑ..හරි හුරතලේට හිටියා....

      Delete
  13. ජපුර පැත්තෙ දැන් මදුරුවො නැහැලු. :)
    පරිස්සමින් ඉඳපන්.

    ReplyDelete
    Replies
    1. අම්මපා....එහෙනම් මොක්කුද ඉන්නේ....

      Delete
  14. ayyo.......ape taru ayyatat mara wadane wenne appa.godak satutui ikmanata sanipa una eka gana.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් බොහොම ස්තූතියි නංගි....දැන් ඉතින් සනීපයිනේ....

      Delete
  15. දැන් සනීපයිනේ... එහෙනම් එල...

    ReplyDelete
  16. තව තව සනීපම වේවා!!!
    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හනේ මට එසේම වේවා....රාජ සම්පත් ලැබේවා...රජාගේ අන්තංපුරෙත් ලැබේවා....

      Delete
  17. ඉකමනින් සුවපත් වේවා. නීරෝගි භාවය පතනවා.

    ReplyDelete
  18. තරුට රජ සැලකිලි ලැබිලානේ...:)
    ඔක්කොම අක්කලා විතරක් නෙවෙයි නන්ගිලත්ඉන්නවා එකේ.....:P ;)
    කොහෝම හරි ඉක්මනටම සනීප වෙලා ආපු එක හොදයි.....දැන් හොදට විවේක ගන්න...
    ඉක්මනටම හොදටම සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......!!!!

    ReplyDelete
    Replies
    1. මාර කේස් එක කියන්නේ මට හම්බවුනේම අක්කලනේ.....

      Delete
  19. ඇෆ්ෆ්ට සිරි..අඩේ දන්නෙත් නෑ නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටත් මදුරුවා කලින් කිව්වෙ නෑනේ.....

      Delete
  20. අනේ අපොයි....පින්තුරේ දැක්කම ඇඩෙනවා. විස්තර ටික කියල තියන හැටි තමයි මරු :) වැඩිය දඟලන්න යන්න එපා හරියට සනීප වෙනකන්. ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා....

    ReplyDelete
    Replies
    1. පව් නේද...හරි හුරතල් කොලු පැටියා නේද කොහොම උනත්....

      Delete
  21. ආනෝ............ඩුක හිටෙනව හලේඉන්න හැටි ඩැක්කම....කමක් නෑ....ඔයාට ඩැන් සනීපයිනේ...:(

    ReplyDelete
    Replies
    1. ඔවු හලේ මටත් ඩුකා....යි.......

      Delete
  22. අම්මියෝ.. දෙයියන්ගෙ පිහිටෙන් දැන් හොදයිනෙ අයියාට.. ටිකක් විවේකෙන් එන්න... බලන්න එන්න ඇහුවාමත් හෙන ගනන් නෙ මෙයාගෙ..:/ මේකෙන් තමා හොරේ අහුවුනේ...;) හරි අඅසාවෙන් ඉස්පිරිතාලෙ ඉදලා තියෙන්නෙ, අපිට බොරුව දාලා..:p

    ReplyDelete
    Replies
    1. හී හී...මාර ආසාවෙන් නංගි එහෙ හිටියේ...ආයි යන්න හිතෙනවා.....

      Delete
  23. අපොයි තරූ.. තරැ පෙනිලම තමයි.දැන් මදුරුවා ගේම ඉල්ලුවාම දුන්නෙ මොනාද.මං කියන්නද ඔය එක මදුරැවෙක්ටවත් යහතින් ඉන්න ඉඩ සලස්වන්න එපා.
    හොඳ වෙලා බෝඩිමට ගියාම උන්ට දීලා තියන ගේම ගන්න බලන්න.නැත්නම් ආයෙ ගේම දෙන්න එයි.ආයෙ ආවොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ඒ හින්දා පරිස්සම කොයිකටත් හොඳයි.

    ඉක්මන් සුවය පතනවා මාත්.

    ReplyDelete
    Replies
    1. යා යා ඒක ඇත්ත....ගේම නෙවෙයි කාමරයක්වත් දෙන්නෙ නෑ උන්ට.....
      (ඇදක් ඇති කියයිද දන්නෙ නෑ...)

      Delete
  24. පින්තූරෙ දැක්කාම...
    ඇඬෙනවා තනි ඇහැට..
    ලිවුව හැටි එක දිගට...
    ඔය හිතට අමතකද...

    ReplyDelete
    Replies
    1. පින්තූරෙ දැක්කාම...
      ඇඩුනාද තනි ඇහැට...
      කමක් නෑ එක දිගට...
      ලියමු අපි පෙර සේම....

      Delete
  25. අවදානමට පෙර සුදානම

    ReplyDelete
    Replies
    1. හ්ම්....එහෙම හොදයි නේද....

      Delete
  26. ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
  27. හප්පේ මදුරියක් කරලා තියෙන හදියක්.... කොයි සතා උනත් කාන්තා පාර්ශවේ නම් සෑහෙන්න බයානකයි දැක්කනේ.... ඇති ඔයින් ගියා...

    ඔය වෙන්ඩ දොස්තරලා දෙන වදනම් අහන්න දෙයක් නෑ අප්පා මහ රෑත් ඇවිත් අනිනවා හත්පොලේ... පස්සේ අහනවා රිදෙනවද කියලා ඇයි යකෝ එච්චර වෙලා කෑ ගහපුවා එකක්වත් ඇහිලා නෑ... කිතියට කෑ ගැහුවා කියලා හිතන්න ඇති...

    ඒ මදිවට එයාලගේ එක්සෑම් වලටත් ලේ ගන්න හිල් කලේ මාව....

    හැබැයි ඉතින් අතරින් පතර එන ලස්සන දොස්තර අක්කලට නම් පැනලා ලේ දුන්නේ එයාලා රිද්දව්වෙත් නෑ....

    ඉක්මන්ට සුව වෙන්ඩෝ.... වැඩිය මහන්සි වෙන්න එපෝ

    ReplyDelete
    Replies
    1. හිකිස්...කතාව ඇත්ත කාන්තා පාර්ශවයනම් හලිම භයා....නකයි තමා....
      බොහොම ස්තූතියි........

      Delete
  28. කට නම් අඩුවෙලා නැ වගේ හෙහේ..

    ඉක්මනට සනීප වෙන්න :)

    ReplyDelete
    Replies
    1. හිකිස්....කට ලෙඩ උනේ නෑනේ........

      Delete
  29. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මල්ලි ඔයාට...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කා.....

      Delete
  30. තව ටික කාලයක් රෝහලේ හිටියානම් කොච්චර හොඳද කියා මට ගෙදර ආපසු සිතුනි ,,,

    ReplyDelete
  31. තව ටික කාලයක් හිටියනම් දොස්තර අක්කා කෙනෙක්ව ගෙදරම අරගෙන එන්න තිබුනනේ..
    අදමයි මේ පැත්තේ ආවේ ඔන්න අද ඉදලා දිගටම එනවා හොදේ...ඔන්න මම මෙම්බර් කෙනෙකුත් උනා 100 නි ..

    ReplyDelete
    Replies
    1. අම්මපා 100 නේද.....බොහොම ස්තූතියි.....

      Delete
  32. ලෙඩ දැන් හොඳයි නේ . ඒක තැනට වෙලා ඉන්න එතකොට හොඳයි. මොනවා වුනත් ආතල් එකේ ඉඳල තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. හී හී නැව ගිලුනත් බෑන් චූන් කියනවනේ.....

      Delete
  33. hapoi tharu .amaru welath ohoma deyak labanna pin karalane.

    ReplyDelete
  34. මූණ හොඳටම ඇදිල ගිහිං අයියගේ..... දැන් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. හී හී තාම බෙඩ් රෙස්ට් තමා නංගි..ඇදෙන් බහින්න දෙන්නෙ නෑ..දැන් මෙහෙම ඉදලම එපා වෙලා....

      Delete
  35. අද තමයිද කොහෙද මේක දැක්කේ නැවත එන්නං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආයෙත් එන්න.....

      Delete
  36. ආපෝ ඩෙංගා නේද ??? ඇති ඔයින් ගියා... හොඳට කාපන් සහෝ... ඇඟේ ෆිට් එක නැතිවුනොත් සොරි තමා ආයේ ...

    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි...!!!

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් කියල වැඩක් නෑ තාම ඇදේ...බොහොම ස්තූතියි......

      Delete
  37. මන් ගැන බ්ලොග් 1 ලියලා උඹ මාව කෑවා යකෝ .හපොයි මීයට නිවන් සුව.. පාසල් මිතුරා කේවින්ද...

    ReplyDelete
    Replies
    1. හිකිස් ගනන් ගන්නෙපා බං අපි අපිනේ.......මම ඉතින් අර වැඩේ කලේ උඹමයි කියලා කාටවත්ම කිව්වෙ නැත්තේ නෑනේ....

      Delete
  38. නර්ස් අක්කල වගේද,,, තනියම සේලයින් බෝතලයත් උස්සගෙන ටොයිලට් යන්න උනාම...
    ඉක්මනින් සනීප වේවා..

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකනම් තනියම කරන්න උනේ නෑ...ලග හිටපු අය ලගටම වීල් චෙයාර් එක ගේනවනේ....
      බොහොම ස්තූතියි ඈ....

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...