Wednesday, July 25, 2012

මල්සරා සන්නිය...(ලව් කරපු උන්ට.,ලව් කරන උන්ට.,ලව් කරන්න ඉන්න උන්ට..)

මොකද්ද අයිසේ කරන්නේ..කෝ මේ ආතුරයා..කොහෙන් හරි හොයාගෙන එනවා..

හරි හරි අයියේ..මේ ආතුරයාට මේ දවස්වල පොඩ්ඩක් ලව් සික් එක ගහලනේ ඔය මූඩ් ගහල කොහාට හරි වෙලා මනෝ පාරක් ගහගෙන ඇති...

ඉතින් බං හත්තිලව්වෙ ඔය මගුලටමනේ මේ තොවිලෙ නටන්නෙත්..ගෙහුං හොයං වර ඉක්මනට..

හරි හරි උඹ ගිරිය පුප්පන්නෙ නැතුව හිටුකෝ...මම හොයං එන්නං විගහට...


 ආයිබෝවන්ඩ ගුරුන්නාන්සේ...එමුකෝ මේ පැත්තට...මෙහෙන් ඈදිගන්ඩ...

ආ...බොහොම පිං උන්නැහේට...ඉතින් දැන් මේ තොවිලෙට මෙහෙන් වෙන්න ඕනි සේරම හරිද...

ඔව් ඔව් ඔබ තුමා කිව්ව සේරම ලෑස්තියි...කොල්ලගේ ෆෝන් එක අරගෙන ආවා...තව මේ පේස් බුකියේ ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි හොයාගත්තා...හොරෙන් හෙරෙන් හිතේ තියන දේවල් ලියන බ්ලොග් බොලොක්කෙ ගැන සේරම විස්තර හොයා ගත්තා...තව මේ...ආ..තව ඒකාලෙ ගත්ත ෆොටෝ කෑලි දෙක තුනකුයි...දෙපැත්තට මාරු වෙච්ච සමරු දෙක තුනකුයි...ආදරේ දෝරෙ ගලන ලියුං කඩදහියකුයි හොයා ගත්තා...

බොහොම හොදයි බොහොම හොදයි...මම හිතන්නෙ ඔය ටික ඇති වෙයි වැඩේ කොරන්ට...දැං කෝ මේ ආතුරයා කොල්ලා...

ආ..ඌද..ඌ ඔය කොහාට හරි වෙලා මනෝ පාරක් ගහගෙන ඇති...මං අපේ එකෙක්ව යැව්වා ඌව හොයන් එන්න කියලා...

එහෙමද...දැන් කොච්චර කල් වෙනවද කොල්ලට මෙහෙම වෙලා...

හපුච්චියේ අදට හරියටම අවුරුදු 9ක් වෙනවා කියන්නේ...

සෙල්ලන්ද කොල්ලෝ....කිව්වලු...ඇයි යකෝ මෙච්චර කාලයක් ගිහින් තාම මූට හොද වුනේ නැද්ද...

ඒකනෙ කියන්නේ ගුරුන්නාන්සේ...මගේ පපුව හෝස් ගාල යනවා අයුබෝවන්ඩ මුගෙ මූණු පොඩ්ඩ දැක්කාම...

ඔව් නේද හරි හුරතල් පාටයි...මේක මේ එසේ මෙසේ තොවිලයක් නෙවෙයි මම අද නටන්න යන්නේ...මේක ඇවිල්ලා මල්සරා බන්ධනය නොහොත් මල්සරා සන්නිය..ආතුරයට වැහිලා ඉන්න මල්සරාව පන්නන්න තමයි මේ ගේම දෙන්නේ...හැබැයි ඉතින් මම කොච්චර වැඩ්ඩා වුනත් ආතුරයට වැහිලා ඉන්න මල් සරා ඊට වඩා වැඩ්ඩෙක්නම් මට කරන්න දෙයක් නෑ...වැඩේ හරි ගියා නැතා මම මගේ ගාන ගන්නවා...හරිය...
ආ මේ එන්නේ ආතුරයා කොල්ලා...මේං මෙහෙං වාඩි කෙරෙව්වන්ම...එහෙනං දැන් කට්ටිය පොඩ්ඩක් පස්සට යන්න මම වැඩේ පටන් ගන්නයි යන්නේ...

ඕං ගහපං කොල්ලො බෙරේ...

ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ...
මල්සරාගේ බැල්මෙන් මූ මුදාපියෝ...
මුගෙ ඔළුවට ගණ දෙයියෝ නුවණ දියෝ...
මීට වඩා හොද කෙල්ලෙක් හොයාපියෝ...

ඕං එහෙනම් නමෝ විත්තියෙන් හැමටම ආවඩා ආයුබෝ වේවා කියා බුදු සරණින් දම් සරනින් සඟ සරණින් මෙතුන් සරණින් සැමටම මේ කියන්නාවූ මල්සරා දිෂ්ඨියෙන් ඇතිවී තිබෙන්නවූ මෙකී නොකී සියළු රෝග පීඩා බාධා සිත් තැවුල් ආදී වූ සියළු රෝගයන් සුවවී දූරි භූත වී ඝණ අන්ධකාරයෙන් මිදී අඳුරේ පව් කරන දනා එළිය ලැබ පපුවේ ඇති සියළු හී සර වලින් මිදී සියළු රෝග පීඩාවන්ගෙන් දුරු වේවා නිදුක් වේවා නීරෝගි වේවා හිනැහේවා ඒස්වාහ් පුහ්......

ගෙවා කාල එක තැන ලත වෙන්නේ - භූතව තුන් යම හීන පෙනෙන්නේ
ලතවන තරමට ප්‍රථිපල නෑනේ - සරා සන්නි පුද ඉල්ලා එන්නේ

දුන්නක් අරගෙන ඉපදුන කුමරෙකි -  දුන්නේ හරඹය මැනව උගත්තෙකි

දුන්නක් ඇති විට බය නොදැනෙන්නෙකි - දුන්නෙන් හදවත් සිදුරු කරන්නෙකි

අසරණ කොල්ලන් කෙල්ලන් සොයනා -  උන්ගේ හදවත් සිදුරු  කරන්නා
ඇස්වල ආදර කඳුලැලි තනනා - උඹේ දුන්න මම දෙකට කඩන්නා

සමහර හදවත් සතුටු කරන්නා - එහෙව් සිතට උඹ සැනසුම දෙන්නා
සැමටම එක දුන්නෙන් ඔබ විදිනා - එනමුදු එක ලෙස සිදුරු නොවෙන්නා

ඔන්න ආයිත්

ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ.....
මෙන්න යකා දැන් හෙමිහිට ඇවිස්සෙනෝ...
ආතුරයත් දැන් ටික ටික ෆෝම් වෙනෝ...
මටත් මෙහෙම ඉන්නට බෑ නැටවෙනවෝ...

මෙන්න බොලේ ආතුරයත් ෆෝම් වෙලා - දුන්න අරන් එහෙට මෙහෙට දුවන්නියා
උගේ කටින් උගෙ කතාව වැමෑරෙනා - මෙතැන් පටන් ගෙන එමි මම උගේ කතා

ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ.....
මගෙ අතීතෙ මට හෙමිහිට මතක් වෙනෝ...
වසර නවයකට මගෙ සිත දුවල ගියෝ...
මල් සරාව දුටු දින මට මතක් වෙනෝ...

ඒ කාලේ එක පන්තියෙ සිටිමින්නේ -  භූතව තුන් යම හීන පෙනෙන්නේ
හීනයෙ තරමට ප්‍රථිපල නෑනේ - අද මා තනිවම දුක් විඳිමින්නේ

කාලය මේ ලෙස ගෙවී ගියානේ - මා තනි කර ඇය ඉවත ගියානේ
අවුරුදු නවයක් මේ ලෙස ගෙවුනේ - අදටත් මා ඒ ගැන සිතමින්නේ

ලග ඉන්නා අය ඔළුවට ගන්න එපා - නොදන්න ඇළ දොළ වල් වල ගිලෙන්නෙපා
කෙනෙක් සිතට මේ ලෙස දුක් දෙන්න එපා - මල් සරාගේ සායම දිය කරන්නෙපා

ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ.....
මල් සරාගෙ සන්නිය දැන් ඉවර වෙනෝ...
තවත් කියන්නට දේවල් මට නැතියෝ...
කියෝපු ඔබ සැමටම දැන් පිං ලැබියෝ...

දැන් මේ නටාගෙන නටාගෙන නටාගෙන ගියා වූ මල්සරා සන්නිය නොහොත් මල්සරා බන්ධනයෙන් මෙකී නොකී සියළු බන්ධන වලින් දුක් විඳින්නා වූද දුක් විඳින්නට සැරසෙන්නා වූද සියල්ලන්ගේම සිත් සුවපත් වේවා මල් සරාගේ බැල්මට් එකට හසුවී පෙම් කෙලින්නාවූ මෙකී නොකී දහසක් දනන් ගේ සිත් සුවපත් වේවා අසරණ හදවත් වලට ගිනි දෙන්නාවූ ඇත්තන්ගේ ඇත්තියන්ගේ ඔළු ගෙඩි තුල මොල ගෙඩි පහල වී  හදවත් තුල කරුණා මෛත්‍රිය වැඩිවේවා ලෝ දන සුවපත් වේවා ආවඩා ආ...යුබෝ වේවා.......................!!!!!!


ප.ලි :-
මාර කේස් එකය කියන්නේ. අදට මගෙ පලවෙනි ආදරේ මට ලැබිලා හරියටම අවුරුදු නවයක්ලුනේ... :ඕ
දැන් අහන්න එපා මට වයස කීයද කියලා..ඔන්න එහා පැත්තෙ තියනවා බලාගන්න එකයි ඇත්තේ...
උඩ ඉන්න කතාවේ ආතුරයා මමද මන්දා... ;)
සමහරවිට එයත් බලයි මේ බ්ලොගේ අද..හැබැයි දවස නම් මතක් වෙන්න නැතුව ඇති..
කවදාවත් නොලැබෙන දෙයක් වෙනුවෙන් ලියපු දෙයක්..........................................................හ්ම්................

57 comments:

  1. මෙහෙම කරපු තොයිලයක් ගැන ඇහුවමයි.. හික්ස් :)
    ඔන්න එහෙනම් අද ඉදන් ඒ වැඩෙත් කම්මුතුයි..

    ReplyDelete
    Replies
    1. හිකිස් කම්මුතුයි කිව්වේ අයියේ...වැඩේ ගොඩද. ;)

      Delete
  2. අවුරුදු නමයක් කියන්නේ මොන්ටිසෝරියෙදිද බං යාලු වුනේ ?


    ජය සිරි මංගලම් වේවා !

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං අයියේ...කටේ කිරි සුවද යන්න ඔන්න මෙන්න තියලා...

      Delete
  3. ඕ...........නියම තොවිලයක්!
    හි හි.....

    ReplyDelete
  4. අවුරුදු නවයක් ..ලොකු කාලයක්නෙ බං..

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්.........අවුරුදු නමයක් පොඩි කාලයක්ද නේද මල්ලියෝ..:(
    මම මේකට තව පොඩ්ඩක් එකතු කළා හොදේ....
    //ලග ඉන්නා අය ඔලුවට ගන්න එපා - නොදන්නා ඇළ දොළවල් වල ගිලෙන්න එපා
    කෙනෙන්ක් සිතට මේ ලෙස දුක් දෙන්න එපා - මල් සරාගේ සායම දිය කරන්නෙපා
    කෙනෙක්ගේ හදවත සෙල්ලමකට ගන්න එපා - ඒ විදවිල්ලෙන් තම සතුට නැති කර ගන්න එපා
    නිවැරදි කාරයෝ වැරදි කාරයන් කරන්න එපා - මෙහෙව් ආලයක් නැතිකර පසුතවෙන්නේපා//

    ආදරය කියන්නේ දුකක්මද මන්දා... එකම එක ප්‍රාර්ථනාවක් හදවතින්ම කරන්නම් හැමදාම වගේම ඔයා වගේ හොද කෙන්ක්ට කවදාවත්ම වරදින්න එපා හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා....!!!!

    අදත් අමුතු විදියේ අදහසක් නියමයි ජයෙන් ජය.....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කො..ඔයා ඉතින් මේ ගැන ගොඩක් දේවල් දන්නවනේ...

      Delete
  6. මටත් ගුරු කමක් කර ගන්න ඔය ගුරාව පොඩ්ඩක් හොයල දෙනවද.

    ReplyDelete
  7. අළුත් සන්නියක් නේ.. දැන් දහ අට සන්නිය නටන්න බා දහ නම සන්නිය තමා නතන්ට වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් නේද අයියේ අද ඉදන් දහ නවයයි...ඒකත් මරු ඈ...

      Delete
  8. යකඩෝ......... :-)))

    සුභම වේවා!!! රාජ සම්පත්ම ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඈ...යකඩ...එව්වා නෑ බං තොවිල් වල..

      Delete
  9. අවුරුදු 9කට පස්සෙ දෙයියනේ කියල තරුවට අද ඉදන් හොද වෙයිදෝ.....

    බුදු සරණින් තරුවා හට හොද වේවා.....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේ ලෙඩේ නම් කවදා හොද වෙයිද කියලා...

      Delete
  10. ආයේ පාරක් හී පාරක් වැදුනා නම් ඕක හරියයි ඒත් අමතක වෙන එකක් නම් නැහැ.

    ReplyDelete
  11. යකෝ මේ බුට් කාපු එකෙකුට තියාපු තොවිලයක්නේ.. ඇහුවාමයි එහෙම එකක් ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් නැටුවමයි මෙහෙම තොවිලයක්...

      Delete
  12. අලුත්ම තාලේ තොවිලයක් නොවැ...

    ReplyDelete
  13. මරු තොවිලේ. තරුවට නිට්ටාවටම දැන් හොඳ වුනාද මේ තොවිලෙන් පස්සේ

    ReplyDelete
    Replies
    1. මාර කේස් එක කියන්නෙ තාම නෑනෙ අෆ්ෆා...

      Delete
  14. amutu lassana thovilayak.taru ayyata malsarage hiyak ikmanatama wadewa...!!! :)

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඈ...වැදිච්ච හී වලට මොකෑ කරන්නේ..

      Delete
    2. dan a hi tiyagena idala wadak nane ayya.....eka nisa ewa tika galawala danna......a tika tiyena eken wenne tawath hitha tuwala wena eka witharai ayya.....ehema neda?

      Delete
  15. දැං ඉතිං දහ නම සන්නියනේ..
    මාර සීන් එක..

    ReplyDelete
  16. එහෙම නම් කොලුවාටත් මේ බ්ලොග් අවකාසෙටත් ආවඩා ආයු බොහෝ වේවා :D

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති වේවා...!!

      Delete
  17. අඹුද්දස්ස කල
    නැටුවළු තොවිලයක්
    හිටියයි ආතුරයා...
    facebookiye

    ගුරා නටයි
    youtube එකේ
    ප්‍රශ්න අහයි
    e-mail වලින්

    ඩෙන්න ඩෙනා ඩෙන ඩෙනෝ
    ගොලීකරණය විය බොලේ
    අළුත් විදියට නටයි රාලේ
    ඉලෙක්ට්‍රොණික් විය මලේ

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු තොවිලෙ නොවැ..

      Delete
  18. තොවිලෙන් අපිටත් ශාන්තියක් වෙයි නේද?

    ReplyDelete
  19. මේකේ කවි ටික මම කියෙව්වේ ඔක්කොම අර "ඩෙන්න ඩෙනා" තාලෙට බන් පට්ට. එහෙන් මෙහෙන් ටපලුනාට කියවද්දී මාර ආතල්.

    කවදාවත් නොලැබෙන දෙයක් වෙනුවෙන් ලිව්වේ ඒ දේ ගැන හිතේ බලාපොරොත්තුවක් තියන හින්දනේ තරුවෝ.

    ලග ඉන්නා අය ඔළුවට ගන්න එපා - නොදන්න ඇළ දොළ වල් වල ගිලෙන්නෙපා
    කෙනෙක් සිතට මේ ලෙස දුක් දෙන්න එපා - මල් සරාගේ සායම දිය කරන්නෙපා

    මේ ටික කියවනකොට තරුවම කියලා හිතා ගත්තා.

    ReplyDelete
    Replies
    1. හී හී මාව දන්න කට්ටිය ඉතින් ඔය කවිය කියපු ගමත් හොයා ගන්න ඇති...එළ ඈ...

      Delete
  20. ආ... හුරතල් පාටයි??? :D වැරදිලාද කොහෙද ;)

    ම්ම්ම්ම්........ මොනවා කියම්දෝ කියලා හිතාගන්න බෑ... මොකද සියල්ල අග සිට මුලට/මුල සිට අගට දන්නා නිසාමද මන්දා...
    කාලෙනම් ගත වෙලා යනවා අයියෙ, ඒත් ජීවිතේට වෙනසක් නොවෙන, හොදක්, අලුත් දෙයක් නොවෙන එකම තැනකම අතෑරලා දාන්න නම් එපා....අපරාදෙනෙ..:)

    ජය වේවා!!!තොවිලෙන් ලැබුනු ශාන්තියෙන් යහපතක්ම වේවා!!

    ප.ලි- අලුත්, වෙන අදහසක් අයියෙ!! නියමයි!!!

    ReplyDelete
    Replies
    1. අපි තාමත් හුරතල් තමයි හරිය... ;)
      නංගි කියන දේ හරි....හ්ම්.....අපි බලමුකෝ....
      තැන්කිව් ඈ..

      Delete
  21. පිස්සු පීකුදු ඈ!එල එල!!!

    ReplyDelete
  22. මේකා තාම ඉස්කෝලෙ 9 පන්තියට ආවෙත් නැතුව කෝමද අවුරුදු නමයක් ආදරේ කලේ??? :)

    ReplyDelete
    Replies
    1. :ඕ.....තාම...ඔය 9 පන්තියෙදි තමයි අයියේ මෙහෙම දෙයක් උනේ..

      Delete
  23. තොවිලේ ආනුභාවයෙන් මේ ආතුරයාට හොඳ කලදසාවක් ලැබේවා...
    එසවා හඃ!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව්...

      Delete
  24. අඩේ 6 වසරෙ ඉදලාද ආදරේ කරන්න ගත්තෙ. ඕවා ඔහොම තමා මල්ලි. සන්නියෙන් දැන් හොද වෙලා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. නෑ අක්කේ 6 අනිත් පැත්තේ ඉලක්කමෙ ඉදන්...

      Delete
  25. නටපු නැටුමකුත් නෑ ගහපු බෙරේකුත් නෑ වගේ.
    මේ හැටියට හොඳ තොවිලයක් කරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඒ වගේ තමයි..

      Delete
  26. වයස 5 බෙහෙත විදිද්දීද සෙට් උනේ නේද නැත්නම් උඹ හෙන වයසයි.

    ReplyDelete
    Replies
    1. අනේ තාම පොඩි එකා අයියේ...ඔය පැත්තක ඉන්නේ මම..

      Delete
  27. එහෙනම් වැඩේ ගොඩ වගේ ඈ...!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...