ඒ කාලේ පට්ටය. පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම එකය. මම ඒ කාලය කීවේ ඒ කාලයට නොහොත් අතීත කාලයටය. එහෙමත් නැත්නම් මගේ පුංචි කාලේය. ඒ කාලේ මම හලි හුලතල්ය. කවුරුත් මට ආදරේය. බලන බලන තැන ආදරේ වැහි වැහැලාය.
ඒ කාලේ මම එපා කියද්දී හැමෝම මට ආදරේ කලෝය. තනියම කොහෙවත් යන්න දෙන්නේ නැත. තනියම මොනවත් කරන්න දෙන්නේද නැත. ඒ ආදරේ නිසාය. මේ ආදරේ මට මල වදයක් වූයේ ඒ හින්දාය. මම කොහේ ගියත් කවුරුන් හෝ පස්සෙන් එයි. මම උන්ට ආදරේ නැතත් උන් මට ආදරේය. උදේ නැගිට්ට ගමන් "පුතා නැගිට්ටද" අහගෙන කට්ටිය පෝලිමේ එයි. ටික වෙලාවකින් මාව උස්සගෙන මූන හෝදවන්න එක්කගෙන යයි. මම බෙරිහන්දෙද්දී බත් ගුලි කටේ ඔබයි.
Thursday, May 24, 2012
ආදරෙයිද...වරෙන්කො තොට දෙන්න......!!
ලේබල් ටික
සිතට දැනුනු දේ...,
හිතන්න යමක්,
හිනා යයිද මන්දා...
Monday, May 21, 2012
කාලය මැව් වෙනසක අරුමේ....
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Saturday, May 19, 2012
කැඩුනොත්.....කැඩුනමයි.....
දැන් හරිද...
ම්ම්ම්...තාම නෑ වගේ....හ්ම්...
අනේ කොහොම හරි හදාගම්මු...
'හ්ම්' නෙවෙයි..මොකද්ද අනේ...බලන්න දැන් හරිද කියලා....
Thursday, May 10, 2012
නැන්දාට වෙඩිමක්......!!!
අල්ලපු ගෙදර ඉන්නවා අපෙ
නැන්ද කෙනෙක්
හතලිහ පැනලා තිබ්බත් නෑ
ඒකෙ වගක්
තවමත් බැදල නෑ පලදී
කරපු පවක්
එනමුත් ඇයට නෑ ඒකේ
වගේ වගක්
නැන්ද කෙනෙක්
හතලිහ පැනලා තිබ්බත් නෑ
ඒකෙ වගක්
තවමත් බැදල නෑ පලදී
කරපු පවක්
එනමුත් ඇයට නෑ ඒකේ
වගේ වගක්
ලේබල් ටික
කවිද මන්දා...,
හිනා යයිද මන්දා...
Monday, April 30, 2012
තමන්ගෙ ගෑනිගෙ 'හෙළුව'....
ලගදි දවසක හදිස්සියෙම මම A/C බස් එකකට ගොඩ උනේ යන්න ගිහින් සෑහෙන්න පරක්කු වෙච්ච ගමනක් ඉක්මනට යන්න හිතාගෙනය. ශ්‍රී ලංකාවෙ බස් වල තියන ආශ්චර්යට නැගපු ගමන් බස් එකේ පස්සටම යන්න සිද්ද උනේ නීතිය අකුරටම පිලිපදින මෙම බස් රථයේ සීට් ගනනටම සෙනග වාඩිවී සිටි නිසාත් සීට් අතර තිබිය යුතු චූට්ටං සීට් මෙහි නොතිබූ නිසාත්ය.
ඉදගන්න සීට් නැතුව මල අසූහරදාහට පැන සිටි මාගේ හතර වටේට බ්‍රමණය වූ හිස එක් ක්ෂණයකින් නතරවූයේ මා අසලම තිබූ බසයේ පිටුපස අසුනේ විකාශණය වෙමින් තිබූ අතිශයින් වැඩිහිටියන්ට පමණයි වූ චිත්තරපටිය නිසාවෙනි. මාගේ ගත තිබූ වෙහෙස කොහෙන් ගියාදැයි මම අද වන තුරු දන්නේ නැත. අපේ අම්මාගේ වදන් මට සිහි වූයේ
ලේබල් ටික
සිතට දැනුනු දේ...,
හිතන්න යමක්
Subscribe to:
Comments (Atom)



