Friday, September 23, 2011

වෙනස්ව හිතන්න ...!!!!!!

ආසාවල්...,
බලාපොරොත්තු...,
අරමුණු....,
ජීවිතේ ජීවත් කරනකොට..අපිට මුණගැහෙන දේවල්....
ආදරේ කියන්නෙ මේ ආසාවල්..,බලාපොරොත්තු..,අරමුණු...හැමදේකම එකතුවක්.
සමහරු ආසාවල් වලට ආදරේ කරනවා..
තව සමහරු බලාපොරොත්තු වලට ආදරේ කරනවා..
තවත් අය අරමුණු වලට වලට ආදරේ කරනවා..
ඔය එකකටවත් නැතුව සමහරෙක් ආදරේට ආදරේ කරනවා..
ආදරේ විදිනකොට වඩා ආදරේ කරනකොට..දුක සතුට වේදනාව කදුල සිනහව හදවතට දැනෙනව..
ඊටත් වඩා අපිට අහන්න දකින්න විදින්න ලැබෙන දේවල් අපි දුක සතුට වේදනාව කදුල සිනහව කියල බෙදාගෙන බාරගන්නව...
ආදරේදි අපේ ආසාවල්..බලාපොරොත්තු..අරමුණු.. ඉෂ්ඨ උනොත් එදාට ජීවිතේට සතුට..සිනහව එක් වෙනවා..
ඒ දේ එහෙම නොවුනොත් එදාට ජීවිතේට දුක..වේදනාව..කදුල..එක්වෙනවා.අපි ඒ දේවල් ඒ විදිහට බාරගන්නවා..
කොහොම උනත් මොන දේ ලැබුනත් ජීවිතේ විදෝනව..
හිනා මූන සතුටු මූන පෙන්නගෙන..බය..සැකය..ඊරිසියාව..තරහව..අපේ හිත් ඇතුලෙ රජ කරනවා..
මල්ලක් ඇතුලට අපේ තියන ආත්මාර්තකාමී අදහස් ටික පුරෝගෙන..ආදරේ ලේබල් එක ඒකට ගහල තැනතැන අරන් යනවා..
ලේබලේට රැවටිලා ලංවුනු අය ඇතුලෙ තියන දේ දැක්ක දවසට ජීවිතේම දුකක් කරගන්නවා..
ඒගොල්ලො ඇත්තටම දුක් වෙනවා..අඩ අඩා ජීවත් වෙනවා..ලග ඉන්න අයවත් අඩවනවා..
අපි කවුරු කවුරුත් බෙදා හදාගෙන මේ ලෝක වල ජීවත් වෙනවා..
පාළුයි වගේමනං තව කාව හරි ඒ ලෝකෙට ඇදල ගන්නවා..ඒ මිනිස්සු අනුන්ගෙ කඩ වල සීනි කිරනවා..
අපි කාට හරි ආදරේනම් ඒ ආදරේ කෙනාගෙ සතුට වෙනුවෙන් දෙයක් කරන්න උනොත්..
දෙපාරක් නෙවෙයි..හතර පස් සැරයක් හිතනවා..
මෙහෙම කලොත් මොනවද මට ලැබෙන්නෙ..මට දුක හිතෙයිද..නැත්නම් සතුටු හිතෙයිද..
බොරුවට හරි මෙහෙම කලොත් මං ගැන හොද ප්‍රතිරූපයක් මවාපාන්න පුළුවන් වෙයිද...
ඔය වගේ දාහක් දේවල් හිතනව මිසක් කරන්න ඕනි දේ කරන්නෙ නෑ..
හැම දෙයක්ම කරන්නෙ ලාබයක් වෙනුවෙන්..
ලාබයක් වාසියක් නැත්නම් මම හුස්මවත් ගන්නෙ නෑ කියලයි සමහරු හිතාගෙන ඉන්නෙ..
හැබැයි ලෝකෙට පෙන්නන්නෙ මම තරම් ආදරේ කරන..ජීවිතේ තේරුම් ගත්තු කවුරුවත් මේ ලෝකෙ නෑ කියලා..
මේවට රැවටෙන සම(හ)රක්ට..උන්හිටිතැන් නැතිවෙන්න වැඩිකාලයක් යන්නෙ නෑ...
පුහු අටෝපවලින් පිරුණු  සරුව පිත්තල ලෝකවල බෝනික්කො බෝනික්කියො වගේ ජීවත් උනු කොල්ලො කෙල්ලො
ආදරේ ලේබල් එක ගහපු මළු තියාගෙන ඉන්න අයට බොහොම ඉක්මනටම රැවටෙනවා..
තවත් අය ආදරේ නාමයෙන්  ජීවිත කාලෙම තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කැපකරනවා..කැපකරලා සමහරු විදෝනවා...සමහරු තනිවෙනවා..සමහරු ජීවිතේට ආයුබෝවන් කියනවා..
එයාලගෙන් ටිකදෙනෙක් හදවතින් අඩන ගමන් හිනාවෙලා අඩනවා...අර රැවටිලිකාරයොත් එක්ක බලපුවහම මේ අය ටිකක් හොදයි..
ඒත් එයාලා ඇත්තටම ආදරෙයි නම් මොන එහෙකටද හදවතින් හරි අඩන්නෙ..
ඒ කොච්චර රවට්ටන්න හැදුවත් එයාලත් අනුන්ට වඩා ආදරේ තමන්ට නිසා..කොච්චර කිව්වත් එයාලගෙත් හිතේ අර ආසාවල්..බලාපොරොත්තු..අරමුණු..තියන නිසා..
ඒ දේවල් වෙනුවෙන් කාටවත් නොපෙනෙන්න එයාල හදවතින් අඩනවා..දුක් වෙනවා..හැබැයි ආදරේ වෙනුවෙන් හිනා වෙලා ඉන්නවා...
ඒ හැමදේම අතරේ තව බොහොම ටික දෙනෙක් හදවතිනුත්..හැබෑවටත් හිනාවෙලා සතුටින් ඉන්නවා..ලගින් ඉන්න අයවත් සතුටින් තියනවා...
ඒත් එයාලගෙ හිතෙත් අනිත් අයට වගේම අර ආසාවල්..බලාපොරොත්තු..අරමුණු..තියනවා.හැබැයි ඒ විදිහට නෙවෙයි..තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි..හැමෝම වෙනුවෙන්..
ආත්මාර්තකාමී ඒවා නෙවෙයි..බොහොම වැදගත් පරාර්තකාමී ආසාවල්..බලාපොරොත්තු..අරමුණු...ඒවයින් කාටවත් හානියක් නෑ..හැමෝටම යහපතක්..
හරියට....
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද...
දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...
ඒ දේවතාවන්..දිව්‍යාංගනාවන්...
මනු ලෝ තලයේ වාසනාවන්....
කාටවත් කරදරයක් නැති මෙහෙම කෙනෙක් වෙන්න ඇත්නම් වැදූ මවටත්..හැදුනු රටටත්..ඊට වඩා සම්පතක් වෙන කොයින්ද.....!!!!!!!!

4 comments:

  1. ඕං මම පළවෙනියා... නියම කතා ටික අයියේ... ජීවිතේ ඇත්තම ඇත්ත ටික මේක..යතාර්තය මේක.ඒත් ඔය ටික ඇත්ත බව දැනුනත් තේරුනත්, ඒවා ක්‍රියාත්මක කරන්න හිත පිළිගන්නෙ නැති එකයි අවුල.

    හුගාක් දේවල් අහිමි වෙලත්, තම්න් වෙනුවෙන් කිසිම දෙයක් අයිති කරගන්න බැරි ව්එලත්, ලස්සනට හිනා වෙලා ජීවත් වෙන, කාටවත් වදයක් නැතිව ඉන්න මිනිස්සුත් ඉන්නවා මේ ලෝකෙ.

    නියමයි අයියා..දිගටම ලියන්න...ජය වේවා..!!!

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම් වෙනද වගේම මාත් වක්ක ඉන්නවට බොහොම ස්තූතියි නංගියෝ....

    ReplyDelete
  3. පුට්ටස්ස ලෝක ධම්මේහි
    චිත්තං යස්ස න කම්පති..

    වැයම් කලයුත්තේ අටලෝ දහමින් කම්පිත නොවී සිටීමටයි..

    ReplyDelete
  4. හ්ම්.......ස්තූතියි..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...