මේ කතාව බ්ලොග් එකේ දාන්න කියලා අපේ හිතූ නංගි කිව්වට,ඒ වෙලාවෙ මාත් පැනල හා කිව්වට මම මේ දහඅතේ කල්පනා කලේ කොහොමද පටන් ගන්නෙ කියලා...කමක් නෑ කැටයම් හංස පූට්ටු නැතුව කෙලින්ම ලියල දාන්නම්කෝ...
එකදාස් නමසිය අසූ නමයෙ දවසක මම ඉපදෙනකොට මගේ අම්මගෙයි තාත්තගෙයි සතුටුම දවස එදා උනාට හිත යටින් ගොඩාක්ම දුක් උන දවස උනෙත් එදාමයි..ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි උපතින්ම මගෙ කකුලේ තිබුනු අබාධයක් නිසා.....