Saturday, September 1, 2012

කෙල්ලෙක් සමග දොයියා ගතිමි.....(ජීවිතේ පලමු අත්දැකීම...) 18++ ද..ම්ම්ම්ම්ම්....


ඊයෙ රෑ..........රෑ තමයි රෑ........
මතක් වෙනකොටත්...මේ.........මවිල් ගස් ටික....
වෙනදටනම් රෑට මහා හයියෙන් වහිනකොට මම ඔළුවෙ ඉඳන් පොරෝගෙන ආතල් එකේ දොයියා ගත්තා....
ඒත් ඊයේ.....හම්මෝ....පිස්සු හැදෙනවා..........

මේ හැම දේම මෙච්චර ඉක්මනට වෙයි කියලා කවුද හිතුවේ....ඒත් හැම මඟුලක්ම අත් ඇරලා.....ඔයා මගෙ ලගට ආවා.....
මුළු රෑම මාත් එක්ක හිටියා.....
ඊයෙ රෑ ඔයා මගෙ ලගට එනකොට...දෙයියනේ... මතක් වෙනකොටත් මගෙ පපුව හයියෙන් ගැහෙනවා...
එහෙම හැඟීමක් මීට කලින් කවදාවත්ම ඇති වෙලා නෑ..ඇත්තමයි...ඊයෙ නම් මට ඒ වෙනස හොඳට දැනුනා...
මම ඔයාව හෙමින් මගෙ ලගට ඇදලා ගත්තා...
මුලින් නම් ඔයා කැමති උනේ නෑ...ඒත් ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ඔයා මගෙ ලගට ආවා....
ඔයා මගෙ පපුවට තුරුල් වෙනකොට මට.....අනේ මන්දා...මට කියන්න තේරෙන්නෑ...
ඔයාගෙන් දැනුනු ඒ මල් සුවඳ.....අපේ අම්මගේ ඕඩිකොලොන් බෝතලේ හොරකන් කරලද මන්දා...
ඒත් ඒ සුවඳ මාව ගොඩා..ක් ඈත අතීතෙකට ගෙනිච්චා....
ඊයෙ රෑ මම කොච්චර වෙලාවක් ඔය මූණ දිහා බලන් ඉන්න ඇත්ද.....
ඔයත් ඇසි පිය ගහන් නැතුව මගෙ දිහා බලන් හිටියා....
මගෙ හිතේ මහා ලොකු ආදරයක් ඇති වුනා ඒ වෙලාවෙ....
එළියෙ හයියෙන් වහිනවා....සීතලයි...ඒත්...ඔයාගෙ උණුසුමින් මට පොඩ්ඩක්වත් සීතල දැනුනෙ නෑ...
ඇත්තමයි රත්තරන්....ඊයෙ රෑ නම් මට ඔයා ගැන මහා...ලෝබ කමක් හිතුනේ....
මම ඔයාව වෙන කාටවත් අයිති වෙන්නනම් දෙන්නෙ නෑමයි....
මම දන්නවා ඔයත් මාව දාලා කොහේවත් යන්නෙ නෑ කියලා...
ඔයා මගෙ පපුවට තුරුල් වෙලා ගොඩක් වෙලා හිටියා....
ඊට පස්සේ.........

(බලධරයා විසින් කපා...කොටු දමන ලදී..............)

මෙච්චර කාලයක් මම රැකගෙන පණ වගේ සුරක්ෂිත කරගෙන ආපු මගෙ කුමර බඹසරද මොකද්ද එක ඊයෙ කෑලි කෑලි කෑලි වලට කුඩුපට්ටම් වෙලා ගුවනේ විසිරිලා ගියා...
මලක් වගේ පරෙස්සම් කල මගෙ බඹසර....කෝ.....අද නෑ......නෑ.....මට දුක නෑ......
ඔයාටත් එහෙම උනාද රත්තරන්....කළුවරේ මම දැක්කෙ නෑ...
ඒත් ඒ කළුවරේ ඔයා මගේ හැම දේම ආලෝකමත් කලා.....ඔව්..ප්‍රබෝධමත් කලා....
තවත් මොනවා හරි වුනාද මන්දා....
ඒත් ඔයා වචනයක්වත් කිව්වෙ නෑ....
ඔය ඇස් දෙකේ තිබුණෙ අමුතුම හැඟීමක්....
මම ඔය හිත රිද්දන්නෑ කවදාවත්ම.....ඒක කියන්න දෙයක් නෑ...ඔයාගෙ හිත ඒක දන්න බව ඔය ඇස් දෙකෙන් පෙනුනා...
අද උදෙත්...මම නැගිටිනකොට ගොඩක් දවල් වෙලා.....
ඊයෙ වගේම ඔයා ඔය කතා කරන ඇස් දෙකෙන් මගෙ දිහා බලන් හිටියා....
මම ආයිත් ආදරෙන් ඔයාව තුරුල් කර ගත්තා....
මම හිතුනෙම...හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හුමු විය යුතුවේ කියලා....
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේමයි කයලා....
ඔයා එහෙම කරනවා නේද....
මම ඔයාට කිව්වා අද නම් මම මේ හැම දේම බ්ලොග් ලෝකේ හැමෝටම කියනවා කියලා....
ඔයා මොකුත් කිව්වෙ නෑ....
මම කිව්වා මම ඔයාව හැමෝටම පෙන්නනවා කියලත්....
ඒත් ඔයා මොකුත් කිව්වෙ නෑ....
ඉතින් නිශ්ෂබ්ධතාවයෙන් පෙනී ගියෙ අකමැත්තක් නෑ කියලා...කෙල්ලෝ සුවර් නෑ හැබැයි හිතේ වෙන දෙයක්ද දන්නෑ....ඒත් ඔයා එහෙම නෑ කියලා මම දන්නවා...ඔයා අනිත් කෙල්ලෝ වගේ නෙවෙයි....වචන දෙකක් නෑ...
එහෙනම් ඔයාලා හැමෝටම මම එයාව පෙන්නන්නම්.........ඔයිකේ.....

**

**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
** 


හා හා එයා නෙවෙයි....තව පල්ලෙහා....

**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**
**

ඔය ඉන්නෙ...
අපේ අම්මා මම මේ සැරේ එනකොට මගෙ කොට්ටෙට දාලා තිබුනේ ඔන්න ඔය වගේම කොට්ට උරයක්...මොනවා හිතිලද මන්දා....ඉතින් ඒ කොට්ටෙ තුරුල් කරන් ඊයෙ දොයියන්න ගිහින් තමයි මට ඔය පලහිලව්ව උනේ....

**
**
**
**
හා....පෝ......................මූණෙ හැටි.............:දිව දොට්ට.... 

119 comments:

  1. අපි අහුවෙයි ඕවට තරුවෝ.....:දිව දොට්ට


    හැබැයි ලස්සන වචන ටික....

    ReplyDelete
    Replies
    1. හූ හූ....ඔය කිව්වට පොඩ්ඩක් අහුවුනෝ...........
      තැන්කිව් ඈ....

      Delete
  2. නොදකින් විතරක්... කට ඇරන් කියෙව්වෙ මං... අනේ තෝ දිවියම කාලා ඒ දිවියා තව දිවියො දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලගෙන කාපිය මං කියන්නෙ... පෙරේත තරුවා...

    ReplyDelete
    Replies
    1. අනේ පව් බන් ඒ දිවියා....මාව කාලා ඌට හොයා ගන්න බැරි ලෙඩක් හැදුනොත් එහෙම..පව්නෙ අහිංසකයා...කාගෙ උනත් දිවියෙක්නෙ නේද...

      Delete
  3. හෑබෑටම අර දඟකාරී කිව්වා වගේ සෝක් වචන ටික... හදුන් පොත කීන් ගෑවා බං කියවද්දි... අලේ මන්දා...

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙම උනාද ඈ.....තැන්කිව් ඈ...

      Delete
  4. එළටම ලියල තියෙනවා... මමත් ටිකක් රැවටුනාද මන්දා..:පී

    ReplyDelete
    Replies
    1. ටිකක්...........:ඕ....හොඳ ටික....

      Delete
  5. අම්මටත් තේරිලා බොගෙ කාලේ හරි කියලා... හෙට අනිද්ද ඇත්තම එකකුත් ගෙනත් දේවී

    ReplyDelete
    Replies
    1. මොකේටද අයියෙ කාලෙ හරි...අනෝ...මම තාම හිච්චි කොල්ලා...

      Delete
  6. කෙල්ලෙක් එක්ක දොයිය ගත්තා කිව්වට නින්ද ගිහින් නෑ නෙව...
    ඒක නෙමේ නිවාඩුවට එනව කිව්වේ ? මල්ලි කැම්පස් ද ? ඒ කොහේද ?

    ReplyDelete
    Replies
    1. මේ වගේ කෙල්ලෙක් එක්ක ඉන්නකොට නින්ද යනවද අයියේ... ;)
      මම NIBM එකේ අයියේ...

      Delete
  7. Replies
    1. හා...ඔන්න මගෙත්....:දිව දොට්ට..

      Delete
  8. සිරාවටම ඇන්දුනා!:)

    ReplyDelete
  9. ඇයි යකෝ කොට්ටයක් කොහොමද තොගෙ කුමර බඹසර නැති කළේ? කියපන්කො බලන්ඩ..

    ReplyDelete
    Replies
    1. අයියෝ පව් කොට්ට උරේ

      Delete
    2. @ හරී...ඇයි බං හත්තිලව්වෙ කවුද කිව්වෙ ඒක නැති වුනා කියලා...ඔය තියෙන්නෙ යස අගේට...ඊයෙ පොඩ්ඩක් කෑලි වලට කැඩිලා ගුවනේ විසිරුනා විතරයි...මම උදේම ඔක්කොම රීකන්ඩිෂන් කර ගත්තා..දැන් අවුලක් නැ...ආයි සැරයක් මොනවා හරි කර ගත්තෑකි..

      Delete
    3. @ හිරු කුමරු...ඇයි ඔයාට දුක හිතුනේ...

      Delete
  10. හනේ මේ හොඳට හිටිය උඹ.. මම ඒත් බැලුවා කිඩ්නැප් කලා වත් ද කියලා කවුරුවත්...

    ReplyDelete
    Replies
    1. ඒකනී....අයියා විතරයි කිව්වෙ අයියේ මම හොඳට හිටියා කියාලා....මටත් දුක හිතුනා...මේ කඳුළු..

      Delete
    2. හා හා.. නාඩා හිටින්.. නැත්තං ඕක ආයේ බිඳෙන්න බැරි නෑ..

      Delete
    3. බිඳෙන්න...:ඕ...අයියා හිතුවෙ මේක වීදුරු කියලද ඈ....

      Delete
  11. Replies
    1. කවුද....??? :ඕ...කෝ ඕකා....අල්ලපිය...

      Delete
  12. ම්ම්ම්... උදේ බලන කොට කොට්ට උරේ නැලූ.. :p

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වෙ...මේ තියෙන්නෙ...හැබැයි ඒක කොට්ටෙනම් නෙවෙයි තියෙන්නේ...ඒක වෙනම කතාවක්...ඒ ටික මම කොටු දැම්මනේ..

      Delete
    2. මට ඕක කන්සිස්ටන්ට් වෙනවා රෙඩෝ :)

      Delete
    3. ඈ බං රජෝ..වෙන මොකුත්ම වෙන්නෙ නැතෙයි බොට...

      Delete
  13. මල්ලි, තනියම නිදාගද්දි කුමර බඹසර නැති වෙනවානම් ඒක එච්චර හොද දෙයක් නෙමෙයි හොදේ.. ඔන්න නොකිව්වයි කියන්න එපා...

    ReplyDelete
    Replies
    1. සූ............ඇත්තද අයියේ....ඔයා අත්දැකීමෙන්ද කිව්වේ...උයා පවූ......;) ;)

      Delete
    2. ප්‍රදීප් මහත්තයා

      කොට්ටවලට අහවල් එක කරන මානසික රෝගයට කියන නම මොකක්ද කියලා කියන්ඩකෝ , තරුවට බෙහෙතක් ගන්ඩ ඒක ප්‍රයෝජනවත් වෙයි.

      Delete
    3. ඒක ප්‍රසිද්ධියේ කියන එක හොද නෑනෙ මහත්තයෝ. මං පුද්ගලික ප්‍රතිකාර (ප්‍රයිවට් ප්‍රැක්ටිස්) පටන් ගත්තාම තරුවාට පුළුවන් ඇවිත් ප්‍රතිකාර අරන් යන්න.

      Delete
    4. @ අටම්පහුර....අයියා ඒ කාලේ ගත්ත බෙහෙත කියන්නකෝ....ඒක හරියයි මං හිතන්නේ...

      Delete
    5. @ ප්‍රදීප්...ඔයා ඒකට පුද්ගලිකවද ප්‍රතිකාර ගන්න යන්නේ...ඔව් නේද කොහොමද කටක් ඇරලා කියන්නෙ කාටවත්....:පී

      Delete
  14. මැද්දට එද්දී කොට්ටේ වත්ද කියලා හිතුනා එත් අර බඹසර කතාවක් කිව්වට පස්සේ හිතුවා වෙන මොකක් හරි කියලා, :)

    ReplyDelete
    Replies
    1. මැද්දට ආවට වැඩක් නෑනේ මඩයෝ...අන්තිම ඩිංගිත්ත හොඳම ජුන්ඩ කියනවනේ :පී

      Delete
  15. අර කිව්ව වගේ තෝව කොටිය කාල ඒ කොටියව තව මොකෙක් හරි කාපිය -චාමරයා-

    ReplyDelete
    Replies
    1. ආන් බලපන් කිව්ව බොරුව ඌ කිව්වෙ දිවියා කාපන් කියලනේ උඹ මෙතන දිවියව කොටියා කරලා..ඒක හරි නෑනෙ...අසාධාරණ වැඩ කරන්නෙපා...හා දැන් අමුතුවෙන් වරෙන්..අමුතුවෙන් ඇවිත් කියපන් මාව දිවියම කාපිය කියලා..

      Delete
  16. තරූ.. සොඳුරු ලෙස වචන ගලපන අපූරු තරුණයෙක්...

    ReplyDelete
    Replies
    1. අලේ මන්දා ඒකනම්....ඔහොම ලැජ්ජා කරන්නෙපා අෆ්ෆා..මේ බලන්නකෝ මමයි මගේ ඔක්කොමයි ලැජ්ජාවට ඇඹරෙන හැටි....

      බොහොම ස්තූතියි ඹය වචන ටිකට.....:) :)

      Delete
  17. අපරාදේ බං කොට්ටේ... උදේ බලද්දි සුදු පාට මොනවත් තිබ්බේ නෑනේ?
    මං කියන්නේ මේ කුණු කෙල :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සුදු පාටට නේද.........ම්ම්ම්ම්ම්....එව්වා උරා ගන්න ඇති බන් හෙන වෙලාවක් වියලිව තියා ගන්නවා කියලා ඔය ටීවි එකේ එහෙම ඇඩ් දාන්නේ...

      Delete
  18. අම්මටත් මොනවා හරී තේරිලාද මන්දා :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නේද....අහල බලන්න ඕනි...

      Delete
  19. යකෝ තරුවා කොට්ටයකටවත් ඉන්න දෙන්නේ නැනේ... කෝලන්D

    ReplyDelete
    Replies
    1. මම නම් ඔන්න මොකුත්ම කලේ නෑ....

      Delete
  20. දිව දොට්ටෙනුත් දොට්ට ගියා මේ කොට්ටයක් හින්දා

    ReplyDelete
    Replies
    1. හා හා ඕක ඇතුලට දා ගනින්...බොලාට මයි හොඳ නැත්තේ...

      Delete
  21. අපි අහුවෙයි ඕවට. සැමාගේ කැත හිත් වලට කවි කියවලාම අපේ හිත් දැන් හරි ලස්සනයි ඈ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ සැමා අයියා තමයි මටත් මෙව්වා පුරුදු කොලේ...නැත්නම් මම හරි අහිංසකව හුරතලේට හිටියේ...දැන් කියලත් ඉතින් වෙනසක් නෑ...

      Delete
  22. මල කෝලං
    අපොයි... කොච්චරක් වෙලා ලිව්වද බං..?
    ඔන්න මම නම් අහු උණා.
    නැතිනම් උඹ පව්නේ..
    අනේ බං.. මේ වගේ ඒවා නැතුව අර කලින් වගේ හොඳ ඒවා ලියනවකෝ.. මේවා විකාරයි අප්පා..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ තියෙන්නෙ විඳින්නනේ මචංස්....මම ඉතින් ඉදල හිටල මෙහෙම විකාර ඒවත් දානවනේ...එල ඈ...හිතට එකගව කතා කරනවට...

      Delete
  23. උඹ සරම හේදුවනේ උදේම.....?

    ReplyDelete
    Replies
    1. සරම...:ඕ....ඒ මොකටැයි අයියේ...මම රෑට දොයියන්නේ ජූන්ඩං කොට කලිසං කෑල්ලක් ඇඳගෙන නොවැ..

      Delete
  24. තරුවා පොඩි එකා වගේ හිටියට අම්මපා හිතෙන දේවල්. අපි මේ කට ඇරගෙන කියෙව්වා මොකද වුනේ බලන්න.

    ReplyDelete
    Replies
    1. හයියූ....මම තාම ඒ කාලේ වගේ හිච්චි කොල්ලා තමයි අයියේ...තාම හලි හුලතල්...

      Delete
  25. කට කන්දෙක ගාව....දිව බුරිය ගාව....හිස් තැනක් හිස් තැනක් ගාව.... :P

    ReplyDelete
    Replies
    1. අර හිස්තැනේ තියන එකනම් ඉක්මනට අයින් කර ගනින්...මේ වැස්සෙ නාන්නත් බෑනේ නේද....

      Delete
  26. කොට්ට උරේ මාරු කලාද? එකෙ අදත් බුදියන්න එපා... :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියෙ කවුද ඒකෙ නිදියන්නෙ...මම දොයියන්නෙ ඇඳේනේ...

      Delete
  27. කෝ කොට්ට උරේ සිතියම් නැහැනේ :පී

    ReplyDelete
    Replies
    1. කාලයේ වැලිතලා මත සැගව ගිහින් කියන්නෙ අයියේ...

      Delete
  28. රෑවටුනා රෑවටුනා රෑවටුනා රෑවටුනා මම රෑවටුනා

    ReplyDelete
  29. අම්මෝ මු අපේ හැගීම් අවුස්සනවා...!

    ReplyDelete
    Replies
    1. ඇහ් එහෙම අටමගුලකුත් උනාද ඈ....

      Delete
  30. හච්චෝ හච්චෝ :)

    ReplyDelete
  31. කොට්ටෙකටවත් බේරෙන්න බැරි කාළයක් මේක..
    තූ නොදකින්.....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියේ....මටත් මේ මල පැනල ඉන්නෙ ඔව්වො ගැන...

      Delete
  32. හී... මේ සෝයි එකට හිටපු අපේ තරූ අයියා කොට්ටඋරයක් හින්ද නලක් වෙලාද???? අම්ම තමා මේ සේලම කලන්නේ.... හුලතලේට සෙල්ලම් කරන්න බෝනික්කියෙක් එවලා...

    ReplyDelete
    Replies
    1. බෝනික්කෙක් නෙයෙි නංගියේ මේ කොට්ට උරයක් නොවෑ...

      Delete
  33. අනේ පව් අම්මා ඉක්මනින් බෝනික්කෙක් අරන් දේවි....

    ReplyDelete
    Replies
    1. බෝනික්කෙක් මොනවා කරන්නද අෆ්ෆා...

      Delete
  34. යටලීයෙන් නාරිලතා මල් පුදින්නේ.. ... අම්ම නොකියා කියන්නේ කෙල්ලක් හොයා ගනින් කියලා තරුවෝ .. අනේ මන්දා අම්මටත් දැන් තේරිලා වගේ උඹේ බැරිකම..

    ReplyDelete
    Replies
    1. යටලීයෙන් ඕවත් වෙනවද අයියේ....හාකො හාකෝ...
      අර බැරිකම ගැන කියනවනම්...මේ...ඒක නම්....(ඔහොම මූණටම කියනවද අෆ්ෆා...දුක හිතෙනවනේ..)

      Delete
  35. ane paw ara kotte....... :)

    ReplyDelete
    Replies
    1. එතකොට මං පව් නැද්ද නංගි...

      Delete
  36. අපි ව තම්බන්න මේවා මදි මල්ලි.... :P

    ReplyDelete
    Replies
    1. අයිය එච්චර හයියද අයියේ.....

      Delete
  37. අම්මා අර කොට්ට උරේ දැම්මෙ ඇයි කියලා ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. සෑ..හෙන්ට වතුර බොන්ඩ ඕනි ප්‍රශ්ණයක් නේද අක්කේ...

      Delete
  38. හපෝයි....... කොටියම කාපිය

    ReplyDelete
    Replies
    1. හයියූ....තමන්ටම ඔහොම කියා ගන්න එපා අක්කේ....

      Delete
  39. මාව තම්බන්න..හෙහ් හෙහ් හෙහ් හිතුව මදි

    ReplyDelete
    Replies
    1. ෂික් සවුත්තු උනාද මන්දා....

      Delete
  40. I thought it was about your dog

    ReplyDelete
  41. අනේ දෙයියනේ කොට්ටෙකටත් නිකං ඉන්න දෙන්නෑ දැං අතවර කරනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනී මහ කුජීත කොල්ලො ටිකක් නේද...

      Delete
  42. හයියෝ සල්ලී....! සික් විතරක්! අඩුගානෙ කොට්ට උරයක් නැතුව කොට්ටයක්වත් කිව්වනම් ඔච්චර හිතට අමාරු නෑ! :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හිකිස්.....හා හා දැන් නාඩා ඉදින්...

      Delete
  43. හික්ස්....ඉස්සෙල්ලම දැක්ක තරූගෙ ලෝකෙ...................................
    හපොයි!!! හපොයි!!!... :)

    ReplyDelete
    Replies
    1. ඇහ් ඒකත් එහෙමද...එහෙනම් හොඳ අනාගතයක් තියේවි...

      Delete
  44. අඩෝ උඹට හෙණම ගහන්න ඕනේ මේ කරපු අපරාදෙට!
    හොඳට වර්ධනය වුන ආර්ථිකය එක පාරටම කඩා වැටුනා!!!!!!

    ReplyDelete
    Replies
    1. එච්චර දෙයක් උනාද.....සික් පව් වැඩේ....මුල ටික ආයි බලපන්..එතකොට ආයි වර්ධනය වෙයි...

      Delete
  45. මැට්ටා kiyala ekek meka akurak nara copy karala wena site ekaka dala.

    http://www.elakiri.com/forum/showthread.php?t=1500333

    ReplyDelete
    Replies
    1. මම දැක්කා මචං..තැන්ක්ස්...කොපි කලාටනම් කමක් නෑ ඕනි කෙනෙක්..හැබැයි ගත්තේ මෙන්න මෙතනින් කියලා කියනවනම්...තෑන්ක්ස්...

      Delete
  46. Replies
    1. අදෝමැයි...ඕක අදද දන්නෙ ඈ....

      Delete
  47. මං නං හිතුවෙ මේ කියන්න යන්නෙ තරුවා දැකපු හීනකයක් ගැන කියල. අපිනං ඇන්දෙයි.... හික්ස්

    ReplyDelete
    Replies
    1. හීනයක් නෙවෙයි බොලාං. සිරාවට උනාලු :D

      Delete
  48. අම්මපා රැවටුනා... අන්තිම ටික දකිද්දි මටම ලැජුජා හිතුනා........... :v

    ReplyDelete
  49. 0711029109
    0712302001
    Badu dealer at rajagiriya.. call .... any time supply..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...