එකදාස් නමසිය අසූ නමයෙ දවසක මම ඉපදෙනකොට මගේ අම්මගෙයි තාත්තගෙයි සතුටුම දවස එදා උනාට හිත යටින් ගොඩාක්ම දුක් උන දවස උනෙත් එදාමයි..ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි උපතින්ම මගෙ කකුලේ තිබුනු අබාධයක් නිසා.....
මට කවදාවත්ම දෙපයින් හිටගන්න බැරිවෙයි කියලා මගේ අම්මා එදා හිතින් කොච්චරනම් අඩනන් ඇද්ද.ඉපදුනු දවසේ ඉදන් මාස ගානක් ඉස්පිරිතාලේ මාව නවත්ත ගන්නකොට ඒ හැම දවසකම රස්සාවටවත් යන්නෙ නැතුව මං ලග හිටියා...තාත්තා උදේ හවස මාව බලන්න හැමදාම ආවා..සතියකට සැරයක් මාව ගෙදර එක්ක යනකොට කවදාවත් බස් එකක එක්ක නොගිහින් හැමදාම වාහනයක් කුලියට අරන් මාව එක්ක ආවේ මිනිස්සු මං ගැන දුක් වෙනකොට ඒක මගේ අම්මගේ හිතට තවත් දුකක් නිසාලු.. මාව නවත්තලා හිටපු වාට්ටුවෙ හැම නර්ස් කෙනෙක්ම හැමදාම මාව බලන්න ආවාම අඩනවලු..ඩොක්ටර්ස්ලා බෙහෙත් කරගන්න බැරුව බලා ඉන්නවලු.
හැමෝම මගේ කකුල සනීප කරගන්න බැරිවෙයි කියනකොට මගෙ අම්මයි තාත්තයි කොහොමහරි උත්සහ කලේ මාව කොහෙන් හරි සනීප කරගන්න..මාව දෙපයින් ඇවිද්දවන්න..ඔය අතරෙ තමයි විශේෂඥ්ඥ ශල්‍ය වෛද්‍ය සෝලංගාරච්චිව මුණගැහිල තියෙන්නෙ..ඔහු පොරොන්දු වෙලා තියනවා කොහොම හරි මාව සනීප කරනවා කියලා..
මගේ ඔපරේෂන් එක තියන දවසෙ මට කිරි ඕනි වෙලා අඩනකොට මට කිරි දෙන්න හොදනැති නිසා මගේ අම්මා විතරක් නෙවෙයි වාට්ටුවෙ නර්ස්ලත් එදා කෑවෙ නෑලු. ඉතින් මගේ ඔපරේෂන් එක සාර්ථක වුනු මොහොතේ මුලු රෝහලම සතුටු කදුලු වැගිරුවා කියලා මගේ අම්මා කියනවා..
දවස් ගානක් මගේ කකුලට දාපු බැන්ඩේජ් කපන්න ගියත් කීප සැරයක්ම ආපහු එන්න උනාලු බැන්ඩේජ් කපන මැෂින් එක ඔන කරනකොට මම බයවෙලා අඩනකොට නර්ස්ලත් අඩනවලු..ඉතින් දවස් කීපයක්ම ආපහු ආවලු බැන්ඩේජ් කපන්නැතුව. ඒ කාලෙ මගේ කකුලට දාපු බැන්ඩේජ් කපනකොට බයවුනු පාර ගෙදරදි මම බ්ලෙන්ඩර් එකවත් දාන්න දුන්නෑලු.අන්තිමට ඩොක්ටර්ස්ලා කිව්වලු බැන්ඩේජ් එක නිකම්ම ගැලවෙන්න අරින්න කියලා..ඒ කාලෙ මගේ කකුලට දාපු යකඩ සපත්තුව තාමත් අපේ ගෙදර තියනවා..
අද මම පරිගණක ක්ෂේත්‍රෙයන් උසස් අධ්‍යාපනය හදාරන අතරම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට මේපමණ හෝ දුරක් ආවේ , මගේ අම්මේ,තාත්තේ ඒ ඔයාලා නිසා..කුසට නොකා මාව උස්සගෙන මාව සනීපකරන්න දගලපු නිසා..කියන්න වචන නෑ..ලියන්න තේරෙන්නෙ නෑ ඔය ආදරය ගැන...එක දෙයක් පොරොන්දු වෙන්නම් මම ජීවත් වෙනකම් මට පුලුවන් උපරිමයෙන් බලාගන්නම්...එදා මාව බලාගත්ත වගේම...!!!!!
හැමෝම මගේ කකුල සනීප කරගන්න බැරිවෙයි කියනකොට මගෙ අම්මයි තාත්තයි කොහොමහරි උත්සහ කලේ මාව කොහෙන් හරි සනීප කරගන්න..මාව දෙපයින් ඇවිද්දවන්න..ඔය අතරෙ තමයි විශේෂඥ්ඥ ශල්‍ය වෛද්‍ය සෝලංගාරච්චිව මුණගැහිල තියෙන්නෙ..ඔහු පොරොන්දු වෙලා තියනවා කොහොම හරි මාව සනීප කරනවා කියලා..
මගේ ඔපරේෂන් එක තියන දවසෙ මට කිරි ඕනි වෙලා අඩනකොට මට කිරි දෙන්න හොදනැති නිසා මගේ අම්මා විතරක් නෙවෙයි වාට්ටුවෙ නර්ස්ලත් එදා කෑවෙ නෑලු. ඉතින් මගේ ඔපරේෂන් එක සාර්ථක වුනු මොහොතේ මුලු රෝහලම සතුටු කදුලු වැගිරුවා කියලා මගේ අම්මා කියනවා..
දවස් ගානක් මගේ කකුලට දාපු බැන්ඩේජ් කපන්න ගියත් කීප සැරයක්ම ආපහු එන්න උනාලු බැන්ඩේජ් කපන මැෂින් එක ඔන කරනකොට මම බයවෙලා අඩනකොට නර්ස්ලත් අඩනවලු..ඉතින් දවස් කීපයක්ම ආපහු ආවලු බැන්ඩේජ් කපන්නැතුව. ඒ කාලෙ මගේ කකුලට දාපු බැන්ඩේජ් කපනකොට බයවුනු පාර ගෙදරදි මම බ්ලෙන්ඩර් එකවත් දාන්න දුන්නෑලු.අන්තිමට ඩොක්ටර්ස්ලා කිව්වලු බැන්ඩේජ් එක නිකම්ම ගැලවෙන්න අරින්න කියලා..ඒ කාලෙ මගේ කකුලට දාපු යකඩ සපත්තුව තාමත් අපේ ගෙදර තියනවා..
අද මම පරිගණක ක්ෂේත්‍රෙයන් උසස් අධ්‍යාපනය හදාරන අතරම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට මේපමණ හෝ දුරක් ආවේ , මගේ අම්මේ,තාත්තේ ඒ ඔයාලා නිසා..කුසට නොකා මාව උස්සගෙන මාව සනීපකරන්න දගලපු නිසා..කියන්න වචන නෑ..ලියන්න තේරෙන්නෙ නෑ ඔය ආදරය ගැන...එක දෙයක් පොරොන්දු වෙන්නම් මම ජීවත් වෙනකම් මට පුලුවන් උපරිමයෙන් බලාගන්නම්...එදා මාව බලාගත්ත වගේම...!!!!!
අනේ සතුටටද දුකටද මම අඩන්න ඕනා...
ReplyDeleteඑත් ඇස් දෙකෙන් වැටෙන කදුළු බිදු සාක්ෂි මගේ හිතේ තියෙනකියාගන්න බැරි වේදනාව මේ පොස්ට් එක දැකීමෙන්...
අම්මයි තාත්තයි කියන්නේ දෙවිවරු
ඇත්තටම දෙවිවරු..
Deleteඅයියා මට කතාව කිව්වෙ මේ තරම්ම විස්තර ඇතිව නෙවෙයිනෙ.. ඒ කිව්ව වෙලේ මට ඇති ව්උනු හැඟීමට වඩා මහ පුදුම හැඟීමක් මේ පෝස්ට් එක කියෙව්වාම මට දැනුණා.වර්ණා කිව්වා ව්ගේ දුකටද සතුටද මංදා මගේ ඇස් යාන්තමට තෙත් වෙලා ගියා. :)
ReplyDeleteමොනා වුනත් අයියා ගැන හොඳටම අඳුරන( අඳූරනවා කියලා හිතන් ඉන්නෙ) කෙනෙක් විදියට, මට හුඟාක් සතුටුයි!!! අයියා අද මෙහෙම ඉන්නෙ ඇත්තටම ඒ දෙවිවරු දෙන්නාට පිං සිද්ධ වෙන්න.. එයාලටත් හුඟාක් සතුටු ඇති අද ඔය්යා මෙහෙම ඉන්නවා දැකලා..
සතුටුයි අයියා!! හැමදාකම අම්මාවයි තාත්තාවයි සතුටින් තියන්න... ඔයාට ව්අරදින්නෙ නෑ..
මේ...හිතන්න දෙයක් නෑ අදුරනවා තමයි....
Deleteදැන් ඉතින් විස්තර ඇතුව කිව්වනේ...
බොහොම ස්තූතියි නංගී..
ගොඩක් සතුටුයි.. ඒ දුක් කතාව අද වෙද්දි සතුටට පෙරලිලා.. අම්මගෙයි තාත්තගෙයි ඒ කඳුළු වලට නියම වටිනකමක් දෙන්න සුබ පැතුම් මල්ලියෝ.. ජීවිතයේ හැම අභියෝගයක්ම ජයගන්නට..!!! :)
ReplyDeleteබොහොම ස්තූතියි අක්කියෝ....
Deleteහරිම සංවේදී... මචං, අම්මා තාත්තා කියලා ඒ දෙන්නට කියන්නේ ඒ ආදරේ හින්දයි... අම්මා තාත්තා ගැන හිතන උඔට වරදින්නේ නෑ කවදාවත්ම...
ReplyDeleteස්තූතියි මචං...
Delete"කදුලැලි බිඳක්, හසරැලි පොදක්...එකට එක්වූ විට දැනේ..පෙර නොවිඳි රසයක්"
ReplyDeleteමටත් හිතා ගන්න බැහැ අඬන්න ඕන දුකටද සතුටට ද කියලා...
මම මෙච්චර දවස් හිතාගෙන හිටියේ තරූ කියන්නේ කෙල්ලෙක් කියලනේ..සොලී හොඳේ..
හී හී....අයියෝ...මම කොල්ලෙක්...........!!!!!
Deleteඅපි වෙනුවෙන් අම්මා තාත්තා තරම් එයාලගේ ජීවිතේ ගොඩක් දේවල් කැප කරන වෙන කවුරුවත් අපට හම්බුවෙන්නේ නෑ.. ඇත්තටම ඔවුන් දෙව්වරු.. හැමදාම ඔවුන්ව සතුටින් තියන්න මල්ලී..
ReplyDeleteඅනිවාර්යෙන් අයියේ....තැන්කූ වේවා...
Deleteඅම්මා තාත්තට සම කරන්න කෙනෙක් නෑ....මමත් හිතුවේ මේ තරුවා කෙල්ලෙක් කියලා....චිකේ..
ReplyDeleteචිකේ නේන්නම් මම කොල්ලේක්........ :)
Deleteසංතෝෂයි ඔයා වගේ දෙමවිපියන්ගේ අගය දන්න කෙනෙක්ගේ ජිවීත කතාවෙන් කොටසක් හරි කියවන්න ලැබුනට. අපි ලෝකය දිහා බලන්නේ අපේ දෙමවිපියන්ගේ ඇස් වලින්. ඒත් ඒ ඇස් කවදා හරි වියපත් උනාම.. යන එන මන් නැති උනාම ඒ පියපත්වුනු දෑස් අවට ලෝකයේ සරණක් හොයන්නේ තමන්ගේ දරුවන්ගේ දෑස් වලින්. දුක් විදලා ඇති දැඩි කරපු අමිමලා, තාත්තලාව නිකමිම නිකමි පිළුණු පාන් කැල්ලක් කුණු කුඩෙිට දාන ගානට මහළු මඩමිවලට ඇරලන එවුන්ගේ හෘද සාක්ෂිය සල්ලි වලට හරි යන එන පාරකින් අරගන්න ලැබෙිවායි කියලා ප්‍රාර්ථනා කරමු!!!
ReplyDeleteසංතොස හිතෙන කාරණා කීපයක්ම තියනව.
ReplyDelete1.උඹට හොදවෙච්චඑක.
2.ඒවගේ අම්මතාත්ත දෙන්නෙක් ලැබීම.
3.උඹ එයාලට තියන ආදරේ.
4.පොඩිකාලෙ එහෙම වෙලත් ක්‍රිඩකයෙක් විදියට ඉන්නඑක ගැන.
වෙන කියන්න දෙයක් නෑ. සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියල ප්‍රාර්තනා කරනව.
කියන්න අමතක වෙච්ච දෙයක්,
Deleteමම හිතං හිටියේ උඹ කෙල්ලක් කියලනේ.....;-)
බොහොම ස්තූතියි........!!!
Deleteහිහ් මාත් හිතුවෙ තරූ කියන්නෙ කෙල්ලෙක් කියල...
ReplyDeleteඔයා ලැබෙන කොට අම්මට මොන තරම් වේදනාවක් ඇතිවෙන්න ඇතිද ඔයාගෙ කකුල දැකල .... මට මතකයි මගෙ පුතා ලැබුන ගමන් මට දුන්නු වෙලාවෙ මම එයාගෙ ඇගිලි පවා ගණන් කරල බැලුව ... ඒත් මට ඇගට පණක්වත් තිබුනෙ නෑ... ..... හැම අම්මම අප්පච්චිම එහෙම තමයි ... දරුවො තමයි එයාලගෙ ලෝකෙ අංක එක.. දරුවො වන අපිට කළ හැක්කේ එයාලව සතුටින් තියන එක විතරයි .......
මට හිතාගන්න පුළුවන් අක්කට එදා දැනුනු දේවල්....බොහොම ස්තූතියි අක්කා..
Deleteමේ වේදනාව තාත්ත කෙනෙක් හැටියට මං විඳින එකක්. අර වගේ මිනිස්සු අපි අතරේ තාමත් ඉන්නවා කියල හිතනකොට එන්නේ ලොකු සතුටක්.. ඔබ තියන හැම පියවරක්ම දෙමාපියන්ට ආඩම්බරයක්..
ReplyDeleteබොහොම ස්තූතියි...ඔබෙත් පුතා ගැන මම කියෙව්වා..ඔබ වැනි පියෙකුත් සැබැවින්ම ආඩම්බරයක්...
Deleteයකො ඇස්දෙකට කඳුලු උනනවා... අම්මා තාත්තගේ වටිනාකම කවදාවත් ගෙවලා ඉවරකරන්ඩ බෑ..බං
ReplyDeleteඅම්මපා බං...
DeleteELA KOLLEK...
ReplyDeleteතැන්කූ.....
Deleteසෑහෙන්න හැඟීම්බර කතාවක් මටත් කඳුලු ආවා.මම අසනීප වෙලා වෙද ගෙදර නැවතිලා ඉද්දි අපේ අම්මයි තාත්තයි ජීවිතේ ගත කරලා තියෙන හැටි ගැන මතක් වුනා මට...හැම අම්මෙක් තාත්තෙක්ටම තියෙන වටිනාම වස්තුව තමන්ගේ දරුවා කියන්නේ ඒකනේ....(මම හිතන් හිටියෙත් කෙල්ලක් කියලා ඒත් අහන්න නිකන් මොකක්ද මොකක්ද වගේ නිසා ඔයාගේ කොමෙන්ට් වලට රිප්ලයි කලේ හෙන පරිස්සමට)
ReplyDeleteහ්ම්...මට හිතාගන්න පුළුවන් ඔයාගේ අම්මා තාත්තට ඒ වෙලාවෙදි දැනුනු දේවල්...ඒත් දැන් හැම දේම හොදින්නේ...
Deleteමටත් තියෙනවා මේ වගේම කතාවක් මගෙ ජීවිතේ.... අයියගේ කතාව කියවද්දී මට මතක් උණේ ඒක.. (ඔන්න මම නම් දැනන් උන්න තරූ කොල්ලෙක් කියලා...) සංවේදී කතාවක්. සතුටුදායක නිමාවක් තිබීම වඩාත් හොඳයි... :)
ReplyDeleteමං ඒ කතාව දැක්ක නංගි...බොහොම දුක හිතෙනවා..
Deleteමගේ ඇහැටත් කඳුළු ආවා. දුකට ද, සතුටට ද කියලා මට තේරෙන්නේ නෑ....
ReplyDeleteමුළු ලෝකෙම නැතත් අම්මයි තාත්තයි ඉන්නවා. ඒක ලොකු දෙයක්. ළමයින් ම හෝල් සේල් දාන කාලෙක, ළමයින් ව ආදරෙන් රැක බලා ගන්න දෙමාපියෝ වාසනාවන්. එහෙම දෙමාපියන් රැක බලාගන්න ඕනේ දිවි තිබෙන තුරාව ට......
~~~**දඟ මල්ල**~~~
හ්ම් ඒක ඇත් තමන්ගේ ළමයින්වම තමන්ට බරක්වෙන කාලෙක...ඇත්තටම මම නම් වාසනාවන්තයි...
Deleteකඳුළු බිංදුව බිමට වැටුනේ නැති වුණාට ඇහේ රැඳුණා සහෝ! කියන්න දෙයක් නෑ, අම්මයි තාත්තගෙයි හිත වහ් රිද්දන්න එපා මොහොතකට වත්!
ReplyDeleteඅනිවාර්යෙන්ම කවදාවත් නෑ...බොහාම ස්තූතියි..
Deleteඇත්තටම ඔය විදියෙ දෙමව්පියො ඉන්න ලෝකෙක කරුමෙට ලැබුණු දෙමව්පියන්ගෙන් එල්ල වුණු දහසක් බාධක මැද අමාරුවෙන් ගොඩනගානත්තු මගේ ජීවිතය, (නැන්දගෙනුයි, මාමගෙනුයි ලැබුණු උදව් නිසා) බලාපොරොත්තු අහස උසට තියාගෙන A/L විභාගෙට ලියන්න කලින් දවසෙ අවාසනාවන්ත විදියට මගේ අනාගතය කඩලා බිඳලා දාන්න තරම් නපුරු වුණෙත් මගේම දෙමව්පියොද කියලා මම කොහොම හිතන්නද............???
ReplyDeleteමේ කතාවෙ ඉන්න දෙමව්පියො දෙන්නා ගැන හිතනකොට මට හිතුණා අනේ, ඒ මගේ අම්මා තාත්තා වුණා නම්.................කියලා.
ඔයාගේ ජීවිත කතාව නම් මම දන්නෙ නෑ...ඒත් මේ කිව්ව ටිකෙන් හිතෙනවා ජීවිතේ ගොඩක් දුක් විදල ඇති කියලා...මට මෙච්චරයි ප්‍රාර්ථනා කරන්න පුළුවන් මට ලැබුන වගේ දෙමව්පියො ඔයාට ලබන ආත්මෙදිවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
Deleteතරූ, ඹයාට පිං සිද්ධ වෙනවා මං වෙනුවෙන් එහෙම ප්‍රාර්ථනාවක් කරපු එක ගැන. ඒ වගේම මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාට ලැබ්ච්ච දෙමව්පියොම උපදින හැම ආත්මෙකදිම ලැබෙන්න කියලා..............
ReplyDeleteබොහොම ස්තූතියි.....
Deletemama ada tama meka kiyewwe ayya.godak satutui dan oya hodin inna eka gana.dan oya ohoma inne ayya oyage rattaran ammai tattai nisa,eka nisa a dennata kawadawat podi hari dukak denna epa.oya wage demawupiyo hamotama hamba wenne ne ayya.attatama mata innet oya wage ammekui tattekui.kochchara ammala tattala innawa atida tamange lamai gana hitanneti.ehema loke api gadak wasanawantai neda ayya....oya amma tattama oyage hama atmedima oyagema wenna kiyala prartana karanawa.....
ReplyDeletedini akkita me athme hoda demawupiyo labune nati unata,upadina hama athmekadima hoda demawupiyan labenna kiyala hadawatinma prartana karanawa akkiyo.oyage anagateta suba patanawa.oyata meka kiyanna widiyakne ekai mama meke comment kale.
ReplyDelete