Saturday, March 16, 2013

ෆේස් බුක් "වල්" පේජ් සහ ලංකාවේ කෙල්ලො..... (ගර්ල්ස් ඉස්පෙසල්)



කා...ලෙකින්... :) කාලෙකින් කිව්වට ඇත්තටම සෑහෙන කාලෙකින්. එන්ඩ ඕනි එන්ඩ ඕනි කියලා හිතන් හිටියට ඇත්තටම තිබිච්ච වැඩත් එක්ක ලියන්නවත් කියවන්නවත් අඩුගානේ මගේ අන්තිමට දාපු මොලේ කුරුවල් වෙච්ච පෝස්ට් එකට රිප්ලයි කරන්නවත් එන්න බැරි උනා. මොනවා කරන්නද ඉතින් වැඩිවියට පත්වෙලා තාම අවුරුද්දක් දෙකක්වත් ගියේ නැති උනාට මං පොඩි එකා ලොකු වෙද්දි වැඩ වැඩි වෙනවා අෆ්ෆා. අහෝ දුකකි ඉරකි තිතකි කියන එක වෙනස් වෙලා තිත් කොමාවකි කියන්න වෙන තරමට වැඩත් එක්ක අනිත් එව්වා සීමා වෙනවා. 

ඉතින් හදිස්සියෙම පන කඩාගෙන මේ දුවගෙන අවේ ඊයේ රෑ වෙච්ච සීන් කෝන් එකකුත් එක්ක; ලියන්න ඕනි කියලා හිතන් හිටියත් මග ඇරිච්ච දෙයක් ගැන ලියලා දාන්න. මේකයි උනේ..
මම ඉතින් එදිනෙදා කෑවේ බිව්වේ නැති උනත්, අනිත් අහවල් එව්වා කලේ නැතත්, මොන මගුල තිබ්බත් පැයකට දෙකකටවත් පොත අස්සන් කරන්න පේස් බුකිය පැත්තට ගොඩ වදිනවනේ. නැත්නම් ඉතින් රතු ඉර වැදුනොත් මාක් අයියා මගේ පඩි කපනවනේ.(දෙයියනේ කියලා මං එනකම් නාවර හොටු පෙරාගෙන නෙත නොපියා වත නොසලා බලා ඉන්න දැරිවියෝ ටික අමතක කරන්න බෑනේ නේද ;) ) 

ඔන්න ඔහොම මම බුකියට ඇවිත් පොත අස්සන් කරලා ඒ වෙලේ ඔන් ලයින් හිටිය අයත් එක්ක ළිද ලග සංගමයක් දාගෙන ඉද්දි එකෙක් මට එවපි...
"මෙන්න මේක රිපෝට් කරන්ඩෝ..." කියලා ලින්ක් එකක්. තව කියපි.. "ඉස්කොලේ යන කෙල්ලන්ගේ ෆොටෝ දාලා හදපු ජරා පේජ් එකක් කියලා"
මාත් ඉතින් ගිහින් බැලුවා. වැඩේ ඇත්ත. අපේ සද්ගුණවත් අයියලා මල්ලිලා අංකල්ලා 7000ස් ගානක් ලයික් කරලත් තිබුනා. ඔන්න ඕකෙන් තමා මම මේ අද කියන්න යන දේ කියන්න ඕනි කියලා මතක් උනේ. 

දන්නවා ඇතිනේ ඒ කාලේ මම කල එක එක ඒවට හදපු මගේ ෆේක් අකවුන්ට් ගැන. මේක කිව්ව වෙලේ මතක් වෙලා මම ඒ එකකට ගියා.දැන් ඉතින් මාත් ඔය පේජ් එක රිපෝට් කරලා තව දන්න අයට මෙන්න මේක රිපෝට් කරපන් කියලා ලින්ක් එක යවලා බලන් හිටියාම මේක නවතිනවද. ලංකාවේ විතරක් ඔය වගේ ෆේස්බුක් පේජ් 100ක් 1000ක් නැත්නම් ඊටත් වැඩිය තියනවා. මේ සමහර ඒවයේ 100000ක් පැනලා ලයික් කල අයත් ඉන්නවා. අඩුගානේ 40000-50000ක්වත් මේ පේජ් එකක් රිපෝට් කලොත් විතරයි මේකක් බ්ලොක් කරන්න පුළුවන්. මේකක් බ්ලොක් කල පලියට මේක කරන එකා මේ වගේ වෙන එකක් කරන එක නවතිනවද. මේ පේජ් එකක ඇඩ්මින් මොකාද කියලා අපි දන්නෑ කියලා හිතමු. ඒත් ඒ පේජ් එකක පල්ලෙහාට ගිහාම අපේ ගෞරවනීය අයියලා මල්ලිලා ඉස්පෙසලි අන්කල්ලා (මං දන්නෑ ඒ ඇයි කියලා. ආන්ටිලගේ ප්‍රශ්ණයක්ද දන්නෑ) තමන්ගේ රියල් ප්‍රොෆයිල් වලින්ම කමෙන්ට් කරන ඒවා 
"මෙන්න මගේ නම්බරෙත් මටත් කතා කරන්න" වගේ දාන කමෙන්ට් වලින් හිතෙන්නේ ඇත්තටම රිපෝට් කරන්න ඕනි මේ වගේ පේජ් ද නැත්නම් අර වගේ ප්‍රොෆයිල් ද නැත්නම් මානසික මොකක් හරිද කියන එක. 

මේ ගොඩක් ඒවයේ තියෙන්නේ ලංකාවේ ගෑණු ළමයින්ගේ බොහොම සංවර පින්තූර. ගොඩක් ඒවා හොඳට ඇදගෙන වැදගත් විදිහට ගත්ත සාමාන්‍ය පින්තූර. ඒ ගොඩක් පින්තූර ඒ ඒ ගෑණු ළමයි ස්ව කමැත්තෙන් අන්තර් ජංජාලෙට ඉත සිතින් බැති සිතින් මුදා හැරපුවා. දැන් මං මේ කියන්නේ එහම කරන්න එපා කියලා නෙවෙයි ඈ. :ඩී එහෙමවත් නිදහසක් නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇති පලේ කිම නේද ;)
මෙහෙම දෙයක් කෙල්ලෙක්ට කිව්වාම කියන්නේ
"අනේ අපි ඕවා දන්නෑ. අපි ඕවට නෑනේ. අපි කාටවත් පේන්න පොටෝ දාන්නෑනේ,යාළුවන්ට පේන්න විතරයි මම පොටෝ දාන්නේ. ඔය ටැග් කල එකක් වෙන්න ඇති" වගේ දුක්බර සෙනෙහෙබර හැඟීම් බර තව මොන මොනවා හරි බර කතා. තමන්ට දෙයක් වෙලා තමන්ගේ පස්ස පැත්තට රිදෙනකම් කිසි කෙල්ලෙක්ට කිසිම ගානක් නෑ  (මං කිව්වේ බහුතරය). 


හොඳම උදාහරනේ. දැන් මම දානවා ලින්ක් ටිකක්. මේවයේ නම් දැක්කාම කොල්ලො නම් නොබලා ඉඳියි කියලා හිතන්න අමාරුයි. ඒත් මං කියන්නේ කෙල්ලනේ මේවා බලපියව්. මෙව්වෑ තියන පින්තූර ගොඩක් එව්වා ඇදුම් නැතුව ඉන්න ඒවා නෙවෙයි. ඒත් තියෙන්නේ එහෙම එව්වා තියන තැන්වල. මේවා බලන්නේ ඒ වගේ දේවල් බලන්න ආසාවෙන් එන අයයි. උංට ඇඳුම් ඇඳන් හිටියත් පෙන්නේ නෑ වගේ. මේ කෙල්ල මේ වෙලාවේ තමන් එක්ක නිදිවදිනවා වගේ.  ළමා සාරියක් ඇඳගෙන නෙළුම් මල් ටිකක් අතින් අරං පන්සල් යන(වෙන්න ඇති :) ) කෙල්ලෙක්ගේ පොටෝවක් මේ වගේ පේජ් එකක තිබුනා දැක්කා. ඒකේ තිබ්බ කමෙන්ට් මේ වගේ.....

"පට්ට කෑල්ල මට මේ ඇඳුම පිටින්ම ^#@$^$#@ හිතෙනවා "
"මට න$&* ඕයි"
"නංගි මේ මගේ නම්බර් එක 07%@%@%@ මට කතා කරන්න"
"සුදු නංගියෝ මට ඔයාව ඕනි"
"මේකිට හු&%$& තියනම් මට මලත් කමක් නෑ"
"මගේ අතත් පන නෑ දැන්නම්"


දැන් කවුද වැරදි???
මේ පේජ් එක හදපු එකා ද?
මේ ෆොටෝ දාපු කෙල්ල ද?

කෙල්ලගේ අම්ම ද?
කමෙන්ට් කල අයද?
මාක් සකර්බර්ග් ද?
ඉන්ටනෙට් හොයා ගත්තු කෙනා ද?
කම්පියුටරේ හොයා ගත්තු කෙනා ද?
නැත්නම් අපේ කුඹුරේ වැඩ කරන සිමියොන් ආත ද????

ගොඩක් වෙලාවට ලංකාවේ ඔය වගේ ඒවයේ වැරැද්ද පැටවෙන්නේ සිමියොන් ආතලා වගේ අයගේ කර පිටට. 


කොච්චර උනත් ඔය පේජ් වලම ඒ පේජ් වලට අමු තිත්ත කුණුහරුපෙන් බැනලා හදන උන්ගේ සනුහරේටම සාප කල මිනිස්සුත් නැතුවම නෙවෙයි. ඒත් එයාලගේ කමෙන්ට් හොඳ උනත් නරක උනත් ඒකෙන් වෙන්නේ මේ වගේ පේජ් තව තව ප්‍රමෝට් වෙන එක.
මම දැන් දාන ලින්ක් දැම්මාම කාට හරි හිතෙයි දන් ඉතින් මං කරන්නෙත් ඒකමනේ. මම ලින්ක් දැම්මාම ඒවා මිනිස්සු බැලුවාම තවත් ඒවා ජනප්‍රිය වෙන එකනේ වෙන්නේ කියලා. කැමති අය එහෙම හිතාගන්න. කැමති අය මේවා රිපෝට් කරන්න. අනිත් උන් බලලා ආතල් එකක් ගන්න. මහත අය කෙට්ටු වෙන්න. මම මේවා දැම්මත් නොදැම්මත් මේ බ්ලොග් එක කියවන අය අතරත් මේවට ගිහින් ආතල් ගන්න වගේම රිපෝට් කරන අයත් ඕනි තරම් ඇතිනේ.


මට මහන්සියි. නැත්නම් තව ඔය වගේ දහ පහලොස් ගුණයක් උනත් තියනවා ඕවා. ඔය හා සමානවම ඔය වගේ ගෘප් සෑහෙන සංඛ්‍යාවක් තියනවා. ඔක්කොම පිට රට අය හදපුවා නෙවෙයි. අපේම ශ්‍රී ලාංකීය අභිමානවත් වැදගත් දෙමව්පියන්ගේ දරුවෝ හදපුවා.
ඉනික් මේකට දෙන්න තියන උත්තරය....
අපි එකාවන්ව නැගී සිට මේ අලුගුත්තේරු අසමජ්ජාති වැඩේට එරෙහිව මේ හැම පේජ් එකක්ම රිපෝට් කරන එකද...?
තව අනිත් අයටත් රිපෝට් කරපියෝ කිය කිය මේවා ශෙයා කරන එකද...?
හප්පොච්චියේ මෙච්චර පේජ් තියද...? එහෙනම් මේවා රිපෝට් කරන්න ගියොත් අපි මේකටම නාකි වෙයි.. කියලා බකන් නිලන් ඉන්න එකද...?

අමාරුවෙන් හරි රිපෝට් කරලවත් මේවා නවත්තමු කියන එකද...?
කෙල්ලන්ට ෆේස්බුක් තහනම්....පොටෝ දැමීම තහනම්....වගේ නීති දැමීමද...??
හෙට ඉඳන් තෝ පේස් බුකියට පොටෝවක් දාලා අහු උනොත් මරනවා කියලා තමන්ගේ අක්කට නංගිට ගර්ල් ෆ්රෙන්ඩ්ට සද්දේ දැමීමද...?
අපිට මොන සෝසල් නෙට්වර්ක්ද...අපි ආතල් එකේ වෙන මොනා හරි කරමු කියලා මෙව්වට බය වෙලා පැත්තකට වෙන එකද...? 

ඇත්තටම මොකද්ද කරන්න ඕනි.....?
ඒක මේක කියෝන ඔයාලම තීරනය කරන්න...මටත් හිතෙන ඒවා මාත් පල්ලෙහයින් දාන්නම්....

මේක මේ වෙනම එකක් ඈ..දැන් තව කට්ටියක් ඉන්නවනේ..ඒ කිව්වේ මං මේක දම්මාම කට්ටිය මගෙන් අහන (එහෙම කිව්වට මගෙන් අහන නෙවෙයි තැන තැන කියවන ඒවා...මගෙන් අහනවා වගේ දාන්නම් :))
ආ....දැං උඹ ඕවා හොයාගත්තේ උඹේ රියල් ප්‍රොෆයිල් එකෙන්ද...උඹම කියනවනම් උඹට ෆේක් ප්‍රොෆයිල් තියනවා කියලා උඹත් කරන්නේ අර අනිත් උන් කරනවා වගේම වැඩක්නේ...දැන් උඹත් ඕවට ලයික් කලා නේද..නැත්නම් ඔච්චර විස්තර දන්නෑනේ...තමුන් මොකක් හරි දෘෂ්ඨිවාදයක් වැලඳගෙන ඉද්දි ඒ දේ දෘෂ්ඨිවාදයක් විදිහට දකින්න තමුන්ට අමාරුයි...
ඔන්න ඔය වගේ බර එව්වා :) :)අනේ මන්දා මෙව්වා මගෙන්ම ඇහුවනම් තමා හොඳ :) එව්වටත් මට කියන්න තියෙන්නේ අර උඩින්ම අහපු කවුද වැරදි වගේ ප්‍රශ්ණ ටිකක්. :) 

එහෙනම් අපි ගියාවේ....මට ඇඩ්වර්ර්ර් ටීස්මන්ට් එකකුත් දාන්න තියනවා. අනිත් පෝස්ටුවෙන්ම දාන්නම්. මං ඇහුව ප්‍රශ්ණ වලට හිතෙන දෙයක් කියන්න :)













65 comments:

  1. තරුවා මේ උඹ කියලා තියෙන එකක්වත් බොරු නෙමේ. හැබැයි මම ෆේස්බුක් අතෑරලා ඉන්නේ ඒනිසා මට දැන් ඒ ගැන ගැටළු නෑ. අනික දැන් ඉන්න එකාලට කිවුවත් උන් පිලිගන්න කැමතිත් නෑ නෙව. පැමිණිල්ල කූඩු කරන යුගේක.............................ඔන්න ඔහේ මම යනවා බං...!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් අන්තිමට කිව්ව කතාවට සම්පූර්ණයෙන් එකඟයි..."පැමිණිල්ල කූඩු කරන යුගේක.." හ්ම්ම්

      Delete
  2. (දෙයියනේ කියලා මං එනකම් නාවර හොටු පෙරාගෙන නෙත නොපියා වත නොසලා බලා ඉන්න දැරිවියෝ ටික අමතක කරන්න බෑනේ නේද ;) )

    අනේ තිං කියන්නෑ මං.....

    හම්මෝ ඉති භයානක අත්දැකීමක් තියෙනව එෆ්.බී එකේ ෆෝටෝස් සම්භන්ධව..... ඒකනෙ මං එකක්වත් නොදාන්නෙ......^_^

    ReplyDelete
    Replies
    1. හැමදාම කියන්නේ කියන්නේ නෑ කියලනේ...ඒක හින්දා කියන්නම එපා..... :)

      Delete
  3. මමත් ඊයේ ඔය පේජ් එකක් දැක්කා,, හිතෙන ඒවා ක්මෙන්ට් කරන්න බෑ අප්පා,,

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් එහෙනම් හිතේම තියාගෙන ඉන්න :D :D

      Delete
  4. ඔය ඔක්කොටම වැරදි/හේතුව උඹ!

    ReplyDelete
    Replies
    1. ඈ අඩේ උඹට ගොනාට වගේම තේරුනා නේද ඈ

      Delete
  5. තරුවා කියල තියෙන ඒවා නම් ඇත්ත.... ඔය වගේ අසහනකාරයෝ ඉන්නවා සෑහෙන්න.... සමහර විට ඔය සමහර ළමයි දන්නෙත් නැතුව ඇති එයාලගේ පින්තූර ඔය වගේ පේජස් වල තියෙනවා කියල. ඒ නිසා හරි කල්පනාවෙන් වැඩ කරන්න ඕනි මුණු පොතත් එක්ක ගණුදෙනු කරනකොට.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් කල්පනාවෙන්.....ඒත් කල්පනාවෙන් කියන්නේ කොහොමද???

      Delete
  6. මේක පුදුම ලෝකයක්.

    ReplyDelete
    Replies
    1. අමුතුම ආලොකයක්..!!

      Delete
    2. @gayani...හ්ම්ම් ඒ වගේ තමා...

      @Timathu... බලපන් පිටසක්වලින්වත් නෑයෝ ඇවිත්ද කියලා

      Delete
  7. අල්ලහන් තරිදු අයියෙ කට.. ගේනව මසුරං කෞතුකාගාරෙ බිදලහරි

    ReplyDelete
    Replies
    1. ඈ.....අඩේ මට අජීරනයක්වත් හැදෙන එකක් නෑනේ....

      Delete
  8. මේ රෙද්ද ඕවා බැලුවා කියලා කෙට්ටු වෙන්නෑ යකෝ එහෙනං මං හෙන ඇටකිච්චෙක් වෙන්නැපෑ.....
    මටනං රිපෝට් කරහං කියලා ලිංක් එකක් ආවොත් හා කියනවා මිසක් රිපෝට් කරන්න යන්නෑ...
    තේරුමක් නෑ.. අපි නිකං ලේ රත් කරං රිපෝට් කරනවා විතරයි වෙන්නේ...
    අන්තිමට අපිම රිපෝට් වෙලා...

    ReplyDelete
    Replies
    1. @තරියා.... ඒක නම් ඇත්ත..ඇටිකිච්චෙක්නෙවෙයි..උඹ දූවිල්ලක් වෙලා වාස්ප වෙලා එහෙනම්....

      @රෙප්....අත්දැකීමෙන්ද මන්දා කියලා තියෙන්නේ

      Delete
  9. අදම ද කොහෙද කොමෙන්ටුවක් දැම්මෙ... ඈත්ත කතාව අප්පා කියලා තියෙන්නේ.. අද කාලේ හැටිනේ.. ඕක වෙනස් කරන්න කොතනින් කියලා පටං ගන්නද.... ජය වේ! දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. අගක් මුලක් නැති එකක කොහොම පටන් ගන්නද

      Delete
  10. check this

    https://www.facebook.com/media/set/?set=a.10150117944328301.277832.302440998300&type=3
    this might help you to block these pages

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක්ගේ යාළුවෙක් ඔය පැමිණිලි කරන්න කියන අයට පැමිණිල්ලක් දාපුවාම එයාගේ ෆොටෝ දාලා තව ප්‍රොෆයිල් හදලා තියනවා කියන්න. උන් කිව්වලු අදපු එකා අල්ලගෙන එන්න දඩවම් දෙන්නම් කියලා. මොන මගුලකටද එහෙනම් උන් ඉන්නේ...
      හැබැයි ඕක හරි විදිහට කෙරෙනවනම් හොඳයි..

      Delete
  11. ඕවට ලයික් කරන්න නම් හැටහුටාමාරක් ඉන්නවා... රිපෝට් කරන්න ගියාම බලු බල්ලෙක් නෑ.... වැඩක් නෑ කතා කරලා...

    ReplyDelete
    Replies


    1. දීකිරට බළල්ලුත් සාක්කි දෙනවනේ හිරු .
      මම නම් FB නැහැ ..හරිම නිදහස් ...

      Delete
    2. මම අපේ ඉස්කෝලෙ යන පොඩි උන් ටික ඉන්න නිසා ඉන්නේ.. බලන් ඉන්න බැරිම තැන දෙන්නෙක්ටම අම්මලට කියලා කම්පියුටර්, ෆොන් ඇක්සෙස් අයින් කරලා දැම්මා... ඔය ෆොටෝ ලයික් කිරිල්ලයි, ඕල්වේස් ඔන්ලයින් කේස් එකයි හින්දම....

      Delete
    3. @හිරු....මේවා රිපෝට් කරන්න කරන්න් පේජ් වැහෙනවා වැහෙන්න වැහෙන්න අළුතෙන් ඇරෙනවා..ඇරෙන්න ඇරෙන්න වැහෙනවා වැහෙන්න වැහෙන්න අරෙනවා......වට් ටු ඩූ...

      දැන් ඉන්න පොඩි එව්වො පෝන් ඇක්සස් අයින් කලත් හොරෙන් රිංගන්නේ කොහොමද කියලා හොදට දන්නවා..අනික එහෙම හංගන්න හංගන්න් උංගේ කුතුහලේ වැඩි කමට රිංගන්නම හදනවා. මං මේ කිව්වේ ඒක හින්දා එහෙම සයිට් බෑන්ඩ් කරන්න එපා කියලා නෙවෙයි...ඒත් ඊට වඩා හිතන්න ඕනි

      Delete
  12. අර කතාවක් තියෙන්නේ ටෙලිකොම් එකෙන් ඉන්ටර්නෙට් දුන්නට පාවිච්චි කරන උන්ට මොලේ දෙන්න බෑ කියලා. අසහනකාරයො!

    ReplyDelete
    Replies
    1. ඈ...එහෙම කතාවකුත් තියද....??

      Delete
  13. වැඩක් නෑ මම හිතන්නෙ ඔය ගැන කතා කරලා, සිමියොන් ආතට දෙකක් නෙළනවා ඇරෙන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා....නෙලමුද දෙන්නත් එක්කම

      Delete
  14. මේවාට මොකක් කරන්නද කියන එක බරපතල ප්‍රස්නයක්. :P

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න වතුර බොන්න ඕනි එකක්ද ??

      Delete
  15. ඔව්වට ලයික් කරන උන්ට ගහන්න ඕනේ බන්

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නේ ගහමුද.... :)

      Delete
  16. හැම මනුස්සයම හදන්න අපිට බෑනේ බං..පුළුවන් තරම් අපි හැදුනොත් එච්චරයි. රට හදන්න කලින් තමන් හැදෙන්න ඕනි...අන්න එහෙම තමන් හැදුන දවසට ඕවගේ දේවල් නවතීවි..උඹට හිතා ගත්ත හැකිනේ අපේ අයියලා හැදෙන්න කොච්චර කාලයක් ගනීවිද කියලා. සමහර විට මේ කපේදී වෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේද....අපි හැදෙමු.... :D අපි ලොකුවෙලා ඔව්වා නොකර ඉම්මු... :D

      Delete
  17. මේවට ඉතින් කරන්න දෙයක් නෑ.රිපෝර්ට් කරන්න කරන්න ආයේ හැදේවි.
    හොඳම දේ තමා මිනිස්සු තමන්ගේ හිත් හදාගන්න එක.ඒක ඉතින් මේ කපේට වෙයිද කියල නම් සැකයි.

    ReplyDelete
    Replies
    1. හිත් හදාගන්නේ කෝමද...ඕනි එකක් රාත්තිරියට කළුවරයිනේ කියලද ;)

      Delete
  18. මිනිස්සුයි හැදෙන්න ඕනේ. එතකම් මේ සෙල්ලම නවතින්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....හැදෙයිද....???

      Delete
  19. උඹ මොකද්ද බං බලාපොරොත්තු වුනෙ? උඹ මේවා බලලා ආතල් ගන්නේ නෑ කියන්නද...? අනුන්ගේ කුණු තිබුනාවේ. කොල්ලන්ට ආතල් දෙන්න උඹ වල්/සෙක්සි එවුන්ගේ ලෑයිස්තුවක් හදපු එක ගැන නම් දුකයි. වෙන වැදගත් වැඩක් කරපං මචං. මේක නම් චා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම අනුන්ගේ කුණු = තමන්ගේ කුණු. කුණු කොහෙ තිබ්බත් කුණු. උඹ ඔය පේජ් ඉලන්න යන්න එපා ඈ..බලමු ඉස්සරහට මීට වඩා වැදගත් දෙයක් කරන්න

      Delete
  20. හැබැයි මේවයේ තියෙන සමහරක් අසොබන පින්තූර උදාහරණයක් විදියට ඉස්කොල ඇතුලේ අරන් තියෙන ඒවා ගන්න කොල්ලන්ට/අංකල්ලට බැහැනේ. ඒක නිසා මේවට අංකල්ලට විතරක්ම බැනැල වැඩක් නෑ. අසහනය තියෙන කෙල්ලොත් ඉන්නවා. නැත්තම් ඔය වගේ පින්තූර වටෙන්න විදියක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..මම අන්කල්වා විශේෂම කලා නෙවෙයි...සමහර පින්තූර ගත්ත කෙල්ලෝ දැක්කාම හිතෙන්නේ අනේ මේ ෆොටෝ මේ වගේ ඒවයේ යන්නම කියලා ගත්තා වගේ තමා

      Delete
  21. හෑ...
    මොකෑ අප්පා බය කරන්නේ
    එනි වේ.. වැදගත් ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  22. ලයික් 7000ක් තියෙන පේජ් එකක් බොරුවට රිපෝට් කරලා අපි රිපෝට් වෙනවද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕන තමා.
    මේකට දෙන්න විසදුම් තුනක් තියෙනවා (ඒකනේ අහලා තියෙන්නේ)
    1 ලංකාවට හරිහමන් සයිබර් නීති පද්ධතියක් ගෙනෙල්ලා මේ වගේ අමනයෝ විනාස කරන එක
    2 මිනිස්සුන්ගේ හිතෙන්ම ඔය වගේ අමන වැඩ කරන්න බයක් ඇති කරන එක
    3 මේවාගේ සිද්ධි ගනන් නොගෙන ඉන්න එක.
    ඇත්තම කිවොත් ඔය වගේ ෆොටෝ වැටෙන එක ඔය ප්‍රසිද්ධ නයිට් ක්ලබ් වල පේජ් වල නම් මහ ලොකු දෙයක් නෙවෙයි.

    2 වනි කරුනට අදාල සිද්ධියක් කියන්නම්.
    මංතුමා නම් ඉතින් තාම මෙරටින් පිට ගිහින් නෑ. මේ සිද්ධිය අපේ ලෙක්චරර් උතුමෙක් ට්‍රේනින් එකකට ජපන් ගියපු වෙලාවක වෙච්ච සිද්ධියක්ලු.
    දවස තමා ජපානෙට මේ මෑතකදි සුනාමි ආපු දවස.
    එදා අපේ සර් ඇතුලු ලංකාවේ ඉංජෝ තිදෙනෙක් සහ ඩ්‍රයිවර් කොලුවෙක් යනවලු කාර් එකක.
    අනිත් වාහන කලර් ලයිට් වලට නවත්තලලු සුනාමි වෝර්නින් දීලා තියෙද්දිත්
    හැබැයි අපේ එකා අස්සෙන් අස්සෙන් ඇවිත් දැම්මලු කලර් ලයිට් ගනන් නොගෙන.
    සර් එතනදි අපිට කිවේ ඒ රටේ මිනිස්සු මැරුනත් තමන් හුරුපුරුදු වෙච්ච විදියට ගරු කරනවා. ඒක නිතියට වඩා ඇගෙන්ම එන දෙයක් කියලා. ඔය ආගමානුකුලව විනායානුකුලව ජිවිතය හැඩගස්වනවා කියන්නෙත් ඒකම වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හිකිස්...දෙවෙනි කතාවට මාත් එකඟයි..
      පලවෙනි කරුණු තුනෙන් 3න්වෙනි එක තමා අනුන්ට ඔහොම දෙයක් වෙනකම්ම් හැමෝම කරන්නේ...තමන්ට උනු දාට මොක නැත්ත උඹ කිව්ව පලවෙනි උත්තරේනම් හොයාගෙන හැමෝම දුවනවා.
      ඒත් කාටවත් උඹ කිව්ව දෙවෙනි උත්තරේනම් ඕනි වෙන එකක් නෑ.

      Delete
  23. මේවා රිපෝර්ට් කරන්න නම් මම යන්නේ නැ... මොකද රිපෝර්ට් කරලා ඕවා නවත්වන්න පුළුවන් දෙයක් නෙමේ... කරන්න තියෙන්නේ එක දෙයයි......

    මුලින්ම ලංකාවේ හැමෝගෙම ෆේස් බුක් එකවුන්ට් ඩිසේබල් කරන එක (මාක් අයියට කියලා )
    ඊට පස්සේ මුණු පොත පාවිච්චි කරන්න ඕන අයට අවුරුද්දකට ගානක් ගෙවලා සත්ය තොරතුරු කියලා කොහොමහරි තහවුරු කරගෙන ඒ අයට එකවුන්ට් ඕපන් කරන්න ඉඩ දීම හා සාදන හැම පේජ් එකටම මාක් අයයට ගානක් ගෙවන්න ඕන විදිහට මේක හදන එක විතරයි..

    ReplyDelete
    Replies
    1. හප්පටසිලි සිලි අයියේ...නෙට් බිල ගෙවන්නෙත් සෑහෙන අමාරුවෙන්...දැන් ගෙවපන්කෝ බුකියටයි පේජ් වලටයි :)
      ඒකත් හැබැයි එක උත්තරයක්...
      මට මතක විදිහට ඔය පේජ් වලට සල්ලි ඕනි කතාව මාක් අයියා කලාද මන්දා..මට හරියට මීටර් නෑ

      Delete
  24. අඩෝ මෙච්චර තියේද බන්. මටත් කවුද කිවුවා එකක් රිපෝර්ට් කරන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඈ....ඔය කියන්නේ ඔයිටත් වඩා තියනවයි කියලා

      Delete
  25. මම ඉතින් ෆේස්බුක් පාවිච්චිය බොහොම අඩුයි නෙ දැන්... ඒ නිසා රිපෝට් කරන එව්වා මට නම් ආවෙ නෑ කාලෙකින්... අයිය එක්ක මාත් එකඟයි...

    ReplyDelete
    Replies
    1. ඈ......ඒමත් එකක්ද..... හ්ම්ම හ්ම්ම :)

      Delete
  26. මගේ ෆේස් බුක් එකේ ඉන්නේ පවුලේ කස්ටිය විතරයි.

    ReplyDelete
    Replies
    1. ඈ....අඩේ අපරාදේ බං උඹේ නෙට් බිල...පවුලේ අය විතරනම් ඉන්නේ.... :P :P
      විහිළුවක් ඈ :)

      Delete
  27. ආ අර පහලොස් ගුණයක් විතර තියෙන ඒවත් දාපං. හික්.. අනේ මන්ද ඇති වෙච්ච දවසක නවත්තන්න ඕන මේව්වා... හැක්..

    ReplyDelete
    Replies
    1. ඈ...කමක් නැද්ද දැම්මට ;)

      Delete
  28. thanks for the links අයියා. තව තියනවා නම් ඒ ටිකත් හොයල දාන්න අයියේ

    ReplyDelete
  29. මාසෙකට විතර පස්සේ යන්තම් ඔලුව දාලා තියෙන්නේ.

    මේ ස්කූල් ගර්ල්ස් ලා ගැනනම් කියන්න තියෙන්නේ එක දෙයයි. අපිත් ඔහොම ඉස්කෝලෙ ගියා. පිස්සු නැටුවා. ෆොටෝ ගත්තා. ඒත් අපි කොල්ලෝ උන පවට කවුරුවත් එව්වා පබිලිස් කොලේ නෑ. ඒත් දඟකාරකමට (වයසේ වැරැද්දට) කරන දේවල් ඒ මානසිකත්වයෙන් බලන්නැතුව මෝරපු බැල්මෙන් බලන අයටනම් විශාකාවත් බඩුවක්ම තමයි.

    ReplyDelete
  30. අපෝ ඔය බුකියෙ තියෙන ඒවා දැක්කම සංසාරෙ කලකිරෙනවා. කොහොමත් මානසික ලෙඩ්ඩු නම් හැම තැනම එහෙම ලෙඩ්ඩුනෙ කටේ කිරිසුවදවත් නොගිය පොඩි කොල්ලෙක් පොඩි කෙල්ලෙක්ට කිස් එකක් දුන්නත් මහ එවුන්ගෙ හිත්වල තියෙන මොකක් හරි කුනුකතාවක් යටින් දාලා ඒක බුකියෙ දාන්නෙ .
    එහෙව් කට්ටියට මොනා කියලා කොරන්නද .ඇගේ ලේ රත් කරගන්නෙ නැතුව ඕවා දැක්කම නොදැක්ක ගානට ඉන්නවා ඇර මොනා කොරන්නද ඉතින්..
    කොහොමත් කෙල්ලෙක් තමන්ගෙ ෆොටෝස් පබ්ලිශ් කරද්දි දෙපාරක් නෙමෙයි සිය පාරකවත් හිතන්න ඕනෙ යුගයක් මේක..ලෝකෙ විනාසෙත් ලගයිලුනෙ..

    ReplyDelete
    Replies
    1. හැබෑට විනසේ ලගයිලුද...මං හිතුවෙම පහු උනා කියලා ...සැක් ආතල් එකේ හිටියා ;)

      Delete
  31. attha kathawak.. meka kellek washayen matath balapanawa. namuth mole athuwa wada kaloth me kisima deyak nahane.. hithanna.. mokada fb eke thamange 4tos danne? ekan labena pala prayojanaya mokakda? e wagema fb 1n apita igenaganna monawada thiyenne.. (igenaganna boho de thibenawa, namuth kollo wagema kelloth yanne eke naraka patthakata) fb yaama nathara karana eka sudusui.. eth eka karanna amarunam fb giyath thamange 4tos nodana eka agata hodai.. (dan kellanta witharak newe, kollantath 4tos nisa hugak prashna athi wela thiyenawa. hugak naraka page hadala thiyenawa) me mata awankawama danunu adahasa.. :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...