Saturday, October 20, 2012

ජීවත් වීමද........කරවීමද........??


උඹ මොකටද ජීවත් වෙන්නේ...?
කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය.
එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ  මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත් නැත්නම් වෙන කරන්න දෙයක් නැති කමටය.

Tuesday, October 16, 2012

තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ....යාළුවෝ බය කරමුදෝ...


හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින් වඳුරො මැරෙන එකේ අපිට මෙහෙමෙ එව්වා උනාට මොකෝ නේද. පහුගිය ටිකේ වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් කෙනෙක් විදහට සහභාගි වෙලා වෙච්ච එව්වා මෙව්වා ටිකක් ලියනවා කියලා හිතන් වාඩි උනාට වචන නිකන් එන්නෙ නෑ නෑ වගේ..ඒ ඔක්කොම පැත්තකින් තියලා අයි ටී පැත්තේ දේවල් ටිකක් කියන්න කියලා හිතුනා..

Saturday, October 6, 2012

ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය...


ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූර්යාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය.

Thursday, September 27, 2012

මොලේ කුරුවල් එවුන්ට....-2 (පිස්සු පීකුදු කරගන්න ඕනිනම්...)




ජීවිතේ කියන්නේ විඳින දෙයක් මිසක්

විඳෝන දෙයක් 
නෙවෙයි කියන උන්
නැගිට්ට වෙලේ 
ඉදන් දොයියනකන්
වැලහින්න වගේ අඩාගත්තු 
ගමන්මලු
වැඩක් කර ගන්න ලගට එන
උන්
ඊට පස්සේ උන්නද මලාද වත්  බලන්නැති
මේකාලේ
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින්
මොකද්ද එකක් කියන අය
ඉඩ ලබා ගත්තට පස්සේ
කාපු බීපු තැන් වල
සතා සර්පයවත් ඉන්නේ 
නෑ
කියලා යන්නේ
කාපු බතේ පහරලලු

Thursday, September 20, 2012

සෘංඝාරයේ....අහවල් එක..... (කාපිය මාව...)



මෙතෙක් වේලා නිසොල්මනේ තිබූ මාගේ හද මස්තකයේ බාඳුරා මලක් පිපී බඹරෙක් ගිලගත්තා සේය..සඳ ගිල ගත් රාත්‍රියේ උල්කාපාතයක් කඩා වැටී ඇරසෝනා ආගාධය නිර්මාණය වූවා සේය.. පපුවේ ලයාන්විත ලබ් ඩබ් ස්වරය එකෙනෙහිම හැරුනේ මිහිරි ලයාන්විත හද පොපියා නලියා බඩ විරේක වන මියුරු ගෝසාවකටය.මෙතුවක් කල් ඔබ නොදුටු දෑස් මක්කටද...? අත් දෙක වෙහෙස වන්නේ එලියට පනින්නට දගලන දෑස් ඇතුලට ගන්නටය..ගොම බිදුවක ඇති නාසය පොපියා යන   පැහැදිලි වෙනස මේ මොහොතේ දැනෙන්නේ මේ හිත තව තවත් සලිත කරවමිනි. ඔය මුදුපහසේ දැවටී මා ගත දැවටෙන ඒ සිහිල් පවන් රොද මට ගෙන ආවේ මව් සෙනෙහසේ සුසිනිදු පහසය..අහෝ දෙවියනේ...මේ නර පණුවාව කෑලි කෑලි වලට සම්බෝල කර මඤ්ඤොක්කා එක්ක වලඳුව මැනවි. ඇයි දෙයියනේ මෙපමණ කාලයකට මේ රුව මා නෙත නොගැටුනේ. ගැටුනානම් මාත් නසී තෝත් නසීය. මාගේ සරීර කූඩ්වේ ඇති හැම නාඩි දන්ඩක්ම සැලෙන්නේ ඒ පාද තබන සොඳුරු කැට් වෝක් එකටය. මටත් නොදැනීම මාගේ පාදද ඒ ලෙස ඇඹරෙන්නට ගොස් තව පොඩ්ඩෙන් මට මොකද්ද එකේ අනිත් එක වනවාය. අවට සිටින සියළුම ජනයා දුවගෙන විත් මට සුභ පතනවා වාගේය. ටික දෙනෙක් කාපිය මාව කියන්නා සේ මා දෙස බලා සිටිනවා වාගේය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...