Monday, July 30, 2012

අනුන්ගේ Password උස්සමුදෝ.....පරෙස්සමෙන් ඈ....

හැමදාම ආදරේ ගැන ජීවිතේ ගැන අනුන්ගේ ඕප දූප ගැන කියෝ කියෝ ඉන්න මට අද නිකමට හිතුනා මම ඉගන ගන්න පැත්තෙන් පොඩි දේවල් ටිකක් අරගෙන එන්න..පොඩි හොර වැඩ ටිකක්. මාත් මේවා ඉගන ගත්තේ මේ නෙට් එකේ එහෙ මෙහෙ රවුම් ගගහා ඉන්නකොට, ඔය යාළුවන්ගෙන් අහගෙන එහෙම. මේවා බොහොම පොඩි දේවල් අනවශ්‍ය දේවල් වලට යොදාගන්නෙ නැත්නම්.. ;)

Wednesday, July 25, 2012

මල්සරා සන්නිය...(ලව් කරපු උන්ට.,ලව් කරන උන්ට.,ලව් කරන්න ඉන්න උන්ට..)

මොකද්ද අයිසේ කරන්නේ..කෝ මේ ආතුරයා..කොහෙන් හරි හොයාගෙන එනවා..

හරි හරි අයියේ..මේ ආතුරයාට මේ දවස්වල පොඩ්ඩක් ලව් සික් එක ගහලනේ ඔය මූඩ් ගහල කොහාට හරි වෙලා මනෝ පාරක් ගහගෙන ඇති...

ඉතින් බං හත්තිලව්වෙ ඔය මගුලටමනේ මේ තොවිලෙ නටන්නෙත්..ගෙහුං හොයං වර ඉක්මනට..

හරි හරි උඹ ගිරිය පුප්පන්නෙ නැතුව හිටුකෝ...මම හොයං එන්නං විගහට...

Friday, July 20, 2012

දැම්ම බඳිනවද...පස්සෙ බඳිනවද..(අතිශයින්ම කෙල්ලන්ට පමණයි)..




16 - 18 :-

අද රෑට හීනෙන් ඔයා මගේ ලගට එනවා නේද රත්තරං... මම මේ කොට්ටෙ තුරුල් කරගෙන නිදා ගන්නවා... ඔයා මේ කොට්ටෙ වගේ මට තුරුල් වෙලාම ඉන්න...අද රෑට මට ඔයාව හීනෙන් පෙනෙයි. එතකොට හෙට උදේට මට ඔයාව දකින්න හම්බවෙයි. අනේ එතකොට මම ලැජ්ජාවෙන් ඇඹරෙනවා...මට ඔයාගෙ මූණ බලන්නත් මොකද්ද වගේ... ඔයා මගේ ලගට ඇවිත් චූටි රෝස මලක් මට දීලා මගෙ නලලට උම්මා එකක් දෙනවාද?.. මම ඇස් දෙක පියාගෙනම ඉන්නවා...ඔයා හැමදාම මාව ආදරෙන් බලා ගන්නවා නේද...මම මුළු දවසම ඔයාගෙ ලගට වෙලා ඉන්නවා. ඔයත් මගෙ ලගටම වෙලා ඉන්න. මම ඔයාගෙ අතේ එල්ලිලා ඔයත් එක්ක හැම තැනම යනවා...එතකොට අනිත් කෙල්ලන්ගේ ඊරිසියාවෙන් රතුවෙන මූණු...අනේ මට ඇත්තටම මැවිලා පේනවා වගේ...මුළු ලෝකෙම විරුද්ද උනත් මම ඔයා ලගට එනවමයි...ඔයා මාත් එක්ක ඉන්නකොට මම මොකාටවත් බය නෑ...අපි අපේම කියලා ලස්සන චූටි ගෙදරක පදිංචි වෙමු...මට ලොකු ගෙවල් ඕනි නෑ..අපි දෙන්නට නිදහසේ ඉන්න තිබුනොත් ඇති...මට ඔයා වගේම හුරතල් කොලු පැටියෙක් ඕනි..අනේ මට ලැජ්ජයි වගේ...මට මැවිලා පේනවා ලොකු බඩකුත් උස්සගෙන ඔයාගේ අතේ එල්ලිලා යන හැටි...හී හී...ඉතින් ඉක්මනටම මගේ මේ හීනෙ හැබෑ කරනවා නේද මහත්තයෝ...

Monday, July 16, 2012

වතුර වැඩි පරිප්පුව...

ලුණු බිංදුවක් නැති
වතුර වැඩි පරිප්පුවේ...
ඔළු තිබුනා බැරි වෙලා
හාල්මැස්සන් හොද්දේ...
තව පැයක් පහු වුනොත්
පිළුණු වෙන සම්බෝලේ...

Friday, July 13, 2012

හොල්මනක් පාට පාටින්..(බය වෙන්න තහනම්..!!)..

                  බ්ලොගයේ පලවෙනි වර්ෂ පූර්ණය නොහොත් පලවෙනි උපන්දිනය දා මුලින්ම සුභ පැතුවේ අපේ අවතාර් මල්ලී හෝ අයියාය. මට එදා නිකමට සිතුනේ මේ පාර නම් මගේ බ්ලොග් බොලොක්කෙට ඉර හද කෙසේ වෙතත් යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, අවතාරයන්ගෙන්  මේ බොලොගේ පිරේවි කියාය. මා සිතුවා හරිය. මේ ඇරඹෙන්නේ මාගේ  හොල්මන් ව්‍යාපාරයය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...