Friday, April 5, 2013
කැසිල්ල....
ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම වූත් කැසීම් දාමයකි. ඉස්සර වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට දැන් කියන්නේ කැසිල්ලෙන් කැසිල්ල නොසන්සිදේ කියාය. ඒ..එදා මෙදා තුර කැසිල්ලේ පරිණාමයය.
Friday, March 29, 2013
අඩේ මෙන්න මැජික්...විත් මන්තර....!
අඩේ මේ දවස්වල ලඟ ලඟ පෝස්ට් වැටෙනවනේ ඈ... එක්කෝ ඒකට මොකෝ නේද...
මේ...කියන්න ආපු දේ කියන්න බැරි උනානේ..මේ ලගඳි මාර සීන්කෝන් එකක් උනාලුමට. මං රෑ දොයියං ඉන්නකොට අපේ මැරිච්ච කිරි අත්තගේ මහප්පගේ පුතාගේ හිටපු එකම වඳ පුංචි අම්මගේ පුතා වෙච්ච මහානුබාව සම්පන්න මන්තර සීය කෙනෙක් මට හීනෙන් පෙනුනලු. පෙනිලා මට කිව්වලු පුතේ තෝ වෙනුවෙන්ම මහා පොත් රාජයෙක් අල්ලපු ගෙදර කක්කුස්සිය ගාව තියන වැටකේ පඳුරට එහා පැත්තෙන් ඉර මුදුන් උනාම මෙහා පැත්තේ මාර ගහේ යටම අත්තේ හෙවනැල්ල වැටෙන තැනට ගිහින් උතුරට අඩි පහලොවයි ආපස්සට අඩි පහලවයි. එතනින් දකුණට අඩි විස්සයි ආපහු ආපු පැත්තටම අඩි විස්සක් ආපු තැන තියන පූසෙක් ජරා කරලා වහපු පස් ගොඩක් ගාවින් අමාවක දවසක හඳ පෑව්වාම කෝට්ටකින් අඩි පහක් හෑරුවාම බොට හම්බ වෙයි. ඒකෙන් තෝ කැමති දෙයක් කරපිය කිව්වලු.
Sunday, March 24, 2013
උඹ......සුදු පාට පූසි.......(මෝඩ පූසි)...!
අපේ ගෙදර පූසි
සුදු පාට හින්දා
ඒකි හරි ආඩම්බරෙන් හිටියේ
ඒකිගේ ඇස් නිල් පාට හින්දා
මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම
ඒකි පැනලා හා කිව්වා
ලේබල් ටික
ආදරණීය (නො)වුනු ආදරය,
කවිද මන්දා...
Friday, March 22, 2013
ඒ කාලේ එව්වා....සහ මෙව්වා.......!!!
උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ කුණු කන්දල් අවුස්සන්නට බැරි විය. ඇරියස් කවර් කරන්නටත් එක්ක අද අවුස්සමි.
ලේබල් ටික
මතක මංපෙත....,
හිනා යයිද මන්දා...
Saturday, March 16, 2013
ෆේස් බුක් "වල්" පේජ් සහ ලංකාවේ කෙල්ලො..... (ගර්ල්ස් ඉස්පෙසල්)
කා...ලෙකින්... :) කාලෙකින් කිව්වට ඇත්තටම සෑහෙන කාලෙකින්. එන්ඩ ඕනි එන්ඩ ඕනි කියලා හිතන් හිටියට ඇත්තටම තිබිච්ච වැඩත් එක්ක ලියන්නවත් කියවන්නවත් අඩුගානේ මගේ අන්තිමට දාපු මොලේ කුරුවල් වෙච්ච පෝස්ට් එකට රිප්ලයි කරන්නවත් එන්න බැරි උනා. මොනවා කරන්නද ඉතින් වැඩිවියට පත්වෙලා තාම අවුරුද්දක් දෙකක්වත් ගියේ නැති උනාට මං පොඩි එකා ලොකු වෙද්දි වැඩ වැඩි වෙනවා අෆ්ෆා. අහෝ දුකකි ඉරකි තිතකි කියන එක වෙනස් වෙලා තිත් කොමාවකි කියන්න වෙන තරමට වැඩත් එක්ක අනිත් එව්වා සීමා වෙනවා.
ලේබල් ටික
සිතට දැනුනු දේ...,
හිතන්න යමක්
Subscribe to:
Comments (Atom)




