Wednesday, February 13, 2013

මොලේ කුරුවල් එවුන්ට...-3



සාමාන්‍යයෙන්
අසාමාන්‍ය වෙනකොට
'අනේ අපොයි'
කියන උන්
හදන්නෙම අසාමාන්‍ය
වෙන්නලු...
ඒත්
අපේ බැඳීමට නමක්
නෑ කියන උන්
ඕනි උනාම බැඳීම
නැති කරන්නේ
නමකුත් නැති හින්දා
අවුලකුත් නෑ කියලලු...

Wednesday, February 6, 2013

කාලයේ ආදරය......



සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ ආදරණිය 7 ට මම මහ ගොඩක් ආදරේ කලා. 

එදා..ඒ කියන්නේ මීට අවුරුදු දහයකට කලින්. එදා තමයි මම විනාඩි කට්ටක් විදිහට ජීවිතේ ලබපු දවස. මම මගේ අම්මා තාත්තා කවුද කියන්න දන්නේ නැති උනාට මාව මේ ඔරලෝසුවට හයි කරපු ,මේ ඔරලෝසුව හදපු මනුස්සයට මම දෙවියෙක්ට වගේ ගරු කලා. එදා ඒ ඔරලෝසුවේ හයි කරන්න ගෙනත් අහම්බෙන් වගේ මගේ ඇගේ හැප්පිලා අමුතු හිනාවක් දාගෙන ගිය එයාව මම ඉස්ඉස්සෙල්ලම දැක්කේ එදා. හැමෝම ඉස්සරහා මහ උජාරුවට හිටියට එයාට තිබුනේ බොහොම අහිංසක හදවතක්. 

Wednesday, January 16, 2013

හදිස්සියට ඕනි වෙන එව්වා..(හොර වැඩට සහ බය කරන්ඩ ඇතුළුව....)



මේ මාසෙටම ලිව්වේ එක පෝස්ටුවයි. කොහෙද මේ මගුල් විබායක් තියනවනේ මේ මාසෙම. අපි පව් කියලවත් හිතන්නැතුව මෙහෙම අවුරුද්දෙ මුලම විබාග දාන එකනම් හරිම කුජීතයි ඈ...පව්නේ අප්පා අපි උනත්. ඒකෙන් කමක් නෑ මොනවා හරි මේකෙ දාන්න කියලා ආවත් හිතාගෙන ආපු එක පසුවට කල් දාලා අද කියන්න යන්නේ අපි අන්තර්ජංජාලයේ ඉන්නකොට එක එක වෙලාවට වැඩ කරගන්න ඕනි වෙන වෙබ් සයිට් ටිකක් ගැන. වැඩිය කතා නැතුව එහෙනම් පට්ට්ටාන් ගම්මු. 

Thursday, December 13, 2012

හොරෙන් බලමුද...(කම්පියුටර් ජිල්මාට් ඇතුළු Tips & Tricks...)



මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලාවට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.

Sunday, December 9, 2012

අස්වාභාවික ලිංගික ආසාවක්ද...මානසික රෝගයක්ද...සාමාන්‍ය තත්වයක්ද...!!


කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන‍්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට පාර ඇරුනේ කොහොමද කියලා. මගේ බ්ලොග් එක කියෝපු අයට මතක ඇති මම කාලෙකට කලින් ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.. කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකේ මම කතා කලේ Facebook එහෙම නැත්නම් සමාජ ජාල වෙබ් අඩවි වලින් සිදුවුණ එක්තරා ආකාරයක ලිංගික සූරාකෑමක් එහෙමත් නැත්නම් සයිබර් අපරාධයක් වගේ දෙයක් ගැන. ඉතින් ඔය ගැන කරුණු හොයපු කාලේ මාව තවත් නොහිතපුම පැත්තකට ඇදිලා ගියා. කලින් පෝස්ට් එක දැම්මට පස්සේ මට ඕනි උනේ මම දැන් කිව්ව තවත් වෙනස්ම පැත්ත ගැන අධ්‍යයනය කරන්න. ඉස්සෙල්ලට වඩා සෑහෙන කාලයක් ගියා මට මේ ගැන තොරතුරු හොයන්න. ඒකට විශේෂම හේතුව උනේ මට හම්බ උණු අය විශේෂ වීම සහ එයාලගෙන් තොරතුරු ගන්න කලින් එයාලා ගැන වෙනම තොරතුරු ටිකක් හොයන්න කාලය ගත වීම. කලින් කතාව විශේෂයෙන් කෙල්ලන්ට එහෙම නැත්නම් කාන්තාවන් වැඩිපුර ඉලක්ක කරලා කතා කලාට මේ කතාව නම් වැඩිපුරම ඉලක්ක වෙන්නේ කොල්ලන්ට හැබැයි මේකේ අවදානම කෙල්ලන්ටත් නැත්තෙම නෑ. හරි වැඩිය අරවා මේවා කතා ඕනි නෑ හොයාගත්ත එව්වා ටික ඉක්මනටම මෙව්වා කරලා කියන්නම්.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...