Sunday, December 9, 2012
අස්වාභාවික ලිංගික ආසාවක්ද...මානසික රෝගයක්ද...සාමාන්‍ය තත්වයක්ද...!!
කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවේම මේ ටිකේම ලියනවා ලියනවා කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ගැන අහපු දුටු සහ ඔප්පු වුනු කරුණු ටිකකුත් අරගෙන. මම සාමාන‍්‍යයෙන් කතා කරන මාතෘකා වලින් ටිකක් විතර පිටට ගියත් මේ කතාව කිව යුතුමයි කියලා හිතුන හින්දා කියන්න කියලා හිතාගෙන ආවේ. මුලින්ම කියන්නම් මේ කතා කරන්න යන මාතාකාවට පාර ඇරුනේ කොහොමද කියලා. මගේ බ්ලොග් එක කියෝපු අයට මතක ඇති මම කාලෙකට කලින් ගෑනුන්ගේ හැට්ටෙ රෙද්ද ගහනෝ...රෙදි ගලෝනෝ..මෙහෙ එන්ඩෝ.. කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකේ මම කතා කලේ Facebook එහෙම නැත්නම් සමාජ ජාල වෙබ් අඩවි වලින් සිදුවුණ එක්තරා ආකාරයක ලිංගික සූරාකෑමක් එහෙමත් නැත්නම් සයිබර් අපරාධයක් වගේ දෙයක් ගැන. ඉතින් ඔය ගැන කරුණු හොයපු කාලේ මාව තවත් නොහිතපුම පැත්තකට ඇදිලා ගියා. කලින් පෝස්ට් එක දැම්මට පස්සේ මට ඕනි උනේ මම දැන් කිව්ව තවත් වෙනස්ම පැත්ත ගැන අධ්‍යයනය කරන්න. ඉස්සෙල්ලට වඩා සෑහෙන කාලයක් ගියා මට මේ ගැන තොරතුරු හොයන්න. ඒකට විශේෂම හේතුව උනේ මට හම්බ උණු අය විශේෂ වීම සහ එයාලගෙන් තොරතුරු ගන්න කලින් එයාලා ගැන වෙනම තොරතුරු ටිකක් හොයන්න කාලය ගත වීම. කලින් කතාව විශේෂයෙන් කෙල්ලන්ට එහෙම නැත්නම් කාන්තාවන් වැඩිපුර ඉලක්ක කරලා කතා කලාට මේ කතාව නම් වැඩිපුරම ඉලක්ක වෙන්නේ කොල්ලන්ට හැබැයි මේකේ අවදානම කෙල්ලන්ටත් නැත්තෙම නෑ. හරි වැඩිය අරවා මේවා කතා ඕනි නෑ හොයාගත්ත එව්වා ටික ඉක්මනටම මෙව්වා කරලා කියන්නම්.
Saturday, November 10, 2012
නංගි නලලෙද...(පරණ කතා..)...!
හප්පටසිලි සිලි කිව්වලු.....සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තිබුනා වගේ ලාවට මතකයක් තිබ්බ හින්දා මේ පැත්තට ආවාම....හයියූ...මේකෙ ඇතුලේ වේයෙක් තුඹහක් බැඳලා නයෙක් ඒකට ඇවිත් නයි අරිනවා....සිලාවට...ඉස්සර මේකේ මකුළුවෙක් හිටියා..මම අද එනකොට ඌ උගේ පරණ මකුලිව ඩිවෝස් කරලා කොහෙන්දෝ මන්දා හොයාගත්ත සුකුරුත්තං මකුලියක් එක්ක ඇවිල්ලා හැමතැනම මකුළු දැල් බැඳලා දෙන්නා එක්ක ගන්ගම් ස්ටයිල් නටනවා...බලන්නකෝ නේද....උයාට කියන්න මෙයා...මේ දවස්වල් මගේ ඇඟටත් නිකන් හරි නෑ වගේ...නිකන් මොකද්දෝ අමුත්තක් වේගෙන වේගෙන එනවා... එනවා වගේ...අම්මපා මං මේ බැලුවේ මං වැඩිවියටවත් පත් උනාද කියලා...ඒත් ඒ කාලේ 9වසර සෞඛ්‍ය පොතේ තිබ්බ විදිහට එහෙම හතර පස් පාරක් එහෙම වෙන්නේ නෑලු නේද.....එක්කෝ මේ වෙන මොකක් හරි වෙන්ඩ ඇති...හඳ මෝරන කාලෙත්ලුනේ....අපි ජුගුප්සාජනක මිනිස්සු විදිහට මේ වගේ පෘතග්ජන හැඟීම් ඇති වෙන එකත් පුදුමයක්ද නේද ඈ.........
Saturday, October 20, 2012
ජීවත් වීමද........කරවීමද........??
උඹ මොකටද ජීවත් වෙන්නේ...?
කියලා නිකමට එකෙක්ගෙන් ඇසූ විට මං තරුවාට ලැබුණු පිළිතුර ඉපදුනු නිසා..යන්නය.
එතනින් එහාට කිසිවක් කීමට නොගිය නමුත් කී කතාවේ වැරැද්දක්ද නැති බව දෙතුන් පාරක් කල්පනා කරන විට මගේ සූටි මොල ඩිංගිත්තට වැටහුණි.බොහෝ මිනිස්සු ජීවත් වෙන්නේ ජීවත් විය යුතු නිසාය. මැරුණෙ නැති නිසාය. එහෙමත් නැත්නම් වෙන කරන්න දෙයක් නැති කමටය.
ලේබල් ටික
සිතට දැනුනු දේ...,
හිතන්න යමක්
Tuesday, October 16, 2012
තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ....යාළුවෝ බය කරමුදෝ...
හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින් වඳුරො මැරෙන එකේ අපිට මෙහෙමෙ එව්වා උනාට මොකෝ නේද. පහුගිය ටිකේ වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් කෙනෙක් විදහට සහභාගි වෙලා වෙච්ච එව්වා මෙව්වා ටිකක් ලියනවා කියලා හිතන් වාඩි උනාට වචන නිකන් එන්නෙ නෑ නෑ වගේ..ඒ ඔක්කොම පැත්තකින් තියලා අයි ටී පැත්තේ දේවල් ටිකක් කියන්න කියලා හිතුනා..
Saturday, October 6, 2012
ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය...
ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූර්යාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය.
ලේබල් ටික
සිතට දැනුනු දේ...,
හිනා යයිද මන්දා...
Subscribe to:
Comments (Atom)




