Wednesday, February 6, 2013

කාලයේ ආදරය......



සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ ආදරණිය 7 ට මම මහ ගොඩක් ආදරේ කලා. 

එදා..ඒ කියන්නේ මීට අවුරුදු දහයකට කලින්. එදා තමයි මම විනාඩි කට්ටක් විදිහට ජීවිතේ ලබපු දවස. මම මගේ අම්මා තාත්තා කවුද කියන්න දන්නේ නැති උනාට මාව මේ ඔරලෝසුවට හයි කරපු ,මේ ඔරලෝසුව හදපු මනුස්සයට මම දෙවියෙක්ට වගේ ගරු කලා. එදා ඒ ඔරලෝසුවේ හයි කරන්න ගෙනත් අහම්බෙන් වගේ මගේ ඇගේ හැප්පිලා අමුතු හිනාවක් දාගෙන ගිය එයාව මම ඉස්ඉස්සෙල්ලම දැක්කේ එදා. හැමෝම ඉස්සරහා මහ උජාරුවට හිටියට එයාට තිබුනේ බොහොම අහිංසක හදවතක්. 

විනාඩි කට්ටක් වෙච්ච මට එයා ලග ඉන්න ලැබුනේ විනාඩියක් වගේ පුංචි වෙලාවයි. ඊට පස්සේ ආයිත් විනාඩි පනස් ගානක් යනකම්ම මට ඒ ආදරණිය 7 අහිමි උනා. හැබැයි අර විනාඩි පනස් ගානම ගෙවන්න ආදරණීය මතකයක් මට අර පුංචි විනාඩියෙදි ලැබුණා. 10,11,12 මගේ ආදරේ දිනාගන්න කොච්චර උත්සහ කලත්. මායම් හැට හතරම දැම්මත් මගේ 7න් හිත ඈත් කරගන්න මට කවදාවත්ම බැරි උනා.ජීවිතේ මං වැඩියෙන්ම සතුටු උනේ 6 ගාවදි. 6 හරි අහිංසක එකී. එයා මගේ ආදරේට හැමදාම ආශිර්වාද කලා. 
ඒත් 6 ගාවදි මම වැඩිපුරම සතුටු උනේ ඒ හින්දා නෙවෙයි. මම වැඩිපුරම සතුටු උනේ මම ඊලගට යන්නේ 7 ගාවට හින්දා. ඒ වෙලාවට හිතේ තියෙන්නේ හරි අමුතු හැඟීමක්. බලාපොරොත්තු වලින් පිරිලා ඉතිරිලා ගිය මගේ හදවතේ සද්දේ වෙන වෙලාවටත් වඩා හයියෙන් මටම ඇහෙන්න ගන්නවා. හරියට නිකන් අහසේ පාවෙනවා වගේ ආදරණීය හැඟීමක් හිත අස්සේ තෙරපෙනවා වගේ දැනනවා. එයාව හම්බ වෙන්න තව චුට්ට වෙලාවයි. පැයකට පස්සේ එයාව හම්බ වෙන්නේ. මේ පැයේ වෙච්ච දේවල් ගොඩක් තියනවා එයාට කියන්න. මගේ ආදරණීය තත්පර කට්ට මාව ඉක්මනට ඇය ගාවට ගෙනියන්න.
තව දෙයක් කියන්න ඕනි මෙන්න මේ වෙලාවට විතරයි මම තත්පර කට්ටට කැමති. අනිත් වෙලාවට මට ඕකව පේන්න බෑ.
තත්පරෙන් තත්පරේ ගෙවිලා 7 ලගට ලං වෙනකොට ඒ කතා කරන ඇස්වලින් මං දිහා බලන කොට පැයක් තිස්සේ වෙච්ච දේවල් කියන්න හිතාගෙන ආවත් වචනයක්වත් නොකියා ඒ ඇස් දෙකට එබීගෙන ඉන්න මං මහ ගොඩක් ආසා කලා. ඒත් ඒ ආදරණීය හමුවීමට විනාඩියකට වඩා ඉඩදෙන්න මේ අවලම් තත්පර කට්ටේ හිත කවදාවත්ම උණු උනේ නෑ. මට දැනුනේ වෙනදටත් වඩා වේගෙන් ඌ මාව 7න් ඈත් කරනවා වගේ. සමහරවිට ඌත් මට හොරෙන් 7ට ආදරේ කලාද දන්නෑ. අවුරුදු ගානක් තිස්සේ තත්පර කට්ටෙන් ඒ ගැන අහන්න කියලා හිතුවත් මම වචනයක් කතා කරන්න හදද්දි ඌ මාව දාලා යන්න ගිහින්.
ජීවිතේට මට පේන්නම බැරි කෙනා තමයි 8. එයාගේ නරකකට නෙවෙයි. 8ට ආවම මම හොඳටම දන්නවා 7ට යන්න මට තව සෑහෙන වෙලාවක් බලා ඉන්න වෙනවා කියලා. 

වෛරය කියන දේ මගේ හිතේ නැති උනත් අර කොට කළු බඩ තඩි පැය කට්ට ගොඩක් වෙලා  මගේ 7 එක්ක උකුළු මුකුළු කරද්දිනම් මට ඌව මරාගෙන කන්න හිතෙනවා. මගේ 7ත් ඌත් එක්ක සිරික්කිය දාද්දි මගේ හිතේ ඇවිලෙන ගින්න දන්නේ මං වගේ ලව් කරන එකෙක් විතරයි. උදේ 7යි රෑ හතයි තමයි මට පේනනම බැරි. ඒ වෙලාවට තමා අර පැය කට්ට මගේ හත ගාව ඉන්නේ. ඌ ඉන්න වෙලාවට මටත් 7 ගාවින් යන්න ලැබුනත් අරූ ඉන්නකම් මට වචනයක්වත් කතා කරන්න ලැබුනේ නෑ. පැය කට්ට 7 ලගට ලං වෙද්දි මං තත්පර කට්ටට නොවඳිනා වැඳුම් වැන්දා අනේ ඉක්මනට කැරකියන් කියලා. ඒත් ඌ පයිසෙකට ගනන් ගත්තේ නෑ.

ඔහොම යද්දි දවසක් 6 ලගදි මට ටිකක් අමාරු උනා. මගේ පපුව හිරකරගෙන එනවා වගේ දැනුනා. ලග හිටිය පැය කට්ට කිව්වේ බැට්රි බැහැගෙන එනවා කියලා. ඒත් මං අමාරුවෙන් පණ ඇද ඇද වගේ මගේ ආදරණීය 7 ලගට ලංඋනා. ලං වෙලා එයාගේ අතින් අල්ලනකොටම....මට එච්චරයි මතක මගේ ඇස් පියවුනා. මම දන්නෑ මම කොච්චර දවසක් එහෙම හිටියද කියලා. සමහරවිට දවසක් දෙකක් මාසයක් වෙන්නත් පුළුවන්. මට ආයිත් සිහිය ආවේ මං ඉන්න කාමරේ කොල්ලා අළුතෙන් බැට්රියක් දාපු වෙලාවේ. මං අමාරුවෙන් ඇස් අරිනකොටම දැක්කේ මගේ ආදරණීය 7 මං දිහා එයාගේ කතා කරන ඇස්වලින් බලන් ඉන්න විදිහ. ඒ කියන්නේ මං මෙච්චර දවසක් ඉඳලා තියෙන්නේ එයත් එක්ක. ඒත් ඒ හිටිය එක තත්පරයක්වත් මට සිහියක් තිබුනේ නෑ. මං එයා ලග හිටියත් ඒ ආදරේ විඳින්න මගේ දෛවය මට ඉඩ දුන්නේ නෑ. මට සිහිය ආපු ගමන්ම මට සිද්ද උනේ ආයිත් මගේ ආදරණීය 7න් ඈත් වෙන්න.

දැන් මේ හැමදේකටම සමුදෙන්න කාලය ඇවිත්. මම දන්නෑ දැන් ටිකකට කලින් මට හම්බවුණු මගේ 7 ආයිත් මට මුණ ගැහෙයිද කියලා. මට මේ බය දැනෙන්නේ අද උදේ මේ කාමරේට ආව කොල්ලා
"දැන් මේ ඔරලෝසුව මෙතනට ගැලපෙන්නෑ. ඉක්මනටම වෙන එකක් ගේන්න ඕනි" කියලා කිව්ව වෙලාවේ ඉඳලා. ඒ කියන්නේ අපි වයසට ගිහින්. මං මගේ 7 වෙනුවෙන් කැරකිලාම මං දැන් නාකි වෙලා. පැය කට්ටනම් කිව්වේ දුක් වෙලා වැඩක් නෑ මේවා අපිට උරුම දේවල් කියලා. තත්පරකට්ට මොනවා හිතනවද දන්නෑ මොකද එයා එයාට හිතෙන දෙයක් කියන්නවත් නවතින්නෑ දුවන එකමයි කරන්නේ. දැන් මට තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. මං දන්නවා දැන් කොයිවෙලේ හරි මට මැරෙන්න වෙන බව. ඒත් මැරෙන තත්පරේවත් මට මගේ 7න් ඈත් වෙන්න බෑ. මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ අනේ මං මැරෙන මොහොතේ මගේ ආදරණීය 7 මතම ඇස් දෙක පියාගන්න ඉඩ ලබෙන්න කියලා........!




62 comments:

  1. අෆ්ෆට සිරි කාලෙකට පස්සේ ආව නිසා මේ කතාව එලට සෙට් වුනා

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටසිරි කාලෙකට පස්සේ ආවනේ. ඒ මදැයි...

      Delete
  2. මගෙ ඔලුවත් අප්සෙට් උනාද මන්ද....

    ReplyDelete
  3. අඩේ! සුපිරි කතාවක් බං! සුපර් ලයික් ඈ!

    ReplyDelete
    Replies
    1. ඈ.....ටැන්කිව් ටැන්කිව්....

      Delete
  4. බැටරි බැස්සා බං. ඒ මදිවට බට්ටත් හෙල්ලෙන්නේ නෑ.. නියමයි ආ...

    ReplyDelete
    Replies
    1. හුටා බට්ට හෙල්ලෙන්නැත්නම් බලා ඉන්න එපා පුතේ.. ;)
      ටැන්කිව් ඈ...

      Delete
    2. මාත් කියන්න අාෙව ෙද්ශකයාෙග් අදහසම තමා.

      බැට්රිය ගලවලා ඒක තැන හිටපං

      Delete
    3. වැඩේ තියෙන්නේ බැට්රි බහින එක,ගලවන එක,ඔරලෝසුව අයින් කරන එක කියන මේ කිසිම දෙයක් කරන එක තත්පරකට්ටට ඕනි විදහට නොවීමනේ අයියේ..

      Delete
  5. Replies
    1. අම්මපා එහෙමද ඈ.....

      Delete
  6. මොකක්ද බං මේ හත...මට නං මේ වෙලාවේ හතේ හත වැදිල ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඈ.....ඒකනම් මේ ටිකේ මටත් එහෙමයි අයියේ....

      Delete
  7. අනේ උබේ මල ඉලවුව...
    හරිහමං බැට්ටියක් දා ගන්න කියන්නේ ඕක තමා..

    ReplyDelete
    Replies
    1. බැට්රි දාගත්තට වැඩක් නෑ බොල. කල්පැන්නම කෝමත් අයින් කරනවා. වැඩ කලත් නැතත්.

      Delete
  8. හෑ... සෝයි ලව්ස්ටෝරිය... මේක සහ සුද්දෙන් තේරුං කරලා අහගන්න මං එන්නම්කෝ ඈ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ........තේරුං කරගන්නත් තියද..හාකෝ හාකෝ එන්නකෝ එහෙනම්...

      Delete
  9. maruma deyak ganna pulwan meken ape jeewitheta.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම...හිතනවනම්...තේරුම්ගන්නවනම්...තැන්කිව් ඈ

      Delete
  10. අනේ....සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඒ ආදරේට හතේ හත වැදිලා වගේ..:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම මාත් හිතන්නේ එහෙම තමයි...

      Delete
  13. ඇඩෙනවා මචන්
    අපි පතන දේවල් කවදාවත් ලැබෙන්නේ නැහැ මේ සමාජය මහා කුරිරුයි ගින්දර වගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් බං...එක්කො නොලැබෙන දේ නොපතන්න ඕනි. නැත්නම් පතන දේ කොහොම හරි ලගා කර ගන්න ඕනි....

      Delete
  14. අනේ ඕක වයිං කලන ඔල්ලෝසුවක් වුනානම්.........:‘(

    ReplyDelete
    Replies
    1. වයිං කරන එකක් උනත් කාලෙත් එක්ක හැමෝටම අයින් වෙන්න සිද්ද වෙනවනේ.......

      Delete
  15. ආ.......... මම මුලින්ම ටියුබ්ලයිට් වුනානෙ.. :D

    කොහොමවුනත් මේකෙ යටින් ලියැවිච්ච කතාව ඇත්ත..... :( අනේ කාලය...

    ReplyDelete
    Replies
    1. හිකිස්...හ්ම් යටින් කිව්ව කතාව තේරුනානම් ඒ ඇති.... :)

      Delete
  16. අහ්හ් කාලෙකින් බැහැල තියෙන්නේ. හතේ හත.

    ReplyDelete
  17. මගෙ මොලෙ බැට්ටි බැහැලා මට දෙපාරක් කියවලත් ටියුබ් ලයිට් ..

    ReplyDelete
    Replies
    1. හප්පටසිලි අයියේ...මේක කියෝපු ගොඩ දෙනෙක්ට තේරිලා නෑනේ...ඈ...
      මම ඕකෙන්ඇත්තටම කියන්න ගියේ එකම දෙයක්වෙනුවෙන් , කවදාවත්ම නොලැබෙන දෙයක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා තමන්ගේ හැමදේම ඒ වෙනුවෙන් දීලත් කිසිම දෙයක් නොලැබී ජීවිතෙන් ඈත් වෙන්න වෙන කෙනෙක් ගැන. සමහර විට ඒ ආදරේ වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තුව තුල ජීවත් වෙද්දි ඇතිවෙන ආසාව, ප්‍රබෝධය, ඊරිසියාව,පසුතැවීම ,දෙගිඩියාව වගේ අපිට හිතෙන දැනෙන දේවල් ගැනම කියන්න හැදුවේ...

      Delete
    2. අපි මොනතරම් දේවල්කරන්න හිතන් හිටියත් බලාපොරොත්තු තිබුනත් කොයිවෙලේ අපිට ජීවිතෙන් ඈත්වෙයිද කියන්න දන්නෑ. ඒක තියෙන්නේ අපේ අතේ නෙවෙයි. ඒකයි මේකට ඔරලෝසුවක්ම ඈදා ගත්තේ. හෆ්ෆා මේක කියවෙන්නැද්ද මේ කතාවෙන් :( :(

      Delete
  18. කාලය හැම දේම විසදනවා කියුවට කිසිම දෙයක් විසදන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. සමහරවිට විසඳනවා ඇති. උත්තරේ දකින්න අපි නැතුව ඇති...

      Delete
  19. කටු ඔරලෝසු අයින් කරල ඩිජිටල් එකක් ගන්නෝ. එතකොට 7 අල්ලනව බොරු

    ReplyDelete
    Replies
    1. ඒත් කවද හරි ඒකත් විසි කරනවනේ...

      Delete
  20. තව පොඩ්ඩෙන් මගේ බැට්ටිය බහිනවා මේක ගැන හිතලා.. මොනා උනත් එල කතාව..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා එච්චර එකක් වෙන්න ගියාද.. :) ටැන්කිව් ඈ..

      Delete
  21. මට ත් ටියුබ් ලයිට් ද මන්දා

    ReplyDelete
    Replies
    1. ඈ...ඒමත් උනාද...අඩේ සෑහෙන දෙනෙක්ට තේරිලා නෑනේ...
      මම සරත් අයියගේ කොමෙන්ටුවටත් කිව්වා.
      මම මේකෙන් කතා කලේ අපි ගැනමයි. අපි අතර ඉන්න අය ගැනමයි. අඩු වැඩු වශයෙන් ඔය නාට්‍ය අපි ගොඩ දෙනෙක් රගපාලා තියනවා..

      Delete
  22. මම කියවලා තියෙන පුදුමාකර ආදර කතාවක්නෙ.

    මාරයි! :)

    ReplyDelete
    Replies
    1. ඈ......අපි ගැනම කතා කරන්න හැදුව එකක් :) ටැන්කිව් ඈ..

      Delete
  23. හැ බොලේ,මට මේක මගඇරිලනේ...ඒක නෙවේ මේ මුකක්ද? O.o

    ReplyDelete
    Replies
    1. ඈ.....තේරුන්නැද්ද :( :( උඩ දැම්මා විස්තරයක්..බලන්න :(

      Delete
  24. මාරයි තරුවා මාරයි..මටනම් පිස්සු වැටෙන පට්ට කතාව තරුවා. සිරාවටම...උබ පට්ට කලාකාරයෙක් බන්. අපි වටේ තියන සරල දේවල් වල කොච්චර ලස්සන කතා හැංගිලා තියනවද...!!

    ReplyDelete
    Replies
    1. ඈ.....ටැන්කිව් මචං
      අනිවා බොහොම පුංචි තැන් වල ගොඩක් වටින ඒත් නොදන්න ලොකු කතා හැන්ගිලා තියනවා...
      මම මේ ඔරලෝසුවක් ඉස්සරහට දාන් කතා කලේත් අපි අතරම තියන එහෙම කතා ගැන...

      Delete
  25. මල් හත.. :D .. නැවක් එනකන් ස්ටේශන් එකේ බලන් ඉන්න එක. ඒක නම් හරිම අපූරු කතාවක් තරු. මමත් එහෙම කරලා තියෙනවා. තාමත් කරනවා. දන්නවා කවදාවත් නැවක් ස්ටේශන් එකට එන්නේ නෑ කියලා

    ReplyDelete
    Replies
    1. හිකිස්....එහෙම කරන කෙනෙක් දන්නව ඒක මොනවගේ හැඟීමක්ද කියන එක. ස්තූතියි අක්කේ...

      Delete
  26. මොකද බං? හතේ හතයි වගේ ලියලා දාලා.. :) ඔක්කොම හත. මල් හතයි ඈ..

    ReplyDelete
    Replies
    1. ඈ..හිකිස්..මල් හත..එහෙනම් එල ඇ.....

      Delete
  27. මල්ලි අහල තියෙනවද බුදු බණේ තියෙනවා ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ කියල. මේක ලෝක ස්වභාවය. සැබෑවටම මම අගය කරන කතාවක් මේක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයියේ...හරියටම ගැපපෙන කතාව...බොහොම ස්තූතියි...

      Delete
  28. සමහර ගැටළු වලට කාලය තමයි හොදම විසදුම් දෙන්නෙ...ඒක ඇත්ත...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් සමහර ඒවට....

      Delete
  29. මරු කථාව හොඳේ... කාලය තමා හැමදෙයක්ම විසඳන්න හරි එක්කෝ අමතක කරවන්න හරි තියෙන එකම විසඳුම...

    ReplyDelete
    Replies
    1. ඈ...හ්ම්මම් වෙන්න ඇති. තැන්කිව්...

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...