හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින් වඳුරො මැරෙන එකේ අපිට මෙහෙමෙ එව්වා උනාට මොකෝ නේද. පහුගිය ටිකේ වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් කෙනෙක් විදහට සහභාගි වෙලා වෙච්ච එව්වා මෙව්වා ටිකක් ලියනවා කියලා හිතන් වාඩි උනාට වචන නිකන් එන්නෙ නෑ නෑ වගේ..ඒ ඔක්කොම පැත්තකින් තියලා අයි ටී පැත්තේ දේවල් ටිකක් කියන්න කියලා හිතුනා..
පහුගිය සැරේ අනුන්ගේ පාස්වර්ඩ් උස්සන හැටි ලියන්න ගිහින් ගොඩක් අය කිව්වා හොර වැඩ උගන්නන්න එපා කියලා. අපි ඉතින් කියන දේ අහන ළමයිනේ. ඒත් එව්වා නොකර ඉන්න බෑ බෑ වගේ.. එක්කො කමක් නෑ අද කියන්නේ නෑ හැබැයි පාස්වර්ඩ් උස්සන හැටි. අද වෙන දෙයක් බලමු..........
1.) තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ.....
අපේ කොල්ලන්ටනම් හාඩ් එක අස්සේ අම්බානක හංගන්ඩ දේවල් තියනවලුනේ. යාළුවන්ගෙන් හංගන්ඩ ඒවා...කෑල්ලගෙන් හංගන්ඩ ඕනි එව්වා..සමහර අයට කෑලි වලින් හංගන්ඩ ඕනි එව්වා. එව්වා මෙව්වා හංගන්ඩ ඉතින් ඕනි තරම් Folder lock කරන Softwareත් තියනවලුනේ බා ගන්න. ඒ ඔක්කොම පැත්තකින් තියලා මම මේ කියන්න යන්නේ තමන්ගෙම කියලා Folder lock කරන Software එකක් හදාගන්න හැටි. කාගෙන්වත් බා ගන්නෙ නැතුව තමන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකක්.
හරි වැඩිය කතා නැතුව කොරන හැටි බලලම ඉම්මුකෝ......
1-පියවර :-
Note Pad එක Open කර ගන්න..2-පියවර :-
ඔය පහල තියන Code එක එහෙම්පිටින්ම copy කරගෙන Note pad එකට past කර ගන්න.cls
@ECHO OFF
title tharugelokaya Folder Locker
echo Press t to Visit tharugelokaya.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto tharugelokaya
:CONFIRM
echo Are you sure to Lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
if %cho%==t goto tnl
if %cho%==T goto tnl
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if %pass%==t goto tnl
if %pass%==T goto tnl
if NOT %pass%== tharu goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:tharugelokaya
md Locker
echo Locker created successfully
goto End
:tnl
start chrome.exe http://tharugelokaya.blogspot.com
:End
3-පියවර :-
හි දැන් ඔය රතු පාටින් 'tharu' කියලා තියෙන්නේ...එතනට ඔයාලට කැමති Password එකක් දෙන්න. ඒ වගේම ඒක හොඳට මතක තියා ගන්න මොකද ඒක තමයි ඔයාලගේ Folder Locker එකේ Password එක.4-පියවර :-
හරි දැන් අන්තිම ජුන්ඩ...දැන් ඕකේ Save as ගිහින් කැමති නමක් දීලා අන්තිමට .bat කියලා දීලා Save කරන්න.5-පියවර :-
හරි දැන් ගොඩක් දුරට හරි..දැන් ඔයා ඕක Double Click කලාම Command prompt එක Open වෙලා ඔයාගෙන් අහයි Password එක Enter කරන්න කියලා. එතකොට ඔයා අර දීපු Password එක දීලා Enter කරන්න. දැන් එතකොට පෙනෙයි ඔයා මේ File එක Save කල නමින්ම Folder එකක් Create වෙලා තියනවා. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාට හංගන්න ඕනි අරවා මෙව්වා ඔක්කෝම දේවල් අර Folder එක ඇතුලට දාන්න. දාලා ඉවර වෙලා ආයිත් අර .bat File එක Double Click කරන්න. එතකොටත් Command prompt එක Open වෙයි. හැබැයි ඉස්සෙල්ලා වගේ Password එක Type කියලා නෙවෙයි Are you sure to lock this folder?(Y/N) කියලා අහයි. 'Y' Type කරලා Enter කරන්න. එතකොට අර දෙවනියට හැදුනු Folder එක නොපෙනී යයි. එක සැරේම නොපෙනී ගියෙ නැත්නම් නිකන් Hidden උනා වගේ වෙයි. එක සැරයක් Refresh කල ගමන් ඒක අන්තරස්දාන වෙයි. ඒක අස්සේ තිබ්බ අර ඔයාගේ අරවා මෙව්වත් නැති වෙයි. ආයිත් එව්වා ඕනි නම් අර මුලින් කලා වගේ .bat File එක Open කරලා Password දුන්නම බඩු වැඩ.6-පියවර :-
දැන් නිකන් .bat File එකක් තියාගන්න බෑ බෑ වගේද..එහෙනම් යන්න Google දෙයියන්නාන්සේ ගාවට. Search කරන්න bat to exe converter කියලා. ඕනි තරම් Result එයි කැමති එකක් බාගෙන මේ .bat File එක .exe එකක් කරගන්න. කැමති Icon එකක් දීලා..කැමති නමක් දීලා කැමති එකක් කරගන්න. කරගෙනම බලන්නකෝ .කම්මැලියි වගේනම් ඔන්න මම හදපු එකක් ඇති බාගෙන වැඩද බලන්න. ඕකේ Password එක 'tharu'. ඔයිකේ.
ඔන්න බා ගන්න
තව එකක්. මම ඕකේ t press කලොත් මගේ බ්ලොග් එකට එන්න හදලා ඇත්තේ. කැමති කෙනෙක් කැමති address එකක් එතනට දාගත්තට කමක් නෑ හරිය. ඈස් යූ විස්... :)
2.) යාළුවන්ව බය කරමුදෝ....
දැන් පොඩි ආතල් වැඩක්. යාළුවගේ කොම්පියුටරේට වෛරස් ඇවිත් කියලා බය කරමුද???????
හරි මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලම ඔයාගේ එකේ කරගෙන බලන්නකෝ.
මෙහෙමයි ඔයාගෙ යාළුවා වැඩියෙම්ම පාවිච්චි කරන Desktop Icon එකට මේකකලානම් වැඩේ ගොඩ. අපි හිතමු Google Chrome කියලා. එහෙනම් ඒ Icon එක delete කරන්න. ඊට පස්සේ එතන Shortcut එකක් හදා ගන්න. ඒක කරන්න දන්නවනේ..Right click--New--Shortcut.ඔන්න ඔහොමහරිය. short cut එකක් හදනකොට අහනවනේ location එක මොකක්ද කියලා හරියට මේ වගේ
ඉතින් එහෙම ඇහුවාම ඔතනට දෙන්න මෙන්න මේක...
C:\WINDOWS\system32\shutdown.exe -r -t 00
හරිය. ඊට පස්සේ ඕක Next කලාම Name එකක් දෙන්න කියයි ඒකට chrome කියලා දෙන්න. දැන් හරි. දැන් chrome කියලා Icon එකක් Desktop එකේ ඇති. ඒක Right Click කරලා Properties ගිහින් Change Icon එකෙන් chrome Icon එකක් දාන්න. දැන් නිකන් ඇත්තම chrome icon එක වගේ ඇති. දැන් ඕක කවුරුහරි Double Click කල ගමන් මොකද වෙන්නේ.. Computer එක Restart වෙනවා. Desktop එකේ Icon ඔක්කොටම ඕක කලොත් යාළුවා මොකක් Click කලත් Restart වෙනවා. ඔයිකේ. වැඩක් නැති උනාම ඕක Delete කරලා Original Icon එක දාන්න. ඔයිකේ.....
3.) Facebook එකේ Status , Chat වලදි ලස්සන ලස්සන එව්වා මෙව්වා දාමුද...
මේකනම් පට්ට ලේසියි කරන්න තියෙන්නේ මෙන්න මේ site එකට යන එක විතරයි. ගියාට පස්සේ ඔයාලටම තේරෙයි මොකද්ද කරන්න තියෙන්නේ කියලා....
http://www.upsidedowntext.com/
http://fsymbols.com/
මම දෙවැනියට දාපු එකෙන් ගොඩක් ලස්සන වැඩ කරගන්න පුළුවන් Status, Chat ඔය වගේ ගොඩක් ඒවට.....
අදට ඇති වගේ අෆ්ෆා...මම කිව්වේ මගෙ හිත හරිම කුසීත වෙලා කියලා. තව මොනව හරි අරන් පස්සේ එන්නම්කෝ....මඩ වට්ටි එහෙම තියනවා මේ දවස් වල එකතු කර ගත්ත. හෙමින් පූජා කරන්න ඕනි... ;)



වටිනා විස්තරයක් මලේ... bat ෆයිල් වලින් මමත් ඉස්සරම දැරිවියක් භය කරලා තියෙනවා...
ReplyDeleteහිකිස්.....පව් අෆ්ෆා ඒ දැරිවි.....
Delete:-P //මඩ වට්ටි එහෙම තියනවා මේ දවස් වල එකතු කර ගත්ත. හෙමින් පූජා කරන්න ඕනි... ;)//
ReplyDelete:O :O :O :O :O
හිකිස්....හා හා කට වහ ගන්න බ්‍රෙක් නැති මැස්සෙක් අවොත් උණ්ඩුකපුච්චේ නවතින්නේ.... :p
Deleteනියම වැඩක්නේ කුජීත වෙලාවෙ දාල තියෙන්නේ....මඩ වට්ටි දිහාත් බලන් ඉන්නේ පූජ කරන්නකෝ බලන්න අපිටත් සාධු පාරක් දාන්න
ReplyDeleteපූජා කරන්න එපා කියලා වැඳ වැටෙනවනේ අෆ්ෆා......
Deleteඋබ ඔය වොලන්ටියර් සිද්ධි ගැන නොලියන එක ගැනනං මං බෝම මනාපයි...
ReplyDeleteනෑ නෑ බය වෙන්නෙපා....මඩ වට්ටි පූජා කරන්නෑ....
Deleteමේක ෂෝයිනේ... :D
ReplyDeleteඅම්මපා......එලනේ....
Delete//අපේ කොල්ලන්ටනම් හාඩ් එක අස්සේ අම්බානක හංගන්ඩ දේවල් තියනවලුනේ. // හික්ස්ස්ස්.. එච්චරටම එව්වා තියෙනවාද ඈ?? :P :P
ReplyDeleteහොදා හොදා වැදගත් දෙයක් ලියන එකනම්, පාස්වර්ඩ් උස්සන්නෙ නැතුව...:p ඒත් මේ බය කරන එව්වා ඔට්ටු නෑ හරී??
නැතුව දෙයියනේ ඔයාලට වගේම තමා අපිටත් කියලා හංගන්න දේවල් තියනවා.....
Deleteහයියූ ඔයා බය උනාද ඈ.....
Hello i аm kavin, іts mу fiгst occasiοn to commenting anywhere,
ReplyDeletewhen i гeаd thіs аrticlе
i thought i could also make cоmment due to
this sensible pieсe of writing.
Here is my webpage google +1
මට හිතට ආපු අදහස් එකක් වත් කියන්න හිතෙන්නේ නෑ පෝස්ට් ඒක ගැන. මොකද කියනවා නම් මං පණුච්චි පැයක විතර බලාන හිටිය මේක ලෝඩ් වෙනකන්.. ඒ කරලත් scroll වෙන්නෙත් කුඹිගේ වෙගෙටත් වැඩිය අඩුවෙන්... මට හොඳටම කේන්ති ගිහිං මේ ඉන්නේ..
ReplyDeleteඅර ෆෝල්ඩර් ලොක් කරන එක මාත් හැදුවො... මරු ඈ... ;)
ජය වේවා !!!
සිනා බෝ වේවා!!
හිකිස්....ඔය ගිනි නරියා ඔහොම්මමයි අෆ්ෆා....බලන්න මම පොඩ්ඩක් ්හැදුවා දැන් ඉක්මනට ලෝඩ් වෙනවද කියලා...
Deleteඑල එල එහෙනම් දැන් ඕනි දෙයක් හංගගන්න..;)
මෙක නම් මාර වැදගත් තරු ජයෙන් ජයම වෙවා...
ReplyDeleteඑහෙනම් එච්චරයි.....ටැන්කූ
Deleteදෙවනියට තියෙන එක නම් හරිම ප්‍රයෝජනවත් ඈ...
ReplyDeleteහිකිස්....හැපූයි කොල්ලො බය කරන්නමයි ඉන්නේ...
Deleteමේ ක්රමේ මම VB වලින් හදපු ෆෝල්ඩර් ලොක් එකක් මේකේ තියෙනවා
ReplyDeleteඅහ් ඒකත් එලස්...
Deleteසුපර්බ් මචන්
ReplyDeleteඑලස්...ටැන්කූ..
Deleteමාත් පලවෙනි එක කරලා බලන්න යන්නේ.
ReplyDeleteඑල එල කරලා බලපන්...
Deleteකුසීත.. ඒ බව නම් දැනුනා. හේ හේ මරැ ලිපිය.
ReplyDeleteඇහ් ඒක කෝමද දැනුනේ...ඈ...
Delete:tnl
ReplyDeletestart chrome.exe http://tharugelokaya.blogspot.com
:End
මෙතනට ඒ ඒ PC 1 ඩිෆෝල්ට් බ්‍රව්සර් එක එහෙම නැත්තං IE වගේ දාන්න.. මොකද හැමෝම ක්‍රෝම් යූස් කරන්නේ නැති වෙන්න පුළුවං..
මේකෙදි වෙන්නේ මේ ෆයිල් එක සිස්ටම් ෆයිල් එකක් වෙන එක.. නේද තරුවෝ?? එල එල..!
ඒක ඇත්ත අයියේ...මම පාවිච්චි කරන්නෙම ක්රෝම් නේ...ඒකයි ඕක ඒකට හැදුවේ...ඒත් ඒකට IE වගේ දැම්මනම් හරි තමා වින්ඩෝස් තියන ඕනි එකක ඒක වැඩනේ... තැන්කූ ඈ...
Deleteවැඩේ නම් හොඳා.. මමත් ඉතින් ඉඳල ඉඳලා අපේ එවුන්ට මෙහෙම එකක් කරනවා...
ReplyDeleteඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඇරගෙන ඒක වෝල් පේපර් එකට දාලා එක්ස්ප්ලෝරර් ඊ එක්ස් ඊ එක එන්ඩ් ටාස්ක් කරනවා. ඊට පස්සේ ඉතින් ඔය පැත්තකින් ඉඳගෙන බලා ඉන්නවා.
අනේ කම්පියුටර් ලොක් කරන්නේ නැතුව ගිය එකා ආවාම දඟලනවා ලොවෙත් නැතුව. බලා ඉන්න ආසයි..
හිකිස්...පව් වැඩ අෆ්ෆා....අපි වගේ ඔය කාවවත් බය කරන්නැතුව ඉම්මුකෝ....;) ;) :)
Deleteඋඹම හදා ගන්.... අපිට ඕවට වෙලා නෑ...
ReplyDeleteහූඌඌඌඌඌඌ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉතින් මට පාං...අනේ තොගේ වැල ගෙඩි ටික මාට්ටු වෙයන්....
Deleteඅම්බෝ මෙයා.....හ්ම්ම් හ්ම්ම් හොඳ...........යි...................:)
ReplyDeleteජය!
හී හී... :) :)
Deleteතරුවා දන්න දේවල්.. හැමදාමක් අලුත් දේවල් වගේම ගැජට් අරන් එනවනේ. නියමයි.
ReplyDeleteහිකිස්....තැන්කූ තැන්කූ...
Deleteමරු තරුවෝ...සුභ පතනවා
ReplyDeleteඑල එල...තැන්කූ...
Deleteනියමයි... සුබ පැතුම්
ReplyDeleteටැන්කූ වේවා...
Deleteඅඩේ පට්ට ඈ
ReplyDeleteපස්සේ වෙලාවක ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ :)
හාකෝ හාකෝ පස්ස නෑ.. පස්සෙ ට්‍රයි කරපන්කෝ...
Deleteeth api search karoth a folder eke tiyena file balaganna puluwan neda??
ReplyDeleteWow, incredible blog layout! How long have you been blogging
ReplyDeletefor? you make blogging look easy. The overall look of your website is wonderful, let alone the content!
Have a look at my web site how to legitimately make money online
Hi, this weekend is fastidious in support of me, since this time i am
ReplyDeletereading this great informative article here at my home.
Also visit my website ... reuters commodity prices
Appreciation to my father who shared with mе regaгding this ωebpage, this website
ReplyDeleteis in faсt amazіng.
Here is my blog ... google +1
Wow, this paragraph is pleasant, my younger sister is
ReplyDeleteanalyzing these kinds of things, so I am going to let know her.
Check out my web-site ; make extra money
I think that is among the most vital info for me. And i'm satisfied reading your article. However wanna observation on few basic issues, The website taste is great, the articles is actually great : D. Good job, cheers
ReplyDeleteFeel free to visit my blog post :: high paying entry level jobs
Hello, yup this article is really nice and I have learned lot of things
ReplyDeletefrom it regarding blogging. thanks.
Here is my site - hot jobs for the future