Thursday, October 31, 2013
Google අල්ලේ නටවමු...
උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය. :D ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ. ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ලියන්ඩ ඕනියි කියලා හිතුනේ. පස්සේ ආයි හිතුනා එක්කෝ ඕනි නෑ ලියන්නෑ කියලා. ඒ මොකද අද මේ දාන එව්වා ගොඩක් අය දන්නවා. සමහරු ඔක්කොම වගේ දන්නවා. සමහරු ටිකක් විතර දන්නා. සමහරු දන්නෙම නෑ. හැබැයි ඔක්කොම දන්න උන්නම් ඉන්නේ බොහොම පොඩ්ඩයි ඒක සුවර්. දැන් ඒ දන්න එවුන් කටවහන් හිටු. අනිත් උන් උඩ බලන් හිටු.
Monday, October 28, 2013
මම පජාත උනෙමි....(කුජීත වීම් දරා ගත හැකි අයට පමණි...)
අජූත වීම සහ පජාත වීම යනු එක්තරා අකාරක කලාවක්ය. එය කලාවක් වන්නේ එය සිදුවන ආකාරය අනුවය. නමුත් අජූත වීම ක්‍රීඩාවක් වන්නේ හදිස්සියේ රෑට කස්ටිය සෙට් වෙච්ච වෙලාවට අජූත ගැසීමේදීය. නමුත් කුජීත වීම නම් අතිසයින්ම කුජීතය. එතනින් එහාට දෙයක් එය තුල නැතිය. මෙලොව ඉපදී මිය යන හෝ මිය යන්නැති ඕනි එකෙකුට මා ඉහත සදහන් කල අජූත වීම , පජාත වීම සහ කුජීත වීම යන්න සිදු විය හැක. නමුත් මම පජාත උනෙමි යන්න කටක් ඇර පැවසිය හැක්කේ මම වැනි පුරුස දහිර්යයෙන් හෙබි උත්තුංග පුරුස රත්නයකට පමණක්මය. මා මේ සූදානම් වන්නේ එවැන්නක් කිරීමටය. මෙවැනි දේ කිරීමට පෙර ධෛර්‍යය උපදවා ගැනීමට කිරි එකක් පාණය කිරීම මාගේ ඒ කාලේ සිට පැවතෙන මෙව්වා එකක්ය. මා දැනුත් ඉන්නේ කිරි බොමින්ය. මේ කිරි හරි රසය,උකුය, ගණය,ලාබය,හරි සුවිට්ය. (ඒ දැම්මේ මුදල් ගෙවා ප්‍රචාරය කල එව්වා එකක්ය)
Friday, October 25, 2013
හිතට මෙව්වා එකක් වෙලා වගේ...
මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න
සඳ නැතත් අමාවක බැරිද තරු පායන්න
වැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්න
නුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්න
ලේබල් ටික
කවිද මන්දා...,
සිතට දැනුනු දේ...
Friday, August 30, 2013
කන්දක් උඩ හොම්මං වී..(සත්‍ය සිදුවීමකි...)
මේ දවස් වල බ්ලොග් එකක් එහෙම තියනවද කියලවත් හිතෙන්නේ නැති තරම්. විභාගෙන් පස්සේ පරන විදිහට ලියනවා කියල හිතන් හිටියත් නිවාඩු ලැබිලා තියන මේ කාලේ කලින්ටත් වඩා අපි බිසී පීපල්ලා වෙලා. මේ කාලේ ඉතින් අපේ ට්‍රිප් කාලේ. දෙවනි අවුරුද්දේ දෙවනි සෙමස්ටර් විභාගෙන් පස්සේ මාසයක් විතර නිවාඩු. හා හා පුරා කියලා අපි පෙරේදා අපේ දෙවනි ට්‍රිප් එක ගියා. ට්‍රිප් එකක් කිව්වේ යාළුවෙක්ගේ ගෙවල් ගාව තියන කන්දක් නැගලා රෑ කන්දේ නැවතිලා පිෂ්ෂුවක් කෙලලා අනිත් දවසේ එන්න තමා කස්ටිය කතා උනේ. මේ ගමන් ජීවිත කාලෙටම අමතක නොවෙන මෙච්චර දේවල් වෙන ගමනක් කියලනම් නිකමටවත් ගමන ප්ලෑන් කරද්දි හිතුනේ නෑ හැබැයි. වටේ පිටේ රවුම් ගහන්නැතුව කෙලින්ම වෙච්ච සිද්ධි ටික කියලා දාන්නම්කෝ...
Sunday, July 14, 2013
කට්ට කන්නෝ කවදා හෝ මදයට ලං වන්නෝය.....!!
උපන් දා සිට අප අනේක විදි කටු කන්නෝ ය
කටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ ය
දොස් කිය කියා තව තවත් කටු කන්නෝ ය
කටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ ය
බහිස්‍රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ ය
කටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ ය
දොස් කිය කියා තව තවත් කටු කන්නෝ ය
කටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ ය
බහිස්‍රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ ය
Subscribe to:
Comments (Atom)




