Friday, March 22, 2013
ඒ කාලේ එව්වා....සහ මෙව්වා.......!!!
උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ කුණු කන්දල් අවුස්සන්නට බැරි විය. ඇරියස් කවර් කරන්නටත් එක්ක අද අවුස්සමි.
ලේබල් ටික
මතක මංපෙත....,
හිනා යයිද මන්දා...
Saturday, March 16, 2013
ෆේස් බුක් "වල්" පේජ් සහ ලංකාවේ කෙල්ලො..... (ගර්ල්ස් ඉස්පෙසල්)
කා...ලෙකින්... :) කාලෙකින් කිව්වට ඇත්තටම සෑහෙන කාලෙකින්. එන්ඩ ඕනි එන්ඩ ඕනි කියලා හිතන් හිටියට ඇත්තටම තිබිච්ච වැඩත් එක්ක ලියන්නවත් කියවන්නවත් අඩුගානේ මගේ අන්තිමට දාපු මොලේ කුරුවල් වෙච්ච පෝස්ට් එකට රිප්ලයි කරන්නවත් එන්න බැරි උනා. මොනවා කරන්නද ඉතින් වැඩිවියට පත්වෙලා තාම අවුරුද්දක් දෙකක්වත් ගියේ නැති උනාට මං පොඩි එකා ලොකු වෙද්දි වැඩ වැඩි වෙනවා අෆ්ෆා. අහෝ දුකකි ඉරකි තිතකි කියන එක වෙනස් වෙලා තිත් කොමාවකි කියන්න වෙන තරමට වැඩත් එක්ක අනිත් එව්වා සීමා වෙනවා.
ලේබල් ටික
සිතට දැනුනු දේ...,
හිතන්න යමක්
Wednesday, February 13, 2013
මොලේ කුරුවල් එවුන්ට...-3
සාමාන්‍යයෙන්
අසාමාන්‍ය වෙනකොට
'අනේ අපොයි'
කියන උන්
හදන්නෙම අසාමාන්‍ය
වෙන්නලු...
ඒත්
අපේ බැඳීමට නමක්
නෑ කියන උන්
ඕනි උනාම බැඳීම
නැති කරන්නේ
නමකුත් නැති හින්දා
අවුලකුත් නෑ කියලලු...
ලේබල් ටික
මොලේ කුරුවල් එවුන්ට...
Wednesday, February 6, 2013
කාලයේ ආදරය......
සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ ආදරණිය 7 ට මම මහ ගොඩක් ආදරේ කලා.
එදා..ඒ කියන්නේ මීට අවුරුදු දහයකට කලින්. එදා තමයි මම විනාඩි කට්ටක් විදිහට ජීවිතේ ලබපු දවස. මම මගේ අම්මා තාත්තා කවුද කියන්න දන්නේ නැති උනාට මාව මේ ඔරලෝසුවට හයි කරපු ,මේ ඔරලෝසුව හදපු මනුස්සයට මම දෙවියෙක්ට වගේ ගරු කලා. එදා ඒ ඔරලෝසුවේ හයි කරන්න ගෙනත් අහම්බෙන් වගේ මගේ ඇගේ හැප්පිලා අමුතු හිනාවක් දාගෙන ගිය එයාව මම ඉස්ඉස්සෙල්ලම දැක්කේ එදා. හැමෝම ඉස්සරහා මහ උජාරුවට හිටියට එයාට තිබුනේ බොහොම අහිංසක හදවතක්.
ලේබල් ටික
කෙටි කතා,
හිතන්න යමක්
Wednesday, January 16, 2013
හදිස්සියට ඕනි වෙන එව්වා..(හොර වැඩට සහ බය කරන්ඩ ඇතුළුව....)
මේ මාසෙටම ලිව්වේ එක පෝස්ටුවයි. කොහෙද මේ මගුල් විබායක් තියනවනේ මේ මාසෙම. අපි පව් කියලවත් හිතන්නැතුව මෙහෙම අවුරුද්දෙ මුලම විබාග දාන එකනම් හරිම කුජීතයි ඈ...පව්නේ අප්පා අපි උනත්. ඒකෙන් කමක් නෑ මොනවා හරි මේකෙ දාන්න කියලා ආවත් හිතාගෙන ආපු එක පසුවට කල් දාලා අද කියන්න යන්නේ අපි අන්තර්ජංජාලයේ ඉන්නකොට එක එක වෙලාවට වැඩ කරගන්න ඕනි වෙන වෙබ් සයිට් ටිකක් ගැන. වැඩිය කතා නැතුව එහෙනම් පට්ට්ටාන් ගම්මු.
Subscribe to:
Comments (Atom)




