Friday, October 25, 2013
හිතට මෙව්වා එකක් වෙලා වගේ...
මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න
සඳ නැතත් අමාවක බැරිද තරු පායන්න
වැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්න
නුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්න
මග බලා නුඹ නිසා බොහෝ කල් ගත වෙලා
පිපුණු මල් හද කොනේ ආයෙමත් පර වෙලා
තවත් දුර යන්න බෑ හිත මගේ මැල වෙලා
දැන් මදෑ දුක් වින්දා මටත් දැන් ඇති වෙලා
ඉඩෝරයට වැස්සක සුව දැනෙන ලෙස
නිවෙන පහනකට තෙල් බිංදුවක් ලෙස
වැටෙන මිනිසෙකුට ලද අත්වැලක් ලෙස
සිතේ මලක් පිපුනයි මා නොසිතු ලෙස
කොහෙන් කොහොම ආවාදැයි මම නොදනී
මෙහෙම හැඟීමක් මින් පෙර ඇති නොවිනී
නුහුරු නුපුරුද්ද මගෙ හිත කිති කැවිනී
වෙනසක සුවඳ මගෙ නැහැයට අද දැණුනී
අකීකරු හිතට නැහැ ඉවසුම් දෙන්නේ
පියාඹන්න නැහැ අත්තටු තව ලැබුනේ
කියාගන්න බැරුවයි මා ලත වෙන්නේ
හිතේ රහස කෙදිනද මා පවසන්නේ
ලැබුවෙමි ගින්න හින්දා බැට ඇති වෙන්න
හින්දා බයයි එළියට පහනෙත් ඔන්න
රන්දා සුවඳ හදවත කල එළි වෙන්න
ඉන්නේ කවදාද මගේ හිත සැනසෙන්න
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
||
අම්මටසිලි සිලි කිව්වලු. මෙන්න මං ආයි ලියන්ඩ පටන් අරන්. ආප්ටර් මාස දෙකකට විතර පස්සේ. වෙල් කම් බැක් ද තරුවා කිව්වලු. ආවඩා ආයුබෝ වේවා කියලා අද සිට ලියන්ඩයි කියවන්ඩයි බහින්ඩයි කල්පනාව. මාගේ ඒ ප්රාර්ථනාව බොකු බඩවැල් සහ අහවල් එකෙම්ම ඉස්ට සිද්ද වේවායි මාත් අහවල් එකෙම්ම පතනවා.
Subscribe to:
Post Comments (Atom)
අයි නෝ ද පීලිං බ්රදර්.... එකම බෝට්ටුවේ ඉන්න අපි දෙන්නටම ගොඩබිම ලැබේවා ;) පස්ටයි කවිය .....
ReplyDeleteඑකෙම්ම ඈ......මාත් අහවල් එකෙම්ම ප්රාර්ථනා කරනවා බොටත් ඉක්මනට ගොඩබිමට සේන්දු වෙන්න ලැබේවා කියලා...
Deleteකාලෙකින් තරූගේ කවියක් දැක්කේ. ලස්සනයි
ReplyDeleteටැන්කිව් ඇ...කාලෙකින්නේ මට බ්ලොගක් තියනවා කියලා මතක් උනේ
Delete:) lassanai... masa ganekata passe math blog kiyawanna awe ada. masa ganakata passe dapu palaweni comment ekath oyage welcome back post eke demma onna.
ReplyDeleteඅම්මටසිලි සිලි කිව්වලු. ඔයාටත් වල් කං කිව්වා ඕං.. :D
Deleteතරුවා මම සුද්ද සිංහලෙන් කිව්වා.... ආයේ කියන්න ඕනේ නැහැනේ. කොහොම වෙතත් ලියන්න ආව එකටනම් සතුටුයි. හැමදාම අමාවකත් නැහැ. හැමදාම වරදින්නෙත් නැහැ. මේ කවි බයිලා නම් දාන්න එපා කතාවක් ලිව්වනම් කික් එක ඩබල්
ReplyDeleteහොකෑස්.....දාමු දාමු කතාවක්. ඊලග එකේ සිට සුපුරුදු බයිලා කෙලිමට තමා මගෙත් මෙව්වා එක
Deleteවෙල් කම් බැක් බ්රදර්..
ReplyDeleteදැන්වත් දෙයියනේ කියලා ලියපං..
එකෙම්ම ඈ...ටැන්කිව් වේවා...!!
Deleteමරු කවි ටික.. උඹ කියනව විතරනේ ලිවිල්ලක් නෑනේ...හරි දිගටම ලියමු..
ReplyDeleteමේ පාර කෝම හරි ලියන්ඩම තමා කල්පනාව...ටැන්කිව් ඈ
Delete//ලැබුවෙමි ගින්න හින්දා බැට ඇති වෙන්න
ReplyDeleteහින්දා බයයි එළියට පහනෙත් ඔන්න
රන්දා සුවඳ හදවත කල එළි වෙන්න
ඉන්නේ කවදාද මගේ හිත සැනසෙන්න//
සැනසෙයි සැනසෙයි...ඔහොම යමු :)
ඈ.....මාත් මේ බලං ඉන්නෙම ඕක වෙනකං :)
Deleteහිතේ තියං ඉන්නැතුව කියල දැම්ම නං අහවරයිනෙ. මුලදි බෑ කිව්වත් පස්සෙ හා කියයි මලය. හා හා අදම කියන්ඩ. අද හොද නැකැත් දවසක්. පස්සෙ අඩල කවි ලියන්න එපා ඈ ගියා මා දමා කියලා. ඒ ලමයට පරචිත්ත අර මොකක්ද එක නෑ බං. හිතේ තියං ඉන්නෙ නැතුව කියල දාහං. ජය වේවා!!!
ReplyDeleteඅනේ ම්නදා අප්පා...@ලැජ්ජාවේ ඇඹරෙමින්..පොළොවේ බිං කුංඩෝ හොයමින්...
Delete///මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න///
ReplyDeleteමොකද බැරි.....ලියන්න.....ලියන්න...
එකෙම්ම....ලියමු :D
DeleteWelcome back. ඊ ලඟට කතාවක් ලියමු තරූ.
ReplyDeleteඑකෙම්ම..ඔන්න ලිව්වා....
Deleteසොරි මචං බ්ලොග් එක ටික දවසක් මිස් වුණා !
ReplyDeleteඔව්වනම් මොනාද බංස්..මාත් මේ මාස 2කින් විතර ආවේ
Deleteඑළකිරි...........ලියමු ආයෙත් දිගටම...
ReplyDeleteඑකෙම්ම ලියමු....
Deleteඑල එල.... ලියපන් පුතා....
ReplyDeleteඅනිවා.....
Deleteලියන්ඩ ආපු එකම මදෑ ඉතිං..
ReplyDeleteඒක නෙමේ මලයෝ ආයෙමත් මේ බ්ලොග් එකට ගියහම ෆයර් ෆොක්ස් හිරවෙන ලෙඩක් ඇවිත්.. මොකද කියලා බැලුවා නං !
ඒකනේ...
Deleteඅදේ...මම ඕක හැදුවනේ ඈ...ආයි කෙල වෙලාද. ක්රේම් එකටනම් බබා වගේ වැඩ. ටැන්කිව් ඈ..මම ආයි බලන්නම්
ආව් ආව් :)
ReplyDelete@ලැජ්ජයි බොලව් :D
Deleteආ................... මල්ලි ;)
ReplyDeleteආ...අක්කේ...
Delete