Monday, October 28, 2013

මම පජාත උනෙමි....(කුජීත වීම් දරා ගත හැකි අයට පමණි...)



අජූත වීම සහ පජාත වීම යනු එක්තරා අකාරක කලාවක්ය. එය කලාවක් වන්නේ එය සිදුවන ආකාරය අනුවය. නමුත් අජූත වීම ක්‍රීඩාවක් වන්නේ හදිස්සියේ රෑට කස්ටිය සෙට් වෙච්ච වෙලාවට අජූත ගැසීමේදීය. නමුත් කුජීත වීම නම් අතිසයින්ම කුජීතය. එතනින් එහාට දෙයක් එය තුල නැතිය. මෙලොව ඉපදී මිය යන හෝ මිය යන්නැති ඕනි එකෙකුට මා ඉහත සදහන් කල අජූත වීම , පජාත වීම සහ කුජීත වීම යන්න සිදු විය හැක. නමුත් මම පජාත උනෙමි යන්න කටක් ඇර පැවසිය හැක්කේ මම වැනි පුරුස දහිර්යයෙන් හෙබි උත්තුංග පුරුස රත්නයකට පමණක්මය. මා මේ සූදානම් වන්නේ එවැන්නක් කිරීමටය. මෙවැනි දේ කිරීමට පෙර ධෛර්‍යය උපදවා ගැනීමට කිරි එකක් පාණය කිරීම මාගේ ඒ කාලේ සිට පැවතෙන මෙව්වා එකක්ය. මා දැනුත් ඉන්නේ කිරි බොමින්ය. මේ කිරි හරි රසය,උකුය, ගණය,ලාබය,හරි සුවිට්ය.  (ඒ දැම්මේ මුදල් ගෙවා ප්‍රචාරය කල එව්වා එකක්ය)

මීට පෙරද එලෙස මටම සිදු වූ අහවල් එක රෙද්ද පල්ලෙන් බේරෙන එව්වා ගෙන හැර දක්වා ඇත්තෙමි. උදාහරණයකට මෙය දැක්විය හැක.ඒකාලේ සිට පජාත වීම උපතින්ම ලද දේව වරමක් වීම නිසාදෝ ලියන්නට පජාත සිද්දි දෑස ඉදිරියේ මැවී මැවී පේනවාය. ලඟ පාතක රැගුම් පාලක මණ්ඩලයේ බුවෙක් නැති එක හෙනම වාසිය. නැත්නම් මේ පෙනෙන් එව්වා ඌ බ්ලොක් කරනවා සුවර්ය. තාමත් මේ ගෙවෙන්නේ කතාවට පෙර සූදානමක් වීමය. හැමදාම කියන්න ආ දෙය කීමට පෙර මෙසේ වටේ යාම මට දැන් පුරුද්දකට ගොසින්ය. එයින් ඔබ පත් වන අවලම්බන අපහසුතාවය පිළිබඳ මාගේ අහවල් එකෙන්ම සතුට ප්‍රකාස කරමි. එසේම නැවත කියනවානම් මා කලින් සඳහන් කල අහවල් එක වනාහී තොපි වැන්නවුන්ගේ හිතේ ඇති පරම පවිත්‍ර කුපාඩි කමට එක සැරේම හිතට එන අහවල් එකක් නොවන බවය. -_- අහවල් එකට කැමති අහවල් එකක් ආදේශ කර ගැනීමේ පූර්ණ අයිතිය ඔබ සතුය. කතෘ බාගය පමණක් මට දෙනවානම් මැනවිය. වටේ ගියා සහ යැව්වා දැන් ඇතිය. මේ ආරම්භ වන්නේ පජාත වීමේ මෙව්වා එකය. මෙතැන් සිට අපි එකා මෙන්ම බැරි නම් මොකා හරි මෙන් පජාත වෙමු. මට ජය...

ද තරුවා නොහොත් මම ඉස්කෝලෙට කියලා වැස්සට හරි ගොඩ උනේ කොහාටද කියලා මේ බ්ලොගේ බලන බොහෝ එවුන් දන්නවාය. ඊට වඩා උන් නොදන්නවාය. කෙසේ උනත් මේ සිදු වූ පජාත සිදුවීම් වලට ඉස්කෝලේ නමත් කියන්නම වනවාය. නැත්නම් අවුල්ය. කෙසේ හෝ ඒ කාලේ මම අවාරෙට වගේ ගියේ ඇහැලියගොඩ පැත්තේ තිබූ පස්ට ඉස්කෝලෙකටය. දන්නෝ දනිතිය. අපි ඇහැලියගොඩ ආතල් කොලේජ් එකේ සිසුවෝ වීමු. මේ කියන්නට යන අවුරුද්ද වරුස 2007ය. අපි ඒ වෙද්දී බොහොම ඇප කැපවීමෙන් පාඩම් නොකරන 12වසරේ 'අයියලාය' මං තරුවා පොඩි එකා හිච්චි කාලේ සිට ක්‍රකිකට් වලට පණ ඇරලාය. අදටත් එසේමය. නමුත් අපේ කරුමෙට හෝ මොකද්ද එකකට අපේ ඉස්කෝලේ ක්‍රිකට් තිබුනේ මං 6 වසරට ඉස්කෝලෙට ආපු මුල්ම මාස කීපයේ පමණිය. ඉන්පසු මෑතක් වන තුරුම ක්‍රිකට් තිබුනේ නැත. නමුත් තිබුන උනේ තරමට මං ඇතුලු තව දෙතුන් දෙනෙක් ක්‍රිකට් පුහුණු වීමට රත්නපුරේ තවත් පාසලකට පැමිණියෙමු. ඉස්කෝලේ ගිහින් හවසට ක්‍රිකට් පුහුණුවට අනිත් ඉස්කෝලෙට එනවාය. වෙ එකකට නොවේය. රත්නපුර සීවලියටය. දන්නෝ දනිතිය. 

මේ කියන කාලේ 2007 අපේ පාසල් නිවාඩු කාලයය.(මතක විදිහට). නිවාඩු දවසක් වූ බැවින් එදා ක්‍රිකට් ප්‍රැක්ටිස් උදේ සිටම තියන බැව් දැන ගත්තෙමු. කොහොම හරි එදා උදේ පාන්දරම ප්‍රැක්ටිස් යන්නට අපේ ඉස්කෝලේ එකෙක් අපේ ගෙදරට කඩාපාත් උනාය. මම ඌත් එක්ක ප්‍රැක්ටිස් යන්නට පිටත් වීමි. ටිකක් දුර එද්දි මගේ මිත්තරයාට යමක් මතක් වී කියන්නට විය..

"අඩෝ මාර කේස් එකනේ. උඹට ආරංචිද?" 

"මොකද්ද?"

"දවස් දෙකකට විතර කලින් අපේ එවුනුයි සීවලියේ එවුනුයි වලියක් ගිහින්නේ. නුගේගොඩ ක්ලාස් යන්න ආපු සීවලී සෙට් එකකට අපේ 13 එව්වෝ අම්බානක නෙලලා. රත්නපුරේ ක්ලාස් ගිය අපේ සෙට් එකකට සීවලියෙන් නෙලලා"

"හුටා...සිරාවට.."

"ඔව් යකෝ...අඩෝ..අපි දෙන්නා විතරයි ඉන්නේ..මුං අපිටත් නෙලයිද දන්නෑ.."


"තෝ දැන්ද ගල් ඉබ්බෝ ඕක කියන්නෙ..දැන් ඉස්කෝලෙ ගාවටම ඇවිල්ලා.  ඔන්න ඔහේ යමන්. අපි ස්කූල් කිට් එකෙන් නෙවෙයිනේ ඉන්නේ..අපිව අඳුරගන්න එකක් නෑ.."

ඕනි එකක් රෑට කළුවරයි කියා අපි දෙන්නා මොකුත් දන්නැති ගානට ඉස්කෝලේ ගාවට ආවෙමු. මඟුලයිය..ගේටුටුවෙන් ඇතුල් වෙන තැනම හෙන කොල්ලෝ සෙට් එකක්ය. ඒක දුටු වෙලේ සිට අරූ කෙඳිරි ගානවාය.

"අඩෝ..හෙන සෙට් එකක් ඉන්නවා බං...අපිව අඳුරගත්තොත් විනාසයි.."

"දැන් හැරෙන්න කියලෑ..ඔන්න ඔහේ යමන් දන්නෑ වගේ.."

අපි මොක්කුද එව්වෝ වගේ ඉස්කොලෙට ඇතුල් උනෙමු. ඇතුල් වෙන තැනම ග්‍රවුන්ඩ් එකය. දෙතුන් දෙනෙක් පිටනියේ ඉන්නවාත් දැක්කෙමු. ආ ක්ෂණයෙන්ම අපි ඒ පැත්තට ඇදුනෙමු..

"ඒයි ඔහොම නවතිනවා.."

හුටා...ඒ වචන ඇත්තටම කිව්වාදැයි නැත්නම් ඇසුනාදැයි සුවර් නැත. අනිත් එකාටත් ඇසී ඇති බව ඌ එක තැනම නතර වීමෙන් මම සිතා ගතිමි. දැන් ඉතින් කෑමක් සුවර්ය. පනහක විතර සෙට් එකකට මූන අතපය සහ සරුවාංගේ ඉතුරු සිල්ලම දන් දීමට සිටි අප බැටෑලියන් එකට සිටියේ මාත් අරුත් පමනකය..ඕනි රෙද්දක් උන දෙන් කියාගෙන අපි දෙන්නා අරුන් සෙට් එක ඉන්න තැනට ගියෙමු..

"උඹලා මොකද්ද ඉස්කෝලේ.."

උ් ඇසුවේය. නිකන් නෙවෙයිය. දෙදෙනාගේම කොලර් එකෙනුත් අල්ලගෙනය. උදේටත් නොකා ආපු අපට දැන්නම් සති දෙකකට ඇති වෙන්න කන්න සිදු වෙනවා සුවර්මය. 

"ඇහැලියගොඩ" අරූ කෙඳිරි ගෑවාය. 

"ආ..ඇත්තද..තොපිලා දන්නවද  තොපේ මහ ලොකු චන්ඩි අපේ එවුන් ටිකකට ඇහැලියගොඩදි ගහලා කියලා. ඈ යකෝ..තොපි එව්ව දැන ගෙන බය සැකක් නැතුව ආවේ තොපිත් චන්ඩිද.."

මූ මඟුලක් කතා කරනවාය. ඔච්චර ලොකු වලියක් ගිය බව දන්නවානම් අපි අම්මේ මුත්තේ කිව්වත් ප්‍රැක්ටිස් එන්නැතිය. වෙන මක්ක නිසාවත් නොවේය. අපිට කේන්ති ගියොත් හරි වසය. ;) 

"නෑ අපි දන්නෑ..."

ඒක කිව්වෙත් අරූමය....

"ඒයි ඒයි මොකද්ද ඔතන වෙන්නේ..."

දෙයියෝ බුදු වන්ඩ කියන්නේ මේවාටය. ක්‍රිකට් සර් කඩාගෙන බිඳගෙන එතනට පැමිණියේය. හොඳ වෙලාවට ආවේ නැත්නම් අරුන් සෙට් එකටම අපෙන් ගුටි කන්න වෙන්නැති එක සුවර්ය. යන්තන් සර් අපිව බේරාගෙන ග්‍රවුන්ඩ් එකට එක්ක ගියේය.

"තොපි මොකට ආවද යකෝ අද ගුටිකන්න. මම ආවේ නැත්නම් බලාගන්න තිබ්බා."

සර්රුත් බනින්නට පටන් ගත්තේය. කෙසේ හෝ අපි ප්‍රැක්ටිස් කරන විට තවත් 100ක විතර සෙට් එකක් ්‍රවුන්ඩ් එක වටේ පොලු රැගෙන පැදකුණු කලෝය. උන්ගෙන් ක්‍රිකට් ගහන සෙට් එක අපිට කිවේ..

"අඩෝ..අපි කිව්වට අහන්නෙත් නෑ බං. යද්දි හරි උඹලට ගහනවලු.."

එදා ක්‍රිකට් ගැහුවාට වඩා උනේ ඔහේ බෝල වලට වැදුන එකය. කෑවාට කම් නැත. නොදැන. එහෙත් මෙහෙම දැන දැන කන්නට සිදුවීම අජූතය. අපි පව්ය. ඇඩෙනවාය. සැක්..අදෝමය..
 ඒ වෙලාවෙත් පිහිටට  ආවේ ක්‍රිකට් සර්මය. සර් ඇවිත් ප්‍රැක්ටිස් කරන අයට කිව්වේ..

"අද මේ කොල්ලෝ දෙන්නට එකෙක් හරි අත තියලා තිබුනොත් මම ආයි ප්‍රැක්ටිස් වලට එන්නෑ" කියාය. 

අදේ..අපි හෙනට වටිනවාය.. :D 

කෙසේ හෝ එදා අපිට ගෙදරට එන්නට සිදු වූයේ සියළු රැකවල් මැද්දේය. මගදීවත් අපට අනතුරක් වේ යැයි සිතා සර් දෙතුන් දෙනෙක්ව අපිත් සමග එව්වේය. දින කීපයකට පසු අපි ඉස්කෝලේ ගොස් කීවේ...යකෝ තොපිලා බය උනාට අපි දෙන්නා තනියම සීවලියට ගිහින් ප්‍රැක්ටිසුත් කරලා යහතින් ආපහු ආවත් එක්ක කියාය. අනිත් උන් කට ඇරන් බලා සිටියහ. අනූ නමයයි දසම දෙකයි පහකින් නොකා ආපු බව දන්නේ අප විතරමය. 

පජාත වීම පිළිබඳ කතා කියනවා කීවාට මුලින්ම කීවේ පජාත වීමට ගොස් දසටමන් බේරුන එකක්ය. දැන් කියන්නේ රියල් පජාත වීම්ය..

ඉස්කෝලේදී ඇත්ත වසයෙන්ම ඉගන ගැනීමට අමතරව කල හැකි සෑම දෙයක්ම කලෙමු. ඒලෙවල් කාලේ ඉස්කෝලේ සිටියේ නමයට අරින කඩේ (දන්නෝ දනිති) අරිනකම් පමණක්ය. එය ඇරි පසු තාප්පවලින් අරවයින් මේවයින් අපි අතුරුදහන් වෙන හැටි මීට පෙරද කියා ඇත්තෙමි. නමුත් මා පජාත වුනානම් වී ඇත්තේ ඔය කිසි අහවල් එකකින් නොවේය. වැඩිපුරම පජාත වී ඇත්තේ එක්කෝ කොන්ඩේ ජෙල් ගාලාය..නැත්නම් කලිසම පහලින් ඇඳලය..නැත්නම් ෂර්ට් එක එක එක එව්වා මෙව්වා විදිහට මැදලය..කොන්ඩෙට නම් ඉසේ කෙස් ගානට එව්වා මෙව්වා අසා ඇත්තෙමි. 
දවසක් මම 10 වසරේ ඉද්දී ඒ දවස උදාවිය. සැක් මතක් වෙද්දිත් අහවල් එක සලිත වේ. එදා පාසලේ තිබුනේ 'ලොකු රැස්වීමය' ඒ කියන්නේ ඉස්කෝලේ හැම ශිෂ්‍යයෙක්ම එකට එයට සහභාගී වේ..වෙනදා වගේ මාත් ඇවිත් රැස්වීමේ පන්සිල් ගනිමින් සිටියෙමි. පන්සිල් ගන්න විට පිනා ලගන් එහෙන් මෙහෙන් කැරකෙනු දුටුවෙමි. පන්සිල් අරන් ඉවර වෙන විටම..

"ඒයි මෙහෙ එනවා"

අජූතය...පිනා කතා කලේ මටය..මොකක් නමුත් අහවල් එකක් සිදු වනවා නියතය..

මම මොකාද එකා වගේ ගියෙමි..

"බලපිය තොගේ කලිසම තියන තැන..උස්සපිය ඕක" කියා පිනා කලිසම ඉස්සුවේය..අදෝමය...කලිසම බඩටත් වඩා උඩට එස්සවිය. සැක්...කාලා හමාරය..කෙල්ලොත් බලා සිටී..ඒ දවස් වල මගේ හුට්ටපරයක් තිබූ අහවලිත් ඒ අතර විය. එවලේ පොලොවේ පස් වෙනුවට වටලප්පන් තිබුනානම් මම කාගෙන කාගෙන යමිය. 

"කමක් නෑ ඔය වයසටනේ ඕවා කරන්නේ. හැබැයි තෝ ආයේ අහු උනොත් හමගහනවා"

පිනා මට ආදරෙන් කීවේය. මම මොකාද එකා වගේ ඔළුව වනා ආවෙමි..එදා සිට සෑම දාම පන්සිල් ගන්නා වේලාවේ මගේ කලිසම තිබුනේ බඩ හරියේය. එය මට ඕනි තැනට එන්නේ උදෑසන රැස්වීමෙන් පසුය.

මේක උනේ ආයිත් ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට සීවලියට ගිය වෙලාවකය. එදා ප්‍රැක්ටිස් තිබුනේ ඉස්කෝලෙන් පස්සේය. අපි ඇහැලියගොඩ සිට ප්‍රැක්ටිස් වලට ආවෙමු. කෙසේ හෝ එදා සර් පැමිණ සිටියේ නැත. අපි අපිට හිතුන විදිහට ප්‍රැක්ටිස් කලෙමු. පැයක් හමාරක් ඔහොම ඉන්න විට අපි දෙතුන් දෙනෙක්ට දැඩි ටොයිලට අවශ්‍යතාවයක් පැන නැගුනි. අපි ටොයිලට් එකක් හොයාගෙන ගියෙමු. ඒ අතරට මාත් එදා ගුටි කන්න ගොස් බේරුනු මගේ යාළුවත් සීවලියේ එකෙකුත් විය. අපි අදාල කාර්යය කරගෙන එනවිට චෝ.....යි තැඹිලි ගසක් දුටුවෙමු...අදේ....පස්ට වලු ටික ඈ...මේ වගේ වෙලාවකට කියාපු බෙහෙත. සීවලිය ගැන දන්න අය කවුරු හරි ඉන්නවානම් හරියටම තැන සීවලියේ කැඩෙට් රෑම් එක ගාවය. අපි තුන් දෙනාගේ අයිඩියාවම මේකෙන් ගෙඩියක් දෙකක් බා ගැනීමය. නගින්න දන්නෙත් නැතිය. සීවලියේ එකා ගස් නැගීමට උපන් හපනාය. ඌ ටාර් ගා ගසට නැග ගෙඩියක් දෙකක් කැඩුවේය. පල්ලෙහා අනිත් උන්ටත් බොන්න එක්ක කඩන්නැයි අපි කීවෙමු. ඌ දඩ දඩාස් ගා ගෙඩි බිමට අතාරියි. එකසැරේම..

"ඒයි...මොනවද තොපි කරන්නේ...."

එසේ ඇසුවේ කැඩෙට් රෑම් එකෙන් එලියට ආපු ආමි ඇඳුමක් ඇඳගත්ත කෙනෙක්ය. බොරු කියන්නත් බැරිය. එකෙක් ගහ උඩය. අපි අතේ තැඹිලිය. කරමුලටම අසු වී සිටියෙමු. 

"බහිනවා බිමට" ගහේ සිටි එකාට අණ ලැබිනි. ඌ ගැහි ගැහි බිමට බැස්සේය. 

"දණ ගහපිය ඔක්කොම" කියන්නත් කලින් අපි දන ගහගෙනය..

"තොපි කීය වසරෙද"

 "අපි මේ ඉස්කෝලේ නෙවෙයි.." අපි කීවෙමු..

"ආ මේකේ නෙවෙයිද..ඔක්කොම මේකේ නෙවෙයිද.."

"මම මේකේ.." ගහේ සිටි එකා කීය. 

"ආ..අනිත් උන්ට සමාවක් දුන්නත් තොට සමාවක් නෑ" 

අඩේ...අපිට පට්ට ආතල්ය...අපිට අවුලක් නෑලු..මගේ එහා පැත්තේ එකා මට ඇගිල්ලෙන් ඇන්නේය..
'බකස් ' ගා මට හිනා ගියේය. 

"මොකද තොපි හිනා වෙන්නේ මාව සෙල්ලමකට ගත්තද. දන ගහගෙන හිටපිය හවස් වෙනකම්ම. මම සර්ටත් කියන්නම්"

සැක් අදෝමය..ඔක්කොම ඉවසුවෑකිය. ඉවසන්නම බැරි ඉස්කෝලේ නෙට්බෝල් හරි මොකක් හරි කරපු කෙල්ලෝ ටිකක් එතනට පැමිණ කට ඇරන් අපි දිහා බලන් හිටිය එකය. අපි උන්ට සහ උන්ගේ අල්ලපු ගෙවල් වල අයට සිතින් ආදරෙන් අමතමින් පැයක් පමණ වෙලා දනගහගෙන සිටියෙමු.

ඉස්කෝලේ කාලේ පස්ටය ඒ නිසාම පජාත සිද්දි උනත් කියන්නට වැඩිපුරම තියෙන්නේ ඉස්කෝලෙ කාලේ මෙව්වාය. මේ කියන්නට යන එකට පජාත වූයේ මා නොව අපිය. එනම් සමූහ වශයෙන් සෑහෙන සංඛ්‍යාවක් පජාත උනෙමු. එය මෙසේය.

අපේ ඉස්කෝලේ කැන්ටින් එක අප දන්න කාලේ සිට සෑම වේලේම අර තිබුනි. අපි හිතුන හිතුන වෙලේ ඕකට ගොස් කෑම කෑවෙමු. පෙම් කෙලියෙමු. පංති කට් කලෙමු. ඉස්පෙසලි මට නම් උදේට කන්නට බඩගිනි හැදෙන්නේම පලවෙනි පීරියඩ් එක ඉවර උන ගමන්ය. අපි 13වසරට ආ මුල් කාලයේම හෙන ගහන සිදුවීමක් සිද්ද විය. එනම් පාසල පටන් ගත් වේලේ සිට ඉන්ටවල් එක වන තුරුත් ඉන්ටවල් එකේ සිට පාසල අවසන් වන තුරුත් කැන්ටින් එක වසා තැබිය යුතු යැයි නීතියක් ආවේය. ඇත්තම කියනවානම් මේ නීතිය අපේ අහවල් එකෙන්ම අපි හෙලා දැක්කෙමු. පාසලේ ඉහලම පංති වල එවුන් වසයෙන් මෙයට නිසි ක්‍රියාමාර්ග වහාම ගැනීමට අපි කතිකා කරගත්තෙමු. අපිනම් මේකේ තව ඉන්නේ වැඩිම උනොත් මාස කීපයක්ය. ඒති අපි වැඩිහිටි ශිෂ්‍යයෝ වශයෙන් හය වසර නංගිලා මල්ලිලා ගැන සිතිය යුතුය. ඔවුන්ටත් අපිට මෙන් නිදහසේ හිතුන වෙලාවක කෑම කන්න කැන්ටින් එක ඇර දීම අපේ පරම යුතු කමක්ය. එනිසාම අපි මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අදිටන් කරගතිමු. 

හරියන්නේ නැත...රතිඤ්ඤා දාන්නටම සිදුවේ..අපේ මාස්ටර් ප්ලෑන් එකනම් මෙම සිදුවීමට විරුද්දව රතිඤ්ඤා දැමීමය. කලා විද්‍යා වානිජ හැම කෙල්ලෙක්ම, කොල්ලෙක්ම රතිඤ්ඤා ගැනීමට ඔවුන්ගේ නොමසුරු දායකත්වය සැපයිනි. අපේ කොමස් එකෙන් පලමු වෙඩි මුරය දැමීමට කතා කරගත්තෙමු. 

දැන් මේක අහු නොවන්නත් කරන්න ඕනෑය..එයටද මාස්ටර් ප්ලෑන් එකක් ආවේය. වැඩේ කරන්නේ මෙසේය. අපි හදන්නේ ටයිමින් බෝම්බයක්ය. එතකොට රතිඤ්ඤා පුපුරද්දි අපි කවුරුත් එතන නැත. ඒවා ඉබේම පුපුරයි. අපේ ප්ලෑන මෙසේය..කොස්සක් ගෙන එහි මිට ලනු වලින් ඔතයි. කොස්සේ අග ලණුව ඉවර වෙන තැන රතිඤ්ඤා එල්ලයි. කොස්සේ නූලට ගිනි තැබූ පස් විනාඩි පහකින් පමණ අනිත් මුල්ලට ගින්න පැතිරේ. එවිට රතිඤ්ඤා පුපුරයි. අපිට තියෙන්නේ එක කොනකට ගිනි තැබීමය. ඔක්කොම සූදානම් කොට පහුවදා උදෑසන පන්සිල් ගන්න වෙලේ මෙය කිරීමට සැලසුම් කලෙමු. එවිට අපි ගැන සැකයක් ඇති වන්නේ නැත. මොකද සියල්ලෝම එවලේ පන්සිල් ගන්නා වෙලාවය. 

පහුවදා සියල්ල සූදානම් කොට කොස්සටත් ගිනි තබා පහලට පැමින පන්සිල් ගත්තෙමු. පන්සිල් ගන්නවාට වඩා අපි බලා සිටියේ කොයි මොහොතේ හෝ රතිඤ්ඤා පුපුරන හඬ ඇසීමය. 

ම්ම්..හ්ම්...සද්දයක් නැත. දැන්නම් පුපුරන්නම ඕනිය. පන්සිල් අරන් ඉවර උනත් සද්දයක් නැත. ටික වෙලාවකින් එතනට ආවේ අපි ආදරයට ඉතා සුරතල් නමකින් ඇමතූ සර් කෙනෙක්ය. ඒ නම කීමට නොහැක. කීවොත් අනිවා මේ පැත්තේ අය දැන ගන්නවාය. ඕනි 'බයිලාවක්' වෙද්දෙන් කියලා අපි ඔහු දෙස බැලුවෙමු. අදෝමය අතේ ඇත්තේ අපේ ටයිමින් බෝම්බයය. නොඑසේනම් රතිඤ්ඤා විත් කොස්සය. දැන්නම් අපි පට්ට පජාතය.

"හොඳහිතින් මට කියනවා මේ අලුගුත්තේරු වැඩේ කලේ මොකාද කියලා"

එතනින් එහාට සිදු දේ කීමෙන් පලක් නැත. කොහෙත් සිදු වන ලෙස එයිනුත් අපි සාමූහිකව ප්ලෑන් කොට දෙතුන් දෙනෙක් ගුටි කෑවෝය. සිද්ද වී තිබුනේ අපි පන්සිල් ගන්න අතර ටොයිලට් එක පැත්තෙන් දුමක් දානවා දැක සර් එය බැලීමට යාමය. කෙසේ නමුත් අපි පාසලෙන් එනතුරුත් කැන්ටිම ඇරියේ පාසල පටන් ගන්න කලින් , ඉන්වල් එකේ සහ පසලෙන් පසුවය.

ආයෙත් පජාත වීම් , කුජීත වීම් සහ ඇඟ ලොමු ඩැහැ ගැන්වන මෙලෝ රහකට නැති මෙව්ව තුලින් හමුවන තුරු අදට සමුගන්න මා 'ද තරුවා' ....

44 comments:

  1. කුජීතයි නෙහ් ! :)

    ReplyDelete
  2. ඇහැලියගොඩ සෙන්ට්‍රල් වෙන්නැති නෙ?ඒකයි අපේ එවුනුයි හැමදාම වලි තමා.ඔයා 2008 උ.පෙ. ද?

    ReplyDelete
    Replies
    1. ඈ...අදේ ඔව්නේ.....ඔයා සීවලිද එතකොට :D

      Delete
    2. හුම් හුම්ම්

      Delete
  3. හේන පර්ශ්නයක් තියේ ප්‍රක්ටිස් වලට ආපු උන් මට හොද හැටි මතකයි තැබිලි සින් එකකත් මතකයි උබව මතක නෑ නේ බන් @දහ අතේ කල්පනා කොරමින්

    ReplyDelete
    Replies
    1. අම්මටහුඩු...හොඳට බලපන් ඔය පැත්තක තියන මගේ මූනත්තහඩුව දිහා

      Delete
  4. අජූතයි....... පජාතයි...... කුජීතයි :D

    ReplyDelete
  5. ඇත්ත කියපං...උඹට පොලු මුගුරු අරන් ඉන්න සැට් එක දැක්කම බොකක් මෝදු උනා නේද ?

    ReplyDelete
    Replies
    1. අන්න ඉතින් අයියට වෙච්ච ඒවට මාව ගාවා ගත්තා ;)

      Delete
  6. අඩෙ උබ පජාත වෙනව විතරමද බන්ස්
    හය හතර

    ReplyDelete
    Replies
    1. මටත් සුවර් නෑ ඒකනම් ඈ...

      Delete
  7. යකෝ ඔය තැඹිලි ගස් ටික දෙයියන්ට වෙන්කරපු ගස් ටිකක්.ඉස්කෝලේ උන්වත් අත තියන්නේ නෑ.(පොඩි කාලෙදිම අනෙක් ගස් ඔක්කොම සුද්ද කරපු අපිත් ඕවට අත තිබ්බේ 13 දී නයිටක්‌ ගහනකොට.)

    ReplyDelete
    Replies
    1. හෙනගහනවා. අපි දන්නෑනේ බොල ඔච්චර හරියක්. ගෙඩි තියනවා දැක්කා. ඉතින් කැඩුවා

      Delete
  8. මම මේ නිකමට කියන්නේ.. උඹ අතුරුදහන් වෙලා ආයෙම අව හැම්දාම ලිවුවේ කුජීත වුන කතාවක්මනේ බං..

    ReplyDelete
    Replies
    1. මේකනේ අයියේ..අතුරුදහන් උනොත් වෙන්නෙම අජූත කේස් හින්දනේ. ඉතින් ආයි ආපුවාමත් ලියන්න වෙන්නේ එව්වම තමා

      Delete
  9. උඹ නං මහ කුජීතයෙක්ම තමා...

    ReplyDelete
    Replies
    1. කවුද දැං ඕක නෑ කියපු එකා...මට උගේ නම කියන්ඩ..

      Delete
  10. බලාන ගියාම අපි සේරම එකනෙ :v

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹලත් හෙන අජූතයි ඈ..

      Delete
  11. අඩේ කුජීත වෙනව කිය්ල ඔහොමත් වෙනවද??

    ReplyDelete
    Replies
    1. ඔය වෙනවයි කියන්නේ :D

      Delete
  12. අප්පෝ තරුවෝ මෙව්වට මොනවා කියන්න ද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනවා හරි කියන්න මෙයා :D

      Delete
  13. උඹලට කියන්න ගාලුකොල්ලා, අපි කොල්ලො කාලෙත් වලි ඇත්තේ කොහේදැයි සොය සොයා ගිය මෝඩ කාලයක් තිබ්බා. දැන් නම් ඈත පේනකොට වලිය සෙට් වේගන එනවා ඒ පාරත් මග ඇරලා යන්නේ.

    ReplyDelete
    Replies
    1. අදෝමැයි ඒකනම් ඈ....මොකද්ද බං අයියේ ඔය ගාලු කොල්ලට කියන්නේ ඈ :D

      Delete
    2. සමාවෙයං තරු පුතා. පොඩ්ඩක් පැටලුනා. මම ටැබ් ගානක් ඇරගෙන කියව කියවා කමෙන්ට් දාන්නේ. ඒ අතරේ ලඟ් ඉන්න එවුන් එක එක ප්‍රශ්ණ අහනවා. සමාවෙයං. ඒක උඹටයි කිව්වේ.

      Delete
  14. බොලා 2000 ස් ගණනං වල ටයිමින් බෝම්බ හැදුවට අපි ඕව කළේ 1900 ය ගණං වලය. ඒවාට භාවිතා උනේ හඳුන්කූරු වැනි දේවල්ය. 12, 13 වසරවලදී උසස්පෙල සිටි අපට පිනෙක්ගෙන් කොක්කක් සෙට්උනොත් මිනිහට දෙයියංගේ පිහිටය. ඉස්කෝලෙන් මාරුවක් හදාගෙන යාමට බලාපොරොත්තුව සිටිය යුතුය.
    ඒකට දැං ඉන්න උංට මෙලෝ දෙයක් කරගන්න බැරි වීම හරිම ඛේදනීයයි අහෝ !

    ReplyDelete
    Replies
    1. අප්පටසිලි සිලි කිව්වලු...වැඩක් නෑ අයියේ කතා කරලා අපිත් පොඩි හරි කේස් එකක් පෝස්ටරයක්වත් නොගහ අතෑරියේ නෑ..අදෝමැයි දැන් ඉන්න උං නම්..

      Delete
  15. බොලං සෑහෙන්ඩ චාටර් වෙලා නොවැ...
    කුජීතයි....

    ReplyDelete
    Replies
    1. හරි ආඩම්බරයි නේද ඈ...

      Delete
  16. ගණන් ගන්න එපා පුතා.... පජාත වීම අපිට හැමදාම උරුම දේ ඕයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. අපි නම් තැඹීලි ටිකත් කරගහන් දුවනව.. කොහෙ අල්ලන්නද බං වෙන ඉස්කෝලෙකනෙ...

    ReplyDelete
    Replies
    1. ඇ...එව්වා හරිගියේ නෑ බං. අතේ මාට්ටු

      Delete
  18. ඔයත් එහෙනං ක්‍රිකට් පිස්සෙක්. එහෙනං මේක බලන්න

    තර්ඩ්මෑන් කලාපයෙන් ක්‍රීඩාංගනයෙන් එලියට ගිය අත්දිග සුදු කමිසය

    තැඹිලි බාපු කතාව දෙවෙනි වතාවටත් මතක් වුණා. ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. එකෙම්ම පිස්සෙක් තමා....ගියා ඒ පැත්තෙත්.
      ලියමු ඒ කතාවත්..

      Delete
  19. අපෝයි දෙයියනේ මෙහෙමත් ළමයි :D

    ReplyDelete
    Replies
    1. එකෙම්ම ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ මුලත් නෑ :D

      Delete
  20. තරුවා ගැන තව විස්තර අහගෙන මං ලගදිම ප්‍රසිද්ධ කරනව ඔන්න. මගේ යාළුවෙක් ඉන්නව ඔය ඉස්කෝලෙට ගියපු, ඔය වයසෙම. ගෑනු ලමයෙක්...

    ReplyDelete
    Replies
    1. හුට්ටස්...ගෑණු දැරිවියෙක්ද...මම අනාතයි එහෙනම්... :(

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...