Thursday, October 31, 2013

Google අල්ලේ නටවමු...



උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය. :D ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ. ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ලියන්ඩ ඕනියි කියලා හිතුනේ. පස්සේ ආයි හිතුනා එක්කෝ ඕනි නෑ ලියන්නෑ කියලා. ඒ මොකද අද මේ දාන එව්වා ගොඩක් අය දන්නවා. සමහරු ඔක්කොම වගේ දන්නවා. සමහරු ටිකක් විතර දන්නා. සමහරු දන්නෙම නෑ. හැබැයි ඔක්කොම දන්න උන්නම් ඉන්නේ බොහොම පොඩ්ඩයි ඒක සුවර්. දැන් ඒ දන්න එවුන් කටවහන් හිටු. අනිත් උන් උඩ බලන් හිටු.

Monday, October 28, 2013

මම පජාත උනෙමි....(කුජීත වීම් දරා ගත හැකි අයට පමණි...)



අජූත වීම සහ පජාත වීම යනු එක්තරා අකාරක කලාවක්ය. එය කලාවක් වන්නේ එය සිදුවන ආකාරය අනුවය. නමුත් අජූත වීම ක්‍රීඩාවක් වන්නේ හදිස්සියේ රෑට කස්ටිය සෙට් වෙච්ච වෙලාවට අජූත ගැසීමේදීය. නමුත් කුජීත වීම නම් අතිසයින්ම කුජීතය. එතනින් එහාට දෙයක් එය තුල නැතිය. මෙලොව ඉපදී මිය යන හෝ මිය යන්නැති ඕනි එකෙකුට මා ඉහත සදහන් කල අජූත වීම , පජාත වීම සහ කුජීත වීම යන්න සිදු විය හැක. නමුත් මම පජාත උනෙමි යන්න කටක් ඇර පැවසිය හැක්කේ මම වැනි පුරුස දහිර්යයෙන් හෙබි උත්තුංග පුරුස රත්නයකට පමණක්මය. මා මේ සූදානම් වන්නේ එවැන්නක් කිරීමටය. මෙවැනි දේ කිරීමට පෙර ධෛර්‍යය උපදවා ගැනීමට කිරි එකක් පාණය කිරීම මාගේ ඒ කාලේ සිට පැවතෙන මෙව්වා එකක්ය. මා දැනුත් ඉන්නේ කිරි බොමින්ය. මේ කිරි හරි රසය,උකුය, ගණය,ලාබය,හරි සුවිට්ය.  (ඒ දැම්මේ මුදල් ගෙවා ප්‍රචාරය කල එව්වා එකක්ය)

Friday, October 25, 2013

හිතට මෙව්වා එකක් වෙලා වගේ...




මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්න
සඳ නැතත් අමාවක බැරිද තරු පායන්න
වැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්න
නුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්න

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...