Wednesday, February 13, 2013

මොලේ කුරුවල් එවුන්ට...-3



සාමාන්‍යයෙන්
අසාමාන්‍ය වෙනකොට
'අනේ අපොයි'
කියන උන්
හදන්නෙම අසාමාන්‍ය
වෙන්නලු...
ඒත්
අපේ බැඳීමට නමක්
නෑ කියන උන්
ඕනි උනාම බැඳීම
නැති කරන්නේ
නමකුත් නැති හින්දා
අවුලකුත් නෑ කියලලු...

Wednesday, February 6, 2013

කාලයේ ආදරය......



සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ ආදරණිය 7 ට මම මහ ගොඩක් ආදරේ කලා. 

එදා..ඒ කියන්නේ මීට අවුරුදු දහයකට කලින්. එදා තමයි මම විනාඩි කට්ටක් විදිහට ජීවිතේ ලබපු දවස. මම මගේ අම්මා තාත්තා කවුද කියන්න දන්නේ නැති උනාට මාව මේ ඔරලෝසුවට හයි කරපු ,මේ ඔරලෝසුව හදපු මනුස්සයට මම දෙවියෙක්ට වගේ ගරු කලා. එදා ඒ ඔරලෝසුවේ හයි කරන්න ගෙනත් අහම්බෙන් වගේ මගේ ඇගේ හැප්පිලා අමුතු හිනාවක් දාගෙන ගිය එයාව මම ඉස්ඉස්සෙල්ලම දැක්කේ එදා. හැමෝම ඉස්සරහා මහ උජාරුවට හිටියට එයාට තිබුනේ බොහොම අහිංසක හදවතක්. 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...